Watch Trailer

Forever My Girl (2018) Sinhala Subtitles | සදහටම අපි අපේ [සිංහල උපසිරසි සමඟ]

වසර අටකට පෙර මට හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා. ඔයාලට හිතා ගන්න පුලුවන්ද අද දවස මොකක්ද කියලා. කෙල්ලෙක්ගේ ජීවිතේ ලස්සනම දවස! සුදු පාට මංගල ගවොමකින් සැරසිලා හිටපු මට, කුවින් නෝනා ගෙනැත් දුන්නා ලස්සනම ලස්සන මල් කලඹක්! මේ මල් වගේම මගේ ජීවිතෙත් අදින් පස්සේ ලස්සන වෙයි, සුවඳ දෙයි. හැමෝම වර්ණනා කරන්නේ මග…

වසර අටකට පෙර

මට හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා. ඔයාලට හිතා ගන්න පුලුවන්ද අද දවස මොකක්ද කියලා. කෙල්ලෙක්ගේ ජීවිතේ ලස්සනම දවස! සුදු පාට මංගල ගවොමකින් සැරසිලා හිටපු මට, කුවින් නෝනා ගෙනැත් දුන්නා ලස්සනම ලස්සන මල් කලඹක්! මේ මල් වගේම මගේ ජීවිතෙත් අදින් පස්සේ ලස්සන වෙයි, සුවඳ දෙයි. හැමෝම වර්ණනා කරන්නේ මගේ ලස්සන! සතුටට අපේ අම්මා අඩන්නත් ගත්තා. ඇත්ත තමයි, මගේ ඇස් සතුටින් දිලිසෙනවා, මාව සතුටින් පිරිලා ඉතිරිලා ගිහින්. මේ විදියට මාව දැක්කොතින් එයා මොනවා කියයිද! කියන්න අමතක වුනානේ, එයාගේ නම ලියම්. ලියම් පේජ්. එයා ගොඩාක් හොඳ කෙනෙක්. අපේ ආදර කතාව පටන් ගත්තේ ඉස්කෝලේ කාලෙදි. එයා මට පිස්සුවෙන් වගේ ආදරේ කරා. මටත් එයාට වඩා කෙනෙක් හිටියේ නෑ. එයා මේ දවස් වල ටිකක් ප්‍රසිද්ධයි. ඇත්තටම කිව්වොත් එයාට සින්දුවෙන් කෙනෙක්ව පිස්සු වට්ටන්න පුලුවන්. රේඩියෝ එකෙත් එයාගේ සින්දු යනවා. ඉතින්, මගේ ජීවිතේ හැමදේම හිතනවටත් වඩා ලස්සනට සිද්ධ වෙනවා. නියමයි නේද?

වසර අටකට පසු

මුලින්ම කියන්නම් මම ඔයාලා හිතන තරම් හොඳ මිනිහෙක් නෙවේ වෙන්නැති. මට මගේම හේතු තියනවා. අතීතේ මට හරියට හීනයක් වගේ.මම කැමතියි, බැඳීම් නැති වෙන තරමට. ජීවිතේට එක එක්කෙනා එනවා, යනවා. එහෙමයි කියලා මම එයාලාව මගේ ජීවිතේ කොටසක් කරගන්න යන්නෙ නෑ. මම ගොඩක් වැඩ අධික මනුස්සයෙක්. ඔව්, සමහරවිට කසාදයක් බඳින්න, දරුවෙක් හදන්න මට ඕනකමක් නැත්තේ ඒ නිසා වෙන්නත් ඇති.මම ගායකයෙක්. පත්තර වල මං ගැන කියන්නේ සුපිරි ගායන තරුව ලියම් කියලා. බොරු කියන්න ඕන නෑනේ, වැඩියෙන්ම මට පිස්සු වැටිලා ඉන්නේ කෙල්ලෝ. මගේ ජීවිතේ ඔහේ ගත වෙනවා. කෙල්ලෝ, මත්පැන්, සංගීතේ, ඕවාත් එක්ක. අපරාදේ කියන්න බෑ මගේ හැමදේම බලා කියා ගන්නේ සෑම්. මිනිහා නැත්නම් මට මොකුත් කරගන්න වෙන්නේ නෑ. මොකද මම ගොඩක් වෙලාවට හොඳ සිහියෙන් නෙවේනේ ඉන්නේ.

ඕක තමයි මට ඔයාලට කියන්න පුලුවන් ටික. මම තාමත් ඉස්කෝලේ කාලේ පාවිච්චි කරපු කසිකබල් ෆෝන් එක පාවිච්චි කරන්නෙ මොකද, හැමදාම මම අහන වොයිස්මේල් මැසේජ් එක කාගෙන්ද, කවදාවත් ඇත්තටම කෙල්ලෙක්ට ආදරේ කරලා නැද්ද වගේ අනවශ්‍ය ප්‍රශ්න මගෙන් අහන්නෙපා.

අවුරුදු අටකට කලින් කතාවකුයි, ඊට පස්සේ කතාවකුයි එකට සම්බන්ධ වුනොත් සමහරවිට ජීවිතේ පෙරළියක් වෙන්නත් ඉඩ තියනවා. මුලින්ම කියන්නම්, පිටින් බලලා කාටවත් චරිත සහතික දෙන්න යන්නෙපා. සමහරවිට හිතන්නෙවත් නැති හේතුවක් දෙන්නෙක් වෙන් කරන්න පුලුවන්, දෙන්නෙක් එකතු කරන්නත් පුලුවන්. Forever my Girl 2018 චිත්‍රපටය, Bethany Ashton Wolf ගේ අධ්‍යක්ෂණයෙනුත්, Alex Roe සහ Jessica Rothe ගේ අපූරු රංගනයෙනුත් හැඩ වුන මේක බොහොම සුන්දර, සංගීතයත් එක්ක හරි අපූරුවට ගලා යන, සංවේදි ආදර අන්දරයක්. මෙය IMDb දර්ශකයේ 6.5 ක අගයක් දිනා ගන්නට සමත් වී තිබෙනවා.

ඇත්තෙන්ම මේ චිත්‍රපටයට සිංහල උපසිරැසිය ගේන්න හිටියේ අපේ සොහාන් මල්ලි. එයාට වෙලාවක් හොයා ගන්න අමාරු නිසා සිසිල අයියා තමයි මගෙන් මේක කරන්න කැමතිද කියලා ඇහුවේ. ඉතින්, ඇඩ්මින් සිසිල අයියටයි, සොහාන් මල්ලිටයි ස්තූතියි. ලස්සනට සබ් එක කරන්න අක්කේ කියලා, සොහාන් මට කිව්වත් එක්ක. ලස්සනද කියලා ඉතින් ඔයාලා තමා බලලා කියන්න ඕනේ.

එහෙමනම්, ආදරය, වේදනාව මුසු වුන බොහොම අපූරු ගීත කිහිපයකුත් රස විඳින්නට මේත් එක්කම ඔයාලට ආරාධනා කරලා මම සමුගන්නම්.

ආයුබෝවන්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

13,670 downloadsDownload Forever-My-Girl-2018-1.zip119 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

13,670 downloadsDownload Subtitles119 KB

48 comments

  1. සිසිල ප්‍රසාද්

    ෆිල්ම් එක හිරවෙලා තිබ්බ වෙලාවේ බැහැ කියන්නේ නැතුව බාරගෙන කරලා දුන්නට බොහොම ස්තුතියි.
    මේක බලන්න වටින කතාවක්. ඒ නිසා අනිවාර්‍යයෙන්ම බලනවා.
    එහෙනම්, ජයවේවා!

  2. Mayura

    අක්ක ෆිල්ම් එක දෙනකන් මග බලන් හිටියේ. දැන් ඉතින් අර දෙක එක්ක මේකත් බලන්නෙපැයි. බුදු සරණයි අක්කට.

  3. විදුෂාන් සජිත්

    එනකන් බලන් හිටපු කතාවක්.. බොහොම ස්තූතියි සොයුරිය උපසිරැසියට!!.. දිගටම යමු, ජය වේවා!!..
    ලිපිය මැද තිබුණ පරණ ෆෝන් එකේ කතාව කතාවෙම කෑල්ලක්ද කියලා ටික වෙලාවක් යනකන් හිතාගන්න බැරි උනා. ("කවදාවත් ඇත්තටම 'කෙල්ලෙක්ට' ආදරේ කරලා නැද්ද.") කමක් නෑ කොහොම උනත් දුක හිතුනා කියවද්දී.. :-( :-(

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. geeganagamage

    බොහොම ස්තුතියි

  6. Gathsara Umesh

    Bhoooom sthuthiyi akkee

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෙම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  8. nirodha uthpala

    Meka dei kiyalanam nikan vath hitune na .thx for sub sis digatama sub denna labeva kiya hadavatinma partana karanava sis obata jaya....

  9. Kulanjana Maduranga

    niayamai.....lassana storyak wge...thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. K_Nipun

    Supiri

  11. Milinda Lakmal

    thanks

  12. malith

    Ela ela

  13. ranga11112

    Thank You sis

  14. සොහාන් ජයසූරිය

    ගොඩක් ස්තූතියි අක්කේ උපසිරසට.. ආසාව තිබ්බට කරගන්න වෙලාවක් නැතුව මං හිර වෙලා හිටියේ.. අනිවා අක්කා ලස්සනට සබ් එක කරලා ඇති.. ඒක ආයෙ අහන්න දෙයක් නෑ.. ජයවේවා අක්කේ...

  15. maheesha.kaweesha

    Romance Movie.Great Sister....

  16. asa raja

    thank you

  17. Damith Priyankara

    බොහොම ස්තූති උපසිරසියට !!!

  18. Amal_indika

    ස්තූතිය

  19. Ara N Madhu

    Thanks!

  20. Gayya95

    සබ් එකට ගොඩාක් ස්තූතියි. තව තවත් මෙවැනි සුන්දර film වලට සබ් කරන්න ශක්තිය ලැබේවා !!!
    ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!
    ✌️

  21. Pasan_Madusankha

    Bohoma Sthuthiy Sahodaree.. Jaya Wewaa..!

  22. Naleen_De_Zilva

    Wow....
    Perfect...
    Thanx Helili....

  23. sumed

    උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  24. dilipvijethunga

    Thank you mchn

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
    ජයෙන් ජය.

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. tharidu sagara

    සිංහල උපසිරැසියට ස්තුතියි
    ජය.

  28. lakmal chathuranga

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට මෙවැනි සුන්දර film වලට සබ් කරන්න ශක්තිය ලැබේවා !!!

  29. jagath55

    Thanks

  30. Thushara

    Thank u wagema mage subapethum sis.

  31. madushan

    thankszz

  32. AsithaDilruwan

    ela ela sahi thanks

  33. Indika Prabath

    Sub එක නැහැනෙ...
    "සොයා ගත නොහැක" කියලා එනවා

  34. TharakaWAS

    Subta Thanks

  35. nimal dissanayake

    මේ ලස්සනම ලස්සණට වැඩේ කරලා තියෙන්නේ.
    ෂෝක්! හැබැයි දුකයි. හරිම සංවේදී ෆිල්ම් එකක්!
    තෑන්ක්ස් හෙළිලි!

  36. ricadodamien

    Thank You Helili sis & Baiscope Team For The Sub, All The Best To Baiscope Team........

  37. Helili Hemamali

    හැමෝටම බොහොම ස්තූතියි!

  38. Rasika_lakmal

    Thank you

  39. nuwan1234

    හොදටම කරලා තියනවා ..මමත් තාත්තා කෙනෙක් උනා විතරයි.ඒකනම් වැදුනා නියමෙට ඇඩුනා කදුලු බාල්දිගනන්...කියන්ඩ වචන නෑ සුපිරි. ජය!!

  40. 100

    Sub eakata thanx

  41. dilani.i

    THANKS

  42. Isharafe

    Thank u for sub..

  43. Amalka Himeshan

    Thanks sub ekata

  44. yasith Maduran

    Good.....

  45. sudharaka Jayanath

    sub ekta sthithi sis!

  46. mangalaP

    Thank you...

  47. WDL සඳරුවන් ....

    Thanks for sub...

  48. Janith Rashmika

    meke video eka blnne kohomd..terennhne

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.