Watch Trailer

Flask (2025) Sinhala Subtitles | අමුතු ආරක්ෂකයා [සිංහල උපසිරැසි]

Flask (2025) Sinhala Subtitless ආයුබෝවන්, මෙන්න තවත් අළුතෙන් නිකුත් උන ලස්සන මලයාලම් කොමඩියක උපසිරැසියක් ගෙන එනවා. ඇත්තටම මේ කාලෙ මලයාලි හිට් චිත්‍රපටි අතර මේ වගේ ඉතා සාමාන්‍ය සරල චිත්‍රපටි මග ඇරෙන්න පුළුවන් උනාට ඒව නොබලා අයින් කරන්න බෑ කියල හිතෙයි මේ වගේ එකක් බැලුවම. ඒ නිසා මම මේ උපසිරැසිය වෙනුවෙන…

Flask (2025) Sinhala Subtitless

ආයුබෝවන්, මෙන්න තවත් අළුතෙන් නිකුත් උන ලස්සන මලයාලම් කොමඩියක උපසිරැසියක් ගෙන එනවා. ඇත්තටම මේ කාලෙ මලයාලි හිට් චිත්‍රපටි අතර මේ වගේ ඉතා සාමාන්‍ය සරල චිත්‍රපටි මග ඇරෙන්න පුළුවන් උනාට ඒව නොබලා අයින් කරන්න බෑ කියල හිතෙයි මේ වගේ එකක් බැලුවම. ඒ නිසා මම මේ උපසිරැසිය වෙනුවෙන් කාලය වැය කලා.

සයිජු කුරුප් කියන්නෙ කාලයක්, නපුරු, දුෂ්ඨ, කට්ට කෛරාටික චරිත වලින් දැකපු නළුවෙක් උනත් මෑතකදි ඔහු රඟපාන ප්‍රධාන චරිත වලදී අපි දකින්නෙ අහිංසක, බයාදු, නෝංජල් චරිත වලින්. ඔහුට ඒවට වැඩි ඉල්ලුමක් තියෙනව වගේ. මේකෙත් එහෙමයි. ඒ උනාට මේකෙ එයා පොලිස් කාරයෙක්.

ඉතිං මේ බයාදු පොලිස් කාරයාගෙ හීනෙ තිබුනෙ ගායකයෙක් වෙන්න. ඒත් ජීවත් වෙන්න, තමන්ගෙ පෙම්වතිය බඳින්න හොඳ රස්සාවක් ඕනෙනේ. අන්තිමේ පොලිස් කාරයෙක් උනා. යම් දවසක් උන අත් වැරැද්දක් නිසා එයාට මාරුවක් ලැබෙනවා.  එයා නතර වෙන්නෙ දිස්ත්‍රික් නඩු කාරයගෙ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වෙලා. දන්නවනෙ ඉන්දියාවෙ නඩු කාරයො ගැන? ඉතිං එයාගෙ ඉරණම කෙසේ වෙයිද?  තව එකක් මේකෙ නම ෆ්ලාස්ක් කියන්නෙ මොකද? ඒක නඩු කාරයගෙ ආරක්ෂක නිලධාරියා හැම වෙලේම නඩු කාරයගෙ තේ අඩංගු උණු වතුර බෝතලේ අරං යන නිසා පොලිසියෙන්ම ඔවුන්ට දාපු අන්වර්ථ නාමයක්. ඉතිං මේ පොලිස්කාරයයි නඩුකාරයයි අතර  ඇති වෙන අමුතු සම්බන්ධය මේක බලල දැන ගන්න.

Saiju Kurup, Suresh Krishna, Sidharth Bharathan, Aswathy Sreekanth, Zhinz Shan වගේ අය මේකෙ රඟපානවා. Rahul Riji Nair තමයි අධ්‍යක්ෂණය කරන්නෙ.

තවත් උපසිරැසියකින් හමු වෙන කල් ආයුබෝවන්.

Flask (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,839 downloadsDownload Flask-2025.zip107 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Flask (2025) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

1,839 downloadsDownload Subtitles107 KB

2 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ මේකට සිංහල සබ් දුන්නට

  2. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata