පොලීනා කියන්නෙ බෙලරුසියාවෙ ඈත පිටිසර ගම්මානයක ජීවත්වුන සුන්දර තරුණියක්, ඇය අම්මා එක්ක ගමේ ජීවත්වුනේ. මේ කාලෙ බෙලරුසියාව පාලනය කලේ ජර්මානු නාසි හමුදාව, එයාලා අල්ලගෙන හිටපු ප්‍රදේශවල සාමාන්‍ය මිනිසුන් සමූල ඝාතනය කලා, වදකඳවුරු වලට යැව්වා, ජර්මන් හමුදාව ගම්මාන පිටින් ගිනි තිබ්බා. මේ වගෙ ගම්වල හිටපු හැම…

පොලීනා කියන්නෙ බෙලරුසියාවෙ ඈත පිටිසර ගම්මානයක ජීවත්වුන සුන්දර තරුණියක්, ඇය අම්මා එක්ක ගමේ ජීවත්වුනේ. මේ කාලෙ බෙලරුසියාව පාලනය කලේ ජර්මානු නාසි හමුදාව, එයාලා අල්ලගෙන හිටපු ප්‍රදේශවල සාමාන්‍ය මිනිසුන් සමූල ඝාතනය කලා, වදකඳවුරු වලට යැව්වා, ජර්මන් හමුදාව ගම්මාන පිටින් ගිනි තිබ්බා. මේ වගෙ ගම්වල හිටපු හැමෝම කැලෑවලට පැනලා ගියා. එහෙම පැනල යන පිරිමි උදවිය රුසියාවට සහය දක්වන කැරලිකාර කණ්ඩායම් වලට එකතුවුනා. පොලීනාගෙ අයියයි තාත්තයි දෙන්නම කැරලි කණ්ඩායම් වලට එකතුවෙලා හිටියෙ. මේ වෙලාවෙ ෆ්රාන්ස් හිටියෙ පොලීනගෙ ගමේ, එයා ජර්මන් නාසි හමුදාවෙ සුලු සේවකයෙක්, ඉක්මනටම මේ දෙන්න අතරෙ හාදකමක් ඇතිවෙනවා. ඔවුන්ගෙ ආදර කතාව ගැන මේ චිත්‍රපටියෙන් කියවෙනවා. යුද්ධය නිසා බොහෝ දේවල් ඇතිවෙනවා වගෙම නැතිවෙන්නත් පුලුවන්. මොන විදියක පැත්තක හිටියත් සතුරෙක් වුනත් ඔවුනුත් හැගීම් දැනීම් ඇති මිනිසුන් කියල මේ චිත්‍රපටයෙ කතාවෙ දකින්න තියෙනවා.
බයිස්කෝප් සහෝදර සහෝදරියන් වෙනුවෙන් අද ගෙනාවෙ ටිකක් විතර සම්භාව්‍ය ගනයෙ සම්මානනීය දෙවන ලෝක යුද්ධෙ කාලෙ පදනම්වුන රුසියානු ලස්සන ආදර කතාවක්. මම චිත්‍රපටියක දැකපු ලස්සනම දර්ශන තල මේ චිත්‍රප්ටියෙ තිබුනා, හැම කැමරා කෝණයක්ම චිත්‍රයක් වගේ. මේ චිත්‍රපටියෙ තිරරචනය රඟපෑම් සහ කැමරාකරණය අතිවිශිෂ්ඨ තලයක තියෙනවා.යුද්ධය නිසා බොහෝ දේවල් ඇතිවෙනවා වගෙම නැතිවෙන්නත් පුලුවන්. මොන විදියක පැත්තක හිටියත් සතුරෙක් වුනත් ඔවුනුත් හැගීම් දැනීම් ඇති මිනිසුන් කියල මේ චිත්‍රපටයෙ කතාවෙ දකින්න තියෙනවා. Mikhail Segal අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටයට ලෝකෙ පුරා රසිකයන්ගෙ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ෆ්රාන්ස් සහ පොලීනා දෙන්නට ලස්සන අලුත් ජීවිතයක් ගතකරන්න පුලුවන් වේවිද කියල ඔයාලම බලන්න. ඔබට සුභ දවසක් වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD Rip පිටපත් සඳහා අදාළ වේ.
1,629 downloadsDownload Franz-i-Polina-2006.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
12 comments
Kantha_DLA
Uvindu
me films mama balannam saho
Thilina Weerasinghe
Thanks for the Subtitle...
Emi
Thanks
indika75
thanks..
Suranjan
Thanks jayawewa.....!
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි... ජය!
sisira
හොඳ ෆිල්ම් එකක් වගේ..උපසිරසි ලබා දීමට ඔබ ඇතුළු බයිස්කෝප් එකේ කට්ටිය දරන උත්සාහය අගේ කොට සලකමි..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
The King of Staten Island (2020)
Wasp Network (2019)
Adu (2020)
The Outpost (2020)