Watch Trailer

Bangkok Dangerous (2000) Sinhala Subtitles | ඝාතකයා [සිංහල උපසිරසි]

Bangkok Dangerous (1999) Sinhala Subtitles මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Failan (2001) තව එක සැරයක්, ඔබ හමුවන්නට හැකි නම්…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙ…

Bangkok Dangerous Bangkok Dangerous (1999) Sinhala Subtitles

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Failan (2001) තව එක සැරයක්, ඔබ හමුවන්නට හැකි නම්…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

Bangkok Dangerous (1999) Sinhala Subtitles

සෑම වසරකදීම ලෝකය පුරාවටම විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නා වූ දස දහස් ගනනක් වූ සිනමා සිත්තම් අතුරින්, බොහෝ විට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, හිංදි, දමිළ ආදී අපිට වඩාත් සමීප වූ, සීමිත භාෂා ගණනකින් නිර්මාණය වන්නා වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය වන්නා වූ විශිෂ්ට සිනමා නිර්මාණයන් මොනතරම් නං ප්‍රමාණයක් අපිට නොදැනීම මග හැරී යනවා ඇතිද…? මේ උත්සාහය ඒ විදියට මග ඇරිලා, කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගවිලා ගියපු හරි අපූරු කොරියානු සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි. හොඳ නිර්මාණයක්, හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නෙ නෑලුනෙ. ” Old Is Gold ” කියන්නෙත් ඒ හින්දමලුනෙ. ඒ නිසා තිරගත උන අවුරුද්ද දිහා බලලා ලිපිය කියවන්නවත් නතර නොවී ගියපු අයට වඩා, නතර උන ඔබ වාසනාවන්තයි…

Bangkok Dangerous (1999) Sinhala Subtitles

මීට අවුරුදු සෑහෙනම කාලෙකට කලින් චිත්‍රපටි උණ සෑහෙන තදේටම ගහල තිබුන කාලේ, රුපියල් 60කට ෆිල්ම් සීඩී එකක් අරං තව 60කුත් ඩිපොසිට් තියලා ඉන්ටනෙට් කැෆේ එකකට රිංගලා බලපු සුපිරිම ෆිල්ම් එකක් මේක. ඒ දවස් වල බලන බලන හැම සීඩී කඩයක් ඉස්සරහම තුවක්කු දෙකක් අරන් මැරයෝ ඩබලක් ඉන්න මේ ෆිල්ම් එකේ පෝස්ටරයක් ගහල තිබුනම මේක බලනකල් පුදුම ඉත්තෑවෙක් පස්චාත් බාගේ පුරාම දිව්වේ. ඒ නිසාම වෙන්න ඇති ඒ කාලේ පංතිත් කට් කරලා ඒ සල්ලි වලින් මේ ෆිල්ම් එක බලන්නත් ඇත්තෙ. ඒ දවස් වල මේ තායිලන්ත ෆිල්ම් එක මොනතරම් ප්‍රසිද්ධ උනාද කියනව නම් 2008 අවුරුද්දෙදි Nicolas Cage එක්කම ආයිමත් පාරක් මේ නමින්ම හොලිවුඩයෙන් මේකේ රීමේක් එකකුත් රිලීස් උනා. ඒකත් ලෝකෙ පුරාවටම සෑහෙන්න ප්‍රසිද්ධ එකක් උනා.

Bangkok Dangerous (1999) Sinhala Subtitles

ගොලු බිහිරි කොලු ගැටයෙක්
මුදලට නර්තනයේ යෙදෙනා නාටිකාංගනාවක්
පලිගැනීම සිය ආගම කරගත් මැරයෙක්
මුදලට ගිජු පාතාලයෙක්
කිසිදු දිනෙක සිය ඉලක්කය වරදවා නොගත් කුලී ඝාතකයෙක්
අහිංසකාවියක්
කිසිදු දිනෙක ආදරක් නොලද අසරණයෙක්
අවාසනාවට මහ පුදුමාකාර විදියට මේ හැමෝගෙම දෛවයන් ලියැවිලා තිබුනෙ,
අනුකම්පා විරහිත පලි ගැනීමේ වීර චාරිකාවක් එක්කයි…
අවසරයි නරඹන්න ” ඝාතකයා… “

Bangkok Dangerous (1999) Sinhala Subtitles

Imdb දර්ශකයේ 6.5 ක් ලබාගත්තු ලොව පුරාවට සම්මාන 3කින් සහ නිර්දේශ වීම් 4කින් පිදුම් ලැබූ මේ හරි අපූරු සිනමා සිත්තමේ කතාව කියන එක නම් හරිම අමාරු දෙයක්. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි එකක් නිසා. මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසාවෙන් තවමත් මේ සිනමා සිත්තම රස විදින්න හිතුනෙ නැත්තං මේ සිනමා සිත්තමේ ට්‍රේලර් එක බලලා එන්න. තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි. කලින් කීවා වගේම තිරගත උන වසර දැකලා හැරිලා ගියපු අයට වඩා ලිපිය කියවපු ඔබ වාසනාවන්තයි, ඒ නිසාවෙන්ම වාසනාවන්තයෝ නරඹත්වා…!

Bangkok Dangerous (1999) Sinhala Subtitles

පලි,

සබ් කරන්න මග ඇරුන අලුත්, පරණ භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් තියෙනව නං පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එහෙමත් නැත්තං ” hasitha.m.sky@ gmail.com ” එකට මේල් එකක් දාන්න. වෙලාව ලැබෙන විදියට, පුලුවන් විදියකට කරන්නම්…

Bangkok Dangerous (1999) Sinhala Subtitles

ඔබට ජය…!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

1,631 downloadsDownload Bangkok-Dangerous-1999-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

1,631 downloadsDownload Subtitles17 KB

11 comments

  1. Buddhika Lakmal

    අනිවාර්යෙන් මචං.... සීඩි කඩවල අලුත් මූවි එහෙක පෝස්ටරයක් ගහපුහම කොහෙන්හරි සල්ලි හොයාගෙන ඒ මූවි එක බලපු අතීතයක් මටත් තියෙනවා....
    අනික තමයි ඉස්සර සිකුරාදා රෑ itn එකේ යන ෆීල්ම්... මගඅරින්නෙ නැතිව බලනවා ඉතිං....
    බොහෝම ස්තූතියි සහෝ ආසාවෙන් බලපු ෆිල්ම් එකක් ආයෙත් සබ් එක්ක බලන්න සැලැස්සුවට........

  2. Achintha Udayanga

    සබ් එකට බොහෝම ස්තුතියි..
    මොකද නැත්තේ කියල ඇත්තටම බැලුව හොඳේ

  3. Isuru

    Thank you puluwannam jeethu Joseph ge first film eka detective (2007) malayalam film ekatath sub denna

    1. හසිත මධුෂාන්

      සමාවෙන්න සහෝ, ඉන්දියානු සිනමාපට බැලෙන්නේ බොහොමත්ම අඩුවෙන්.

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

    1. Anonymous

      මේ වගේ පරන ෆිල්ම් වලට සබ් දෙන එක නම් ෆට්ට.අයෙත් මේ වගේ සුපිරි පරන ෆිල්ම් එකට සබ් එක දාන්න

  5. Bimsara Yashan(ඔලිව)

    සුපිරි ෆිල්ම් එකක් වගේ බලන්න ඕනෙ වෙලාවක. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. දිගටම මේ වගේ මඟහැරුණු සුපිරි ෆිල්ම් වලට උපසිරැසි ගේමු. ජයවේවා!

  6. හසිත මධුෂාන්

    එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න නතර වෙලා ගියපු හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි.....!

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤