ආයුබෝවන් Baiscopelk මිතුරන් හැමදෙනෙක්ටම, සෑහෙන කාලෙකින් තමයි මේ පැත්තට එන්නෙ, කලින් බාරගත්ත සබ් එකකුත් අරගෙන. මේක බාරගෙනනම් ටිකක් කල්..තියෙන වැඩත් එක්ක මේව කරන්න වෙලාව හොයාගන්න තියෙන අපහසුව නිසාම කල්ගිහින් තිබුණත් මේක කොහොමහරි ඉවරයක් කරලා දාලා තව එකක් අරන් එන්න තමයි වැඩපිළිවෙල. කොහොමහරි වෙලාවක් හදා…
ආයුබෝවන් Baiscopelk මිතුරන් හැමදෙනෙක්ටම, සෑහෙන කාලෙකින් තමයි මේ පැත්තට එන්නෙ, කලින් බාරගත්ත සබ් එකකුත් අරගෙන. මේක බාරගෙනනම් ටිකක් කල්..තියෙන වැඩත් එක්ක මේව කරන්න වෙලාව හොයාගන්න තියෙන අපහසුව නිසාම කල්ගිහින් තිබුණත් මේක කොහොමහරි ඉවරයක් කරලා දාලා තව එකක් අරන් එන්න තමයි වැඩපිළිවෙල. කොහොමහරි වෙලාවක් හදාගෙන ටික ටික හරි මේවා කරන්නේ බයිස්කෝප් එක්ක ඉන්න ඔයාලගෙ සහයෝගය නිසාමයි. වචනෙකින් හරි දිරිමත් කරන හැමෝටම අනේකවාරයක් ස්තුතියි.
මේක බෝරිං නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක් වගේම, අයිති වෙන්නෙ කොමඩි ගණයට. 2011 අවුරුද්දෙදි තමයි තිරගත වෙලා තියෙන්නෙ. කතාව ගැන කියනවනම්…මේක බැංකු මංකොල්ලයක්, ඔට්ටුයි ඕගොල්ල මේ වගේ මංකොල්ලකෑමක් දැකල නැතුව ඇති මෙතුවක් කාලෙකට…එකම බැංකුවක සිදුවන අහඹු මංකොල්ලකෑම් දෙකක්, ඒ වගේම මේ කරදර ජරමර අස්සට මැදි වෙන වෙනත් හාදයෙක් මේ මංකොල්ලකෑම අස්සෙ සිදුවෙන මිනීමැරුම් ජාලාවක සුලමුල හොයන්න ෂර්ලොක් හෝම්ස් වගේ ගවේෂණය කරලා අන්තිමේ සුලමුල හොයාගන්න පුළුවන් වෙනවා…පැය එකහමාරක විතර ධාවන කාලයක දිවෙන මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 6.4ක අගයක් ලැබිලා තියෙනවා. කුණු තක්කාලි (Rotten Tomatoes) දර්ශකයෙනම් 17%ක් වුනත් අහක දාන්න බෑ මිත්‍රවරුනී. ක්‍රියාන්විත සහ හාස්‍ය ඇතුලත් මේ අගනා චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රගපාන්නෙ Patrick Dempsey සහ Ashley Judd විසින්. Constantine ටීවී කතා මාලාවේ ප්‍රධාන චරිතය Matt Ryan මේ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා…ත්‍රාසය කුතුහලය සපිරි මේ අගනාසිනමාපටය නරඹන්න. තවත් අගනා සිනමාපටයක උපසිරැසි සමගින් ලගදීම එන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,308 downloadsDownload FlyPaper-2011.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධව චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාධව චතුරංග
Subtitles
29 comments
ranga11112
Ela Wisthara
ඩවුන්ලෝඩ් වෙනගමන්.බොහොම ස්තූතියි සබ් එකට
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!AyeshDushmantha
Thanks bro. Good job
Sherlock holmes
තෑන්ක්ස් බ්‍රෝ :-)
(ප.ලි. මචං trailer එකේ ලින්ක් එකට දාල තියෙන්නෙ වෙන මූවි එකක් )Sajmadu
Ela. K-pax 2001 karanne nedda
akalankagayan
Thnx....
chandima ruwanmal
thank you bro
indika75
thanks..
Hiranhiru
ගොඩක් ස්තුතියි...
දිගටම සබ් දෙන්න..
තෙරුවන් සරණයි....!sapumal123
tank you
D.Chamara
bohoma sthuthi sahooo
Lahiri
thankz saho
bLack_sNow
thanks saho sub ekata
Lahiru_sankalpa
Thankz machn
UK_Fernando
Thanks
AsithaDilruwan
ela saho thanks
Maduka
Thank sub ekata
Jayawewaදමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මාධව සහෝ.
ජයෙන් ජය.Kulanjana Maduranga
subata thanks...
Sulakshana Thilakarathna
පට්ටම සහෝ,, තව තවත් ගේන්න.. ජය වේවා!!
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්රෝ සබ් එකට..
ජය වේවා!jagath55
Thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
nihalpujitha
THANKS BROO..........
Sajithlakshan
thanks ..........................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
YohanDhananjaya
Thanks bro
binara vimukthi
Thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Patta film akak wage,,, thanks saho...
sub akata mahansi unata thankzz
theruwansaranai