Watch Trailer

Fine Dead Girls (2002) AKA Fine mrtve djevojke Sinhala Subtitles | සම කාමී ආදරයේ අවසානය [සිංහල උපසිරැසි සමඟ]

මෙය අලංකාර ක්‍රොඑෂියානු (Croatia) නිර්මාණයකි. නාට්‍යමය හා ත්‍රාසජනක කාණ්ඩය යටතේ imdb 7.2/10 අගයක් ලබා ඇති මෙය ක්‍රොඑෂියානු සම්මානලාභී අධ්‍යක්‍ෂ Dalibor Matanić විසින් නිර්මාණය කර ඇත. ජාත්‍යන්තර සම්මාන ගණනාවකටද නිර්දේශවි සම්මානද රැසක් හිමිකරගෙන ඇති එම රට තුල නිෂ්පාදනය කර ඇති හොදම චිත්‍රපට අතර ඉහලින්…

මෙය අලංකාර ක්‍රොඑෂියානු (Croatia) නිර්මාණයකි. නාට්‍යමය හා ත්‍රාසජනක කාණ්ඩය යටතේ imdb 7.2/10 අගයක් ලබා ඇති මෙය ක්‍රොඑෂියානු සම්මානලාභී අධ්‍යක්‍ෂ Dalibor Matanić විසින් නිර්මාණය කර ඇත. ජාත්‍යන්තර සම්මාන ගණනාවකටද නිර්දේශවි සම්මානද රැසක් හිමිකරගෙන ඇති එම රට තුල නිෂ්පාදනය කර ඇති හොදම චිත්‍රපට අතර ඉහලින්ම ඇති නිර්මාණයකි.

මෙම නිර්මාණයට පාදක වී ඇති ප්‍රධාන ප්‍රස්තුථය ලෙස දුම්රිය මාර්ගයක් අසල පිහිටි කුලී මහල් නිවාසයක් පාදක කරගෙන ඇත, කොඑෂියානු සමාජයේ මිනිසුන්ගේ ජීවිත හා ඔවුන්ගේ සිතුම් පැතුම් හා මානුෂිය ලක්ෂණ සියුම් ලෙස විධාරණය කිරිමට නිර්මාණ ශිල්පියා මෙහි වාසය කරන විවිධ මිනිසුන්ගේ චර්යාවන් ගතිස්භාවයන් උපයෝගි කරගෙන ඇත.

ප්‍රධාන වශයෙන් මෙම නිවසේ භාරකාරිය වන “ඔල්ගා” ඉතා ධෛර්‍යවන්ත තම පුතුට ඉතා සෙනෙහෙවන්ත ස්වාමියාට ඉහලින් තම ආධිපත්‍ය පතුරවාගෙන සිටින වයෝවෘධ කාන්තාවක්වේ, නිර්මාණයේ ආරම්භය වන්නේ “ඊවා” නම් තරුණිය තම පුතු ඔල්ගා නම් එම කාන්තාව විසින් පැහැර ගෙන ඇති බවට චෝදනා කරමින් පොලිසිය සමඟ එම මහල් නිවාසයට එන දර්ශණයෙනි, පසුව ඇය විසින් පොලිස් නිළධාරියෙකුට කරනා ආත්ම කථනය ඔස්සේ කථාව ඉදිරියට ගලා ගෙන යයි. එහිදි නිර්මාණ ශිල්පියා විසින් කථාවේ ගලා යෑම අග සිට ආරම්භකර තිබේ.

ඊවා වෛද්‍ය ශිෂ්‍යාවක් වන අතර ඇය තම සමකාමී(lesbian) මිතුරිය වන මරියා සමග එම මහල් නිවසේ කුලියට නතරවීමට පැමිණ සිටි, මරියා ගේ පියා විසින් ඇයගේ මෙම අසම්මත සබඳතාවය බිඳ දැමිමට මෙහි ජීවත්වන ගනිකාවකගේ සහය පතයි, කුලි නිවැසියන් අතර ගණිකා සේවයේ යෙදෙන “ලිඩියා” නම් තරුණියක් සිටින අතර ඇය සමඟ සංවාසයේ යෙදුනු පුද්ගලයන් දෙදෙනෙකුට ඇයගේ කාමරයේම අවසන් හුස්ම හෙලීමටද සිදුව ඇත. එක් පසක තම මියගිය බිරිඳ සමඟ ජීවත් වන ආදරණීය වැන්දඹු ස්වාමිපුරුෂයෙකුද වේ,

යුධ සේවය අවසන් කල සොල්දාදුවකුගේ පශ්චාත් යුධ මානසිකත්වය හුරු පුරුදුය අපට, යුද්ධයෙන් පසු සාමාන්‍ය සමාජයට අනුගත වියනොහැකිවිම මත තම කුටුම්බිය වින්දිතයන් ගේ ජීවිත අඳුරු කර ඇති, සාමාන්‍ය මිනිසුන්ට පීඩාකාරි සොල්ලාදු චරිතයක්ද හමුවේ,

කුලි මහල් නිවසේ එක් පසක ගබ්සා කිරිම් සිදුකරන නාරිවේදී වෛද්‍යවරයකු සිටින අතර, එක්තර අවස්ථාවක මොහු හමුවීමට පැමිණෙන කන්‍යා සොයුරියන් කිහිප දෙනෙකුගෙන් වෛද්‍යවරයා අසන්නේ“ ආයෙත් පැමිණියාද” යන්නයි.

කථවේ උච්චතම අවස්ථාව ලෙස නිවසේ පාලිකාවගේ සල්ලාල පුතු වන “දනියෙල්” ඔට්ටුවක් මත ඊවා හා සම්බන්ධයක් පැවැත් වීමට උත්සහ දරන අතර එක එම සිදුවීම මත අවසානයේ ඔහු ඇයගෙන් පලිගනි, මෙම නිර්මාණය තුල මරණ 05 සිදුව ඇති අතර ඉන් 03 මනුෂ්‍ය ඝාතන වේ.

පශ්චාත් යුධ සමයේ ක්‍රොඑෂියානු ජන සමාජයේ හැඩරුව හා මිනිස් ජීවිතවල ගති ස්භාවයන් එකින් එක විදහා දැක්වීමට අධ්‍යක්‍ෂවරයා උත්සහ කර ඇති ආකාරයත්, මේ සමයේ ලෝකයේ ජනප්‍රියම රටක චිත්‍රපටයක් නරඹා එම රටෙහි ගති ස්භාවයන්ද උගතහැකි බව මාගේ අදහසයි,

“බයිස්කෝප් අඩවියට ජය”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා අදාළ වේ.

850 downloadsDownload Fine-Dead-Girls-2002.zip31 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Chanmatara ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Chanmatara

Subtitles

850 downloadsDownload Subtitles31 KB

14 comments

  1. ashenmalinda

    nice machan

  2. Soori

    උපසිරැසට බොහෝම ස්තුතියි සහෝ....
    ක්‍රෝඒෂියානු සලරුවක්....
    රස විඳලම බලමු.....

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Udara Damith Dissanayaka

    ස්තුතියි

  5. Suranjan

    Thank you..........jayawewa.....!

  6. බොබී

    කරගෙන යමු සහෝ.

  7. Kulanjana Maduranga

    subata thanks....

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  10. jagath55

    Thanks

  11. Wicki

    ඔබට බොහොම ස්තුතියි

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  13. bLack_sNow

    Thanks shao sub ekata

  14. Rukshan37

    Ela