Madame Web (2024) Sinhala Subtitles Sony ආයතනය විසින් එයාලගේ ස්පයිඩර්-මෑන් නැති සෝනි-ස්පයිඩර්මෑන් යුනිවර්ස් එකේ මීළඟ දිගහැරුම විදියට 2024 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කළ Madame Web චිත්‍රපටයට තමයි අද අපේ නිර්මාල් අයියා උපසිරසි අරගෙන ඇවිත් තියෙන්නේ. මේ ටිකේ අන්තර්ජාලයේ සැරිසැරුව මාවල් රසිකයෙක් නම් දන්න…

Sony ආයතනය විසින් එයාලගේ ස්පයිඩර්-මෑන් නැති සෝනි-ස්පයිඩර්මෑන් යුනිවර්ස් එකේ මීළඟ දිගහැරුම විදියට 2024 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කළ Madame Web චිත්‍රපටයට තමයි අද අපේ නිර්මාල් අයියා උපසිරසි අරගෙන ඇවිත් තියෙන්නේ. මේ ටිකේ අන්තර්ජාලයේ සැරිසැරුව මාවල් රසිකයෙක් නම් දන්නවා ඇති නේ ෆිල්ම් එක ගැන තියෙන අදහස. සෝනි-ස්පයිඩර්මෑන් යුනිවර්ස් එකේ බහුතරයක් ෆිල්ම්ස් වගේ මාවල් රසිකයෝ ආදරයෙන් වැළඳගත්තේ නැති ෆිල්ම් එකක් කියලා විතරක් අපි කියමුකෝ.
ෆිල්ම් එක මේ වෙනකොට IMDb දර්ශකයේ 3.8ක අගයකුත්, Rotten tomatoes දර්ශකයේ 12%ක අගයකුත් අරගෙන තියෙනවා. බහුතරයක අදහස මේක වුණාට ෆිල්ම් එකට හොඳ cast එකක් ඉන්න බව නම් කියන්න ඕනේ. Dakota Johnson (කැසැන්ඩ්‍රා වෙබ්), Sydney Sweeney (ජූලියා කෝර්න්වෙල්), Isabela Merced (ආන්‍යා කොරසොන්), Celeste O’Connor (මැටී ෆ්‍රෑන්ක්ලින්), Tahar Rahim (ඉසීකියල් සිම්ස්), Adam Scott (බෙන් පාකර්), Emma Roberts (මේරි පාකර්) ආදී නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
මේ කැරැක්ටර් එක ස්පයිඩර්-මෑන් තරම් ප්‍රසිද්ධ චරිතයක් නොවුණාට ස්පයිඩර්-මෑන් කොමික්ස්වල (විශේෂයෙන්ම මල්ටිවර්ස් එක සම්බන්ධ කොමිකවල) ඉතාම වැදගත් වෙන චරිතයක්. ඒත් මං හිතන්නේ නෑ හුඟක් කට්ටිය මෙයා ගැන අහල ඇති කියලා, මොකද මෙයා මීට කලින් චිත්‍රපටිවලදී අපට හඳුන්වා දුන්නු චරිතයක් නෙමෙයි. වෙනත් වචනවලින් කියනවා නම්, මේක තමයි මැඩම් වෙබ් ගේ මුල්ම big screen debut එක. ඉතින්, අපි මෙයා කවුද, මෙයාට තියෙන හැකියාවන් මොනවද, මෙයා කොයි වගේ කෙනෙක්ද කියලා හොයාගන්න එයාගේ කොමික් ඉතිහාසය බලමු නේද?
Madame Web ව මුලින්ම හඳුන්වා දුන්නේ 1980 අවුරුද්දේ The Amazing Spider-Man #210 කලාපයෙනුයි. මේ චරිතය නිර්මාණය කළේ Denny O’Neil සහ John Romita Jr. විසිනුයි. මෙයා මාවල් විශ්වයේ ඉන්න mutant කෙනෙක්. Mutant කිව්ව වචනේ ඇහුණ ගමන් හුඟක් අයට මතක් වෙන්නේ X-Men ලව නේ. නමුත් X-Men ලට කිසිම සම්බන්ධයක් තියෙන චරිතයක් නෙමෙයි. මෙයා Spider-Verse එකට සම්බන්ධ චරිතයක්. මෙයාගේ කාර්යභාරය තමයි විවිධ ස්පයිඩර්-මෑන්ලාට අවවාද හා උපදෙස් සපයන එක.
ඒක එහෙම වුණේ කොහොමද කියන එක තේරුම් ගන්න නම් අපට මෙයාගේ origin එක බලන්න වෙනවා. Madame Web හෙවත් Cassandra Webb උපදින්නේ අන්ධ, myasthenia gravis කියන දුර්ලභ ගණයේ රෝගයෙන් පෙළෙන mutant කෙනෙක් හෙවත් “විපරීතයෙක්” විදියටයි. මෙයාගේ මේ රෝගය හේතුවෙන් එයාගේ අස්ථි සම්බන්ධ මාංශපේශී දුර්වල වෙලා එයාට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා ඉතින් එයාගේ ස්වාමියා වන Jonathan Webb එයා මිය යන්න කලින්, තමන්ගේ බිරිඳට දෙන අවසන් තෑග්ග විදියට එයාට life-support system එකක් තිළිණ කරනවා. මේක,මකුළු දැලක් වගේ ඩිසයින් එකක් තියෙන පුටුවක්. මැඩම් වෙබ් මුළු ජීවිත කාලයම රැඳෙන්නේ මේ පුටුවේ, ඒවගේම මේක එයාගේ කැරැක්ටර් එකේ defining trait එකක්.
මැඩම් වෙබ් කියන්නේ අංශබාගයෙන් පෙළෙන, ජීවිත කාලයම එක තැනක ගත කරන්න වෙන, අන්ධ වයසක ගෑනු කෙනෙක් කියලා එයාව අවතක්සේරු කරන්න නරකයි. මොකද මෙයා මාවල් විශ්වයේ සුවිශේෂ බලයක් තියෙන මියුටන්ට් කෙනෙක්. මෙයාගේ බලයන් තමයි telepathy, clairvoyance සහ precognition. ඒ කියන්නේ පරචිත්තවිජානන නුවණ, මුළු මල්ටිවර්ස් එකේම සිද්ධවෙන දේවල් දැකීමේ හැකියාව සහ අනාගත සිදුවීම් දැනගැනීමේ හැකියාව. මේ හැකියාවන්, සහ Web of Life and Destiny එකට මෙයාගේ තියෙන සමීප සම්බන්ධය නිසා මෙයා මාවල් විශ්වයේ වඩාත්ම වැදගත් චරිත අතරින් එකක්. Spider-Verse එක සම්බන්ධව නම් ඉන්න වැදගත්ම චරිතය මෙයා කිව්වොත් හරි.
ඉතින් මොකක්ද මේ Web of Life and Destiny කියන්නේ? ඒක දිග කතාවක්, ඒත් ඒක සරල කරනවා නම්, Spider-Man: Across the Spider-Verse චිත්‍රපටියෙදී Spider-Verse එක පැහැදිලි කරපු විදිය මතකද? මේකත් ඊට හුඟක් සමානයි. මුළු මල්ටිවර්ස් එක පුරාම දැලක් වගේ අතු විහිදමින් පැතිරෙන මේ Web of Life and Destiny එකෙන් මල්ටිවර්ස් එක සමබරව පවත්වා ගන්නවා වගේම, විවිධ විශ්වයන් අතරේ ගමන් කරන්නත් හැකියාව ලැබෙනවා. මේක නිසා තමයි මැඩම් වෙබ්ට මුළු මල්ටිවර්ස් එකේම සිද්ධ වෙන දේවල් දකින්න පුළුවන්කම තියෙන්නේ. Web of Life and Destiny එක maintain කරන්නේ Master Weaver කියන කෙනායි. මෙයා නිතරම මේ දැල තවත් දිගට දිගට වියනවා. ඒ හැම ශාඛාවකම, එයා ස්පයිඩර්-මෑන් / වුමන් කෙනෙක් වෙන පුද්ගලයෙක්ව නිර්මාණය කරනවා. Web of Life and Destiny ගැන කියන්න තව හුඟක් සංකීර්ණ දේවල් තියෙනවා. ඒත් දැනට, ඒක හැම විශ්වයක්ම සම්බන්ධ කරන දැලක් වගේ දෙයක් බව හිතාගන්නකෝ.
ඉතින්, මේ Web of Life and Destiny එකත් එක්ක මැඩම් වෙබ්ගේ උපතින්ම තියෙන සම්බන්ධය නිසා එයාට අනාගත සිදුවීම් දකින්න සහ ඒවා වළක්වන්න වගේම, විවිධ විශ්වයන්වල මල්ටිවර්ස් එකට සහ ස්පයිඩර්-මෑන්ලාට තියෙන තර්ජන දැකීමේ හැකියාව ලැබෙනවා. මේ සම්බන්ධ සිදුවීමක් පාදක කරගෙන තමයි Spider-Verse කොමික් සීරීස් එක නිර්මාණය වුණෙත්. මැඩම් වෙබ් ගේ ප්‍රධාන රාජකාරිය තමයි ස්පයිඩර්-මෑන්ලාගේ යහපැවැත්ම තහවුරු කිරීම සහ අවශ්‍ය වෙලාවන්වලදී ස්පයිඩර්-මෑන්ලට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශනය දෙන එකයි.
ඉතින් ඔන්න ඕකයි මැඩම් වෙබ් ගැන කතාව. මාත් තාම ෆිල්ම් එක නම් බැලුවේ නෑ. ඒත් සබ් එක කරපු නිර්මාල් අයියා ෆිල්ම් එක ගැන දරන අදහස නම් අලුත් කැරැක්ටර් එකක් කියලා හිතාගෙන බැලුවොත් ෆිල්ම් එක රසවිඳින්න පුළුවන් බවයි. එහෙනම් ෆිල්ම් එක බලලා අදහසත් යටින් කොටාගෙන යන්නකෝ. ලිපිය ලියන්න දුන්න අවස්ථාවට ස්තුති කරමින් මං සමුගන්නවා. පස්සේ වෙලාවක හමුවෙමු. පීස් ✌️.
ලිපිය:- සනුප රන්මෙත්
Madame Web (2024) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
18,584 downloadsDownload Madame-Web-2024-Sinhala-Subtitles.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Madame Web (2024) Sinhala SubtitlesSubtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
- #Adam Scott
- #Celeste O'Connor
- #Dakota Johnson
- #Deirdre McCourt
- #Editor's Pick
- #Emma Roberts
- #Isabela Merced
- #Josh Drennen
- #Mike Epps
- #Miranda Adekoje
- #Must Watch
- #Naheem Garcia
- #S.J. Clarkson
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Sydney Sweeney
- #Tahar Rahim
- #You Decide
- #Yuma Feldman
- #උපසිරැසි
- #නිර්මාල් විමුක්ති
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
23 comments
Kosala
Kavindu Edirimanne
මේක එනකල් බලන් හිටියේ, උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ, ජය වේවා !
විමා
සබට තුති මලේ.
ෆිල්ම් එක සෝෂල් මිඩියාවල ට්‍රෝල් වෙන තරම්ම අජුව නැහැ.
ඇවරේජ් ලෙවල් එකක තියෙනව මට නම්.Buddhika Lakmal
මේකනං සබ් දෙනකං හිටියේ මචං...
සබ් එකට තෑන්ක්ස් මචෝ....
ජයවේවා...Sahan Gayantha
thanks a lot Nirmal saho sub ekata..
Bhathiya
Thankss...macho...sub ekata..
Dinidu
Sub ekata thanx bro Road house ekatath sub denna balannako
baiscopelk ishu
sub ekata thx brother
Hashan
Thanx for the sub bro..❤️
යොහාන්
පැහැදිලි කිරීම අති විශිෂ්ටයි න් දැකපු හොඳ චිත්‍රපටි විස්තරයක්. උපසිරැසියට බොහොම ස්තුතියි
Harshana Atapattu
Thanks for sub brother
NuWa
thanks bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thanks bro
Kavindu Edirimanne
උපසිරැසියටත්, ලිපියටත් බොහොම ස්තුතියි සහෝල
Sandeep Madushan
Thanx saho sub ekata.
Dewadithya
Thanks for Sub!
Roshan
Thnx bro.Great job.Good luck.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Prabhath Senarathne
Film eka mata nam matha kale awa godak cbm filmswt wda hondai.. flash, black adam , the marvels wage ewwata wada nm mt set..anyaway subtitle ekata thanks broh
dinesh
el Muerto eka tama nadda broo
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤එල්. සී. දමැල්
සබ් එකට ස්තුතියි නිර්මාල් සහෝ
Advertisement
Thanks sago