Watch Trailer

The Man from Earth: Holocene (2017) with Sinhala Subtitles | වසර 14000ක් ජීවත් වූ මිනිසා [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න සබ් එකක් අරගෙන ආවා. මේ දවස් කීපය පොඩ්ඩක් විවේකයෙන් ගත කරන්න පුළුවන් වුණ නිසා හිතුණා ෆිල්ම් එකකට සබ් කරන්න. මම කලින් සබ් කරලා තියෙන්නේ කථාමාලාවක්. The Batman කාටූන් කතා මාලාව. එතකොට මේකයි මගේ පළමු චිත්‍රපටය වෙන්නෙ. ඒ වුණත් මේක මගේ 51 වෙනි උපසිරැසි ගැන්වීම. 😛 මම මුලින්ම කිව්වේ විමාට…

කාලෙකට පස්සේ ඔන්න සබ් එකක් අරගෙන ආවා. මේ දවස් කීපය පොඩ්ඩක් විවේකයෙන් ගත කරන්න පුළුවන් වුණ නිසා හිතුණා ෆිල්ම් එකකට සබ් කරන්න. මම කලින් සබ් කරලා තියෙන්නේ කථාමාලාවක්. The Batman කාටූන් කතා මාලාව. එතකොට මේකයි මගේ පළමු චිත්‍රපටය වෙන්නෙ. ඒ වුණත් මේක මගේ 51 වෙනි උපසිරැසි ගැන්වීම. 😛

මම මුලින්ම කිව්වේ විමාට, ටිකක් පරණ, හොඳ ෆිල්ම් එකක් දෙන්න සබ් එකක් කරන්න, කියලා. එතකොට තමයි මේ සුපිරිම ෆිල්ම් එක මට එව්වේ, මෙන්න මේකට සබ් කරහන් කියලා. 😀 ඇත්තටම මේක බොහොම හොඳ චිත්‍රපටයක්. ඇඟට අරන් බලන්න පුළුවන් එකක් නම් නෙවේ, බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාවට ඔන්න ආරාධනා කරනවා මේක අනිවාර්යයෙන් බලන්න කියලා.

අනික මේකේ තවත් විශේෂත්වයක් තියෙනවා. මේක බලන්න ගත්ත ගමන් ඔයාලට ඒක දකින්න ලැබේවි. මේ චිත්‍රපටය කිසිම තහනමක් නැතුව අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඒ කියන්නෙ, නීත්‍යානුකූලව මේක නොමිලේ ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. චිත්‍රපටය හදපු කට්ටියමයි මේ චිත්‍රපටයේ පිටපත් අන්තර්ජාලයට මුදාහැරලා තියෙන්නේ. වැඩි විස්තර ඔයාලට මේකේ අධ්‍යක්ෂක තුමාගෙන්ම අහගන්න පුළුවන්. චිත්‍රපටය බලන්නකො.

අනිත් වැදගත් කාරණාව තමයි මේ චිත්‍රපටයේ කිතුණු දහම, බුදු දහම සහ ඉස්ලාම් දහමේ දහම් කොටස් අන්තර්ගතයි. ඒ වගේම තවත් ආගම් කීපයක තොරතුරුත් අන්තර්ගතයි. දෙබස් වල ඇතුළත් වුණ ආකාරයටම මම සබ් කළ නිසා ආගමික ශාස්තෲන්ට ගෞරව නාම භාවිතා කරලා නැහැ. උදාහරණ විදියට ජේසුස් වහන්සේ යනුවෙන් හෝ බුදුරජාණන් වහන්සේ යනුවෙන් යොදා නැහැ. මම ඉතා ඕනෑකමින් කියනවා මම එහෙම යෙදුවේ කිසිම ආගමකට නින්දා කරන්න නොවන බව, මොකද දෙබස් වල නැති දේ එකතු කරන්න ගියාම චිත්‍රපටයේ රසවින්දනයට බාධා වන නිසා. ඒ වගේම යම් දහම් කරුණක් සිංහලයට හැරවීමේදී වරදක් වෙලා නම් මම සමාව අයදිනවා. කිසිම ආකාරයකට ආගමකට නින්දා කිරීමක්, කිසිම ආගමික භක්තිකයෙක් අපහසුතාවයට පත් කිරීමක් කරන්න කිසිම ආකාරයක උවමනාවක් නොමැති බව කියන්න ඕන. එවැනි දෙයක් සිදුවුවහොත් බොහොම කණගාටුයි. නැවතත් සමාව ඉල්ලනවා.

දැන් අපි චිත්‍රපටයේ තොරතුරු බලමු.

The Man from Earth: Holocene කියන මේ චිත්‍රපටය එළිදැක්වූ දිනය වෙන්නේ 2017 ජුනි 10 වැනිදා. මේ චිත්‍රපටය 2007 වසරේ එළිදැක්වුණු The Man from Earth චිත්‍රපටයේ දෙවැන්න කියලා තමයි සඳහන් වෙන්නේ, නමුත් ඒ චිත්‍රපටය මුලින් බලන්න කිසිම උවමනාවක් නැහැ මොකද මේක වෙනම කථාවක් විදියටයි ගලාගෙන යන්නේ. මේ චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂක වරයා වෙන්නෙ Richard Schenkman.

IMDB දර්ශකයේ 5.3 ක අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය, Rotten Tomatoes වලින් 60% ක අගයක් ලබාගෙන තියෙනවා. පැය 1 ක් සහ විනාඩි 38 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය ආගමික විශ්වාසයන් ගැන වෙනස්ම ආකාරයකින් දකින චිත්‍රපටයක් කියලා හඳුනවන්න පුළුවන්. මෙම චිත්‍රපටය වර්ග කරලා තියෙන්නේ Drama/ Fantasy ගණයට වුණත් මගේ අදහස නම් පොඩි Sci-Fi ගතියකුත් මේ චිත්‍රපටයේ තියෙනවා කියලා. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ගැන කථා කළොත්, Richard Schenkman නම් ඔහු, ඇමරිකානු ජාතිකයෙක්. තිර රචකයෙක්, අධ්‍යක්ෂක වරයෙක්, නිෂ්පාදක වරයෙක් වගේම සුළු චරිත රඟපෑ නළුවෙක් ද වෙනවා. Abraham Lincoln vs. Zombies (2012), Mischief Night (2013) සහ Zombie Night (2013) වගේ චිත්‍රපට ඔහු විසින් දායකත්වය දුන් ඒවායි.

ඉතින් මම බොහොම කැමැත්තෙන් ආරාධනා කරනවා, කලාතුරකින් බලන්න පුළුවන් වර්ගයේ වෙනස්ම ආකාරයක චිත්‍රපටයක් වෙන The Man from Earth: Holocene චිත්‍රපටය බලන්න කියලා. ඔබට බොහොම ස්තුතියි. සදා ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

4,719 downloadsDownload The-Man-from-Earth-Holocene-2017.zip103 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,719 downloadsDownload Subtitles103 KB

25 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Wayantha Sandaruwan

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරසට මේක බාගෙන බලන් හිටියෙ කව්රුහරි සබ් දෙනකන්. ජය වේවා

  3. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  4. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  5. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි

  6. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රභාෂ් සහෝ.
    ජයෙන් ජය.

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. raviz

    Thank you very much.........!

  9. dileepa4883

    බොහොම ස්තූතියි සබ් එකට. දිගටම සබ් දෙමු. ජයවේවා

  10. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  11. Suranjan

    Thanks machan.......jayawewa......!

  12. AsithaDilruwan

    ela ela thanks

  13. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. Raviya1998

    Eeka paara bossa

  15. wathilak

    බොහෝම ස්තුතියි

  16. Chamindu Udara

    පුළුවන්නම් Devil's Pass (2013) කියන film එකටත් මේ වගේම සුපිරියට සබ් හදල දෙන්නකො ප්‍රභාෂ් අයියේ.

  17. Chanmatara

    උපසිරැසියට thank s bro..

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ........!

  20. malith

    Ela ela

  21. M.D.P.Fernando

    Thanks***

  22. Damith Priyankara

    thankzz sub ekata

  23. Indika Prabath

    Thanks sub එකට✌️✌️✌️✌️

  24. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  25. Shaggy

    බොහොම ස්තූතියි