මගේ විසිවැනි උපසිරැසි නිර්මාණය සමඟ ඔබ වෙත ගෙන එන්නෙ අපුරු ළමා චිත්‍රපටයක්. 1986 දී නිෂ්පාදනය වුණු මේ චිත්‍රපටය IMDb 6.9/10 ක් ලබාගැනීමට සමත්වුණු විද්‍යා ප්‍රබන්ධ-ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. Randal Kleiser විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය 1986 වසරේ අගෝස්තු 1 වැනිදා මුල්වරට තිරගත වුණා. ඇමෙරිකන් ඩොලර්…

මගේ විසිවැනි උපසිරැසි නිර්මාණය සමඟ ඔබ වෙත ගෙන එන්නෙ අපුරු ළමා චිත්‍රපටයක්. 1986 දී නිෂ්පාදනය වුණු මේ චිත්‍රපටය IMDb 6.9/10 ක් ලබාගැනීමට සමත්වුණු විද්‍යා ප්‍රබන්ධ-ප්‍රහසනාත්මක චිත්‍රපටයක්. Randal Kleiser විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය 1986 වසරේ අගෝස්තු 1 වැනිදා මුල්වරට තිරගත වුණා. ඇමෙරිකන් ඩොලර් මිලියන නවයක වියදමින් තැනුණු මේ චිත්‍රපටය අමෙරිකාන් ඩොලර් මිලියන 18.5 ඉක්මවන ආදායමක් ලබා ගත්තා. එන වගේම මේ චිත්‍රපටය විචාරකයන් අතින් නොමඳව පැසසුමට ලක්වුණා.
මේකෙ කතාන්දරය මේ වගේ:
ඩේවිඩ් කියන්නෙ අවුරුදු දොළහක දඟකාර පොඩි ළමයෙක්. එයාට මල්ලි කෙනෙක් කියලා “රණ්ඩු කෙක්ක” කුත් ඉන්නවා. දවසක් දා හැන්දෑවක ඩේවිඩ් තමන්ගේ මල්ලිව ගෙදර එක්කගෙන එන්න මල්ලිගේ යාලුවෙක්ගෙ ගෙදර යනවා. එහෙ යන්න තියෙන්නෙ පොඩි කැලෑවක් මැද්දෙන්. කොහොමහරි බයෙන් බයෙන් කැලෑවෙ යන අතරමඟදී ඩේවිඩ්ට මල්ලිවත් හමුවෙනවා. මල්ලි ඩේවිඩ්ට පොඩි විහිළුවක් කරලා දුවනවා. මේ අතරේ ඩේවිඩ්ගේ බල්ලා වන බෘසර්, කැලෑවෙ තියෙන පල්ලමක් ලඟින් එක්තරා අසාමාන්‍ය දෙයක් හොයාගන්නවා. ඒ ගැන විපරම් කරන්න එන ඩේවිඩ්ව එතනින් පහළට වැටිලා සිහිසුන් වෙනවා. ටිකකින් යළි සිහිය ඇවිත් ආයෙ ගෙදර එන ඩේවිඩ්ට දකින්න ලැබෙන්නෙ මොකක්ද? එයාලගේ ගෙදර ඉන්නෙ පවුලේ අය නෙවෙයි, වෙන කට්ටියක්! පසුව ඩේවිඩ් තේරුම් ගන්න විධියට ඔහු ආයේ ඇවිත් තියෙන්නෙ අවුරුදු අටකින් පස්සේ අනාගතයට!!
ඩේවිඩ්ට මෙහෙම වුණේ කොහොමද? පැය කිහිපයකට කලින් තමන්ට විහිලු කරපු චුටි මල්ලිව පසුව ඩේවිඩ්ට හමුවෙන්නෙ අවුරුදු දහසයක අයියා කෙනෙක් විධියටයි. එයාගේ අම්මලා තාත්තලා වයසට ගිහිං! ඒ අසාමාන්‍ය සිදුවීම ඩේවිඩ්ගේ ජිවිතයට බලපාන්නේ කොහොමද? මේ අසාමාන්‍ය සිදුවීම ගැන හොයන්න යන පර්යේෂණ කණ්ඩායමට මොනවද හොයාගන්න ලැබෙන්නෙ? එයාලා තමන්ගේ ගොඩනැගිල්ලක ලෝකයට වසන් කරගෙන ඉන්න රහස මොකක්ද? කොහොම හරි ඩේවිඩ්ට යළි යථා තත්වයට පත්වෙන්න හැකි වෙයිද? චිත්‍රපටය බැලුවම මේ හැම දෙයක්ම හොයාගන්න පුළුවන් වෙයි!
මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණේ:
- Joey Cramer ඩේවිඩ් ෆ්‍රීමන් ලෙස
- Paul Reubens මැක්ස් (හඬින්)
- Cliff DeYoung බිල් ෆ්‍රීමන් ලෙස
- Veronica Cartwright හෙලන් ෆ්‍රීමන් ලෙස
- Matt Adler ජෙෆ් ෆ්‍රීමන් ලෙස (අවුරුදු 16 )
- Albie Whitaker ජෙෆ් ෆ්‍රීමන් ලෙස (අවුරුදු 08)
- Sarah Jessica Parker කැරොලින් මැක්ඇඩම්ස් ලෙස
- Howard Hessemanආචාර්ය ලුවිස් ෆැරඩේ ලෙස
- Robert Small ට්‍රෝයි ලෙස
මුල සිට අගටම කුතුහලය නොනැසී රසවිඳිය හැකි අග්‍රගණ්‍ය ළමා චිත්‍රපටයක් තමයි මේ. ඔයාලත් මේක බාගෙන බලන්නකෝ! අමතක නොකර කතාව බලලා Comment එකකුත් දාලා යන්න! අළුත් උපසිරැසියකින් නැවත හමුවෙනතුරු ඔබට ආයුබෝවන්!
තෙරුවන් සරණයි !!!
Due to copyright issues, we do not provide any torrent links.
Flight.of.the.Navigator.1986.720p.BrRip.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
823 downloadsDownload Flight.of_.the_.Navigator.1986.Baiscopelk.com_.rar37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
14 comments
wayantha
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Asitha
මමත් බලල තියනවා,
එලම තෑන්ක්ස්praneeth madu
බොහොම ස්තූතියි සහෝ
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
කාල තරණය ගැන කියවෙන ෆිල්ම් වලට මම හරිම ආසයි. පැරණි වුනත් මේවයේ වටිනාකම කවදාවත් අඩුනම් වෙන්නෙ නෑ. ඉදිරියටත් මේ වගේම අප නොදුටු ලස්සන චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන්න සහෝ.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
ජය වේවා!
බුදු සරණයි!ayesh
thanks mcn.......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ashen
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. හැකිනම් The Last Starfighter (1984), Short Circuit (1986), Lost in Space (1998) යන චිත්‍රපට වලටත් උපසිරැසි ලබාදෙන්න. ජය............
Udara Damith B\K
බොහොම ස්තූතියි
Chami.S
Thank.
Good Luck...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekta Thanks Saho
Ishan Madusha
ස්තුතියි සහෝ
ක්‍රිෂ්
මට අවුල් වගේ. උබ ඇයි මේ වගේ Film එකකට sub කලේ කියල..මම පට්ට කාලෙක ඉදල කැමැත්තෙන් හිටිය film එකක්...ජය වේ සහෝ.ජයවේ http://www.baiscopelk.com..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ගොඩක් ස්තුතියි සහෝ sub එකට,
මේක මම බලල තියනවා වගේ,
දැන් ආයෙත් බලුවහැකි,
ජය වේවා!