Watch Trailer

Flanders AKA Flandres (2006) Sinhala Subtitles | අසංවේදී සොල්දාදුවා…![සිංහල උපසිරසි]

Flanders AKA Flandres (2006) Sinhala Subtitles මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Bangkok Dangerous (2000) ඝාතකයා…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය…

Flanders Flanders AKA Flandres (2006) Sinhala Subtitles

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Bangkok Dangerous (2000) ඝාතකයා…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

සෑම වසරකදීම ලෝකය පුරාවටම විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නා වූ දස දහස් ගනනක් වූ සිනමා සිත්තම් අතුරින්, බොහෝ විට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, හිංදි, දමිළ ආදී අපිට වඩාත් සමීප වූ, සීමිත භාෂා ගණනකින් නිර්මාණය වන්නා වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය වන්නා වූ විශිෂ්ට සිනමා නිර්මාණයන් මොනතරම් නං ප්‍රමාණයක් අපිට නොදැනීම මග හැරී යනවා ඇතිද…? මේ උත්සාහය ඒ විදියට මග ඇරිලා, කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගවිලා ගියපු හරි අපූරු ප්‍රංශ සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි. හොඳ නිර්මාණයක්, හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නෙ නෑලුනෙ. ” Old Is Gold ” කියන්නෙත් ඒ හින්දමලුනෙ. ඒ නිසා තිරගත උන අවුරුද්ද දිහා බලලා ලිපිය කියවන්නවත් නතර නොවී ගියපු අයට වඩා, නතර උන ඔබ වාසනාවන්තයි…

2006 අවුරුද්දෙ Cannes සම්මාන උළෙලේදී හොඳම සිනමා පටයට හිමි Palme d’Or සම්මානය සඳහා නිර්දේශ වන්නටත් එයිනුත් ජූරියේ විශේෂ සම්මානයට හිමි Grand Prix සම්මානය දිනාගත් IMDb දර්ශකයේ 6.5 ක් ලබාගත්තු මේ හරි අපූරු සිනමා සිත්තමේ කතාව කියන එක නම් හරිම අමාරු දෙයක්. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි එකක් නිසා.

අල්ලපු ගොවිපළේ සුන්දර බාර්බීට මොනතරම් ආදරේ කලත් කවදාවත්ම ඒ ආදරේ බාර්බීට කියා ගන්න පුලුවන් කමක් ලැජ්ජාශීලී ඩෙමෙන්ස්ටර්ට තිබුනෙ නෑ. ඒ වගේම බාර්බීට ආදරේ කරපු එකම සහ අන්තිම ආදරවන්තයා ඩෙමෙන්ස්ටර් උනෙත් නෑ. හැබැයි බාර්බී මේ ගොරහැඩි ආදරවන්තයට දැනෙන්න ආදරේ කලා. මේ අතරතුරේදි තමයි මේ හැමෝටම සුන්දර බාර්බීව දාලා යුද්ධෙට යන්න වෙන්නෙ. කොහෙත්ම සුන්දර නොවුන මිහිපිට අපායක් වගේ උන ඒ යුධ බිමෙන් බේරිලා බාර්බිගේ ආදරේ වෙනුවෙන් කාට ආපහු එන්න ලැබේවිද…?

මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසාවෙන් තවමත් මේ සිනමා සිත්තම රස විදින්න හිතුනෙ නැත්තං මේ සිනමා සිත්තමේ ට්‍රේලර් එක බලලා එන්න. තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි. මේක සම්මානනීය යුධ සිනමා සිත්තමක් නිසා මතුපිටින් පෙන්නන කතාවට අමතරව සෑහෙන ගැඹුරු කියවීමක් හරි අපූරුවට කතාව ඇතුලේ ගලාගෙන යනවා. කැමති විදියකට රසවිඳීම ඔබට බාරයි. කලින් කීවා වගේම තිරගත උන වසර දැකලා හැරිලා ගියපු අයට වඩා ලිපිය කියවපු ඔබ වාසනාවන්තයි, ඒ නිසාවෙන්ම වාසනාවන්තයෝ නරඹත්වා…!

” ප්‍රේමයක් දැනෙන තැන ඔබට නවතින්න අවැසිනම් යන්න ගිහින් නැවතී ඉන්න
එහෙම කියන්න තරම් ඉවසිලිවන්ත වෙමින්
ආදරය ආදරයෙන් සහ
ප්‍රේමය ප්‍රේමයෙන් අත්හල යුතු තැන අත්හල හැකිනම්
ආදරය සහ ප්‍රේමය යනු ජීවන සෙනසුන මත තැබූ සුවඳවත් කුසුමකි…! “

ප.ලි.

සබ් කරන්න මග ඇරුන අලුත්, පරණ භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් තියෙනව නං පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එහෙමත් නැත්තං ” hasitha.m.sky@ gmail.com ” එකට මේල් එකක් දාන්න. වෙලාව ලැබෙන විදියට, පුලුවන් විදියකට කරන්නම්…

ඔබට ජය…!

Flanders AKA Flandres (2006) Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

1,507 downloadsDownload Flanders-AKA-Flandres-2006-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

1,507 downloadsDownload Subtitles17 KB

15 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ මේ වගේ මග ඇරුනු පරණ මූවිවලට සබ් ගේනවට....

  2. රේමන් ඇන්තනී

    thanks brother
    persian lessons 2020 denna puluwan nam

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි මේල් 1ටත්. අපි කරමු.

  3. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා මේ වගේ අපිට මග ඇරෙන චිත්‍රපට සඳහා සිංහල උපසිරසි කරනවට. තවත් මෙවැනි දේ කිරීමට ඔයාට ශක්‌තිය ලැබෙන්න ඕනේ. ඔබට ජය සහෝ...

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...
    The Abyss (1989) EXTENDED සබ් දෙන්න පුළුවන්නම්

    1. හසිත මධුෂාන්

      ඔස්කාර් ගත්තු කැමරන්ගෙ වැඩක් නේද? මම බලලත් නෑ. බලලම කියන්නම් සහෝ.

  5. Gayanmadu

    බොහොම ස්තුතියි

  6. premakumara gamlath

    ස්තූති හසිත

  7. Mahesh

    Fallen leavas එකට සබි දෙන්න..

  8. Aravinda

    බොහොම ස්තූතියි මල්ලි සිංහල උපසිරස ලබා දුන්නාට . පුළුවන් නම් සිටිසන් කේන් මුවී එකටත් උපසිරස ලබා දෙන්න

    1. හසිත මධුෂාන්

      කරන ගමන් ඉන්නෙ සහෝ. පුලුවන් ඉක්මනටම දෙන්නම්...

  9. Mohottige

    Thanks

  10. Dewadithya

    Thanks for Sub!

  11. shan

    thanks bro me wage hoda films digatama danna

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P