Watch Trailer

The Bank Job (2008) with Sinhala Subtitles | බේකර් වීදියේ බැංකු කොල්ලය… [සිංහල උපසිරසි සමඟ]

එය 1971 වර්ශයේ ඉරිදා දිනයකි. සතියක් පුරා කාර්යබහුල වී තිබූ ලන්ඩන් නගරය මෙදින සාමකාමි මුහුණුවරක් ගනී. සිකුරාදා පස්වරුවේ වසා තැබූ බෝහෝ ආයතන හෙට උදෑසන වනතෙක් විවෘත වන්නේ නැත. වෙහෙසකර වූ සතියකින් පසු, නිවාඩුවක් ගත කිරීමට ලන්ඩනයෙන් බැහැරට ගොස් සිටින් මිනිසුන් මේ වනතෙක්ම ඔවුන්ගේ ගෙවල් දොරවල් කරා පැමිණ ති…

The Bank Job (2008)

එය 1971 වර්ශයේ ඉරිදා දිනයකි. සතියක් පුරා කාර්යබහුල වී තිබූ ලන්ඩන් නගරය මෙදින සාමකාමි මුහුණුවරක් ගනී. සිකුරාදා පස්වරුවේ වසා තැබූ බෝහෝ ආයතන හෙට උදෑසන වනතෙක් විවෘත වන්නේ නැත. වෙහෙසකර වූ සතියකින් පසු, නිවාඩුවක් ගත කිරීමට ලන්ඩනයෙන් බැහැරට ගොස් සිටින් මිනිසුන් මේ වනතෙක්ම ඔවුන්ගේ ගෙවල් දොරවල් කරා පැමිණ තිබුනේ නැත. එලෙස නිවාඩුවක් ගත කිරීමට පිට පළාතකට නොගිය සමහරක් ලන්ඩන් වැසියන්, තම නිවෙස් හි සුව පහසු ආසන වල වාඩි වී දුම් දමන කෝපි කෝප්පයක් පානය කරමින් පිටත රජයන සීතල හා මට්ටු වීමට වෙර දරයි. නමුත් මෙම සාමකාමී බව මධ්‍යේ ලන්ඩනයේ බේකර් වීදියේ ලොයිඩ්ස් බැංකු ශාඛාවේ නීතියට පටහැනි යමක් සිදු වෙමින් පවතී. අනතුරු දායක බව හමුවේ වුවත් තම වාසනාව උරගා බැලීමට තරම් එඩිතර වී සිටින් පිරිමින් පස් දෙනෙකු සහ කාන්තාවක මෙකී ලොයිඩ්ස් බැංකු ශාඛාවේ සේප්පුව බිඳිමින් සිටියි.

ඔවුන්ට සහය වෙමින් තවත් අයෙකු බැංකුව ඉදිරිපස සිටිමින් ඔත්තු බලමින් තම අත රැඳි වෝකි- ටෝකියෙන් ඔවුන් සමග සංවාදය කරයි. සොරකම සිදු වන අතරේ, බැංකුවෙන් මයිල කීපයක් ඔබ්බෙන් සිටින ආධුනික රේඩියෝ ක්‍රියාකරවන්නෙකුට, සොරුන් අතර සිදු වෙන මෙම පණිවිඩ හුවමාරුව අහම්බෙන් මෙන් අසන්නට ලැබෙයි. යහපත් පුරවැසියෙකුගේ වගකීම ඉටු කරන ඔහු පොලීසිය කැඳවයි. නමුත් කොල්ලකෑම සිදු වන්නේ කුමන බැංකුවේද යන වග මොවුන් නිශ්චිතවම නොදනී. මේ සිදුවන බැංකු කොල්ලය පිළිබඳව අවධානය යොමු වී ඇති තවත් පිරිසක් වෙති. කළු පැහැ අඳුමෙන් සැරසුන මොවුන්, බැංකුව පිහිටා ඇති වීදිය ඉදිරිපස සිටිමින් බැංකුව දෙස තම තීක්ශන දෑස් යොමා සිටියි. පැය කීපයක් ඇවෑමෙන් කොල්ලය හමාර වන්නේය. කොල්ලකරුවන්ද නිරුපද්‍රිතව පිටව යන්නේය. පසු දින මුලු ලන්ඩනය පුරා ලැව් ගින්නක් මෙන් පැතිර ගිය ප්‍රවෘත්තියකි. ඒ නම් බේකර් වීදියේ පිහිටා ඇති ලොයිඩ්ස් බැංකුවේ සේප්පුව කඩා ඇති බවයි. ඒ සමගම ලන්ඩන් රජය, විශේෂ නියෝගයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ, බැංකු කොල්ලය සම්බන්ධව හෙළිකරන ඕනෑම තොරතුරක් රාජ්‍ය ආරක්ශාවට තර්ජනයක් බැවින්, එවැනි හෙළි කිරීම් වලින් වැලකී සිටින ලෙසයි. එම නිසා තව දුරටත් මෙම බැංකු කොල්ලය ගැන තොරතුරු හෙළි කිරීමට නොහැක. මෙම කොල්ලය සිදු කලේ කවුද? බැංකුව බින්දේ මුදල් පැහැර ගැනීමේ අරමුණට පමණද? නමුත් මේ කිසිවක් හෙළි නොවුනු ඇත…??

The Bank Job කියන මේ චිත්‍රපටියෙන් හෙළිකරනවා කියන්නේ 1971 සිදු වූ ඒ බැංකු කොල්ලයේ ඇත්තම කතාව. මේ බැංකු කොල්ලය තමයි එංගලන්ත ඉතිහාසයේ මෙතෙක් වාර්ථා වෙලා තියෙන විශාලම බැංකු කොල්ලකෑමේ සිද්ධිය. 2008 නිකුත් උන මේ චිත්‍රපටියේ IMdb අගය 7.3ක්. චිත්‍රපටිය වැටෙන්නේ Crime, Drama, Thriller ඝනයට. චිත්‍රපටිය අධ්‍ය්ක්ශනය කරලා තියෙන්නේ Roger Donaldson. රංගනයෙන් දායක වෙන්නේ Jason Statham, Saffron Burrows, Stephen Campbell Moore ඇතුලු නළු නිළියන්. කාලෙකින් ජේසන් ස්ටැතම්ගේ චිත්‍රපටියක් ආවේ නැති නිසාත්, ස්ටැතම් රඟපාන Mechanic: Resurrection චිත්‍රපටිය එන්න තියෙන්නේ අගෝස්තු වල නිසාත්, එතකන් මේ චිත්‍රපටිය බලමු(නොබලපු අය).

තව දෙයක්, මේ චිත්‍රපටියේ පොඩි අයට බලන්න සුදුසු නැති දර්ශන තියෙනවා. වැඩිහිටියන්ට තමයි වඩාත් සුදුසු.

එහෙනම්, තව අලුත් නිර්මාණයකින් නැවත හමු වෙමු. ජය වේවා!!

The Bank Job (2008) on IMDb

 

 

14,892 downloadsDownload The-Bank-Job-2008.zip67 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

Subtitles by

කල්හාර වික්‍රමසිංහ

Subtitles

14,892 downloadsDownload Subtitles67 KB

41 comments

  1. Lahiru Amarathunga

    ස්තුතියි සබ් එකට

  2. Kulanjana Maduranga

    niayamai…thanks KALHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. mithun

    අයෙ පාරක් බලමුකො බයිස්කෝප් සයිඩ් එකෙන් සබ් දිපු නිස
    ජෙසන් අයියගෙ මුවී අයෙ අහන්න දෙයක් නැ ගින්දර
    ~~~~උපසිරැසියට තුති සහො~~~~

  4. Danush

    Lipiya supiri. Thanks a lot for SUB. jayawewa

  5. Sadu..

    බලහන්කො බන් උබ අය අවසානෙටම මගුලක් කියෙව්වනේ.දැන් ඉතින් නොබල කොහොමද? බොහොම තුති මචන් සබ් එකට...

    (තව දෙයක්, මේ චිත්‍රපටියේ පොඩි අයට බලන්න සුදුසු නැති දර්ශන තියෙනවා. වැඩිහිටියන්ට තමයි වඩාත් සුදුසු.)

  6. thisal

    ස්තුතියි සබ් එකට

  7. Purni

    බලන්න හිතාගෙන ලිපිය කියවාගෙන කියවාගෙන ආවා අන්තිම චේදය දැක දැක කොහොමද ඉතින් බලන්නේ

    1. Malan Kurera

      Thanks Bro...

  8. maheshbabu

    pattai boleeeeeeeee:-P :-D

  9. Sanath Indika

    thx sahoo

  10. Amila Mudalige

    Thanks bro

  11. රොයිලි

    බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharindu Athukorala

    එල කිරි..

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වෙවා...!

  15. දුලාජ් මංජුල

    bohoma sthuthiy machan

  16. venuka

    thanks macho

  17. r.s.samantha

    Thank you macho...
    ela ela digatama sub denna
    mage unusum subapathum.
    thawath sub ekakin hamuwemu.
    jaya wewa....!!!

  18. Mahela

    Donnir darko' film ekata sub dennako..

  19. indika

    Thanks

  20. Palitha de Silva

    thank you...

  21. Ishan Viduranga

    Jeson Stath ගෙ movies වලිහෙඳම movie එකක්. පට්ටම movie එකබොහොම ස්තුති මචං sub එකට.

  22. pramuk

    thanx bro.............

  23. Nishon Jey

    Tnx bro :D

  24. madusha

    Tnkz eub ekata

  25. Supitha

    superb. thanks lokka

  26. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න..

  27. sithira lasal kalunayaka

    thank you bro keep it up !!

  28. LakshanD

    Thanak brother ❤️

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  30. Shaggie

    Thnks mchn

  31. avishka360

    Thanks

  32. මිලින්ද ප්‍රියලාල්

    @සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි @කල්හාර%%

  33. Dilshant7

    Thanks bro

  34. bsweragoda

    thank you very much

  35. Bimbisha Adithya

    උපසිරැසියට ස්තුතියි ♥️

  36. ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ජය!! ✌️✌️

  37. dilshan

    ❤️❤️

  38. K.A.D. Rangana

    හායි යාලුවනේ. මෙකේ sub එක වැඩ නැහැ නේ....

    1. Ravindu Heshan - Admin

      Dan Wada Karranawa

  39. Nishan

    Thanx bro