Watch Trailer

Alex Rider: Operation Stormbreaker (2006) with sinhala subtitles | පුංචි ඔත්තු කාරයා. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ,මම යොමාල්.මට වයස 14 යි.මේ මගේ පළවෙනි සබ් එක.මටත් ආස හිතුණා බයිස්කෝප් අඩවියට උපසිරැසියක් හදලා දෙන්න.ඉතිං මම මගේ පළවෙනිම උපසිරැසිය අරං ආවා.මට මේ වැඩේට ගොඩක්ම උදව් කළේ අපේ “යශෝධ ශ්‍රීමාල්“ සහෝදරයා තමයි.හරි අපි එහෙමනම් මේ ලස්සන චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමු. මේ කතාවෙ නම තමයි Stormbreaker.ඒ…

Alex Ride-Operation Stormbreaker (2006)

හලෝ යාළුවනේ,මම යොමාල්.මට වයස 14 යි.මේ මගේ පළවෙනි සබ් එක.මටත් ආස හිතුණා බයිස්කෝප් අඩවියට උපසිරැසියක් හදලා දෙන්න.ඉතිං මම මගේ පළවෙනිම උපසිරැසිය අරං ආවා.මට මේ වැඩේට ගොඩක්ම උදව් කළේ අපේ “යශෝධ ශ්‍රීමාල්“ සහෝදරයා තමයි.හරි අපි එහෙමනම් මේ ලස්සන චිත්‍රපටය ගැන පොඩ්ඩක් කතා කරමු.

මේ කතාවෙ නම තමයි Stormbreaker.ඒත් මේකෙ සමපූර්ණ නම තමයි Alex Rider : Operation Stormbreaker කියන්නේ.Anthony Horowitz මහතාගේ නවකතාවක් ඇසුරෙන් Geoffrey Sax මහතා තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නේ.ඊට පස්සෙ 2006 වසරේදි ජූලි මාසයේ 21 දා තමයි මේ කතාව මුලින්ම තිරගත වෙලා තියෙන්නේ.මේ කතාව ටිකක් පරණයි තමයි.ඒත් මේ චිත්‍රපටය බැලුවොත් ඔයාලට තේරෙයි මේක කොහෙත්ම පරණ චිත්‍රපටයක් විදියට සලකන්න බෑ කියලා.මොකද ඒ තරම්ම මේ චිත්‍රපටය පට්ට එකක්.

මේ කතාව ගෙතෙන්නේ Alex Rider කියන අවු.14ක ළමයෙක් වටායි.එයා ජීවත් වෙන්නේ එයාගෙ මාම එක්කයි.මෙයාගේ මාම ඔත්තු කාරයෙක්.ඒත් එයා ඒක දන්නෑ.ඔහොම යද්දි ඒ මාමව කට්ටියක් මරල දානවා.ඊට පස්සෙ මේ ළමයා මාමව මැරුව අයව හොයන්න ගන්නවා.ඒ අතර මේ ළමයට ඔත්තු කාරයෙක් වෙන්න පුළුවන් වෙනවා.අන්තිමට කොහොම හරි කතාව ඉවරවෙද්දි මේ කොල්ලා මාමව මැරුව අයත් හොයාගෙන මුළු රටේම ළමයින්ට වෙන්න ගිය විපතකුත් වළක්වනවා.

ඕක තමයි කථාවේ සරලම සාරාංශය.මම ඔය කිව්ව ටිකට වඩා තවත් ගින්දර කෑලි ගොඩක් තියෙනවා.ඔක්කොම කිව්වෙ නෑ.‍මොකද එතකොට කිසි ගතියක් නෑනේ.කොල්ලගේ සුපිරි සීන් ගොඩාක් තියෙනවා.ටොරන්ට් එක බාගෙනම බලන්නකෝ.මොනව වුණත් තරුණ පහේ අයට තමා මේ චිත්‍රපටිය සෙට් වෙන්නේ.මේ ලස්සන චිත්‍රපටය ඇ.ඩො.මිලියන $ 20.7-23.9 පමණ Box office වාර්තාවක් පිහිටුවලා තියෙනවා.ඒ වගේම මෙහි Imdb අගය 5.1 පමණ වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Alex Pettyfer (Alex Rider),  Mickey Rourke (Darrius Sayle),  Alicia Silverstone (Jack Starbright) හ‍දුන්වන්න පුළුවන්.

හරි එහෙම නම් මම ඔයාල හැමෝගෙන්ම ඉල්ලනවා මේක මගේ පළවෙනි උපසිරැසිය හින්දා පොඩි හරි අවුලක්, වැරැද්දක් තිබුණොත් comment එකක් දාන්න. මම ආශාවෙන් ඒ වැරැද්ද හදාගන්නවා.එහෙනම් හැමෝම මේක බාගෙන බලන්න.Seed කරන්න.සබ් එකේ හොද නරක මට එවන්න. එතකොට තව සබ් එකක් හදද්දී මට ඒක ප්‍ර‍යෝජනවත් වෙයි. ඔන්න එහෙනම් මම නැවතුණා. ආයෙත් පාරක් මම තව හොද ෆිල්ම් එකකට උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් හැමෝටම බුදු සරණයි!

2009/09/22 පලවූ ලිපිය.

මේ කියන්නෙ යන්නෙ ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයට හොද ආරන්චියක්..හැබැයි තරුණ අයට තමයි මේක අල්ලල යයි කියල හිතන්න පුලුවන්..බොහොම සරළ කතාවක් තියෙන්නෙ..ඒත් මේ ක්‍රියාදාමයන් පිටුපස සිටින්නෙ ළමයෙක්..ඒ නිසයි මේ ෆිල්ම් එක අනික් ක්‍රියාදාම චිත්‍රපටි වලින් වෙනස් වෙන්නෙ..

මෙන්න මෙහෙමයි කතාව..එක්තර පාසලක සිසුන්ට කියනව තමන්ගේ පවුල් වල අය ගැන විස්තර කියන්න කියල..එක් ළමයෙන් ඔහුගේ පවුල ගැන විස්තර කියනව..මේ ළමයා ඇත්දැඩි වෙන්නෙ ඔහුගේ මාමා කෙනෙක් ළග..ඔහු මාම ගැන තමන් දන්න තරමින් විස්තර කියනව..මේ අතර අපිට දැකගන්න ලැබෙනව මේ මාමා ළමය හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් වෙනස් කියල..ඔහු රහස් පරීක්ශකයෙක්..ඒත් කවුරුවත් ඒ ගැන දන්නෙ නෑ.. දිනක් රාජකාරී කටයුත්තකදි මේ පුද්ගලය මිය යනව..

පසුව තමයි අර ළමයට දැනගන්න ලැබෙන්නෙ ඔහුගෙ මාමගෙ වෘත්තිය..ඒ අනිව ඔහුටත් ඉඩ ලැබෙනව රහස් පරීක්ශකයෙක් වීමට..බලන්නකො මේ ළමයගෙ මාම පුන්චිකාලෙ ඉදලම ඔහුව පුහුණු කරල තියෙන තරම..

Alex Rider: Operation Stormbreaker (2006) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

YTS BR පිටපත් සඳහා අදාළ වේ.

1,640 downloadsDownload 201608211943baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/YomalSenanayaka1-e1472752308383.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,640 downloadsDownload Subtitles33 KB

48 comments

  1. Uraj Deemantha

    බාමි බාමි ........!! :D

  2. prabath

    පහුගිය අවුරුද්දෙම බැලුවා. නියමයි. තාත්වික නෑ හැබැයි ඇස් නොපියා බලන් ඉන්න පුලුවන්

  3. chamila

    වැඩ (කිඩ) ගොඩායි! :(

  4. පික්චර් පිස්සා

    බලමු බලමු ..

  5. kolla

    අද ගුරා පරක්කු වුනා.thanks

  6. පොතේ ගුරා

    @Uraj Deemantha!එළ එළ ස හෝ.. :)

    @prabath ! ඔව් බන්..තාත්වික නෑ නම් තමයි..ඒත් ස‍රළ ගති ෆිල්ම් එකක්!

    @chamila! අයියෝ. :( එහෙනම් වැඩ අඩු උන වෙලාවක බලපන්... :)

    @පික්චර් පිස්සා !එළ එළ මචෝ..

    @kolla ! ඔව් බන්,මෙච්ච‍ර ප‍්රක්කු වෙලා ලිපියක් දාපු පළයෙනි පාර,ආයෙ එහෙම වෙන්න දෙන්නෙ නෑ.. :D

  7. ::::රසික:::

    wow නියමයි....මරැ film එකක් එත් පොඩිඩක් ගොන්පාටි තියනවා එත් බලන්න බැරි තරම් නෑ..
    මොනවා උනත් එපා වෙන්නෙ නම් නෑ ඉවර වෙනකන් වැඩ කිඩ ගොඩයි...
    ගුරා පුළුවන්නම් war film එකකුත් එකතු කරන්න කාලෙකින් බලන්න බැරි වුනා......

  8. DareDevil

    මේකනම් බානවාමයි.... :) ගුරෝ, පුළුවන්නම් "Vantage Point" film එක ගැන post එකක් දාපන්...

  9. pancha

    machan hancock movie eka gana heta daapanko ban pls

  10. සහන්

    තවම මගෙ කකුල හොඳ නෑ කොල්ලො මේ දවස්වල ගජරාමෙට ‍ෆිල්ම් බලනවා නැගිටගන්න පුලුවන් වෙනකල්, මේකත් බලනවා ඉක්මනට තව එකක් දාන්න, .....

  11. ChuttaFX

    බලන්න වෙලාව තමා නෑත්තේ. කාතාව නම් හොදයි වගේ. කෝකටත් බාල තියනවා. තැන්කූ! :D

  12. rotiya

    @ Uraj :මේ කියන්නෙ යන්නෙ ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයට හොද ආරන්චියක්..හැබැයි තරුණ අයට තමයි මේක අල්ලල යයි කියල හිතන්න පුලුවන්.
    hmmmmm

    උබ මේ කෑල්ල දෑක්කේ නෑද්ද? :P:P

    එල ගුරා අපි මේ බානව :D

  13. තුසිත

    මරු

  14. Uraj Deemantha

    @ rotiya අහු වෙයන්කෝ කුරුණෑගලදි..... :P තෝව මම රොටියක්ම කරනවා.....!! :P

  15. රොයිලි

    @ rotiya ,

    ඔය Uraj Deemantha කියන කෙනා ගොඩක් වයස කෙනෙක්ද?
    මම හිතන් උන්නේ 20-25 කොල්ලෙක් කියලා :D :D

  16. Anonymous

    බෘමී..............
    ස්තූතියි ගුරා

  17. සමන්

    බෘමී…………..
    ස්තූතියි ගුරා

  18. udantha

    @ රොටියා....හේහේ...පට්ට ටෝක...
    ඔහොම මූනටම කියනවද...පව්නේ යුරාජ් අයියා...
    ලොල්...
    ගුරා මම මේක බලල තියෙනවා...මාර ලස්සන කතාව..සිරා..

  19. Rotiya

    @ Uraj:හේ හේ
    උබගේ බස් වලට ඈණ තියන්ව

    @ රොයිලි :අඩො ඒ කියන්නෙ උබල මුගේ ටොල්ක් වලට අහු වෙලා
    මුට වයස දෑන් 50 ට කිට්ටුයි මන් හිතන්නේ
    මන් ඔය "මුට ,බන්,මචන්" කීවට මට පොර වෙන්නේ සීයා කෙනෙක්

    @ udantha:ඈත්ත නේ බන් මූනටම කියල දෑම්මා.
    හික්

  20. --SlaPp3r--

    Film ඒක නරකයි කියල හිතන කට්ටියට help ඒකක් කරන්න හිතුනා....මෙ English Subtitle ඒක අරන් බලන්න හිතන තරම් නරක නැ...

    http://www.mediafire.com/download.php?qmutmj1detq

  21. marvelTracker

    Matanam meka etthara alluwe nehe...

  22. ඉන්දික

    මමත් බැලුවා කම්මැලි නැතුව බලන්න් පුලුවන් තෑන්කියු වේවා

  23. රොයිලි

    @ rotiya

    හුටා ඒකත් එහෙමද . කවුද බං ඕවා දන්නේ :-P

  24. JTL

    chaater needa ban.....

    1. nuwan

      ehema kiyn epaa bn

  25. gessy

    thanks kolu..... Downloading > > >

  26. nuwan

    sinhala nene bn meke

  27. dimuthu

    ko ban meke sub nene

  28. praneeth madu

    ela mcn

  29. Ishan Madusha

    නියමයි.පළමු උපසිරැසියට සුබපැතුම්

  30. Tharaka

    පළමු උපසිරැසි ගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්. ඒ වගේම සබ් එකටත් ගොඩාක් ස්තූතියි සහෝ.
    ඉදිරියටත් මේ වගේ හොඳ ෆිල්ම් වලට සබ් ලබා දෙන්න.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  31. kavinda

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

  32. Asitha

    පලවෙනි නිර්මාණයට මගෙන් සුභ පැතුම්!!!
    ජය වේවා!!
    මේක දැක්කා.ඒත් දැන් සබ එක්කම බලන්න පුළුවන් නේ.
    තෑන්ක්ස්.

  33. Bobby

    Thanks Boys

  34. Dulanga

    Thanks

  35. නිපුණ වීරසේකර

    බලල තියෙන පට්ටම ෆිල්ම් එකක්... ජයෙන් ජය...

  36. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  37. Udara Damith B\K

    සබ් එකට ගොඩාක් ස්තූතියි

  38. Práðèép Üðäýàñgå

    සුපිරි .. පලවෙනි සබට සුබ පතනවා
    ජය....

  39. me

    Thanks

  40. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    බුදු සරණයි.. !

  41. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පතුම් සහෝ
    සබ් එකට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  42. Ash

    අනේ කව්රු හරි කමක් නෑ බන් Now You See Me 2 ෆිල්ම් එකට සබ දියන්කෝ….
    තව දෙයක් කියන්න තියනවා අව්ලක් හිතන්න එපා දැන් නම් Site එක පොඩ්ඩක් චාටර් වෙලා තියෙන්නේ ඇඩ් 100ක් විතර එනවා බයිස්කෝප් එකට ආපු ගමන් ටොරන්ට් Site වල වත් නැති …
    අනික ගොඩක් සබ් තියෙන්නේ හින්දි ෆිල්ම් වලට ඒවා ඉතින් ඉක්මනටම TV වල දාන නිසා English ටිකක් වැඩියෙන් කරොත් අපි කැමතියි….

  43. ලහිරු චානක

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්, ජය වේවා..!!!

  44. Amila Mudalige

    Thanks saho

  45. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Heshan

    aaaaaaaaaaa bn patta vadak karala thiyanna .ubamada maka haduva .patta vada . ma seen aka full kohomada kala kiyala kiyapan. elaaaaaaa

    1. Yomal Senanayake

      machn oya ape 8-i heshanda?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.