Watch Trailer

Black (2024) Sinhala Subtitles | අන්ධකාරය ඔස්සේ අතුරුදහන් වූවන්. [සිංහල උපසිරසි]

Black (2024) Sinhala Subtitles මේ Black චිත්‍රපටය 2024 වසරේ ඔක්තෝබර් 11 වන දින ලොව පුරා තිරගත වූ විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක වර්ගීකරණයන්ට අයත් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ පළමු වරට අධ්‍යක්ෂණයේ යෙදුණු KG බාලසුබ්‍රමනි විසින්. පොටෙන්ෂල් ස්ටුඩියෝස් සහ ඩ්‍රීම් වොරියර්ස් පික්චර්ස් ‍යන ආයතන ව…

Black (2024) Sinhala SubtitlesBlack (2024) Sinhala Subtitles

මේ Black චිත්‍රපටය 2024 වසරේ ඔක්තෝබර් 11 වන දින ලොව පුරා තිරගත වූ විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක වර්ගීකරණයන්ට අයත් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ පළමු වරට අධ්‍යක්ෂණයේ යෙදුණු KG බාලසුබ්‍රමනි විසින්. පොටෙන්ෂල් ස්ටුඩියෝස් සහ ඩ්‍රීම් වොරියර්ස් පික්චර්ස් ‍යන ආයතන විසින් නිෂ්පාදනය කරනු ලැබුවා. මේ චිත්‍රපටයට සංගීතය සපයන්නේ සෑම් CS. ත්‍රාසජනක චිත්‍රපටවලට ගැලපෙනම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදියට සෑම්ව හඳුන්වන්න පුළුවන්. මෙම චිත්‍රපටය 2013 වසරේ ජේම්ස් වෝඩ් බර්කිට් විසින් අධ්‍යක්ෂණය කරන ලද “Coherence” නම් ඇමරිකානු චිත්‍රපටයේ අනුවර්තනයක්.

මේ කතාවේ අතීත කතාව 1964 වසරේ සුපර් මූන් නමින් හැඳින්වෙන හඳ පායා ඇති වැසිබර රාත්‍රියක ආරම්භ වෙනවා. ගනේෂ් සහ ලලිතා ඔවුන්ගේ නිවෙස් වලින් පැන ගොසින් විවාහ වීමට, ඔවුන්ගේ හොඳම මිතුරෙකු වන මනෝහර්ගේ උපකාර ලබා ගන්නවා. මනෝහර් කලක් ලලිතාට ආදරය කලත් ගනේෂ් ලලිතාට ආදරය කරන බව දැනගැනීමෙන් පසුව ඇයගෙන් ඉවත් වෙනවා. රාත්‍රී කාලයේ මනෝහර් ලලිතාට හා ගනේෂ්ට නවාතැන් දීම සඳහා ඔහුගේ බීච් හවුස් නිවස වෙත ඔවුන් රැගෙන යනවා. මේ ගමනේදී විශාල දේවදූත ප්‍රතිමාවක් ප්‍රවාහනය කරමින් තිබූ කරත්තයක් පාර මැද මඩ වළක හිරවී තිබීම නිසා මනෝහර්ට කාර් එක ඉදිරියට ගෙන යාමට අපහසු වෙනවා. කොහොමින් හරි පාර අයිනකින් ඉඩ ගෙන අවසානයේ මනෝහර් ඔහුගේගේ බීච් හවුස් වෙත ඔවුන්ව රැගෙන එනවා.

යුවලට සත්කාර කිරීමෙන් පසුව මනෝහර් මත්පැන් බොමින් සිටියදී දිගින් දිගටම අතීතය මතක් වෙන්නට ගත්තා. මනෝහර් මේ කසාදයට සහයෝගය දක්වන බවක් පෙන්වූත්, ඔහු ලලිතාට තවමත් සිතින් ආදරය කරනවා. මත් වූ මනෝහර් ගනේෂ් සහ ලලිතාව මරා දැමීමේ අරමුණින් කාර් එකේ තිබූ තුවක්කුවක් අතට ගත්තා. ඔවුන් දෙදෙනාව මරා දැමීමට නැවත නිවස වෙත යාමට සැරසෙද්දී, එකවරම පාරේ තිබූ වීදි ලාම්පු කුඩු වෙනවාත් සමඟම අද්භූත ශබ්දයක් ඇසෙන්නට ගත්තා. ඒ මොකක්ද කියා බලන්න ශබ්දය ඇසුණු කළුවර පැල්ලම දෙසට මනෝහර් යනවා. ඒත් සමඟම ඔහුට පිටුපසින් වෙඩි තැබීම් දෙකක ශබ්දය ඇසෙනවා.

වර්ථමානයේදී වසර 60කට පසුව නැවතත් සුපර් මූන් පායන දවසක්. අලුත විවාහ වූ යුවළක් වන වසන්ත් සහ ආරණ්‍යා නිස්කලංක නිවාඩුවක් ගත කිරීමට අලුතෙන් මිළදී ගත් සැප පහසු නිවාසයට යනවා. රාත්‍රියේදී ඔවුන්ට අද්භූත හා බියකරු සිදුවීම් මාලාවකට මුහුණ දීමට සිදුවනවා. ඔවුන් මෙම අසාමාන්‍ය තත්ත්වයෙන් මිදීමට උත්සාහ කරන ආකාරයත්, ඊට හේතුව සොයා ගන්නා ආකාරයත් චිත්‍රපටය පුරාවට දිග හැරෙනවා.

මෙහි ජීවා, ප්‍රියා භවානි ශංකර් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර විවේක් ප්‍රසන්න, යෝග් ජපී, ස්වයම් සිද්ධා, ෂා රා ආදී නළු නිළියන් සහාය චරිතවලට පණ පොනවා. ඉ.රු. කෝටි 5ක් පමණ වැය කර නිපදවූ මෙය ඉ.රු. කෝටි 10ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ගනු ලැබවා. ජීවාගේ චිත්‍රපටයක් මෙලෙස සාර්ථක ලෙසින් ආදායම් උපයා ගන්නේ වසර 5ක දීර්ඝ කාලයකට පසුවයි. Imdb හි 7.1ක රේටින් අයගක් මීට ලැබී තිබෙනවා.

Black චිත්‍රපටය ත්‍රාසජනක සහ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ප්‍රිය කරන රසිකයින්ගෙන් යහපත් ප්‍රතිචාරයන් ලබා ගත්තා. විශේෂයෙන්ම මෙහි බුද්ධිමත් තිර රචනය, අනපේක්ෂිත පෙරළි, නළු නිළියන්ගේ රංගනය සහ තාක්ෂණික කටයුතු පිළිබඳව ප්‍රශංසාවට ලක් වුණා. චිත්‍රපටය නරඹන්නන්ගේ මනසට අභියෝග කරන බවත්, හොලිවුඩ් mind-bender චිත්‍රපට ලෝලීන්ට එය රසවිඳිය හැකි බවත් විචාරකයින් සඳහන් කළා. ඇතැම් විචාරකයන් චිත්‍රපටයේ සමහර කොටස් අනවශ්‍ය බවක් පෙනුනත්, දෙවන භාගය සංකීර්ණ වූයේ නැතත් ආකර්ෂණීය බව ද සඳහන් කළා.

Black චිත්‍රපටය දෙමළ සිනමාවේ විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක ගණයට අයත් එක් සුවිශේෂී උත්සාහයක්. සමස්තයක් විදියට, “Black” චිත්‍රපටය නව ආකාරයේ ත්‍රාසජනක අත්දැකීමක් එක් කළ දෙමළ සිනමාවේ විද්‍යා ප්‍රබන්ධ ත්‍රාසජනක ගණයට එකතු වූ සාර්ථක චිත්‍රපටයක්. Coherence (2013) චිත්‍රපටයේ සංකල්පය දෙමළ ප්‍රේක්ෂකයින්ට ගැලපෙන ආකාරයට අනුවර්තනය කිරීමට උත්සාහ කරමින් අධ්‍යක්ෂකවරයා එයට ත්‍රාසජනක ලක්ෂණ, ආදරය, සහ කාල තරණය යන තේමා ඒකාබද්ධ කර නිර්මාණය කර තිබෙනවා. සුපර් මූන් සහ වෝම්හෝල් යන සංකල්ප චිත්‍රපටයේ මූලික ත්‍රාසය ගොඩනැගීමට යොදාගෙන ඇති අතර, එයින් ප්‍රේක්ෂකයින්ට සම්බන්ධතාවයන්, ඉරණම, සහ තේරීම් පිළිබඳ දැඩි කල්පනාවකට යොමු කරනවා. මෙය ත්‍රාසජනක සහ විද්‍යා ප්‍රබන්ධ ඇලුම් කරන රසිකයින් නැරඹිය යුතු චිත්‍රපටයක්.

කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Black (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා ගැළපේ.

1,288 downloadsDownload Black-2024-Sinhala-Subtitles.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Black (2024) Sinhala Subtitles

Subtitles by

රවිඳු නවින්

Subtitles

1,288 downloadsDownload Subtitles44 KB

4 comments

  1. Buddhika laKMal

    බලපු සුපිරිම වෙනස්ම ස්ටෝරියක් තියෙන ෆිලුමක්......
    ස්තූතියි සහෝ සබටයි ලිපියටයි.......

  2. Bimsara Yashan (ඔලිව)

    එක දිගට මගෑරුනු සුපිරිම ඒව ටික දෙනවනේ. මේක තාම බලන්න බැරි වුණා. දැන් බලන්න ඕනෙ. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. අචින්ත

    සබට තුති මලේ...!

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤