Watch Trailer

Hey Jude (2018) With Sinhala Subtitles | ආදරය ලෙසින් ආ ජීවිතය.. [සිංහල උපසිරැසි සමඟ]

ජූඩ් කියන්නේ කේරලයේ කොචි වල ජීවත්වන තරුණයෙක්.මෙයා ටිකක් විශේෂ කෙනෙක්. අසාමාන්‍ය ලක්ෂණ තියෙන කෙනෙක්. එක අතකින් මෙයාට සාමාන්‍ය කෙනෙක් විදියට හැසිරෙන්න හැකියාවක් ඇත්තේ නෑ .එයාගේ හැඟීම් අනිත් අය එක්ක බෙදාගන්න එයාට බෑ. කොටින්ම කිව්වොත් ජූඩ්ට කිසිම යාළුවෙක් නෑ. හැබැයි අනිත් අතට ජූඩ්ට සුවිශේෂී හැකියාවක් ත…

ජූඩ් කියන්නේ කේරලයේ කොචි වල ජීවත්වන තරුණයෙක්.මෙයා ටිකක් විශේෂ කෙනෙක්. අසාමාන්‍ය ලක්ෂණ තියෙන කෙනෙක්. එක අතකින් මෙයාට සාමාන්‍ය කෙනෙක් විදියට හැසිරෙන්න හැකියාවක් ඇත්තේ නෑ .එයාගේ හැඟීම් අනිත් අය එක්ක බෙදාගන්න එයාට බෑ. කොටින්ම කිව්වොත් ජූඩ්ට කිසිම යාළුවෙක් නෑ. හැබැයි අනිත් අතට ජූඩ්ට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ තමයි එයාගේ ගණිතමය හැකියාව. එයාගේ ගණනය කිරීම් සහ සංඛ්‍යාන හැකියාවන් සාමාන්‍ය කෙනෙකුට වඩා ගොඩක් ප්‍රබලයි. ක්‍රීඩකයින්ගේ කුසලතා පිලිබඳ සංඛ්‍යාන දත්ත විශ්ලේෂණය කරලා ක්‍රිකට් තරඟයකින් දිනන්නේ මොන කණ්ඩායමද කියන එක නිශ්චිතවම කියන්න ජූඩ් ට පුළුවන්. එයා මොනතරම් අසාමාන්‍ය වුනත් ඒ තරමටම එයාගේ ගණිතමය හැකියාව ප්‍රබලයි.

ජූඩ්ගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. ජූඩ්, තාත්තා, අම්මා සහ නංගි තමයි ජූඩ්ගේ පවුලේ ඉන්නේ. ඉතින් කලින් කියපු විදියට ජූඩ්ට සාමාන්‍ය වුනත් අනිත් අයට අසාමාන්‍ය විදියට ජූඩ්ගේ ජීවිතේ ගෙවිලා යනවා. ඔය අතරේ දවසක ජූඩ්ගේ තාත්තට ඕනේ වෙනවා ජූඩ් යි එයාගේ අම්මායි එක්ක තාත්තගේ අවශ්‍යතාවයකට ගෝආ යන්න. ජූඩ් බොහොම අකමැත්තෙන් තමයි අවසානයේදී මේ ගමනට කැමති වෙන්නේ. කොහොමවුනත් ජූඩ් අකමැති වෙන මේ ගමනම තමයි අසාමාන්‍ය ජූඩ්ගේ ජීවිතය සාමාන්‍ය අතට ගෙන එන ගමන වෙන්නේ. ජූඩ්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වෙන්නේ.මේ විදියට ගෝආ ගමනෙන් වෙනස්වන ජූඩ්ගේ කතාව තමයි.

Hey Jude (2018) 

පසුගිය පෙබරාවාරි 2වෙනිදා තමයි චිත්‍රපටය තිරගතවීම් අරඹන්නේ. මේක අයත් වෙන්නේ Drama ගණයට.Premam(2015)න් රසික හදවත් දිනාගත් Nivin Pauly ජූඩ්ගේ චරිතයට පණ පොවනවා. කොලිවුඩ් සුරූපිනිය Trisha Krishnanගේ මොලිවුඩ් සම්ප්‍රාප්තිය මේ ෆිලුමත් සමඟින් සනිටුහන් වෙනවා. ෆිලුම මේ වෙද්දී 7.2ක IMDb මනාපයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. චිත්‍රපටය මේ අවුරුද්දේ පවත්වන 48වන කේරල රාජ්‍ය චිත්‍රපට සම්මාන උළෙලදී සම්මාන කිහිපයක්ම ලබාගන්න සමත්වෙනවා.

මේ ෆිලුමේ තේමාව වෙන්නේ ඇස්පර්ජර් සහලක්ෂණය(Asperger syndrome) සහිත තරුණයෙක් තමන්ගේ ජීවිතයේ මුහුණ දෙන විවිධ අභියෝග සහ ඔහු ඒවාට මුහුණදෙන ආකාරයයි. සමාජ අන්තර්ක්‍රියා සහ වාචික නොවන සන්නිවේදනය සම්බන්ධව උපතේ සිට ඇති අක්‍රමිකතා සහ හැසිරීමේ හා රුචිකත්වයන්හි පුනුරුක්ති රටාවන් සහිත තත්ත්වය ඇස්පර්ජර් සහලක්ෂණය විදියට හඳුන්වනවා. අපි ගොඩක් අය දන්න මනෝ මූලික තත්ත්වයක් වන ඕටිස්ම්(Autism) තත්ත්වය ට මෙම සහලක්ෂණය සමීප සහ සම්බන්ධයක් දක්වනවා. මේ වගේ මානසික ආබාධයන් තියෙන මිනිසුන් අපේ සමාජෙම කොටසක් වනවා මෙන්ම ඔවුන් ගැන අප දක්වන ආකල්පය මොන වගේ එකක් වෙන්න ඕනෙද කියන එක ගැන තව පාරක් හිතන්න ඕනේ කියන එක ෆිලුම අපට මතක් කරනවා.ඕටිස්ම් තත්ත්වය ගැන කියැවෙන පළමු ෆිලුම නම් මේක නෙවෙයි. ඒ ගොඩක් චිත්‍රපටවල තියෙන්නේ මේ විදියේ අසාමාන්‍ය හැකියාවක් සහිත කෙනෙක් සහ ඔහු සාමාන්‍ය ජීවිතය ගෙනයාමේදී පෙන්වන නොහැකියාවයි.කොහොමවුනත් ඇත්තම ඕටිස්ම් තත්ත්වය මේ චිත්‍රපට වලින් පෙන්වන තත්වයමද කියන එක ප්‍රශ්නාර්ථයක්. මොකද මේ ඇතැම් නිර්මාණ වලට ඕටිස්ම් සම්බන්ධ විශේෂඥයින්ගේ දෝෂාරෝපණ එල්ලවෙනවා. මෙයින් මේ සම්බන්ධ සැබෑ නොවන තත්ත්වයක් සමාජගත වෙනවා කියන චෝදනාවෙන්.මේ සම්බන්ධව ඔබත් උනන්දුවක් දක්වනවා නම් ඕටිස්ම් තත්ත්වය පාදක වුන චිත්‍රපට ගැන කියැවෙන වෙබ් පිටුවක්ම විකිපීඩියා අඩවියේ ඇතුලත් වෙලා තියෙනවා.ඒ වගේම ඉතාම මෑත කාලයේ මේ සම්බන්ධව ඇමෙරිකානු රූපවාහිනී කතා මාලාවක් විකාශය වෙනවා The Good Doctor නමින්. ඒ කොරියානු කතා මාලාවක අනුවාදයක් ලෙසින්.

පහුගිය දවස් වල සමහර මලයාලම් රසිකයෝ ගොඩක් මැසිවිලි නගමින් හිටියා හිතට වදින මලයාලම් ෆිලුමක් ළඟකදී නිකුත් වුනේ නෑ කියලා. මං හිතනවා මේ ෆිලුම ඒ තත්ත්වය වෙනස් කරාවි කියලා. Nivin, Trisha යුවලගේ රංගනය සහ මෙහි ඇතුලත් වෙනස්ම කතා තේමාව පුරා හෝරා දෙක හමාරක් මුළුල්ලේ අපව වෙනස්ම ලොවකට අරගෙන යන්න සමත්වෙනවා කිව්වොත් ඒකෙ වරදක් නැහැ.

ඉතින් අවසාන වශයෙන් හැමෝටම ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් බයිස්කෝප් වලින් උතුරන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු!
එතෙක් ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip / Proper HD පිටපත් සඳහා වලංගු වේ.

14,938 downloadsDownload Hey-Jude-2018.zip133 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු රසාංග

Subtitles

14,938 downloadsDownload Subtitles133 KB

57 comments

  1. TharinduJ97

    Thanks bro!

  2. Sampath23

    THANK You Bro

  3. malshika

    ELA BRO...JAYEN JAYAMA WEWA!!
    MEKA THAMA BAISCOPDOWNLOAD AKE NANE..

  4. Manujaya Kamburugamuwa

    තැන්ක්ස් බ්‍රෝ.............

  5. Nirosh C

    ස්තුතියි තරිඳු සහෝ.ජයවේවා!

  6. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  7. Gathsara Umesh

    Bhoooom syhiyhiyi

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...!!

  9. dil_shan

    tnz brow sub ekata

  10. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  11. Thisal

    ස්තුතියි

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය.

  13. MadhuBandara

    thank you...

  14. siyath dasanayaka

    Thank you very much!

  15. avishka1996didulanga

    Tharidu saho jayen jayama wewa!!

  16. Kavishna

    ස්තූතියි සහෝ උපරැසියට

  17. Ravindu_Pramod

    Thnx bro

  18. thilz

    Thank uuuu

  19. SanjulaJeter

    ela

  20. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  21. rangika Kariyawasam

    ඉතිං හැමදාමත් වගේ බෝම ස්තුතීයි සහෝ සබ් එකට.මෙතරම් ඉක්මනට දුන්නට ෆටිටම තැන්කු. නියම ෆිලුමක් ජය ජය වේවා..

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. spd

    bohoma sthuthi machan sub ekata. jaya wewa...!!!

  25. gihan perera

    Thanks bro...Niyamai..good job and god bless you..keep continue it...

  26. namal kumara

    ලින්ක් plz

  27. kapila guna

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට

  28. thaking

    Thanx sub ekata. mata sub ek download karanna bane. page not found kiyla watenwa.

  29. Nilush Angana

    Sub ekata thanx

  30. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. akila13

    thanx for sub bro ඔබටත් එසේම වේවා ජය වේවා

  33. pubudu5566

    sub ekata thanx bro.. film eka nan supiri

  34. Thilina Chamara

    thank you for the sub

  35. Darshika minoli

    Me fikm ake sinhala sub download karanna bane.not found kiyala penwanawa.please help

  36. Gandhaka Indrajith

    Thanks for the subtitle

  37. malith

    Ela ela

  38. Nishshanka Ruwan

    ස්තුතියි :)

  39. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි තරිඳු උපසිරැසියට...
    නවීන්ගේ එකක් නම් අතෑරලා කොහොමද?
    අනිවා බැලිල්ලක්.
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  40. Tharindu Sadaruwan

    ela ela

  41. Lalani Maduwanthi

    THARINDU MALLI,,,,VISHUDHDAN MALAYALAM MOVIE EKA TH DENNAKO PLEASE

  42. sampath n perera

    බොහෝම ස්තූතියි!

  43. Damith Priyankara

    Thankzz sub ekata

  44. erangaj

    මේකේ සබ යන්නේ වෙනම වචන එක්ක නෙමේ ආයේ සබ හදනවානම් ඒක මතක් කරලා හදන්න නැතිනම් සබ නැතුව බලන එක හොදයි කියන්න වෙන්නේ.ෆිල්ම් එක බලන අපට ගුනාත්මක සබ භාවිතා කරන්න බැරි වෙනවානේ.

  45. Lalani Maduwanthi

    Godaak sthuthi malli,,,,,eth oyala Tamil,, Malayalam movies walata wada,,,,tv series walata witharak ay subs denne??eka asadaranay ne,,,,,,,issara wage films walata poddak wadiyen thanak denna

  46. namal kumara

    කෞරුහරි එකෙක් link එක දපල්ලකෝ....අපිටත් බලන්න. PLZ

    1. Lalani Maduwanthi

      Tor malayalam site 1ke,,,,thiyenawa

    2. nuwanlak

      133x.to eke thiyenawa

    3. nuwanlak

      1337x.to

  47. Kanchaka

    Thanks bro.............

  48. prasanna.sampath

    Thanx saho ,jayen jayama wewa!

  49. Aravinda Munasingha

    thanx saho.jaya !!!

  50. sublove

    bohoma sthuthi me sub ekata

Load more comments