Watch Trailer

Jailbreak (2017) Sinhala Subtitles | සිරගෙදර මහා සටන… [සිංහල උපසිරැසි සමඟ]

මේ ටිකේම ටිකක් Drama කාණ්ඩය නියෝජනය කරන නිර්මාණ වෙනුවෙන් ප්‍රමුඛත්වය දුන්න එකේ මේ සුදානම පොඩ්ඩක් ඒ මාවත වෙනස් කරන්න. ක්‍රියාදාම සිනමාපට ටිකක් පෙලට දෙන්න ඕන කියල හිතුන වෙලේ තමයි මේකත් අහුවුණේ. ජපානය, චීනය බොහොම ප්‍රසිද්ධයි නෙව ඔවුන්ගේ සටන් චිත්‍රපට වෙනුවෙන්. නමුත් මෑත කාලයේ ආසියානු සිනමාව ඔවුන්ට හැක…

මේ ටිකේම ටිකක් Drama කාණ්ඩය නියෝජනය කරන නිර්මාණ වෙනුවෙන් ප්‍රමුඛත්වය දුන්න එකේ මේ සුදානම පොඩ්ඩක් ඒ මාවත වෙනස් කරන්න. ක්‍රියාදාම සිනමාපට ටිකක් පෙලට දෙන්න ඕන කියල හිතුන වෙලේ තමයි මේකත් අහුවුණේ. ජපානය, චීනය බොහොම ප්‍රසිද්ධයි නෙව ඔවුන්ගේ සටන් චිත්‍රපට වෙනුවෙන්. නමුත් මෑත කාලයේ ආසියානු සිනමාව ඔවුන්ට හැකි දේ බොහොම අගේට කරලා පෙන්වන්න සමත් වෙලා තියන බව The Raid: Redemption (2011) සහ The Raid 2 (2014), Headshot (2016) වගේ නිර්මාණ බැලුවා නම් ඔබට තෙරුන් යන්න ඇති. ඔය ටිකේ The Raid 2 (2014) වෙනුවෙන් මගේ සියවැනි උපසිරස ලෙස උපසිරස එක්කාසු කරන්නට මම වාසනාවන්ත වුනා. වැඩි පිරිසක් නම් බැලුව බවක් පෙන්න නැහැ ඒක හිතාගන්න හැකි එකම දෙය උපසිරසකරුවාගේ ප්‍රශ්නයක් කියන එක තමයි ඉතින්…. කොහොම නමුත් මේ සුදානම ඒ වගේ තවත් සුපිරි ක්‍රියාදාම සිනමා පටයක් ඔබ වෙත ගෙන එන්න.

මේක කැම්බෝඩියානු සිනමා පටයක්. මේ සිනමා පටයේ දිවයන භාෂාව ක්මර් භාෂාවෙන්. නමුත් ඉතින් බය වෙන්න දෙයක් නැහැ ඒක දමිළ, තෙලිගු, කොරියන් හෝ ජපන්, ඉන්දුනිසියන් වැනි භාෂාවන්ට ලොකු වෙනසක් තියන එකක් නෙමෙයි. අනික මේකෙ වැඩි කතාබහක් නැහැ හිර ගෙදරකටම ඇති වෙන්න ගහන ගැහිල්ලක් තමයි තියෙන්නෙ. 2017 වසරේ සැප්තැම්බර් 29 වැනිදා ඇමරිකාවේ දී නිකුත් වුන මේ නිර්මාණය මිනිත්තු 100 කාලයක් පුරා දිව යනවා. මෙය අයත් වන්නේ Action, Comedy කියන කාණ්ඩ දෙකට. ලබාගෙන තියන IMDB අගය 5.6 ක්. රෝටන් ටෝමාටෝ අගය 50%. මේක බොහොම තැන්වල සටහන් වෙලා තියෙන්නේ ආත්ම ආරක්ෂක සටන් කලාව ප්‍රධාන කොටගෙන නිර්මාණය වුන නිර්මාණයක් හැටියට. කැනඩාවේ පැවැත්වුන Fantasia සිනමා උළෙලේ දී පවා Atomic Blonde සහ The Villainess වැනි සුපිරි ක්‍රියාදාම චිත්‍රපට පරාජය කරමින් හොඳම ක්‍රියාදාම චිත්‍රපටය ලෙස ජය ලබා ගන්නත් මේ නිර්මාණය සමත් වෙලා තියනවා.

මේකේ කතාව ගැන කියනවා නම් බොහොම සරලයි, ඔබට වැඩිය හිතන්න දෙයක් නැහැ නිදහසේ රසවිදින්න හැකි කතාවක්. කතාව මෙහෙමයි, සමනල කල්ලිය නම් සුරුපී කාන්තාවන්ගෙන් සමන්විත මැර කල්ලියකට අවශ්‍ය වෙලා තියනවා ලග දී දුෂණ චෝදනා නිසාවෙන් හිරගෙට නියම වුන ප්ලේබෝයි නම් ඔවුන්ගේ කල්ලියේ නායිකාව පිලිබඳ ඇත්ත විස්තරය දන්නා එකම පුද්ගලයා මරා දමන්න. මේ මොඩයත් මේ නායිකාව ගැන කියන බව පුරසාරම් දෙඩවීම නිසාවෙන්ම ඔහුට විශේෂ පොලිස් කණ්ඩායමක ආරක්ෂාව යටතේ තමයි හිරගෙන යන්නට සිද්ධ වෙන්නේ. නමුත් මේ කිසිවක් නොදත් සමනල කල්ලිය මහා හිරගෙන ඇතුලේ ඉන්නා තමුන්ගේ කෙනෙක්ට ඔහුව මරන්නට කොන්ත්‍රාත්තුව භාර දෙනවා. නමුත් මේ වැඩේ පහසු වෙන්න මොවුන් ආරක්ෂකයන්ට පහර දී හිරකරුවන් නිදහස් කරගැනීමක් සිදු කරනවා. දැන් හිරකරුවන් නිදැල්ලේ නමුත් ඔවුනට හිරගෙයින් පිට වීමට ඉඩක් නැහැ. ආරක්ෂකන් ද හිරගෙන ඇතුලෙම හිරව අවසානයි…

ප්ලේබෝයි ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට පැමිණි විශේෂ පොලිස් නිලධාරින් තිදෙනා හා පොලිස් නිලධාරිනිය සමඟ එක්කාසු වුන එක ජේලර්වරයෙකුට සිද්ධ වෙනවා මුළු සිර ගෙයකම දාමරිකයන්, මිනීමරුවන් එකක් සටන් කරන්න… ඔවුන් සතුව ඇති එකම ආයුධය බැටන් පොල්ලක් පමණයි… ඒ වගේම සමනල කල්ලියත් පලිගැනීම තමුන්ගේ අතට ගැනීමටයි සුදානම… තව දෙයක්… මේ සිරගෙදර රටේ නමක් දිනාගත්ත කුප්‍රකට මිනීමස් කන්නේකුටත් සෙවන සපයනවා…. ඉතින් මේ මාරයන් අතරේ පොලිස් නිලධාරීන්ගේ ඉරණම කොහොම වේවි ද? ප්ලේබෝයිට මොකක් වේවි ද? ඒ ඔක්කොම ඔබට දැකගත හැකි මිනිත්තු 100 ඇතුලත….

ටිකක් විශ්වාස නැහැ වගේ නම් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්න ඔබට පොඩි අවබෝධයක් ලබාගන්න හැකි මෙහි ක්‍රියාදාම ගැන ඒ තුලින්. එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු එතෙක් ඔබ සැමට ජය වේවා !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

51 comments

  1. nisalt

    Thaks bro.......

  2. Udara Damith Dissanayaka

    එල එල
    මරු

  3. Udara Damith Dissanayaka

    මටනම් සිංහල සබ තියෙනවනම් බාෂාව මොක උනත් කමක් නෑ

  4. විදුෂාන් සජිත්

    The Raid ෆිලුම තමයි බලපු ෆිල්ම් වලින් Action උපරිමයෙන්ම තිබුන ෆිල්ම් එක. 1යි 2යි දෙකම නොබලපු අයට බලන්න කියනවා...
    :-) බෝහෝම ස්තූතියි සහෝ උපසිරැසියට!!.. trailer එක බලන්න ඕනි නෑ,.. ලිපිය කියෙව්වම බලන්න හිතෙනවා.. දිගටම කරමු සහෝ.. ජය වේවා!!!... :-)

  5. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Prabodha Madhusankha Hettiarachchi

    Action film walin fighting film dunnata sththui sahooo..

  8. ranga11112

    wow......patta film akak,......
    Thanks sub aka bro

  9. nihalpujitha

    super broo super....

  10. gihan perera

    Thanks bro...superb...keep continue it...good luck...god bless you...

  11. kelumchathuranga

    thanks

  12. pasanshanaka

    ස්තූතියි සහෝ

  13. Haashan Dhanushka

    thank you

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Gihan0717

    santhanamගේ ෆිල්ම් වලට සබ් ඕනේ....තමන්නගේ ඒවටත්..ප්ලීස්

  16. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  17. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  18. Ishan007

    thanx machn

  19. malith

    Ela ela

  20. kodagoda

    tnx sahoo

  21. sasala

    thanks

  22. SAjith Anthony

    උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  23. A.P Dissanayake

    උපසිරැසියට ස්තූතියි.....

  24. raviz

    Thank you.............!

  25. anil chamara

    Avengers Grimm: Time Wars (2018) sub denna thanks bro

  26. lakshanvinjan

    Tnq sub ekata

  27. Fanta

    Thanxx sahoo sub denakan hitiyee...

  28. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaa

  29. Pasan_Madusankha

    Godak pin Saho.. Jaya Wewaa..!

  30. pubudu_lakshitha

    elaaaaaaaaaaaaaa

  31. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
    ජයෙන් ජය.

  32. Kanchaka

    Thanks bro........

  33. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජය.

  34. Chalithamanaram

    Thnks broo

  35. MAXR

    Thanks bro.....

  36. Dkaushi

    Thanks

  37. UK_Fernando

    Thanks bro

  38. AsithaDilruwan

    ela ela saho thanks

  39. tharad

    Thanks bro

  40. R-TJ

    බොහෝම ස්තූතියි සහෝ ……..

  41. R-TJ

    The Raid: Redemption 2011 best action fighting film

  42. Bima

    Thankss

  43. kent parker

    thanks

  44. Lakshitha

    SUpiri

  45. Lakshitha

    THhkkss for sub

  46. Sachii324

    downlod kranna bena.

  47. HummerDanu

    thanks bro

  48. Kasunfdo

    Supirima supiri

  49. Hashan M. Priyadarshana

    Thanks bro

  50. 1997avishka

    Thanks saho

Load more comments