The Drama (2026) Sinhala Subtitles හො.ම.ත.ග.යු. මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයකි. හලෝ යාළුවනේ කොහොමද ඔයාලට. මුලින්ම කියන්න ඔනෙ සමාවෙන්න දවස් 10ක් විතර පරක්කු උනා මේ චිත්‍රපටයෙ උපසිරැසි ගේන්න.The Drama කියන්නේ 2026 දී ආපු ටිකක් වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්. මේක ආදරය, ජීවිත ගැටලු සහ අඳුරු හාස්…

The Drama (2026) Sinhala Subtitles
හො.ම.ත.ග.යු. මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයකි.
හලෝ යාළුවනේ කොහොමද ඔයාලට. මුලින්ම කියන්න ඔනෙ සමාවෙන්න දවස් 10ක් විතර පරක්කු උනා මේ චිත්‍රපටයෙ උපසිරැසි ගේන්න.The Drama කියන්නේ 2026 දී ආපු ටිකක් වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්. මේක ආදරය, ජීවිත ගැටලු සහ අඳුරු හාස්‍ය එකතු කරපු මානසික කතාපටයක් වගේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kristoffer Borgli කියන නෝර්වේ අධ්‍යක්ෂවරයා. ප්‍රධාන චරිත සඳහා Zendaya සහ Robert Pattinson රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය නිකුත් කළේ A24 ආයතනය. මෙම චිත්‍රපටය IMDb 7.1 වගේ ඉහල අගයක් ගන්නත් සමත් වෙලා තියනවා
කතාව යන්නේ විවාහයට සතියක් විතර තියෙද්දි ඉන්න පෙම් යුවළක් වටේ. පිටින් බලද්දි දෙන්නා හරිම සතුටින් ඉන්න පරිපූර්ණ යුවළක් වගේ පේනවා. හැබැයි එක දවසක පෙම්වතිය තමන්ගේ අතීතයේ තිබ්බ ලොකු රහසක් කියනවා. ඒකත් එක්ක ඔවුන්ගේ සම්බන්ධය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා.
Robert Pattinson කරන චරිතයට එතනින් පස්සේ තමන් ආදරේ කරන කෙනාව ඇත්තටම දන්නවද කියලා සැකයක් ඇති වෙනවා. Zendayaගේ චරිතයත් එක පැත්තකින් හොඳ, අහිංසක කෙනෙක් වගේ පේනවා. තව පැත්තකින් ටිකක් බය හිතෙන, අමුතු හැඟීමක් දෙන චරිතයක් වගේ. ඒ නිසා චිත්‍රපටය බලන කෙනාටත් කවුද හරි, කවුද වැරදි කියලා තේරුම් ගන්න අමාරු වෙනවා.
මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි සාමාන්‍ය හොලිවුඩ් ආදර කතාවක් වගේ නොවීම. ලොකු සටන්, වේගවත් සිදුවීම් වගේ දේවල් වැඩිය නෑ. ඒ වෙනුවට නිහඬ දර්ශන, දිගු සංවාද සහ අපහසු අවස්ථා හරහාම මානසික පීඩනයක් ඇති කරනවා. ඒ නිසා සමහරුන්ට මේක ඉතාම විශිෂ්ට චිත්‍රපටයක් වගේ දැනෙනවා ඇති. තවත් සමහරු නම් කියන්නේ ටිකක් කම්මැලි කතාවක් කියලා.
Zendayaගේ රංගනය ගැන ගොඩක් දෙනා ප්‍රශංසා කරලා තියනවා. විචාරකයන් කියන්නෙ මේ ඇයගේ රංගන ජීවිතයේ හොඳම චරිත වලින් එකක් කියලා. Robert Pattinsonත් Batman චිත්‍රපටයෙන් පස්සේ තවත් ගැඹුරු සහ බැරෑරුම් රංගනයක් මේකෙන් පෙන්නනවා.
සම්පූර්ණයෙන් බැලුවොත් මේක සාමාන්‍ය ආදර කතාවකට වඩා විශ්වාසය, බොරුව, අතීත වැරදි සහ මිනිස් සම්බන්ධතා ගැන ගැඹුරින් කතා කරන චිත්‍රපටයක්. “කෙනෙක් අතීතයේ වැරදි කරලා තිබුණත් එයාට දෙවැනි අවස්ථාවක් දිය යුතුද?” කියන ප්‍රශ්නය මේ කතාව පුරාම තියෙනවා.
ජීවිත ගැටලු, මානසික ආතතිය සහ ගැඹුරු ආදර කතා බලන්න කැමති කෙනෙක් නම් The Drama කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න වටින චිත්‍රපටයක්. ඉතිං මේ චිත්‍රපටයත් රසවිදින්න ඔයාලට ආරාධනා කරනවා.
තවත් උපසිරැසියකින් හම්බුවෙනකං ඔයාලට ජය වේවා!
The Drama (2026) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
620 downloadsDownload The-Drama-2026.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර සමරවික්‍රම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Drama Sinhala Subtitles
Subtitles by
උදාර සමරවික්‍රම
Subtitles
- #Editor's Pick
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #The Drama (2026) Sinhala Sub
- #The Drama (2026) Sinhala Subtitles
- #The Drama Sinhala Sub
- #The Drama Sinhala Subtitles
- #Tron
- #You Decide
- #උදාර සමරවික්‍රම
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Sahan Gayantha
Harshana Atapattu
Thanks for sub brother. Keep it up
damith niwanthaka
Thanks bro. Jaya wewa…!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks a lot Udara saho sub ekata