Watch Trailer

Five Nights at Freddy’s 2 (2025) Sinhala Subtitles | රොබෝවරුන්ට ආරූඪ උන මියගිය ආත්ම [සිංහල උපසිරැසි]

Five Nights At Freddy’s කතාවේ දෙවෙනි කොටසත් ඉක්මනින්ම ඔයාලට අරගෙන ආවා ඔන්න. මේකේ පළවෙනි චිත්‍රපටය එලිදැක්වුනේ 2023 වසරේ. දෙවෙනි චිත්‍රපටය ගැන කියන්න කලින් පළවෙනි කොටසේ මොනාද උනේ කියලා කෙටියෙන් විස්තර කරන්නම්. පළමු චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ මයික් ෂ්මිට් වටායි. ඔහු තම කුඩා නැගණිය වන ඇබීව බලාගැනීම සඳහා…

Five Nights At Freddy’s කතාවේ දෙවෙනි කොටසත් ඉක්මනින්ම ඔයාලට අරගෙන ආවා ඔන්න. මේකේ පළවෙනි චිත්‍රපටය එලිදැක්වුනේ 2023 වසරේ. දෙවෙනි චිත්‍රපටය ගැන කියන්න කලින් පළවෙනි කොටසේ මොනාද උනේ කියලා කෙටියෙන් විස්තර කරන්නම්.

පළමු චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ මයික් ෂ්මිට් වටායි. ඔහු තම කුඩා නැගණිය වන ඇබීව බලාගැනීම සඳහා අතහැර දමා තිබූ “ෆ්‍රෙඩී ෆැස්බෙයාර්ස් පීසා” නම් ආපනශාලාවේ රාත්‍රී මුරකරුවෙකු ලෙස සේවයට එක්වෙනවා. නමුත් රාත්‍රිය උදාවත් සමඟම එතැන තිබෙන රොබෝවරුන් (Animatronics) පණ ලබන බව මයික්ට වැටහෙනවා. පසුව හෙළිවන්නේ මෙම රොබෝවරුන් තුළ සිරවී ඇත්තේ විලියම් ඇෆ්ටන් නම් ළමා ඝාතකයා අතින් මියගිය දරුවන්ගේ ආත්ම බවයි.

ඇබීට මෙම රොබෝවරුන් සමඟ විශේෂ සම්බන්ධයක් ඇති බව දකින විලියම් ඇෆ්ටන්, ඇබීව තමා වෙත ගෙන්වා ගැනීමට උත්සාහ කරනවා. කෙසේ වෙතත්, විලියම්ගේම දියණිය වන පොලිස් නිලධාරිනී වෙනැසාගේ උදව්වෙන් මයික් ඇබීව බේරාගන්නවා. අවසානයේදී රොබෝවරුන් සත්‍යය වටහාගෙන විලියම්ට එරෙහිව හැරෙන අතර, ඔහු තමාගේම “යෙලෝ රැබිට්” (Yellow Rabbit) ඇඳුම තුළ සිරවී මාරාන්තික තුවාල ලබනවා.

​දෙවන චිත්‍රපටයේදී (මෙම චිත්‍රපටය), මයික් සහ ඇබී අතීතය අමතක කර සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළත්, නගරයේ පැවැත්වෙන “ෆැස්ෆෙස්ට්” උත්සවය නිසා නැවතත් ෆ්‍රෙඩීස් ගැන කතාබහක් ඇතිවෙනවා. මෙවර ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ ඊටත් වඩා භයානක තර්ජනයකටයි. ඒ විලියම්ගේ පැරණි ගොදුරක් වෙන “මැරියොනෙට්” (චාලට්) නම් පළිගැනීමේ චේතනාවෙන් පෙළෙන ආත්මයයි. ඇයට වයර්ලස් තාක්ෂණය හරහා අනිත් රොබෝවරුන් පාලනය කරන ගමන් පීසා කඩයෙන් පිටතට ගෙන යා හැකි අතර, ඇයගේ ඉලක්කය වන්නේ ඇබීව ඇගේ නව සහකරු කරගැනීමයි. ඊට අමතරව, විලියම් ඇෆ්ටන්ගේ පුතා වන මයිකල් ඇෆ්ටන් ද පැමිණ තම පියාගේ මිනීමරු ගමන ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන නිසා, මයික් සහ වෙනැසාට නැවතත් එකතු වී විශාල සටනකට මුහුණ දෙන්න සිදුවෙනවා. එහෙනම් වෙනද වගේ අපේ රසිකයන්ට මේ සුපිරියත් රසවිඳින්න කියලා ආරාධාන කරනවා. තවත් ෆිලුමකින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

590 downloadsDownload Five.Nights.at_.Freddys.2.2025.zip37 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

Subtitles by

යසිරු හසරංග

Subtitles

590 downloadsDownload Subtitles37 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ් එකට

  2. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●