Lee Cronin’s The Mummy (2026) Sinhala Subtitles ඔන්න එහෙනම් කාලෙකට පස්සේ උපසිරැසියක් අරගෙන ආවා, ඒ කියන්නේ මේ අවුරුද්දට කරන පලවෙනි උපසිරැසිය තමයි මේක. අරගෙන ආවෙත් සුපුරුදු පරිදි Horror චිත්‍රපටියක්. කොහොම හරි මේකට උපසිරැසි කරන්න නම් මට කිසිම අදහසක් තිබුණේ නෑ, ඒත් අපේ බයිස්කෝප් සහෝදර විහඟ මේක බලලා කා…

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ උපසිරැසියක් අරගෙන ආවා, ඒ කියන්නේ මේ අවුරුද්දට කරන පලවෙනි උපසිරැසිය තමයි මේක. අරගෙන ආවෙත් සුපුරුදු පරිදි Horror චිත්‍රපටියක්. කොහොම හරි මේකට උපසිරැසි කරන්න නම් මට කිසිම අදහසක් තිබුණේ නෑ, ඒත් අපේ බයිස්කෝප් සහෝදර විහඟ මේක බලලා කාලෙකට පස්සේ බලපු සුපිරිම horror චිත්‍රපටය කියලා රිවීව් එකක් දුන්න නිසා, කොහොම හරි මාත් මේක බලලා අන්තිමේ නතර වුණේ සබ් එකත් කරලා. ඒ වගේම කියන්න ඕනේ ඔහු කිව්වා වගේම මේක සුපිරිම හොරර් චිත්‍රපටයක් තමයි. මං එහෙම කියන්නේ හේතු කිහිපයක් නිසා. එකක් මේක හොඳට ඩීටේල්ස් දාල, කතාව සවිස්තරාත්මකව හදලා තියෙනවා රශ් එකක් නැතුව. ෆිල්ම් එකේ රන් ටයිම් එකත් පැය 2 විනාඩි 14යි, අනිත් හොරර් ෆිල්ම් වගේ පැය එක හමාරේ එකක් නෙමෙයි මේක. අනිත් එක තමයි මේකෙ එන්ඩ් එක, ගොඩක් හොරර් චිත්‍රපට වලට වඩා වෙනස්ව මේකෙදි අපිට තෘප්තිමත් විය හැකි අයුරේ අවසානයක් දීල තියෙනවා.
ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔයාලට මතකද දන්නෑ මමම ඔයාලට කලින් උපසිරැසි ගෙනාපු Evil Dead Rise චිත්‍රපටය, ඒකත් අධ්‍යක්ෂණය කරේ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Lee Cronin විසින්. කොහොම හරි අධ්‍යක්ෂකවරයා තහවුරු කරලා තියෙනවා මේ ඊවිල් ඩෙඩ් චිත්‍රපටයයි, අලුත් Lee Cronin’s The Mummy චිත්‍රපටයයි එකම යුනිවර්ස් එකක සිද්ද වෙන චිත්‍රපට බවට. ඒ කියන්නේ ඉස්සරහට මේ චිත්‍රපට වල Crossover එකක් වුණත් එන්න ඉඩ තියෙන බවයි. ඒ ගැන අපි බලමු ඉස්සරහට. මොකද ඊවිල් ඩෙඩ් එක නම් ඉස්සරහට ඇදෙනවා, දැනටමත් චිත්‍රපට දෙකක් එනවා කියලා සදහන් කරලා ඉවරයි. එකක් මේ අවුරුද්දේ ජූලි 10 වෙනිදා සිනමාශාලවල් වලට නිකුත් වෙනවා Evil Dead Burn නමින්, අනික Evil Dead Wrath නමින් 2028 අප්‍රේල් වල නිකුත් වෙන්න නියමිතයි. ඒත් තාම මේ Lee Cronin’s The Mummy චිත්‍රපටයේ තව ඒවා එයිද කියලා සදහනක් නෑ, හැබැයි එන්න ඉඩ තියෙනවා මොකද මේක ඇමරිකානු ඩොලර් මිලියන 22ක මුදලකින් නිෂ්පාදනය කරලා ඇමරිකානු ඩොලර් මිලියන 83ක මුදලක් හොයලා තියෙනවා. බජට් එක අනුව චිත්‍රපටය ලාභ උපයන්න පුළුවන් මට්ටමකට ඇවිත් තියෙන නිසා මේකෙ ඉදිරිය ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි. කොහොමත් චිත්‍රපටය නිකුත් වුණේ අප්‍රේල් 17 වෙනිදා වෙබ් පිටපත් නිකුත් වෙන්නේ මැයි 19 වෙනිදා, අපිට ඉස්සරහට මේකෙ තොරතුරු දැනගන්න පුළුවන් වෙයි.
තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනෙ. මේක කෙහෙත්ම කලින් Mummy ෆ්‍රැන්චයිස් එකට සම්බන්ධ නෑ, Universal Pictures විසින් කරපු. මේක අළුත්ම වෙනම වැඩක් Warner Bros ලගේ New Line Cinema සහ Blumhouse Productions විසින් කරන. ඒ නිසා කලින් Mummy ෆිල්ම් වල තිබුණ වික්‍රමාන්විත මේකෙන් හොයන්න ගිහිල්ලා බලාපොරොත්තු බිඳගන්න නම් එපා, මොකද මේක අමු, බිහිසුනු තනිකර horror චිත්‍රපටයක්. මේකෙ ප්‍රේක්ශක ප්‍රතිචාර අඩුවෙන්න මේ නමේ පැටලවිල්ල හේතු වෙලා තියෙනවා, ඒ අනුව IMDb දර්ශකේ 6.4 ක හොඳ අගයකුත් කුණු තක්කාලි 47%කුත් ලැබිල තියෙනවා.
කතාව ගැනත් පොඩි සඳහනක් කරන්නම් ඔයාලට තව මේක ගැන අදහසක් ගන්න, ප්‍රවෘති රැකියාවක් නිසා ඊජිප්තුවේ කයිරෝවට පැමිණි පවුලක් වටා තමයි මේකෙ කතාව ගෙතෙන්නේ. මේ පවුලේ ඉන්නවා අම්මයි(ලරීසා), තාත්තයි(චාලි), දුවයි(කේටි), පුතයි(සෙබ්). හිටියැටියේ දවසක් මායාකාරියක් වැනි ගැහැණු කෙනෙක් ඇවිත් මේ පුංචි කේටිව පැහැරගන්නවා. පොලීසියෙන් සහ මේ පවුලේ අය කොච්චර හෙව්වත් එයාව හම්බවෙන්නේ නෑ, මෙහෙම අවුරුදු අටක් ගත වෙනවා. ඊට පස්සේ චාලිට කයිරෝවේ US එම්බසියෙන් කෝල් එකක් එනවා කේටිව හම්බුණයි කියලා. හම්බුණත් ඇය සෑහෙන්න විකෘති වෙලා, ප්‍රචන්ඩ වෙලා. ඇයි මෙහෙම වුණේ? කවුද කේටිව පැහැර ගත්ත ගැහැණු කෙනා? මොකක්ද කේටිට වුණේ? කොහොමද කේටිව නැවත හම්බ වුණේ? මේවාට උත්තර ඕනෙ නම් ඔයාලට මේක බලන්නම වෙනවා. මේ ආකාරයේ කතාවක් තමයි Lee Cronin’s The Mummy කියන්නේ වික්‍රමාන්විතරයක් නෙවෙයි, හොරර් එකක්. මේ පොඩි කරුණ ඔළුවට දාගෙන බැලුවා නම් සහතික වෙන්න පුළුවන් ඔයාල මේක බලලා ඉවර වුණාම Disappoint වෙන්නේ නම් නෑ කියලා.
මේකට රංගනයෙන් දායක වෙන අය ගැන කතා කරොත් Jack Reynor / Laia Costa / May Calamawy / Natalie Grace / Verónica Falcón මේ අයව බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අන්තිම වශයෙන් ස්තූතියි කරන්න ඕනෙ අපේ බයිස්කෝප් රුක්ෂාන් සහෝදරයාට මේ කැම් කොපියට ගැලපෙන විදිහට සබ් එක සින්ක් කරලා දුන්නට, ඔහු නැත්තම් කැම් එකට සබ් දෙන්න වෙන්නෙත් නෑ.
එහෙනම් එච්චරයි කියන්න තියෙන්නේ, කාලෙකින් මුළු චිත්‍රපටයම බලලා අන්තිමට සෑහීමකට පත් වෙන්න පුළුවන් හොරර් චිත්‍රපටයක් බලන්න ඕන්නම් මෙන්න බඩු. අරන් බලන්න. උපසිරැසිය නම් දීලා තියෙන්නේ කැම් කොපි වලට හදිසි අයට ඕන්නම් බලන්න, හදිසි නැත්තම් මැයි 19 වෙනකල් ඉවසලා ඔරිජිනල් වෙබ් පිටපත් නරඹන්න. අපි ඒ වෙද්දි වෙබ් පිටපත් වලටත් අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් බොහෝදුරට වෙලාවක් ලැබුණොත් Evil Dead Burn චිත්‍රපටයෙන් නැවත හමුවෙමු. ජයවේවා!
Lee Cronin’s The Mummy (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි Original WEBRIP/Predvd(කැම්) පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,127 downloadsDownload Lee-Cronin_s-The-Mummy-2026-WEBRIP-Update-1.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lee Cronin’s The Mummy Sinhala SubtitlesSubtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #Editor's Pick
- #Lee Cronin's The Mummy (2026) Sinhala Sub
- #Lee Cronin's The Mummy (2026) Sinhala Subtitles
- #Lee Cronin's The Mummy Sinhala Sub
- #Lee Cronin's The Mummy Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Predator
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika laKMal
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Pasindu
Download link please
Bimsara Yashan (ඔලිව)
baiscopedownloads සයිට් එකේ තියෙනවා සහෝ.
සචින්ත දුල්ෂාන්
බොහොම ස්තූති සහෝ, සබ් එකට
Buddhika laKMal
ආපුගමන්ම අප්ඩේට්කරාට තෑන්ක්ස් මචං
රුක්ෂාන් ඛාන් (රුකා)
නියමයි සහෝ.. මං එනකල්ම බලන් ඉඳපු horror එකක් ❤️ දැන් තමා ඔන්න බලන්න යන්නෙ.
බොහොම ස්තූතියි උපසිරසියට ❤️ ජයවේවා
Harshana Atapattu
Thanks for sub brother. Keep it up
Nimesh Darshana
Thanks a lot for the sub❤️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Lee Cronin’s The Mummy (2026) Sinhala Subtitles | නස්මරේණියන් අඳුරු බලවේගය! [සිංහල උපසිරසි] [Original WEBRIP Update]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/05/Lee-Cronins-The-Mummy-2026-2.jpg)
සබ්එකට තෑන්ක්ස් මචං