Flamin’ Hot (2023) Sinhala Subtitles හායි රත්තරන් යාලුවනේ ! මේ මගේ 4 වෙනි උපසිරැසි ගැන්වීම. අද මම අරගෙන ආවෙ 2023 අවුරුද්දෙ රිලීස් උන සුපිරිම ෆිල්ම් එකක්. මේ ලගදි Facebook එකේ reels බලන ගමන් ඉද්දි මට මේ ෆිල්ම් එකේ පොඩි කොටසක් බලන්න හම්බවුනා. ඒක දැක්ක ගමන් ආස හිතිලා මම මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බැ…

හායි රත්තරන් යාලුවනේ ! මේ මගේ 4 වෙනි උපසිරැසි ගැන්වීම. අද මම අරගෙන ආවෙ 2023 අවුරුද්දෙ රිලීස් උන සුපිරිම ෆිල්ම් එකක්. මේ ලගදි Facebook එකේ reels බලන ගමන් ඉද්දි මට මේ ෆිල්ම් එකේ පොඩි කොටසක් බලන්න හම්බවුනා. ඒක දැක්ක ගමන් ආස හිතිලා මම මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා, මේකට උපසිරැසියක් ගෙනල්ලා තිබුණු නැති නිසා මට හිතුනා ඔයාලාට සිංහල උපසිරැසියක් අරගෙන එන්න ඕන කියලා. ඒ තරම් මට මේ ෆිල්ම් එක සුපිරියටම සෙට් උනා.
හරි අපි වැඩි කතා නැතුව ෆිල්ම් එකේ විස්තර ගැන කතාකරමු. මේ ෆිල්ම් එක Comedy/Drama ගනයට තමයි අයත් වෙන්නෙ, IMDb අගය 6.8 කුත් කුණු තක්කාලි 67% ක අගයකුත් ලබා ගෙන තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 16 කට ආසන්න වියදමක් මේ ෆිල්ම් එක වෙනුවෙන් දරලා තියෙනවා. ප්‍රධාන නළු නිළියනෙ වශයෙන් Jesse Garcia, Annie Gonzalez, Dennis Haysbert, Tony Shalhoub, Emilio Rivera, Vanessa Martinez ආදී නළු නිලියන් එක් වෙලා තියෙනවා.
ඉතින් කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්……මේක අපිට නිතරම දකින්න ලැබෙන විදියේ සාමාන්‍ය කතාවක් නෙවෙයි. හැමෝම ආසාවෙන් කන, දැක්කත් කටට කෙළ උනන සුපිරි කෑමක් ලෝකෙට බිහි වුණු හැටි ගැන කියවෙන නියම කතාවක්! ඒ වගේම මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නෙ සත්‍ය ජීවිත කතාවක්!
අපේ කතාවේ ප්‍රධානියා තමයි රිචඩ් මොන්ටනෙස්. මෙයා වැඩ කරන්නේ ප්‍රසිද්ධ කොම්පැනියක සාමාන්‍ය සුළු සේවකයෙක් විදියටයි. හැබැයි ඉතින් මෙයා හැමදාම අතුගාලා, සුද්ද පවිත්‍ර කරලා නිකන් ඉන්න හිතපු කෙනෙක් නෙවෙයි. මුළු කොම්පැනියම ලොකු අර්බුදයකට වැටිලා, වහන්න යන මට්ටමට එද්දී අපේ මේ සාමාන්‍ය සේවකයාට අපූරු අදහසක් එනවා.
මොකක්ද දන්නවද ඒ අදහස? තමන්ගේ මෙක්සිකානු සංස්කෘතියේ තියෙන සැර, කුළුබඩු රස කලවම් කරලා අලුත්ම විදියේ චිප්ස් එකක් හදන්න මිනිහා තීරණය කරනවා. කිසිම උගත්කමක්, ලොකු පසුබිමක් නැති සාමාන්‍ය මිනිහෙක් තමන්ගේ ආත්ම විශ්වාසයයි, අමුතුම අදහසකුයි විතරක් පාවිච්චි කරලා මුළු ලෝකයම හොල්ලපු, බිලියන ගණනක බිස්නස් එකක් තනිවම ගොඩනගපු හැටි මේ කතාවෙන් ලස්සනට බලාගන්න පුළුවන්…
එහෙනම් මේ ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. වෙලාවක් ලැබුනු හැටියෙම මම තවත් සබ් එකක් අරගෙන එන්නම්. මොනවාහරි අඩුපාඩුවක් තිබුනොත් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. හැමෝටම ස්තූතියි!
Flamin’ Hot (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
878 downloadsDownload Flamin-Hot-2023.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් මදුකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2026-04-26
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Flamin’ Hot Sinhala Subtitles
Subtitles by
සචින් මදුකාන්ත
Subtitles
- #Editor's Pick
- #Flamin' Hot (2023) Sinhala Sub
- #Flamin' Hot (2023) Sinhala Subtitles
- #Flamin' Hot Sinhala Sub
- #Flamin' Hot Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සචින් මදුකාන්ත
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට තෑන්ක්ස් මචං...