Watch Trailer

Perfect Stranger (2007) Sinhala Subtitle | රහස් සඟවන්න මොනව නොකරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න අවුරුද්දකට විතර පස්සේ මගේ 25 වෙනි සබ් එකත් අරගෙන මේ පැත්තට ආවා. සෑහෙන්න කාලෙකට පස්සේ සබ් එකකට අත ගහන්න හිතුණු වෙලාවේ තමයි දැක්කේ මේකට සබ් එකක් දීල නෑ කියල. පරණ වුණත් හොඳ කතාවක් නිසා වැඩේ කරා. ඉතින් Perfect Stranger කියන්නේ 2007 අවුරුද්දේ ඇමරිකාවේ නිකුත් වුණු Crime, Horro…

ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න අවුරුද්දකට විතර පස්සේ මගේ 25 වෙනි සබ් එකත් අරගෙන මේ පැත්තට ආවා. සෑහෙන්න කාලෙකට පස්සේ සබ් එකකට අත ගහන්න හිතුණු වෙලාවේ තමයි දැක්කේ මේකට සබ් එකක් දීල නෑ කියල. පරණ වුණත් හොඳ කතාවක් නිසා වැඩේ කරා.

ඉතින් Perfect Stranger කියන්නේ 2007 අවුරුද්දේ ඇමරිකාවේ නිකුත් වුණු Crime, Horror, Mystery කාණ්ඩයේ ෆිල්ම් එකක්. James Foley ගේ අධ්‍යක්ෂණයක් වෙන Halle Berry, Bruce Willis වගේ අය රංගනයෙන් දායක වන මේකට IMDB එකේ ලැබිල තියන අගය 5.7 ක්.

හරි එහෙනම් මේකෙ කතාව මොන වගේද කියල බලමු.

රොවීනා ප්‍රයිස් කියන්නේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක්. මේ තොරතුරු හොයන වැඩ වලදී තාක්ෂණික පැත්තෙන් ඇයට උදව් කරන්නේ මයිල්ස් කියල හැකර් කෙනෙක්. ඇය එක සෙනෙට් මන්ත්‍රීවරයෙක් පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පුවත්පතට ඉදිරිපත් කලත්, සංස්කාරකවරයා විසින් පෞද්ගලික හිතවත්කම් මත ඒක ඉවත් කරනවා. සෑහෙන්න කාලයක් මහන්සි වෙලා තොරතුරු හොයල කරපු වැඩේ කපල දාපු තරහට එයා පත්තරෙන් අයින් වෙනවා.

එතැනදී එයාගේ ළමා කාලයේ ඉඳල මිතුරියක් වුණු ග්‍රේස් ඇයට වැඩක් බාරදෙනවා. හැරිසන් හිල් කියන ධනවත්, වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතන හිමි ව්‍යාපාරිකයා එක්ක තමන්ට අනියම් සම්බන්ධයක් තිබුණ බවත්, දැන් හැරිසන් තමන් මගහරින බවත් කියල හැරිසන් ගේ මේ වැඩ ගැන එළි කරන එක තමයි බාර දෙන්නේ. ඊට පස්සේ මේ ග්‍රේස් හදිසියේම මිය යනවා. මිතුරියගේ මරණය හා හැරිසන් එක්ක තිබුණු සම්බන්ධතාවය ගැන හොයද්දි තියන බාධාව තමයි හැරිසන් ග්‍රේස් එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙලා පණිවුඩ හුවමාරු කරගෙන තියෙන්නේ ADEX කියන නමින්. ඉතින් මේ ADEX හා හැරිසන් කියන්නේ එක්කෙනෙක්මද කියල හොයාගන්න නම් පරිගණක වලට රිංගල බලන්න වෙන නිසා වැඩේට මයිල්ස් උදව් කරනවා. ඒ වගේම රොවීනා වෙනත් නමකින් හැරිසන්ගේ ආයතනයේ වැඩට යනවා.

ඉතින් මේ ADEX කියන්නේ හැරිසන්මද? ග්‍රේස් ගේ මරණය එක්ක ඔහුගේ සම්බන්ධතාවයක් තියේද? රොවීනා හා ග්‍රේස් අතරේ තිබුණු සම්බන්ධතාවය හා මයිල්ස් ගෙන් ලැබෙන උදව් වැඩේට කොහොම බලපාවිද? රෝවීනාගේ රහස් මෙහෙයුම හැරිසන්ට අහු වේවිද? අරගෙනම බලමු නේ.

ඉතින් ආයෙත් පුළුවන් වෙලාවක සබ් එකක් අරගෙන එන්නම්. එතෙක් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත්, සහෝදර උපසිරැසිකරුවන්ටත්, ෆිල්ම් අරං බලන ඔබ සැමටත් ආයුබෝවන්.

රොයිලි ප්‍රනාන්දු සහෝදරයා පෙර පළකරනා ලද ලිපිය

නිව්යෝක් නගරයේ ගවේෂනාත්මක පුවත්පත් වාර්තාකාරියක වන රොවේනා ප්‍රයිස් සෙනෙටර් වරයෙක් සම්බන්ධව හෙලිකරන ප්‍රවෘතියක්, ඉහලින් එන බලපෑම් මත වාරණය කරන නිසා තම රැකියාවෙන් ඉවත් වනවා.

මේ අතරතුර අහම්බෙන් හමුවන තම පැරණි මිතුරියක් වන ග්‍රේස් හෙලිකර සිටිනවා ඇයට සිදුවූ  අසාධාරණයක්. එනම් ග්‍රේස් රැකියාව කල වෙළඳ දැන්වීම් ආයතනයේ හිමිකරු වන ප්‍රසිද්ධ හා  ධනවත් හැරිසන් හිල් (bruce willis)විසින් ඇයව රැකියාවෙන් එලවා දමා ඇති අතර ඇය
පලිගැනීම සඳහා ඔවුන් අතර තිබූ අනියම් සම්බන්ධතාවය ගැන ඔහුගේ බිරිඳට දැනුම් දෙන බව  කියනවා. පසුදින ග්‍රේස් අභිරහස් ලෙස මියයනවා.

එමනිසා ඇය ඔහුව කොටු කිරීම සඳහා එම ආයතනයේ රැකියාවකට යනවා. ඒ සඳහා ඇයට උදව්  කරන්නේ පරිගණක හැකරයකු වන මයිල්ස්.

මෙතැන් සිට කතාව ඉදිරියට යන අතර අවසානයේ නොසිතූ දෙයක් එලි වෙනවා. ඇත්තෙන්ම අවසානයේ නොසිතූ ලෙස වෙනස් වෙනවා.

සුපිරි නිළි Halle Berry ඇතුලුව ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසකගෙන් හැඩවුනු මෙම චිත්‍රපටය ඔයාලත් බලන්න.

https://en.wikipedia.org/wiki/Perfect_Stranger_(film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

3,907 downloadsDownload Perfect-Stranger-2007.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,907 downloadsDownload Subtitles53 KB

21 comments

  1. Yaj

    ?

  2. Uraj Deemantha

    මම නම් මේ දවස් වල මේවා බෑවට බලන්න වෙලාවක් නෑ..... :) හිර ගෙදර කඩනවා බලන්න තියෙනවා. :P හික්ස්. :D රජරට පැත්තේ යන්නත් තියෙනවා..... ;)

  3. DragonD

    Gurooo,

    Fight Club ekata subtitiles naddooooo ? mama godak gatta ,ekak wat gala penne naane banz ! :(

  4. පොතේ ගුරා

    @Uraj Deemantha !හික්z..තාම බල්ල ඉවර නැද්ද?ඒක බලල මේවත් බලන්නකෝ.. :)

    @DragonD !හරියන එකක් නෑ මචෝ..මමත් බැලුව.. :(

  5. DragonD

    :(

  6. සුභාෂ්

    මේ ගෙවල් මාරු කරපු වැඩේ නිසා ගොඩක් කාලෙකින් ෆිල්ම් එකක් බලන්න බැරි උනා. . . (මට ෆිල්ම් එකක් බලත්දි එක මොහොතක් වත් අහක නොබලා ඒකටම අවදානය යොමු කරගෙන බලන්න ඕන . . . )
    ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම්ස් ගොඩාක් තියෙනවා . . . මේ සතියේ අන්තිමේදී අලුත් තැනකට යන්න ඉන්නේ . . . එටකොට නිදහසේ බා ගත්තු ටික බලන්න පුලුවන් වෙයි . . .

  7. පොතේ ගුරා

    @chathurarcrc !තෑන්ක්ස් මචෝ..

    @සුභාෂ්!අහ්..ඒක තමයි..මම මේ බැලුව මොකද මේ පැත්තෙ ආවෙ නැත්තෙ කියල.. :) අලුත් ගෙදර වාසනාව ගෙනදේවා කියල ප්‍රාර්ථනා කරනව.. :)

  8. randi

    seems to be Maxxa... now downloading...

  9. harsh

    maxa

  10. Lakshansilva18

    Plzz කවුරුහරි මේකට SUB දාන්නකො

  11. Lakshansilva18

    මේක plot twist movie එකක්ද ?

  12. Profaa

    mekt sub dennoo :(

  13. indika75

    thanks..

  14. Suranjan

    Thanks jayawewa.....!

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි !!

  17. Dewadithya

    Thanks for sub!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. TMK

    thanks

  20. Malith Samarawickrama

    thanks bn subata

  21. Rishantha

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.