Watch Trailer

Fiza (2000) with Sinhala Subtitles |ඍතුව… [සිංහල උපසිරැසි සමඟ]

හින්දු භක්තිකයන්ට අනුව අයෝධ්‍යාහි බබ්රි මස්ජිද් මුස්ලිම් පල්ලිය, මූඝල් අධිරාජ්‍යය යුගයේ ඉදිකෙරෙන්නේ රාම දෙවිඳුන් උපන් ස්ථානයේ පිහිටි රාම දෙවොල ගලවා ඉවත් කිරීමෙනි. ඉතිහාසගත කාලයක පටන් මේ සම්බන්ධයෙන් හින්දුන් තුළ පැවති විරෝධතා අවසන් වන්නේ 1992 දෙසැම්බර් මස 06 වන දින විසි පන් දහසක හින්දු සේනාවක් විසින…

Fiza (2000)

හින්දු භක්තිකයන්ට අනුව අයෝධ්‍යාහි බබ්රි මස්ජිද් මුස්ලිම් පල්ලිය, මූඝල් අධිරාජ්‍යය යුගයේ ඉදිකෙරෙන්නේ රාම දෙවිඳුන් උපන් ස්ථානයේ පිහිටි රාම දෙවොල ගලවා ඉවත් කිරීමෙනි. ඉතිහාසගත කාලයක පටන් මේ සම්බන්ධයෙන් හින්දුන් තුළ පැවති විරෝධතා අවසන් වන්නේ 1992 දෙසැම්බර් මස 06 වන දින විසි පන් දහසක හින්දු සේනාවක් විසින් බබ්රි මස්ජිද් මුස්ලිම් පල්ලිය ගඩොලින් ගඩොල ගලවා ඉවත් කරනු ලැබීමෙනි. ඉන්දියාව පුරා හින්දු මුස්ලිම් කෝලාහල පැන නැගීමට මෙම සිදුවීම හේතු සාධක වූ අතර දෙපාර්ශ්වයේම සාමාන්‍ය ජනතාව නමසියයකට අධික පිරිසක් මේ නිසා මරණයට පත් විය. කෝළාහලයේ බලපෑමට හසුවන මුස්ලිම් පවුලක කතාන්දරයක් 2000 වර්ෂයේ තිරගත වන ෆිසා නම් හින්දි චිත්‍රපටයට පසුබිම් වේ.

1992 මුස්ලිම් – හින්දු කෝලාහලය අතරතුර අතුරුදහන් වී මුස්ලිම් අන්තවාදි කල්ලියකට සම්බන්ධ වන තම බාල සොහොයුරා, අමාන් (රිතික් රෝෂන්) සොයා යන ෆිසා (කරිස්මා කපූර්) නම් වැඩිමහල් සොහොයුරිය ඔහු නැවත තම නිවසට කැඳවාගෙන ඒමට සමත් වන්නී ය. තම පවුල වෙත එළඹුණු දුර්භාග්‍යය එතැනින් අවසන් වනු ඇතැයි ඇයගේත් ඇගේ වැන්දඹු මවගේත් අපේක්ෂාව වුවද කෝලාහල කාලයේ තමන් විසින් සිදු කරන්නට යෙදුණු යම් යම් ක්‍රියාවන්ගේ අඳුරු සෙවනැලි තව දුරටත් තමන් හඹා එන බව අමාන් වටහා ගනී.

කරිෂ්මා කපූර්ගේ අති විශිෂ්ට රංගනය මේ චිත්‍රපටයේ සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වී ඇත. එසේම ජයා භාදූරී, රිතික් රෝෂන් ආදි අනෙකුත් නළු නිලියන්ගේද රඟපෑම් විශිෂ්ටය. 2001 වර්ෂයේ ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උලෙළේ හොඳම නිළිය සහ හොඳම සහය නිළිය වෙත පිරිනැමෙන සම්මාන ද්විත්වය මෙන්ම අයිෆා සම්මාන උලෙළේ හොඳම නිළිය සහ හොඳම සහය නිළිය වෙත පිරිනැමෙන සම්මාන ද්විත්වයද දිනාගැනීමට පිළිවෙලින් කරිෂ්මා කපූර් සහ ජයා භාදුරි සමත් වන්නේ මේ චිත්‍රපටයේ රඟපෑම් වෙනුවෙනි. එසේම ෆිල්ම්ෆෙයා සම්මාන උලෙළේ සම්මාන අටක් සඳහා ෆිසා චිත්‍රපටය නිර්දේශ වී ඇත.

මගේ පළමු උපසිරැසිය වශයෙන් ෆිසා චිත්‍රපටයේ උපසිරැසි මෙසේ ඔබ වෙත ඉදිරිපත් කෙරෙන අතර එයට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට මගේ ස්තූතිය පිරිනමමි. ඉදිරියේදි තවත් උපසිරැසි සමග ඔබ හමුවීමට අපේක්ෂා කරමින් සමුගනිමි.

Fiza (2000) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

DVD පිටපත හා තනි DVD පිටපත් සඳහා අදාළ වේ.

1,035 downloadsDownload 201608211758baiscopelk.zip143 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Vajira-Rathnayake.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වජිර රත්නායක

Subtitles

1,035 downloadsDownload Subtitles143 KB

19 comments

  1. sadeepa

    ela thanks

  2. sadeepa

    ela.thanks

  3. hashan

    ela mchan patta lasssana film eka

  4. buddhika

    ela ela thanx macho sub ekata...........

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    බුදු සරණයි.. !

  6. Shamal manojan

    Fiza 2000 720p Hindi DVDRip x264 E Subs Team DDH RG පිටපතට සබ් ඒක වැඩ කරනවද? කරුණාකර කවුරුහරි කියන්නකෝ...............

  7. saman

    thanks

  8. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  9. Dulanga

    Thanks

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. WITHANAGE

    ගීත්(1970), ජන්ග්ලී(1961), ආහ්(1953), දේව්දාස්(1955), දිල් අප්නා ඖර් ප්‍රීත් පරායේ(1960), අර්සු(1965), සුරාජ්(1966), අසාඩ්(1955) යන පැරණි හින්දි චිත්‍රපට සඳහා මා උපසිරසි කර අවසන්. ඒවා ළඟදීම වෙබ් එකට ලබා දෙනවා. එය මා දැනුවත් කළේ ඒවායින් එකක් තෝරාගෙන ඔබ උපසිරසි කළහොත් මහන්සිය අපතේ යාවිද කියා සිතූ නිසායි. මා හට ශ්‍රී 420 සහ දේව්දාස් සිනමාපට දෙකට එසේ වුවා. ඒ ඊට පෙර මා එම චිත්‍රපට මෙම වෙබ් එකෙන් වෙන්කර ගෙන තිබුණේ නැති නිසා. එය මාගේ වරදක්.

    [email protected] මේ මගේ ඊ මේල් ඇඩ්රස් එක. මටත් ඔයාගේ ඊ මේල් ඇඩ්රස් එක වටිනවා. හැකිනම් එවන්න. මොකද සමහර වෙලාවට මේ වෙබ් එකට කොමෙන්ට් එකක් සහ අදහසක් එවන්න අපහසු තත්වයක් එනවා.

    1. nipun gunasekara

      abiman film ekatat sub dennako විතානගේ ප්‍රියන්ත aiye…….. mama oyage sub gaththa pattai……………………….#”Kabhi Haan Kabhi Naa” – Shahrukh ge hari salmange “love’ kiyana film ekata subak ekak denna kohoma hari……

    2. nipun gunasekara

      90 ganan wala ewata sub denna aiye api wadiyen kamathi ewata

  12. Withanage Priyantha Dayakeerthi

    ගීත්(1970), ජන්ග්ලී(1961), ආහ්(1953), දේව්දාස්(1955), දිල් අප්නා ඖර් ප්‍රීත් පරායේ(1960), අර්සු(1965), සුරාජ්(1966), අසාඩ්(1955) යන පැරණි හින්දි චිත්‍රපට සඳහා මා උපසිරසි කර අවසන්. ඒවා ළඟදීම වෙබ් එකට ලබා දෙනවා. එය මා දැනුවත් කළේ ඒවායින් එකක් තෝරාගෙන ඔබ උපසිරසි කළහොත් මහන්සිය අපතේ යාවිද කියා සිතූ නිසායි. මා හට ශ්‍රී 420 සහ දේව්දාස් සිනමාපට දෙකට එසේ වුවා. ඒ ඊට පෙර මා එම චිත්‍රපට මෙම වෙබ් එකෙන් වෙන්කර ගෙන තිබුණේ නැති නිසා. එය මාගේ වරදක්.

    [email protected] මේ මගේ ඊ මේල් ඇඩ්රස් එක. මටත් ඔයාගේ ඊ මේල් ඇඩ්රස් එක වටිනවා. හැකිනම් එවන්න. මොකද සමහර වෙලාවට මේ වෙබ් එකට කොමෙන්ට් එකක් සහ අදහසක් එවන්න අපහසු තත්වයක් එනවා.

    1. nipun gunasekara

      abiman one aiye

  13. nidi

    Vajira, baiscope site eke Vajrayak weemata wasanawa lebewa! palamu weyama sarthakai. thanks!

  14. nipun gunasekara

    abiman film ekatat sub dennako විතානගේ ප්‍රියන්ත aiye…….. mama oyage sub gaththa pattai……………………….#”Kabhi Haan Kabhi Naa” – Shahrukh ge hari salmange “love’ kiyana film ekata subak ekak denna kohoma hari……

  15. nipun gunasekara

    wajira aiye .. mama oyage sub gaththa pattai……………………….#”Kabhi Haan Kabhi Naa” – Shahrukh ge hari salmange “love’ kiyana film ekata subak ekak denna kohoma hari……

  16. Janu R Lïñsøñ

    Laaga Chunari Mein Daag meka sub dannko puluwan nm