Watch Trailer

Flight of the Phoenix (2004) with Sinhala Subtitles | නොහැක්කක් නොමැත [සිංහල උපසිරසි සමඟ]

අසංක ප්‍රදීප් රණතුංග සොයුරා විසින් එවන ලද ලිපිය… ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු හත් වන උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම මේකත් පරක්කු උනා කියල පිලිගන්නවා. කොටින්ම ජනවාරි මාසේ තාම උපසිරසි දෙකයි ඔයාලට දෙන්න පුළුවන් උනේ. මේ චිත්‍රපටය මගෙන් ඉල්ලපු මිතුන් සහෝදරයා පවා මේක වෙන අයගෙන් ඉල්ලනවා මම දැක…

Flight of the Phoenix (2004)

අසංක ප්‍රදීප් රණතුංග සොයුරා විසින් එවන ලද ලිපිය…

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මගේ අසු හත් වන උපසිරැසිය අරගෙන ආවා. ඇත්තටම මේකත් පරක්කු උනා කියල පිලිගන්නවා. කොටින්ම ජනවාරි මාසේ තාම උපසිරසි දෙකයි ඔයාලට දෙන්න පුළුවන් උනේ. මේ චිත්‍රපටය මගෙන් ඉල්ලපු මිතුන් සහෝදරයා පවා මේක වෙන අයගෙන් ඉල්ලනවා මම දැක්කා. ඒත් පසුගිය දින ටිකේ කරපු වැඩවල අවසානයක් දකින්න ඕන හින්ද තමා මේ පරක්කු උනේ. දැන් ඔක්කොම අවසන්. ඒ හින්ද සුපුරුදු විදියට උපසිරසි අරගෙන එන්න පුළුවන් වේවි කියල හිතනවා. මේ උපසිරැසිය මට වැදගත් වෙන්නේ මේක ඉල්ලපු පුද්ගලයා නිසා. ඒ මොකද කියනවා නම් මගේ හත්වන උපසිරසියේදී මගේ උපසිරසි කරණයට පළමු ගල් ප්‍රහාරය එල්ල කල පුද්ගලයා තමා මේ මිතුන් කියන්නේ. ඒත් පස්සේ කාලේ වෙනත් පුද්ගලයන් මට බැනවදින විට මම වෙනුවෙන් පෙනී සිට ඔවුන්ට එරෙහිව කතා කරනවත් මම දැක්කා. ඉතින් ඒක මගේ ජයග්‍රහණයක්.

ඉතින් මේ චිත්‍රපටය Action, Adventure, Drama ගණයට අයිතිවෙන IMDb අගය 6.1 අරගෙන තියන විශිෂ්ඨ චිත්‍රපටයක්. පවුලේ සැමට බලන්න පුළුවන් මේ චිත්‍රපටය පැයකුත් විනාඩි පනහක දාවන කාලයකින් යුක්තයි. 1964 වර්ෂයේ එලිස්ටන් තේවර් විසින් ලියන ලද Flight of the Phoenix නව කතාව ඇසුරෙන් තමා නිර්මාණය වෙලා තියෙන්නේ. ගොබි කාන්තාරයට උඩින් ගමන් කරනා ගුවන් යානයක් කඩාවැටීමෙන් පස්සේ එහි පිරිස මුහුණ දෙන සිද්දි මාලාවක් සහ නොපසුබස්නා විරියෙන් නව ගුවන්යානයක් නිර්මාණය කරගෙන ගැලවී යාමත් තමා චිත්‍රපටයේ කතාව. මේ නව කතාවෙන්ම මෙම නමින්ම 1965 වසරේත් චිත්‍රපටයක් නිර්මාණය වෙලා තියනවා. මම ඒක ඔයාලට ඉදිරි කාලෙක අරගෙන එන්නම්.

හොඳයි එහෙනම්. ඊළඟට මම අරන් එන්න හිතන් ඉන්නේ විතානගේ ප්‍රියන්ත සහෝදරයා මගෙන් ඉල්ලුම් කරන ලද චිත්‍රපටයක්. ඉතින් එකත් අරගෙන එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

බුදු සරණයි….!

කළින් පළ කර තිබූ ලිපිය…

ඔයාල හැමෝම ආස වෙයි කියල හිතන,හැමෝටම ගැලපෙන චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නෙ. මේ චිත්‍රපටයේ අවසානයට දැනෙන හැහීම කලාතුරකින් තමයි අපිට විදින්නට ලැබෙන්නෙ. මෙන්න මෙහෙමයි කතාවෙ මුල් ටික ගෙවෙන්නෙ.

එක්තරා පිරිසක් කාන්තාරයක් මැද ඛණිජ තෙල් තියෙනවදැයි පරීක්ශා කරමින් ඉන්නව කාලයක් තිස්සෙම. නමුත් ඔවුන්ගේ උත්සාහය අසාර්තක වෙන නිසා එම ආයතනයේ ප්‍රධානීන් ගුවන් යානයක් එවනව ඔවුන්ගේ වැඩපළ වහල නැවතත් තම රටවලට කැදවාගෙන ඒමට. මේ වැඩපලේ කම්කරුවන් ඇතුළු 20ක පමණ පිරිසක් ඉන්නව. මේ සියලු දෙනාම අය ගුවන් යානයෙන් එන්න හදනකොට කාන්තාරය මැද හිටපු නන්නාදුනන පුද්ගලයෙකුත් ගුවන් ගමනට එකතු වෙන්න අහනව. මේ සියලු දෙනාම කාන්තාරය උඩින් එනකොට විශාල වැලි කුණාටුවකට හසු වෙලා ගුවන් යානය අණතුරට පත් වෙනව. මෙහිදී දෙදෙනෙක් මිය යන අතර ඉතුරු වෙන පිරිස කාන්තාරය මැද ජීවිතය ගත කරන්න ගන්නා උත්සාහය තමයි මේ කතාවෙන් පෙන්වන්නෙ.

ඇත්තටම එහෙම තැනක තනි උනාම මිනිසුන්ට දැනෙන දේවල් මේ කතාවෙන් සාධාරණව නිරූපණය කරල තියෙනව.

ඔයාල හැමෝම මේ චිත්‍රපටියට ආස වෙයි කියල හිතනව.

Flight of the Phoenix (2004) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Flight.of.Phoenix.2004.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

805 downloadsDownload Flight.of_.Phoenix.2004.Baiscopelk.com_.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

805 downloadsDownload Subtitles71 KB

27 comments

  1. Gathsara Umesh Kumara

    niyamayi sahoo..bohooma sthuuthiy sabata..

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  3. Udara Damith B/K

    එලස්

  4. Udara Damith B/K

    තව සබ් දෙක තුනක්ම දෙන්ඩ මේ මාසෙට

  5. mithun

    මම නම් මුකුත් කියන් නෑ බොහොම සතුටුයි සහෝ..
    මෙ චිත්‍රපටය මම බලල සෑහෙන කාලයක්. පස්සෙ මෙක හැව්වත් නේම් එක හොයාගන්නට නොහැකි උනා. අහම්බෙන් වගෙ තමා නේම් එක හම්බවෙල සයිඩ් එකෙ සර්ච් දුන්නෙ ෆිල්ම් එක., එත් ලිපියක් විතරයි දාල තිබුනෙ උපසිරැසි තිබුන් නෑ මටම හිතාගන්න බැරි උනා මෙච්චර චිත්‍රපට සයිඩ් එකෙ දෙනව මෙ වගෙ සුපිරිම ෆිල්ම් එකකට උපසිරැසි ගන්වල නැත්තෙ ඇයි කියල , කෙලින්ම මතක් උනෙ ඔයාව සහෝ. ඔයාට උනත් පන්න පන්න කිවුවෙ සහෝ මෙකෙ අන්තිම හරියෙ එන හැගිම,රසවින්දනය ෆට්ටම සුපිරිම හින්දයි.. මෙ වගෙ නිර්මාණය බිහිවෙන්නෙ කලාතුරකින් එච්චරම සුපිරිම ෆිල්ම් එකක්.. කොහොම හරී අපෙ ගල් මුල්,පෙහාර මෙද්දෙ හරි ඔබ මෙ ආපු ගමන ගැන නම් කියන්න වචන නෑ,, එක අද වෙනකොට ඔබව මුල් කාලෙ ප්‍රතික්ෂේප කල මමද ,අනෙකුත් චිත්‍රපට රසිකයො වගේම මුලු සයිඩ් එකෙ සහෝදර වරුන්ද දැනගෙන හමාරයි මේ වෙද්දි.,, බොහොම ස්තුතියි ඔයට සහෝ...

  6. කවින්ද බුද්ධික

    ස්තූතියි සහෝ ජය..

  7. thisal

    ස්තූතියි සහෝ

  8. Web-බුවා

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ! :)

    ඔබතුමා'ගේ කලින් ලිපිය මොකක් හරි කෙළියකින් මට මිස් වුණා. ජනවාරී මාසේ දෙවැනි එක කියනකොටයි මට තරු පෙනුණේ lol. මොකද මං අනිවා දැනගෙන හිටියා site එක වැටුණාගෙන් පස්සේ ඔබතුමා ආයේ සබක් අරං එද් දී, අනිවා අපිට ඒ ගැන විස්තර ප්‍රකාශයක් ලබා දෙනවා කියලා. අවාසනාවනවට මට ඒක එදා මිස් වුණා. මං ඒක බැලුවේ මේ දැන්. ගොඩක් කනගාටුයි සහෝ ඒ post එකේ කියපු තොරතුරුවලට ස්තූති කරන්න බැරි වුණාට. මං හිතං වුන්නෙම "කිඹුල් පිඹුරු වලියෙන්" පස්සේ පලමු සබ මේක කියලා. ඒ තොරතුරු ටික නම් ගොඩක් වටිනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒක නෙමේ මචං මට පොඩි යමක් දැනගන්න ඕන. ඔබතුමා කලින් ලිපියේ කිව්වනේ site එක word press කියලා. ඒ වගේම word press version එකක් update කරා කියලා. ඒත් මොකද තාමත් site එක කිසිදු නව word press emoji වලට සහය දක්වන්නේ නැත්තේ. comment කරද් දී emoji වැඩ නම් ගොඩක් දේවල් ඒ හරහා වුනත් කියන්න පුළුවන්. site එක සහය දක්වන්නේ සීමිත emoji ප්‍රමානයකට පමණයි. මං මේ බනිනවා නෙමේ. ඒත් බහුතරයක් emojis site එකත් එක්ක වැඩ කරන් නෑ. ඒක හරි ගස්සන්න පුළුවන්ද? ඒක තමා දැනට දැනගන්න ඕන ඔබතුමාගෙන්, එහෙනම් සහෝ,

    ජය!

    බුදුසරණයි...!

    1. අසංක ප්‍රදීප් රණතුංග

      ඒ ලිපිය පැදුරක් වගේ දිග හින්ද මම හිතන්නේ සහොත් එච්චර උවමනාවෙන් ඒක බලලා නැ වගේ. හෙහ් හෙහ්. මොකද සහෝ මම කියුවේ නැ මම වර්ඩ් ප්‍රෙස් අප්ඩේට් කළා කියල. මම කියුවේ ඩේටා බේස් වර්ෂන් විතරයි අප්ඩේට් කලේ කියල. මොකද වර්ඩ් ප්‍රෙස් අප්ඩේට් කරන්න බැරි ප්‍රයෝගික ගැටළුවක් තියනවා.

      ඔයා දන්නවා බයිස්කෝප් කියන්නේ මේ දැන් හතු පිපෙන්නා වගේ ඇවිත් තියන සබ් සයිට් එකක් නෙවි. අවුරුදු ගානක් තිස්සේ පැවතගෙන එන ඒ වගේම බොහෝ පුද්ගලයන්ගේ දාඩිය මහන්සියෙන් නිර්මාණය වෙලා තියන වෙබ් අඩවියක්. ඉතින් මේ වෙබ් අඩවියේ බාවිතා කරන බොහෝ ප්ලගින්ස් විවිද කාලවල් වල විවිද පුද්ගලයන් වෙබ් අඩවියට එකතු කරපුවා. සමහර එම ප්ලගින්ස් වලට අප්ඩේට් පහසුකම වත් දෙන්නේ නැ. ඉතින් ඇඩ්මින් මඩුල්ලට වගේම මටත් තිබෙන බය තමා වර්ඩ්ප්‍රෙස් අප්ඩේට් කලොත් එම ප්ලගින්ස් නව සංස්කරණයට සහය දක්වවිද කියන එක. එහෙම උනොත් වෙබ් අඩවියේ එම කොටස් ක්‍රියාත්මක නොවෙන්න ඉඩ තියනවා වගේම දැනට වෙබ් අඩවියේ තිබෙන සමහර දත්තයන් නැති වෙන්නත් පුළුවන්. අන්න අවදානම අපිට ගන්න බයයි. ඒ වගේම එවැනි දෙයක් උනොත් නැවත අලුත්වැඩියා වියදම ටිකක් ඉහලයි.

      ඒ හින්දා දැන්ම වර්ඩ්ප්‍රෙස් අප්ඩේට් එකක් බලාපොරොත්තු වෙන්න එපා. ඒත් ඉදිරිකාලේ බලමුකෝ. ඔයාලට කියන්න තියෙන්නේ emoji වැනි පොඩි දේවල් ටිකක් විතරයි මග හැරෙන්නේ මේකෙන්.

      ඉතින් අදහස් දැක්වීමට බොහොම ස්තුතියි. බුදු සරණයි...

    2. Web-බුවා

      හරි! හරි! සහෝ. කිසි අවුලක් ගන්න එපා. මං මේ නිකං ඇහුවේ. බොහොම ස්තූතියි අදහස් වලට. මගේ ගොන්කම. ඒකට සමාව හොඳේ. ඔබතුමා පට්ටෙටම හරි. බයිස්කෝප් කියන්නේ එහෙම හතු පිපෙන්නා වගේ ආපූ අඩවියක් නොවන නිසා තමයි මං ඒක විතරක් පාවිච්චි කරන්නේ, :D ඒ වෙන මොකක් හින්දවත් නෙමේ, බයිස්කෝප් සිංහලෙන් කියන්නේ මං ගොඩක් ගරු කරන අඩවියක් නිසා. ඉතිං ආයේ හම්බවෙමු සහෝ,

      ජය! :)

      බුදුසරණයි..!

  9. Kulanjana Maduranga

    niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  11. Hasa

    Bro gentleman film ekata sub damuko. ...
    ...imdb rate wadi supiri telegu ekak........

  12. එල්.සී. දමැල්

    මේක නියම චිත්‍රපටයක්. අනිවාරෙන්ම ගන්නව ඔන්න.
    ඉතින් උපසිරසට ස්තුතියි අසංක සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  13. pradeep

    ස්තුතියි...........

  14. Dulanga

    Thanks

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.

  18. wije

    Thanks macho

  19. Kithmal

    හම්මේ .... ගොඩා ........ ක් කල් ගිහින් හරි සබ් එක දුන්නට ස්තූති සහෝ. ෆිල්ම් එක බලන්න ඕනි නිසා සබ් එක උඩින් පල්ලෙන් මමම හදාගෙන බැලුවා කලින්. .. දැන් ආයෙ පාරක් බලන්ඩ ඕනි

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. anunethu

    Thanks

  22. Nilush Angana

    Sub ekata thanx

  23. Nadeesha rox alahakoon

    Mekanum aniwa balana film akak bro. Tnx so much

  24. nuwansasangi

    ස්තූතියි සහෝ

  25. Vishwagunarathna

    flight of the phoenix 1965 aketh sub aka dannako bro loku udauwwak