කථාව ආරම්භ වන්නේ රාධා නම් පුංචි දැරිවියක් අබ හේනක වාඩිවි සිටින දර්ශණයකිනි. මව සාගරයක් දැකිමට ආශාවු මිනිසෙකු පිළිබඳ කථාන්දරයක් කියමින් සිටි නමුත්, පුංචි රාධා මෙහි අර්ථය වටහා නොගන්නා බවයි පෙනෙන්නේ. ඉන්පසු ඈත අතීතයේ ජීවත් වු විවාහවු යුවලක් වන ජතීන් සහා සීතා යන අය ගැන කථාව ආරම්භ වේ. ජතින් සාම්ප්‍රදායික…

කථාව ආරම්භ වන්නේ රාධා නම් පුංචි දැරිවියක් අබ හේනක වාඩිවි සිටින දර්ශණයකිනි. මව සාගරයක් දැකිමට ආශාවු මිනිසෙකු පිළිබඳ කථාන්දරයක් කියමින් සිටි නමුත්, පුංචි රාධා මෙහි අර්ථය වටහා නොගන්නා බවයි පෙනෙන්නේ. ඉන්පසු ඈත අතීතයේ ජීවත් වු විවාහවු යුවලක් වන ජතීන් සහා සීතා යන අය ගැන කථාව ආරම්භ වේ. ජතින් සාම්ප්‍රදායික පවුලක ජීවත්වන රැඩිකල් තරුණයකු වන අතර, ඔහුගේ සහෝදරයා අශෝක් හා ඔහුගේ නෑනා රාධා සහ කථා කිරිමට නොහැකිව එක් තැන්වු මව බිජී සහ සේවක මුන්ඩු යන අය කුඩා වෙළදසැලක් පවත්වාගෙන ජීවත් වේ.
ජතින්ගේ කැමැත්තට සීතා හා විවාහවු බවත් පෙනෙන්නට නැති අතර ජතින් ඔහුගේ නවීන චීන පෙම්වතිය දිගටම ආශ්‍රය කරයි. මේ නිසා රෑට ඔහු නිවසින් පිටට යයි. බොහෝ විට සීතා තනිවම කාලය ගත කරන අතර ඇය තම තනිකම නැතිකර ගැනීමට තම නෑනා වන රාධා හා කාලය ගත කරයි. රාධාද සීතා මෙන්ම ස්වාමියාගේ රැකවරණය නොලබයි ඔහුගේ ස්වාමියා වන අශෝක් ප්‍රාදේශිය ස්වාමි කෙනෙකුගේ බලපෑමට යටත්ව සිය ආශාවන් මර්ධනය කර ආගමානුකූල ජීවියක් ගත කරයි. රාධා හා ඔහු වසර 13 තිස්සේ ලිංගිකව එක්වී නොමැති අතර ඔහු රාධාගේ පිරිසිදු බව පරික්‍ෂා කිරීමට පමණක් ඇය බොරුවට එකතුවේ. දරුවන් සෑදීමට නොහැකි නිසා රාධාද ඔහුට අවනතව සිටි. එක් රාත්‍රියක වු සිදුවීමකින් කාන්තාවන් දෙදෙනා මේ පිඩීත ජිවිතයට සමුදෙන ගමනට මුල පුරයි. පිරිමි මුලික සමාජයක එහි බැමි පුපුරා ජීවිතයේ සැබෑ සතුට වෙනුවෙන් ජිවත් වීමට පෙරුම් පුරණ වෙනස් වු කාන්තා චරිත දෙකක් ගැන කථා කරන මෙම ෆිලුම ඉන්දියාවේ ප්‍රථම සමලිංගික තේමාව ගැන තැනුන චිත්‍රපටිය ලෙස සැලකේ. මෙම සිනමාපටයක් IMDb දර්ශකයේ 7.3 ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර. මෙහි රාධා ලෙස ෂබානා ඇස්මි ද සීතා ලෙස නන්දිතා ඩෑස් ද රංගනයෙන් දායක වන අතර මෙය ඉන්දියාවේ විප්ලවිය අධ්‍යක්‍ෂකවරියක්වන දීපා මෙහෙතා විසින් අධ්‍යක්‍ෂණය වු තවත් එක් ෆිලුමක් වේ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
2,538 downloadsDownload Fire-1996.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/my-photo-e1522779926885.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Chanmatara” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Chanmatara
Subtitles
26 comments
දමිත් රත්නායක
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Priyantha Dayakeerthi
Deepa Mehta සිනමාවේදීනියගේ ඉතාමත් ජනප්‍රිය සිනමාපට ත්‍රිත්වයවන Fire (1996), Earth (1998), Water (2005) වලින් ඔබත් එකක් සම්පුර්ණ කර තිබීම අගනා මෙහෙයක් ලෙස මා දකිනවා. මීට පෙර "වජිර රත්නායක සොයුරා විසින් "Water" සිනමාපටයට සිංහල උපසිරසි ලබා දී තිබුණා. මෙවන් කලාත්මක සිනමාපට සඳහා උපසිරසි සපයන්නන් මෙම වෙබ් එකේ ඉතාමත් දුලබයි. ඒ නිසා ඔබේ මේ ආගමනය ඉතාමත් වටිනවා, අප වැනි අයවලුන්ට. මෙවැනිම සම්මානලාභී පැරණි සිනමාපට සඳහාම උපසිරසි සපයන මෙන් මා ඔබෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙම සිංහල උපසිරැසිය සඳහා කලාත්මක සිනමාපට ප්‍රිය කරන්නන් සැමදෙනා වෙනුවෙන් මාගේ අවංක ස්තුතිය, ඔබට ජය!!!
supun bro
Union Leader 2018 sub eka denna puluwanda..?
jagannatha
බොහො ම ස්තූතියි මෙම සලරුවට සිංහල උපැසිරැසි ලබා දුන්නාට.
siyath dasanayaka
bohoma sthuthi!!!
Nirosh C
ස්තුතියි Chanmatara සහෝ.ජයවේවා!
Mayura
බොහොමත්ම ස්තුතියි සහෝදරයා. නියම ප්‍රයත්නයක්
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kantha_DLA
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
Sachin135
Download link නැද්ද...
Isuru69
1337X site eke athi
Lalani Maduwanthi
Me film 1ka download karanna link 1k na,,kawru hari poddak help karanna,,,danna kenek
yeshu
tnz
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kaveeshanethmal
Cant download sub... why?
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!
Wicki
Thanks
Bandara76
super film thanks bro
nilankamadu
Link pls
nilankamadu
Link ekak na. Biscopedownloads eketh na
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Isuru69
මේ වගේ indie ඉන්දියානු චිත්‍රපට ගේනවට බොහොම ස්තූතියි ෆිල්ම් එක ගැන දැනගත්තෙත් මේ ලිපිය කියෙව්වම
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
yohan
link thiyeda bro
yohan
link please
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි Chanmatara සහෝ.
ජයෙන් ජය.