ඔන්න යාළුවනේ මම ඔයාලට දිගු නිහඩතාවයකින් පසුව සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටයක්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කළේ වෙනදා වගේම අපේ විකියා සහෝදරයා. ඔහු මට මේකට සබ් දලා දෙන්න කියලා මාසයක් පමණ ගත වුණා. නමුත් මට මේකට කියපු දිනයට සබ් එක කරලා දෙන්න නොහැකි වුණා. මේ ස…

ඔන්න යාළුවනේ මම ඔයාලට දිගු නිහඩතාවයකින් පසුව සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේක සුපිරිම සුපිරි කොරියානු චිත්‍රපටයක්. මේ බයිස්කෝප් එක ගැන මාව දැනුවත් කළේ වෙනදා වගේම අපේ විකියා සහෝදරයා. ඔහු මට මේකට සබ් දලා දෙන්න කියලා මාසයක් පමණ ගත වුණා. නමුත් මට මේකට කියපු දිනයට සබ් එක කරලා දෙන්න නොහැකි වුණා. මේ සුපිරි බයිස්කෝප් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ sung-su kim විසින් මේ බයිස්කොප් එකට හොද imdb අගයකුත් හිමි වෙලා තිබෙනවා. ඒ 6.8 ක අගයක්.
එහෙනම් යාළුවනේ වැඩි කථා නැතිව අපි ස්ටෝරිය පැත්තට පොඩ්ඩක් හොම්බ දලා බලමුකෝ. ස්ටෝරිය ආරම්භයේදී කිහිප දෙනෙක් එකතු වෙලා කියක් හරි හම්බ කොර ගන්න කියලා කන්ටේනර් පෙට්ටියක් ඇතුළේ සැගවිලා බන්ඩ්ඩැන්ග් වලට ගමන් කරනවා. නමුත් බන්ඩ්ඩැන්ග් වල සිටින ඔවුන් ගේ නියෝජිතයන් කන්ටේනර් පෙට්ටිය විවෘත කරලා බැලුවම ඒක ඇතුළේ ආපු සැට් එකටම බඩු හම්බවෙලා. ඔක්කෝටම බඩු හම්බ වෙලා කිව්වට ඔක්කෝටම නෙමෙයි. එම අනතුරින් එක් අයෙක් ජිවිතය බේර ගන්න සමත් වෙනවා. මුන් සේයි කියලා පුංචි කොලු ගැටයෙක්. ඉන්පසු ඔවුන් මුන් සේයිව සගවා ගෙන බන්ඩ්ඩැන්ග් වලට රැගෙන යනවා. නමුත් මුන් සේයි ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදිලා නගරය ඇතුළට රිංග ගන්නවා. හැබැයි මුන් සේයි නගරය තුළට යන්නෙ හිස් අතින් නෙමෙයි පට්ටම පට්ට වෛරසයක් ආසාදනය කර ගෙන. එම වෛරසය සුළග මගින් ක්‍රමක් ක්‍රමයෙන් බන්ඩ්ඩැන්ග් පුරාම පැතිර යන්නට පටන් ගන්නවා. එම අතර තුර වාරයේදි මුන් සේයි ට මී රූ කියලා පුංචි කෙළි පැටියෙක් මුණ ගැහෙනවා. ඇය බඩගින්නෙ ඉන්න මුන් සේයිට අහාර ලබා දෙනවා. ඉන්පසුව මී රූට වැටහෙනවා මුන් සේයි සිටින්නෙ අසනීපයෙන් කියලා. පසුව ඇය උදව් සොයා යනවා. ඔය අතර තුර වාරයේදී මුන් සේයි එතනින් පැන ගන්නවා. වෛරසය මුලු බන්ඩ්ඩැන්ග් නගරය පුරාම පැතිර යනවා. මී රූ, ජී ගෝ සමග එකතු වෙලා මුන් සේයිව සෑම තැනකම සොයන්නට පටන් ගන්නවා. නමුත් ඔවුන්ට ඔහුව සොයා ගන්න නොහැකි වෙනවා. වෛරසය හේතුවෙන් මිනිසුන් දහස් ගණන් තමන් සිටි ස්ථාන වලම ඇද ගෙන වැටෙන්න පටන් ගන්නවා. කොරියානු රජය තිරණය කරනවා, ආසාදිත පුද්ගලයන් සහා අසාධිත නොවුන අයව වෙන් වෙන් වශයෙන් කදවුරු ගත කරන්න. වෛද්‍යවරු මේ වෛරසයට ප්‍රතිකාර සොයන්නට කොපමණ උත්සහා දැරුවත් ඔවුන්ට් ප්‍රතිකාර සොයා ගන්න ලැබෙන්නෙ නැහැ.
නමුත්..වෛද්‍ය කණ්ඩායමට තොරතුරු ලැබෙනවා කන්ටේනරය තුළ එක් අයෙක් ජිවිතය ගලවා ගත්තා කියලා. පසුව හමුදාව විසින් ඔහුව සොයා ගන්නවා. ඒත් හදිසියේම වගේ කදවුර තුළ සිටින අයට දැන ගන්නට ලැබෙනවා, අසාධිත වුවන්ට කිසිදු ප්‍රතිකාරයක් නොමැති බවත්, ආසාදිතයන් ප්‍රතිකාර කරන මුවාවෙන් ගෙන ගොස් හමුදාව විසින් ඝාතනය කරනවා කියලා. මෙයින් කලබලයට පත් වන ජනතාව කදවුර දෙවනත් කරන්න පටන් ගන්නවා. හමුදාවට පහර දෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔවුන්ට දකින්නට ලැබෙනවා, මිනිසුන් දහස් ගණන් ගිනි තබා පුළුස්සා දමනවා. මෙයින් කෝපයට පත්වන ජනතාව ප්‍රතිදේහ නිර්මාණය කිරීමට සගවා ගෙන සිටි මුන් සේයිවත් මරලා දමනවා. අසාදිතයන් කදවුරෙන් පිටත් වෙලා නගරය දෙසට එන්නට පටන් ගන්නවා. රජය නියෝග කරනවා ඔවුන් සෑම දෙනාවම වෙඩි තබා බිම හෙළන ලෙසට. මෙහිදි ජී ගෝ සහා මීරූ ත් ඔවුන් සමග නගරය දෙසට ගමන් කරනවා. මී රූ ගේ මව හමුවීමට. එහිදි ඔවුන්ට කරදර රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අයියෝ තව පොඩ්ඩෙන් මම ඔයාලට සම්පුර්ණ ස්ටෝරිය කියලා දානවා. මේ බයිස්කෝප් එක ඇතුළේ තව ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ඒ මොනවද කියලා දැන ගන්න නම් මේක ඔයාලට නරබන්නම වෙනවා. මේ බයිස්කෝප් එක බලන ගමන් පොඩි කොමෙන්ටුවකින් අදහසක් දලා මාව දිරිමත් කොරලා යන්න කියලා මතක් කොරන් ගමන්, තවත් සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ඔයාලව නැවත එනකම්…. ඕං එහෙනම් මම ගියා….බයිස්කෝප් එකට ජය………….
Due to copyright issues, we do not provide any torrent links.
2,883 downloadsDownload The.Flu_.2013.baiscopelk.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/යුශාන්-පියුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
67 comments
Dila says
Dila says
supiri kathawak wage
අසෙල්
Supiri
mama 1
ona banawaGayan
patta akaka wage txz
lk
elane kollo
rusuru | රුසිරු
බොහොම තුති මචෝ
ganidu
තෑන්ක්ස් වේවා!
vee
maxxxaa films ne saho denne :D
එරංග
බාන්න දැම්ම ජය!
ositha
digatama aluth awata denna subs
harsha
aniwa balanwa saho maru :D
tharindu
Elazz sahoo fatta film ekaak vageee...danma gannava ehenamm..thanks sahoo sub ekatahh..
was
සුපිරි ෆිල්ම් එකක් වාගේ :)
amilatk
jayen jaya!
jana,
thanks lot
danika
thanks sahota
Damith
Thanks Sho....
f_live
බොහොම තුති!
ishan gihantha
Thanks machan
උදාර
සුපර් කොල්ලා
Chathura Madusanka
එල එල අමුතු අමුතු එව්වා ගොඩාරියයි.,,මේකත් බාන්න දානවා.
quik
thanks
හර්ෂ ලහිරු
ස්තුතියි යුශාන් සහො :P ජය
jack
පට්ටම ස්ටෝරියක්නේ සහෝ.... ස්තුතියි මේකට සබ් දුන්නට.
ගයාන් රූකාන්ත ( ජෝනා )
ඔන්න ගත්තා සබට තුති කොල්ලෝ
ජය වේවා!Nilanka
Godak thanks saho me film ekata sub dunnata.meka niyama ekak wage.
saandeepa
ela ela thanks sho.....
“චූටී මල්ලි”
එලස් මම මේක දෙන්නයි
කියලා ඉල්ලුවත් එක්ක දවසක්
දැන් හරි ඔයාට පිං සිද්ද වෙන්න
සබට තුති
ඔබට ජය........kkg
tnx sahooo
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........නලින්
සතුතියි යුෂාන් සහෝ
ජය වේවා!
mudiya / මුදියා
ලස්සන කතාවක්නෙ.
අනිව බලන්න ඕනි.
නියමයි යුශාන්.
ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!martin
Patta Machan thankx
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ. අනිවා බලන්න ඕනි,ජයවේවා.
La හිරු
thankz saho
nuwan
thank you machan... ela film ekak wage
danushka
thanks machan...
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට....දිගටම දෙමු.ජය! :P :P :P
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා, ජය෴෴ :P :P
Kasun
Thnks bro... oyage kalaya api wenuwen waya kalata..
dinesh
patta film ekak thamai sub ekata nomu nomu kamsaa hamnida
සුපුන්
පොඩි ප්‍රශ්නයක්.... මේ සබ් එක ඇඩ් කරන්න බැහැනේ (Syntax error at line 1585!) මොකද මේකට කරන්නේ
Laza
meka nam patta film akak anthima hariyenam awankawama as dekata kadulu anawa digatama sub danna
Janith619
සුපිරි ෆිල්ම් එකක් ස්තුතියි මේකට සබ් දුන්නට.
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍upul
thank lot
Aruna
Great job again. thanks
sadisa
thankz machan.......
ඉෂාන් මදුෂ
නියමයි.බොහෝම ස්තුතියි සහෝ
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ade supirine,,.