Watch Trailer

Frankenstein (2025) Sinhala Subtitles | මරණය පරදවා ජිවිතයට පැරදුණු මිනිසා [සිංහල උපසිරැසි]

Frankenstein (2025) Sinhala Subtitles සුබ දවසක් හිතවතුනි, මං අද අරගෙන ආවේ 2025 වසරේ නොවැම්බර් 07 වැනිදා Netflix නාළිකාව ඔස්සේ විකාශය වුණු Frankenstein (2025) නම් සිනමා පටය.The Shape of Water, Pan’s Labyrinth සහ Pinocchio වැනි විශිෂ්ට සිනමා නිර්මාණ හරහා මනඃකල්පිත හා අද්භූත සිනමාව නව මානයකට ගෙන ගිය ස…

Frankenstein (2025) Sinhala Subtitles

සුබ දවසක් හිතවතුනි, මං අද අරගෙන ආවේ 2025 වසරේ නොවැම්බර් 07 වැනිදා Netflix නාළිකාව ඔස්සේ විකාශය වුණු Frankenstein (2025) නම් සිනමා පටය.The Shape of Water, Pan’s Labyrinth සහ Pinocchio වැනි විශිෂ්ට සිනමා නිර්මාණ හරහා මනඃකල්පිත හා අද්භූත සිනමාව නව මානයකට ගෙන ගිය සම්මානනීය අධ්‍යක්ෂ Guillermo del Toro ගේ තවත් දීර්ඝකාලීන සිහින ව්‍යාපෘතියක් වන Frankenstein (2025) සිනමාපටය සංගීතය, සිනමාකරණය සහ ගොතික් ශෛලියේ දර්ශන තල ප්‍රේක්ෂකයා 19 වන සියවසේ අඳුරු පරිසරයකට ගෙන යාමට තරම් සමත්.

Frankenstein (2025) 2025 අගෝස්තු 30 වන දින 82 වන වැනීසියේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී තිරගත කෙරුණා. ඔක්තෝබර් 17 සිට එක්සත් ජනපදයේ එහි සීමිත නාට්‍යමය නිකුතුවක් පැවැත්වූ අතර නොවැම්බර් 7 වන දින නෙට්ෆ්ලික්ස් හි ගෝලීය වශයෙන් නිකුත් කරන ලදී. මෙම චිත්‍රපටයට විචාරකයින්ගෙන් සාමාන්‍යයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. ජාතික සමාලෝචන මණ්ඩලය සහ ඇමරිකානු චිත්‍රපට ආයතනය යන දෙකම එය 2025 වසරේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස නම් කෙරෙනු ලැබූ අතර, එය 83 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොඳම චලන පින්තූරය – නාට්‍ය ඇතුළු නාමයෝජනා පහක් සහ හොඳම චිත්‍රපටය, හොඳම අනුවර්තනය කරන ලද තිර රචනය සහ හොඳම සහාය නළුවා (එලෝර්ඩි) ඇතුළුව 98 වන ඇකඩමි සම්මාන උළෙලේදී නාමයෝජනා නවයක් ලබා ගත් අතර හොඳම ඇඳුම් නිර්මාණය, හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තරය සහ හොඳම නිෂ්පාදන නිර්මාණය සඳහා සම්මාන දිනා ගන්නට සමත් වුණා.

ගිලර්මෝ ඩෙල් ටොරෝ යනු අක්ෂර වින්‍යාසයේ සිට සිනමා දර්ශන තල දක්වා අඳුරු සුන්දරත්වයක් එක් කිරීමට සමත් විශිෂ්ට අධ්‍යක්ෂවරයෙකි. දශක ගණනාවකට පෙර සිටම Frankenstein කතාව තමාගේම ආකෘතියකට අනුව සිනමාවට නැගීමට බලාපොරොත්තුවෙන් සිටි ඔහු, මෙහිදී විකෘති සත්වයාගේ බාහිර බියකරු බවට වඩා ඔහුගේ ඇතුළාන්තයේ ඇති ඛේදනීය හැඟීම්වලට මුල්තැන දෙමින් සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙනවා. 1818 වසරේදී මේරි ෂෙලී විසින් රචනා කරන ලද “Frankenstein; or, The Modern Prometheus” නම් අමරණීය සම්භාව්‍ය නවකතාව ඇසුරෙන් මෙම සිනමාපටය නිර්මාණය වී තිබෙනවා. මෙම සිනමාපටයෙන්, විද්‍යාඥ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් සිය අද්භූත පරීක්ෂණය ඔස්සේ මියගිය ශරීර කොටස් එක්රැස් කරමින් නව ජීවියෙකු නිර්මාණය කිරීමත්, ඉන්පසු එමගින් ඇතිවන ඛේදනීය හා භයානක ප්‍රතිඵලත් කුතුහලයෙන් පිරි ගොතික් තේමාවක් ඔස්සේ දිගහැරෙනවා. ඩෙල් ටොරෝගේ මෙම නිර්මාණය හුදෙක් බියකරු Horror චිත්‍රපටයකට එහා ගිය “පියා සහ පුතා” අතර ඇති සංකීර්ණ සබඳතාව, ස්වාභාවික නීතියට පිටින් යමින් දෙවියන්ට අභියෝග කිරීමේ ආදීනව, සහ ආදරය අහිමි වූ ජීවියෙකුගේ විලාපය තේමා කරගත් ආවේගශීලී ගොතික් නාට්‍යමය අත්දැකීමක් ලෙස දිගහැරෙනවා.

නළු නිළියන් සහ චරිත:

Oscar Isaac – වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් ලෙස
Christian Convery – කුඩා කාලයේ වික්ටර් ලෙස
Jacob Elordi වික්ටර් විසින් නිර්මාණය කරන ලද බියකරු ජීවියා ලෙස
Mia Goth – ලේඩි එලිසබෙත් හාර්ලැන්ඩර් ලෙස, වික්ටර්ගේ මව ක්ලෙයාර් ෆ්‍රැන්කන්ස්ටයින් ලෙස
Felix Kammerer – විලියම් ෆ්‍රැන්කන්ස්ටයින් ලෙස (වික්ටර්ගේ බාල සොහොයුරා)
David Bradley – අන්ධ මහලු මිනිසා ලෙස
Lars Mikkelsen – කපිතාන් ඇන්ඩර්සන් ලෙස
Charles Dance – ලියෝපෝල්ඩ් ෆ්‍රැන්කන්ස්ටයින් ලෙස (වික්ටර්ගේ පියා)
Christoph Waltz – හෙන්රිච් හාර්ලැන්ඩර් ලෙස (වික්ටර්ගේ පරීක්ෂණ සඳහා මුදල් සපයන ධනවත් ආයුධ නිෂ්පාදකයා)
Kyle Gatehouse – තරුණ දඩයක්කාරයා ලෙස
Lauren Collins – අල්මා ලෙස (තරුණ දඩයක්කාරයාගේ බිරිඳ)
Sofia Galasso – ඇනා-මරියා ලෙස (අන්ධ මහලු මිනිසාගේ මිණිබිරිය සහ තරුණ දඩයක්කාරයාගේ දියණිය)
Ralph Ineson – මහාචාර්ය ක්‍රෙම්පේ ලෙස
Nikolaj Lie Kaas – ප්‍රධාන නිලධාරී ලාර්සන් ලෙස

එහෙමනම් සිනමාපටයේ කතාව වෙත හැරෙමු. කතාව ආරම්භ වන්නේ 1857 ශීත සෘතුවේදී උත්තර ධ්‍රැවය සොයා යන, ග්ලැසියර් හිම අතර සිරවූ නැවකින්. නැවේ කපිතාන් ඇන්ඩර්සන් (Lars Mikkelsen) ඇතුළු පිරිසට හිම කතර මැද බරපතල ලෙස තුවාල ලබා සිටින වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින් (Oscar Isaac) නම් විද්‍යාඥයා හමුවෙනවා. ඔහුව නැවට ගෙනෙන විටත්, දැවැන්ත අද්භූත ජීවියෙකු ඔහුව සොයාගෙන නැවට පහර දෙනවා. නැවියන් යන්තමින් එම ජීවියා පලවා හැරීමෙන් පසු, තමා සහ එම බියකරු ජීවියා අතර ඇති අඳුරු අතීත කතාව වික්ටර් කපිතාන්ට විස්තර කිරීමට පටන් ගන්නවා.

කුඩා කාලයේදී මවගේ (Mia Goth) අකල් මරණය සහ දැඩි ලෙස සැර-පරුෂ පියාගේ ( Charles Dance ) බලපෑම නිසා කුඩා වික්ටර් ( Christian Convery )මරණය පරාජය කර අලුත් ජීවයක් නිපදවීමට පෙළඹෙනවා. වෛද්‍ය විද්‍යාලයෙන් ඔහුව නෙරපා හැරීමෙන් පසු, ධනවත් වංශාධිපතියෙකුගේ (Christoph Waltz) මුල්‍ය අනුග්‍රහය ඇතිව අඳුරු බලකොටුවක තමන්ගේ පරීක්ෂණාගාරය පිහිටුවනවා. යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ සහ අපරාධකරුවන්ගේ ශරීර කොටස් එකතු කරමින් අකුණු සැරයේ විදුලි බලයෙන් ඔහු නව ජීවියෙකුට (Jacob Elordi) පණ දෙනවා. නමුත් තමා සෑදූ ජීවියා තමා සිතූ තරම් බුද්ධිමත් නොවන බවත්, ඔහුගේ බාහිර පෙනුම බියකරු බවත් දකින වික්ටර්, පියාගෙන් තමාට ලැබුණු ආක්‍රමණශීලී ස්වභාවයම පෙන්වමින් එම ජීවියාට වෛර කරන්න පටන් ගන්නවා. අවසානයේ පරීක්ෂණාගාරයට ගිනි තබා එම ජීවියාව විනාශ කිරීමට වික්ටර් උත්සාහ කළත්, ජීවියා ගින්නෙන් බේරී පලා යනවා.

කිසිවක් නොදන්නා අලුත උපන් ළදරුවෙකු මෙන් ලෝකයට පැමිණෙන ජීවියාට මිනිස් සමාජයෙන් ලැබෙන්නේ පිළිකුල, හිංසනය සහ ගල් ප්‍රහාරයි. වනාන්තරයේ සැඟවී ජීවත්වන අතරතුර, අන්ධ මහලු මිනිසෙකු සහ කුඩා දැරියක හමුවන ඔහු, ඔවුන්ගෙන් ආදරය, අනුකම්පාව මෙන්ම කතා කිරීමේ හැකියාවද ප්‍රගුණ කරනවා. තමා සතුටින් සිටීමට දැරූ උත්සාහයන්ද වික්ටර් නිසා අසාර්ථක වන විට, තමාට මෙවැනි තනිවූ, ඛේදනීය ඉරණමක් අත්කර දුන් තමන්ගේ “පියා” හෙවත් වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ගෙන් පළිගැනීමට ඔහු ලොව පුරා ලුහුබැඳ යාම ආරම්භ කරනවා. ඔහුගේ පළිගැනීම සාර්ථක වෙයිද? වික්ටර්ට තමන්ගේම නිර්මාණයෙන් බේරී පළා යාමට හැකිවෙයිද? සදාතනික ජීවිතය ශාපයක් වුණු ජීවියාට සිය අභිමතය පරිදි ජීවිතය අවසන් කරගත හැකිවෙයිද?සිනමාපටය බලලාම ඉතුරු ටික දැනගන්න එහෙම නම්…

තමාගේම නිර්මාණයට බිය වූ මිනිසෙකුගේ සහ ආදරය සොයාගිය අසරණ ජීවියෙකුගේ අනුවේදනීය කතාන්දරයක් ඇතුළත් අඳුරු සුන්දරත්වයකින් සහ ප්‍රබල රංගනයන්ගෙන් පිරි මෙම අඳුරු සිනමා අත්දැකීම, උසස්ම මට්ටමේ සිංහල උපසිරැසි සමඟින් නරඹන්න.

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!

Frankenstein (2025) Sinhala Subtitles


The People v. O.J. Simpson: American Crime Story (2016-) on IMDb

 

Due to copyright issues, we do not provide any download links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත සඳහා අදාළ වේ.

644 downloadsDownload Frankenstein-2025.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Frankenstein (2025) Sinhala Subtitles

Subtitles

644 downloadsDownload Subtitles53 KB

3 comments

  1. නිශාන් සමීර

    Supiriiiii……
    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

  2. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස් මචං

  3. T

    Super……තව මේ වගේ film. දෙන්න…..Thanks….❤❤❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.