Watch Trailer

Hide and Seek (2005) Sinhala Subtitles | චාලි, චාලි ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

මනෝවෛද්‍යවරයෙකු වන ඩේවිඩ් කැලවේ තම කුඩා දියණිය එමලි හා තම භාර්යාව සමඟ සතුටින් ජීවත් වන පුද්ගලයෙක්. නමුත් දවසක් ඔහුගේ බිරිඳ කිසිදු හේතුවක් නොමැතිව සිය දිවි නසා ගන්නවා. මේ සිද්දිය නිසා කම්පාවට පත් වෙන ඩේවිඩ් තම දියණියත් රැගෙන පිටිසර පළාතකට පදිංචියට යන්නේ තමාට සහ දියණියට පසුගිය අමිහිරි මතක නැති කර ගැන…

මනෝවෛද්‍යවරයෙකු වන ඩේවිඩ් කැලවේ තම කුඩා දියණිය එමලි හා තම භාර්යාව සමඟ සතුටින් ජීවත් වන පුද්ගලයෙක්. නමුත් දවසක් ඔහුගේ බිරිඳ කිසිදු හේතුවක් නොමැතිව සිය දිවි නසා ගන්නවා. මේ සිද්දිය නිසා කම්පාවට පත් වෙන ඩේවිඩ් තම දියණියත් රැගෙන පිටිසර පළාතකට පදිංචියට යන්නේ තමාට සහ දියණියට පසුගිය අමිහිරි මතක නැති කර ගැනීමේ අරමුණින්. මවගේ අහිමි වීමෙන් පස්සේ එමලි ඩේවිඩ්ගෙන් ටිකින් ටික දුරස් වෙන බව ඔහුට තේරෙනව. එමලිගේ ආශ්‍රයට යාළුවන් ඇති කර දීමට ඩේවිඩ් උත්සහ කරත් එමලි ඒ උත්සහයන් ප්‍රතික්ෂේප කරනවා. කීප දවසකට පසු එමලි ඩේවිඩ්ට කියනවා ඇයට “චාලි” කියලා අළුත් යාළුවෙක් මුන ගැහුන බව. ඔහු සමඟ ඇය නිතරම සෙල්ලම් කරන බව එමලි කිව්වත් ඩේවිඩ්ට කවදාවත් මේ චාලිව දැක ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා ඩේවිඩ් හිතන්නේ චාලි කියන්නේ එමලිගේ මනෝ යාළුවෙක් කියල. නමුත් එන්න එන්න එමලිගේ හැසිරීම වෙනස් වෙනවා වගේම නිවසෙත් අද්භූත සිදුවීම් වෙනවා. එමලි කියන්නේ ඒ දේවල් කරන්නේ චාලි කියලා. මේ මනෝ යාළුවගේ වැඩ නිසා ඩේවිඩ් විශාල අපහසුතාවයන්ට ලක් වෙනවා. ඒ වගේම ඩේවිඩ්ට තේරෙනවා චාලි කියන්නේ එමලි මවා ගත්ත යාළුවෙක් නොවන බවත්. ඉතිං කවුද මේ චාලි කියන්නේ ? ඩේවිඩ්ට මොනවා වෙයිද ? පුංචි එමලිට මොකද වෙන්නේ ? එමලිගේ අම්මාට ඇත්තටම මොකද උනේ ? ඒ ටික දැන ගන්න නම් මේක නරඹන්නම වෙනවා. මේක සාම්ප්‍රදායික තේමාවෙන් බැහැර උන වෙනස්ම චිත්‍රපටයක් බව කියන්න පුළුවන්. ඒ වගේම අපි කොහෙත්ම නොහිතන උඩුයටිකුරු අවසානයක් තමයි මේ සලරුවේ වෙන්නේ.

2005 දී ජනවාරි 28 ප්‍රදර්ශනය ආරම්භ කරන ලද මෙම සිත්තම 5.9 ක IMDb අගයක් ලබා ගැනීමට සමත් වෙනවා. Mystry/Thriller යන කාණ්ඩ වලට අයත් මෙය John Polsolv අධ්‍යක්ෂනය කරලා තියෙනවා. මිලියන 25$වක වියදමකින් නිර්මාණය උන මෙය මිලියන 122.7$ ක් ඉපයීමට සමත් වෙනවා. 2005 හොඳම Horror චිත්‍රපටය ලෙස Golden Traier සම්මානය ලබා ගැනීමටත්, 2005 MTV Best Frightented Performance සම්මානය ලබා ගැනීමට එවකට 13 හැවිදිරි Dakoa Fanning සමත්වෙලා තියෙනවා

ප්‍රධාන චරිතය වන දොස්තර ඩේවිඩ් කැලවේ ලෙස The God Father II , Casino 1995 , Dirty Grandpa 2016, The Score 2001 ආදී චිත්‍රපට වල රඟ පෑ සම්මානලාභී නළු Robert De Nero විසිනුත් , පළමු X Men චිත්‍රපට පෙලේ ජීන් ග්‍රේ ලෙස රංගන දායකත්වය ලබා දුන් Famke Janssen ඩොක්ටර් කැතරින් ලෙසත් , Ocean’s 8 2018, Twilight Saga , War of the Worlds 2005 චිත්‍රපට වලින් හමුවු සුරූපි නිළි Dakoa Fanning එමලි ලෙසත් සම්බන්ධ වෙනවා. ඒ වගේම උපසිරැසි නිර්මාණයට මේ සලරුව සඳහා අවසරය ලබා දුන් හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූති කරන්න ඕන. කොමෙන්ටුවක් දාලා දිරි ගන්වන ලෙස ඉල්ලන ගමන් ආයෙත් මේ වගේ තවත් උපසිරැසියකින් හමුවෙනතුරු ජය වේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,225 downloadsDownload Hide-and-Seek-2005.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,225 downloadsDownload Subtitles49 KB

14 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. යුරාන් ධනුක

      බොහොම ස්තුතියි සහෝ.. ජය!!

  2. Tharaka

    thanks mcn................

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Udara Damith Dissanayaka

    මන් මේක කාලෙකට කලින් බැලුවා වගේ මතකයි \
    කොහොම හරි බලමුකෝ
    එල

  5. බොබී

    මම බලලා තියෙනවා මේක. නියම කුතුහලය දනවන කතාවක්. තෑන්ක්ස් සහෝ මේකට සබ් දුන්නට. මේකත් මේකේ තියෙන්නම ඕනි බයිස්කෝප් එකක්.

  6. Kulanjana Maduranga

    subata thanks....

  7. Hashan M. Priyadarshana

    Thanks bro

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  9. Eranda Malith 2.0

    සබ් එකට ස්තූතියි මචන්
    ජයවේවා!

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  11. MovieMania

    wenas film ekak niyamai

  12. Kasun dananjaya liyanage

    FBC7BEC18AE948959184B5C4DB689C732110BCE3

  13. Lakshansilva18

    Hoda film ekak anthimata wenne hithapu nathi deyak උපසිරිසියට බොහොම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.