ඔන්න ඉතින් මම ආයෙත් මගේ 15 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේක 2015 තිරගත උණු අලුත්ම චිත්‍රපටියක්… මේක සත්‍ය සිදුවීමක් ඇසුරුකරගෙන නිපදවන ලද චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය දෙන්න කියලා හුගක් දෙනා ඉල්ලී…

ඔන්න ඉතින් මම ආයෙත් මගේ 15 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේක 2015 තිරගත උණු අලුත්ම චිත්‍රපටියක්… මේක සත්‍ය සිදුවීමක් ඇසුරුකරගෙන නිපදවන ලද චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය දෙන්න කියලා හුගක් දෙනා ඉල්ලීම් කරලා තිබුණා. මේ චිත්‍රපටිය කොතරම් සාර්ථක එකක් උනාද කියනවා නම් , තිරගතවී මුල් සතිය තුල ( 2015 මැයි 1-7) ජපන් යෙන් මිලියන 285 ක අදායමක් උපයලා තියෙනවා. 2015 මැයි මස 17 වනවිට අදායම ඇමරිකානු ඩොලර් මිලියන 12.3 ක් උපයා තියෙනවා. එක ජපානයේ box -office වාර්තාවක් විදියට සලකන්නේ . සම්මාන ගණනාවකුත් ලබාගෙන තියෙනවා. මම direct link එකක් විදියටත් චිත්‍රපටිය upload කරලා link එක දාලා ඇති. මේකේ torrent file එක download කරගන්න පුළුවන් www. torrentfunk.com එකේ තියෙන Flying Colors 2015 (914 mb) ලින්ක් එකෙන්. කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දුන් සියලු දෙනාටම ස්තුති වෙනවා.
චිත්‍රපටිය ගැන කියනවා නම් කලින් කිව ලෙසටම සත්‍ය සිද්ධියක් ඇසුරුකරගෙන තියෙන චිත්‍රපටියක්. ඉතා දුර්වල ශිෂ්‍යාවක් වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුලදී , ජපානයේ තියෙන උසස්ම විශ්විද්යාලයක් වන Keio විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට දරන උත්සහයක් තමයි මේ චිත්‍රපටිය පුරා දකින්න තියෙන්නේ. ඒ සිද්ධිය ඇසුරුකරගෙන මුලින්ම නවකතාවක් ලියා ඇති අතර දැනට ඒ නවකතාවේ පිටපත් මිලියන 1 ක් පමණ ලෝකය පුරා අලෙවි වෙලා තියෙනවා. ඒ නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ. සත්‍ය කතාවට අනුව ඒ සිසුවිය උසස් පාසලේ ඉගෙන ගත්තත් තිබිලා තියෙන්නේ ප්‍රථමික පාසලක 4වන වසරේ ඉන්න ළමයකුගේ දැනුමක්. නමුත් වාසනාවකට වගේ ඇයට හමුවෙනවා ඉතා දක්ෂ අමතර පන්ති කරන ගුරුවරයෙක්. ඇයගේ ජීවිතය වෙනස් වන්නේ මෙතන ඉදන්.මේ චිත්‍රපටිය පුරාම දක්නට තියෙන්නේ ඒ සිසුවිය විභාගය සමත් වීමට දරන උත්සාහයන්, ඒ සදහා ගෙදරින් ලැබෙන පෙලබවීම් හා බාධා , පාසලෙන් ලැබෙන දඩුවම් , අමතර පන්තියේ ලැබෙන උදව්. හැමෝම බලන්න ඕන චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. අපි බලමු ඇයට සාර්ථක කෙනෙක් වෙන්න පුළුවන් වේවිද කියලා. එහෙනම් ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු. ජයවේවා …!
914 MB කොපිය මෙතනින් Direct Link බාගන්න E7EF11E63D60476623D21A439CE981EE31828B3D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
4,356 downloadsDownload Flying.Colors.2015..baiscopelk.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
34 comments
w.c.lasantha
Ravindu Dilshan
patta macho
Tharindu Randika
sub akata thankz bro digatama mewage awama denna
Korian ,japan nam kohomath patta thankzjanith
THANKS..
Kulanjana Maduranga
niayamai…sahenna kaleki japan filumak baluwe na ne.elazzz...thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
darshana
love story ekak naa?
Lasantha w.c
Next time
kavinda
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .මධුකප්‍රිය පෙරේරා
බොහොමත්ම ස්තුතියි සහෝ මේ සිනමාපටය
ලබාදුන්නට.බාගත කිරීම් 500 ගානකට කමෙන්ට් හතරයි.
කට්ටිය දැන් කොමෙන්ටුවක් දාන්නත් ලෝභවෙලා වගේ.w.c.lasantha
thx boss....... bcz of ur request, i watched dis and decided to sub....
shehan
ela a thanx machoo
Amila
Thanks bro...
anu
thax sub ekata.balagena ediya japan sub ekak labenakam.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!චන්දන
බොහෝම ස්තුතියි සහෝ මේ ලස්සන ෆිල්ම් එක අපි එක්ක බෙදා ගත්තට ඒ වගෙම ඩිරෙක්ට් ලින්ක් එකකට අප්ලෝඩ් කරපු එකත් ලොකු උදවුවක් මම දැන් වැඩිය ෆිල්ම් බලන්නෙ නෑ ඒත් මේ වගේ ලස්සන කතාවක් නොබල කොහොමද
shan
බොහොම ස්තුතියි සබ් එකට ලසන්ත සහෝ.. :D
ඒ වගේම තමයි ඔයා torrent link එක වගේම direct link දෙන එක ගැනත් ඇත්තටම අගය කරනවා.
ඒක ගොඩක් වටින දෙයක්. ;)
ඉතින් ඔයාගෙ හැම දෙයක්ම සාර්ථකව කරගෙන යන්නට හැකිවේවායි හදවතින්ම සුභ පතනවා.
ජය වේවා!!!
පුලුවන්නම් සහෝ මෙන්න මේ request ගැනත් ටිකක් බලන්නකො.. :)
From Me to You (2010), Say I Love You (2014), Strobe Edge (2015)w.c.lasantha
yes... i vil do..... need som time.... hi hi
shan
sure bro. take ur time.. :D
thanks for reply.
keep it up!
Sasika Wijayathilaka
මේ Movie එක ගැන නම් Comment එකක් නොදා යන්න බැරිවුනා.
පට්ට Movie එක මචන්.
තවත් මේවගේ ඒවා කරන්න සුබපතනවා !
ජයවේවා !Suu
thank u
anu
hithuwe sub dena eka nawaththala kiyala.sub eka dunnata thaxxx lassana kathawak wage.
රොයිලි
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malshan hansa
thanks brooo.uba supirima Japanese film tikak dala tiyenawa.digatama karanna bro.japanese film wala amuthu gatiyak tiyenawa.digatama sub denna bro.thank you very much :)
w.c.lasantha
thx u
Jayani
Thawath lassana film walata sub denna :) Thank youuu....
w.c.lasantha
thx
Amila Mudalige
Than you bro
Ashen Thakshal
සුපිරි ෆිලුමක් සහෝදරයා...!!!
malshan
thanks saho.digatama japanese film danna
Mikhail
me wage ewa thawa danna.,
thx.......u :)wiki
Thanks
malith
Ela ela
Ruvindu Thathsarar
Thanks Machan Sub ekata !!
lasantha w c
watch my other sub as well
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sinhala meaning of th film should be changed as "හිතුවොත් මොනාද කරන්න බැරි"