Predator: Badlands (2025) Sinhala Subtitles බයිස්කොප්වාසින්ට කොහොමද ඉතින්, ඔන්න එහෙනම් 2025 නොවැම්බර් මස නිකුත් වුන නවතම Predator: Badlands සිනමාපටයේ වෙබ් පිටපතට තමයි මේ අද උපසිරැසිය ගෙනාවේ ඔන්න එහෙනම්. එහෙමනම් අපි බලමු විස්තර ටිකක්. Dan Trachtenbergගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුන Predator සිනමාපටමාල…

Predator: Badlands (2025) Sinhala Subtitles
බයිස්කොප්වාසින්ට කොහොමද ඉතින්, ඔන්න එහෙනම් 2025 නොවැම්බර් මස නිකුත් වුන නවතම Predator: Badlands සිනමාපටයේ වෙබ් පිටපතට තමයි මේ අද උපසිරැසිය ගෙනාවේ ඔන්න එහෙනම්. එහෙමනම් අපි බලමු විස්තර ටිකක්.
Dan Trachtenbergගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුන Predator සිනමාපටමාලාවේ නවතම සිනමාපටය ලෙස badlands මේ වන විට IMDB දර්ශකයේ 7.3ක අගයක් සහ කුණු තක්කාලි මීටරයේ 86%ක් වැනි ඉහළ අගයක් ලබාගෙන වැජඹෙනවා. Elle Fanning සහ Dimitrius Schuster-Koloamatangi මෙහි ප්‍රධානම චරිත දෙක වෙන තියා සහ යෞට්ජා ඩේක්ගෙ චරිතවලට පණ පොවනවා. එසේම ආදායම් අතින්ද මෙම සිනමාපටය predator සිනමාපටයක් ලැබූ ඉහළම ආදායම ලබාගෙන තිබෙනවා. අපි කෙටියෙන් බලමු සිනමාපටය ගැන.
Predator: Badlands කියන්නේ පරණ Predator චිත්‍රපට මාලාවට අලුත් හුස්මක් දුන්න චිත්‍රපටයක් කියලා කිව්වොත් අතිශයෝක්තියක් නෙවෙයි. 2025 දී ප්‍රේක්ෂකයන් අතරට ආ මේ චිත්‍රපටය, මෙතෙක් අපි දැකපු Predator කතා වලට වඩා වෙනස් මාවතක් තෝරාගෙන තියෙන එකයි මෙහි විශේෂත්වය.මෙවර කතාව මිනිසුන්ට වඩා Predator (Yautja) ජාතියට ලඟා වෙලා තියෙනවා. ඩේක් කියන තරුණ Predator චරිතය ඔහුගේ ජාතිය තුළම සිදුවන අභියෝග, සටන් සහ විශ්වාසයන් මැද තමන්ගේ අගය ඔප්පු කරන්න කරන ගමන තමයි චිත්‍රපටයේ මූලික රේඛාව. මේ අතර මිනිස් චරිතයක් ලෙස Elle Fanning රඟපාන චරිතයත්, කතාවට වෙනස්ම ආකාරයක කෝණයකින් යෞට්ජා සහ මිනිසුන් අතර සම්බන්ධය හෙළිදරව් කරනවා.
පෙර සිනමාපට අපි දැකලා පුරුදු යෞට්ජාලා එක්ක බලන කොටනම් සමහරෙක්ට හිතෙන්න පුළුවන් මේ පාර ඉන්න predator මොකෙක්ද කියලා. කලින් කතාවල විලෝපිකයෙක් විදිහට මිනිසුන්ව ඝාතනය කරන අයවනේ අපි දැකලා තියෙන්නෙ. ඔවුන් එලෙස දඩයමේ යන්නෙ ඇයි යන පසුබිම සහ ඔවුන්ගෙ කෝණයෙන් මෙවර සිනමාපටය දිග ඇරෙනවා. එහෙමයි කියලා ඉතින් වැඩිය කියවිලි අනම්මනම් නෑ වෙනදා වගේම ක්‍රියාදාමවලින් සමන්විතයි.
1987 දී Arnold Schwarzenegger රඟපාපු Predator චිත්‍රපටයෙන් ආරම්භ වූ මේ සිනමාපට මාලාව,
• Predator 2 (1990)
• Predators (2010)
• The Predator (2018)
• Prey (2022)
වගේ කොටස් හරහා දිගහැරුණා.
පෙර සිනමාපට බලලා නැති කෙනෙක් ඉන්න විදිහක් නෑ. හැබැයි ඉතින් තාමත් ඔයා ඒවා නරඹලා නැත්නම් බලන්න. ඒ නැතත් ඉතින් ඒක මේ සිනමාපටය බලන්න කිසිම ගැටළුවක් නෑ. මොකද එකිනෙක සම්බන්ධයක් නොමැති නිසා.
එහෙමනම් හැම දෙනාටම සිනමාපටය බලන්න ආරාධනා කරමින් මගේ හෑල්ල මෙතනින් නවත්තගන්නවා. කතාවේ වෙන දේවල් ගැන ලිපියේ පුළුවන් තරම් අඩුවෙන් සදහන් කරේ ඔබේ ආශ්වාදයට බාධාවක් නොවෙන්න.
එහෙනම් යළි හමුවෙමු.
ඔබට ජයෙන් ජය
Predator: Badlands (2025) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,193 downloadsDownload Predator-Badland-2025.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Predator: Badlands (2025) Sinhala Subtitles
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
- #Must Watch
- #Predator: Badlands (2025) Sinhala Sub
- #Predator: Badlands (2025) Sinhala Subtitles
- #Predator: Badlands Sinhala Sub
- #Predator: Badlands Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Stefany Mathias
- #Stormee Kipp
- #Sub
- #Subs
- #You Decide
- #මධුකප්‍රිය පෙරේරා
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
14 comments
Asanga Basooriya
Kasun Widusha
Thankyou brdh
Kevin D...
Thank You...
Kavindu Madhushan
Film eka download karaganne kohomada
සියන්ත
උපසිරැසි කරනයේ තරු.........❤️❤️❤️
තැන්ක්ස් බ්‍රෝ සබ් එකට.... මෙවගෙ මුවි එකක් ඔයාගෙ සබ් එකක් එක්ක බලන එක සුපිරි ...thank youKim
Thanks bro
Buddhika laKMal
ස්තූතියි සහෝ මේකට සබ් දුන්නට
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Viraj
සබ් එකට තෑන්ක්ස්
Shihan
Thank you
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️Sahan Gayantha
thanks a lot saho sub ekata
Tharusha Viduranga
Thank you very much for the sinhala subtitle brother
Lahiru
Thank you brother
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Bohoma Sthuthi.. jayama wewa.