Watch Trailer

Saiyaara (2025) Sinhala Subtitles | ආදරයේ මතක පිටු පෙරලන්නට! [සිංහල උපසිරැසි]

Saiyaara (2025) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොලිවුඩයෙන් බිහිවුණ වසරේ ආදර කතාවයි. මං එහෙම කියන්නේ ඇයි කියලා බොහොම හොඳින් සෝශල් මීඩියා යූස් කරන අය නම් දන්නවා ඇති. මහ ලොකු බොලිවුඩ් සුපර්ස්ටාර්ලා නැති නවක රංඟම ශිල්පීන් රැසකගෙන සාමාන්‍ය චිත්‍රපටයක් විදිහට ගිය ජූලි 18 වෙනිදා එලියට ඇවිත්…

Saiyaara (2025) Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොලිවුඩයෙන් බිහිවුණ වසරේ ආදර කතාවයි. මං එහෙම කියන්නේ ඇයි කියලා බොහොම හොඳින් සෝශල් මීඩියා යූස් කරන අය නම් දන්නවා ඇති. මහ ලොකු බොලිවුඩ් සුපර්ස්ටාර්ලා නැති නවක රංඟම ශිල්පීන් රැසකගෙන සාමාන්‍ය චිත්‍රපටයක් විදිහට ගිය ජූලි 18 වෙනිදා එලියට ඇවිත් ලොකු පෙරලියක් සිදු කරන්න මේකට හැකිවෙනවා. එනම් චිත්‍රපටය නිකුත් වී දවස් අටක් ඇතුලත ඉන්දියානු රුපියල් කෝටි 400 සීමාව පහුකර ගොස් ඉන්දියාවේ වැඩිම මුදලක් ඉපැයූ Romance චිත්‍රපටය බවට මෙය පත්වෙමින්. ඒ අනුව අද දින(අගෝස්තු 20) වන විට මෙයට ඉන්දියානු රුපියල් කෝටි 558 උපයාගන්න හැකිවෙලා තියෙනවා. 

හැබැයි මං මේක සාමාන්‍ය චිත්‍රපටයක් විදිහට ආවා කිව්වට, එහෙම කියන්නත් අමාරුයි. මොකද මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා තමයි මෝහිත් සූරී සහ නිෂ්පාදක සමාගම වෙන්නේ කවුරුත් හොඳින් දන්නා Yash Raj Films. මෝහිත් සූරි කිව්වහම කට්ටියට මතක් වෙනවද දන්නෑ කවුද මේ කියලා? හරි එහෙනම් කට්ටිය බලලා ඇතිනේ Aashiqui 2? බලලා නැති වුණත් අනිවා ඒකේ සිංදු ටික හරි අහලා ඇතිනේ. තව Ek Villain, Malang එහෙම. බොලිවුඩයේ ඉතාමත්ම ජනප්‍රියත්වෙට පත් මේ ආදර කතා ඔක්කොම අධ්‍යක්ෂණය කරේ මෝහිත් සූරී තමයි. ඒ වගේම තමයි මේ චිත්‍රපටයෙනුත් ඔහු ප්‍රේක්ෂකයන්ට අමතක නොවෙන විදිහේ සිංදු ටිකක් නම් දීල තියෙනවා චිත්‍රපටයේ ෆීල්න් එක දෙගුණ තෙගුණ කරන්නම. 

මෙහි රංඟන ශිල්පීන් ගැන කතා කළොත්, මෝහිත් සූරී මේකට යොදාගෙන තියෙන්නේ අපි හැමදාම බොලිවුඩයෙන් දකින මූණු ටික නෙවෙයි අළුත්ම මූණු ටිකක්. ඒ අනුව මෙහි රංඟනයෙන් දායක වෙනවා Ahaan Panday, මේක ඔහුගේ පලවෙනි චිත්‍රපට රඟපෑමත් වෙනවා. තවද Aneet Padda, Shaad Randhawa, Rajesh Kumar,  Alam Khan වැනි අයත් මීට එකතු වෙලා තියෙනවා. 

මේකෙ කතාව යන්නේ ආදරයෙන් පරාජයට පත් වී මානසිකව වැටිලා ඉන්න කෙල්ලෙක්, වානී සහ ප්‍රසිද්ධ ගායන තරුවක් වෙන්න වෙර දරන කලබලකාරී තරුණයෙක්, ක්‍රිෂ්, යන දෙන්නා ගැනයි. ඒ දෙන්නගේ කතාව යන්නේ කොහොමද කියන එක ගැන නම් මොනවත්ම කියන්න යන්නෑ මං. ඒක බලලාම රසවිඳින්න ඕනෙ දෙයක් නිසා. පැය දෙක හමාරක් එක හුස්මට බලලා දාන්න පුළුවන් කියලා විතරක් මං සහතික වෙන්නම්. මොකද එහෙම බැරි නම් මේ චිත්‍රපටය මෙච්චර ආදායමක් උපයන්නෑනේ. මං ගිය සතියේ චිත්‍රපටය තියටර් එකේ බලද්දි ඒකත් හවුස්ෆුල් වෙලයි තිබුණේ, ඉතිං හිතාගන්න පුළුවන්නේ තාමත් මේ චිත්‍රපටයට ලැබෙන ප්‍රේක්ෂක ආදරය නම් අඩුවක් වෙලා නෑ කියලා. 

විශේෂ ස්තූතිය රවිඳු නවීන් සහෝදරයාට චිත්‍රපටයේ වෙබ් පිටපත් පාන්දර නිකුත් වූ සැනින් සබ් එක සින්ක් කර කාලරාමු සකස්කර දුන්නාට.

කොහොම හරි සබ් එක නම් දීල තියෙන්නේ TamilMV එකේ කැම් කොපියට හදිස්සිකාරයන්ට බලන්න. ඔරිජිනල් පිටපත් නිකුත් වෙන්නේ සැප්තැම්බර් 12 වෙනි දින Netflix හරහා. මේකට සබ් එක නම් මීට ගොඩක් කලිනුයි කරන්න හිටියේ, ඒත් ඉතින් අදහස අත්තැරගෙන හිටියේ තනියම කරන්න කම්මැලි නිසා සහ මේකට ඉංග්‍රීසි උපසිරැසියකුත් නැති එකේ ටයිම් ලයින් ගහන්නත් වෙනම වෙලාවක් යන නිසා. පස්සේ ඉංග්‍රීසි සබ් එකක් හොයද්දි රෙඩිට් එකේ තිබිලා එකක් හම්බුණා ඉතිං වැඩේ පටන් ගත්තා. හැබැයි සබ් එකනම් තනිකරම කරේ හින්දි අසා ලිවීමක්, ඒකට ලොකු උදව්වකුත් ලැබුණා අපේ හින්දි විශාරද මයුර සහෝදරයගෙන්. ඒකටත් ඔහුට ස්තූතියි කරනවා. එහෙනම් මං සමුගන්නවා, සබ් එකේ හොඳ නරක කියලා ඔයාලගෙන් අදහස් වැටුනොත් ආයෙම මේ වගේ උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Saiyaara (2025) Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා ලබා දි ඇත.

25,996 downloadsDownload Saiyaara-2025-WEB-update.zip100 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Saiyaara (2025) Sinhala Subtitles

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

25,996 downloadsDownload Subtitles100 KB

14 comments

  1. Buddhika laKMal

    ස්තූතියි ඔලිවර් සහෝ උපසිරැසියට..........
    ඔරිජිනල් ආපුහම බලන්න අප්ඩේට් එක ඕනේ........

  2. රුක්ෂාන් ඛාන් (රුකා)

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ.. තාම බලන්න නං හම්බුන්නෑ. Sept 12 වෙබ් ආවම එහෙම්ම බලනවා

  3. Paradeep

    වඩිවෙල් ,ෆාහිද් ෆයිසල් රගන Maareesen 2025 එකට සබ් එක ඕන හොද පිටපත් නිකුත් වෙලා තියෙන්නේ

  4. යුරාන් ධනුක

    නියමයි ඔලිවර් සහෝ
    දැන් හින්දි පැත්තෙනුත් වැඩ පෙන්නනවා වගේ
    ඔරිජිනල් ආවම අනිව බැලිල්ලක් තමයි
    උපසිරසියට තුති

  5. Buddhika laKMal

    අප්ඩේට්එකට ස්තූතියි මචං

  6. kavinda gamage

    බොහොම ස්තුතියි

  7. Viraj

    Thanks

  8. Buddhika laKMal

    අප්ඩේට් එකට ස්තූතියි මචං

  9. Kesara Withanage

    සිංහල උපසිරැසියට බොහොම තුති.

  10. Nuwan ASELA

    Super brother sub ekata

  11. Anonymous

    Supiri

  12. Sahan madhushan

    Thanks

  13. ශසිත් සඳරුවන්

    සබට තුති මලේ....
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤