Watch Trailer

Secuestrados (2010) Aka Kidnapped Sinhala Subtitles | කුරිරු, අමානුෂික හෝරා කිහිපයක්! [සිංහල උපසිරැසි]

කොහොමද ඉතිං යාළුවෝ හැමෝටම, ඔන්න මං අද ඔයාලට අරං ආවේ ස්පාඤ්ඤ චිත්‍රපටයක්. Kidnapped (2010) එහෙමත් නැතිනම් Secuestrados (2010) නැමති මෙම චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ 2010 අවුරුද්දේ. ඒවගේම මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරල තියෙන්නේ Miguel Ángel Vivas නැමැති ස්පාඤ්ඤ ජාතික අධ්‍යක්ෂකවරයා විසින්. ඒවගේම කිය…

කොහොමද ඉතිං යාළුවෝ හැමෝටම, ඔන්න මං අද ඔයාලට අරං ආවේ ස්පාඤ්ඤ චිත්‍රපටයක්. Kidnapped (2010) එහෙමත් නැතිනම් Secuestrados (2010) නැමති මෙම චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නෙ 2010 අවුරුද්දේ. ඒවගේම මෙහි අධ්‍යක්ෂණ කටයුතු සිදු කරල තියෙන්නේ Miguel Ángel Vivas නැමැති ස්පාඤ්ඤ ජාතික අධ්‍යක්ෂකවරයා විසින්. ඒවගේම කියන්න ඕන අපි හැමෝම දන්න Money Heist කතා මාලාවේ පළමු කතා සමයේ කොටස් කිහිපයක්ද මොහුගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී තිබෙනවා. මෙම චිත්‍රපටය අයත් වෙන්නේ Action|Adventure|Crime යන කාණ්ඩ වලට. හැබැයි මේකේ අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන Action ජවනිකා නම් නෑ කියලත් කියන්න ඕන. හැබැයි මට නම් හිතෙන්නේ මේ චිත්‍රපටය ගොඩක්ම ගැළපෙන්නේ Crime|Horror|Thriller යන කාණ්ඩ වලට කියලයි.කොහොම නමුත් Imdb දර්ශකයේ 6.4 ප්‍රේක්ෂක මණාපයක් සහ Google පරිශීලකයන්ගේ 69% වැනි මණාපයක් දිනා ගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා. ඒවගේම මේ සඳහා ජනප්‍රිය ස්පාඤ්ඤ නළුවෙකු වන Fernando Cayo (Money Heist, The Orphanage -2007, The Skin I Love -2011) සමගින් ජනප්‍රිය ස්පාඤ්ඤ නිළියක් වන Ana Wagener (The Invisible Guest -2016, Mirage -2018) සහ Manuela Vellés යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. ඒවගේම කියන්න ඕන මං කලිනුත් ඔයාලට ලබා දීල තියෙන Home Invasion Horror චිත්‍රපට ප්‍රිය කරන යාළුවෙක් නම් මේකට අනිවාර්යෙන්ම කැමති වෙයි. හරි එහෙනම් මං කතාව ගැන ටිකක් කෙටියෙන් කියන්නම්.

මවයි, පියයි, ඔවුන්ගේ දියණියයි යන තිදෙනෙකුගෙන් යුත් පවුලක් නව නිවසක පදිංචිය සඳහා යනවා. ඉතිං මොවුන් නව නිවසට ගිය පළමු රාත්‍රියේම කොල්ලකරුවන් මෙන් සැරසුනු මුහුණු ආවරණය කරගත් තිදෙනෙක් මොවුන්ගේ නිවසට කඩා පනිනවා. ඔවුන් මෙම නිවසේ සිටින අයව ප්‍රාණ ඇපයේ තබාගෙන ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් සහ අනෙකුත් වටිනා කියන සියළු දේ ඔවුන්ගේ භාරයට ගන්නවා. පසුව මෙම කණ්ඩායමේ එක් පුද්ගලයෙක් ක්‍රෙඩිට් කාඩ් වල ඇති මුදල් ලබා ගැනීම සඳහා නගරයට පිටත් වෙලා යනවා. ඒ යන්නේ දියණිය සහ මව අනිත් පුද්ගලයින් දෙදෙනා සමග ප්‍රාණ ඇපයේ තියලා. ඉතිං කොහොම හරි එම පුද්ගලයා පියා සමග පිටත් වෙලා ගියාට පස්සෙ ඉතා කුරිරු සහ සාහසික විදියට තමයි ඔවුන් හැසිරෙන්නේ. මොවුන්ගෙන් එක් අයෙක් කොච්චර අමානුෂිකද කියනවනම් ඔහු අර දියණියව දූෂණය පවා කරනවා. ඉතිං කතාවේ අවසානයක් කොහොම කෙළවර වෙයිද? මං ඔයාලට මීට වඩා කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලටම බලන්න කියල ආරාධනා කරනවා. අවසානෙට කුමන අයුරකින් විසඳෙයිද කියල ඔයාලම බලන්නකෝ. හරි එහෙනම් නැවත උපසිරැසියකින් හමුවෙන තුරු හැමෝටම ජය, බුදු සරණයි!

https://www.youtube.com/watch?v=o1-90-Y82xs

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම DVD Rip පිටපත් සඳහා අදාළ වේ.

2,313 downloadsDownload Kidnapped-2010.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,313 downloadsDownload Subtitles27 KB

10 comments

  1. Strong well

    ස්තුති සහෝ,
    නියමයි, ඔහොම යන්, දිගටම sub දෙන්න.
    Summer camp movie එකෙත් sub එක නියමෙට කරලා තිබුණා.

  2. indika75

    thanks..

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි.සහෝ පුළුවන්නම් ju on origins series සබ් දෙන්න.ජය වේවා!

  4. Suranjan

    Thanks jayawewa......!

  5. isuru srinath sjs

    පරණ, මග හැරුණු ඒවට මෙහෙම සබ් දෙන එකනම් ගොඩක් වටිනවා.. බොහොම ස්තුතියි !!

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    සුපිරිම සුපිරි ෆිල්ම් Collection එකක් තියනවා සහෝ. Trailer බලලා හොද නම් උපසිරැසි කරන්න පුලුවන්ද?

    Manhunter 1986
    Hannibal 2001
    Red Dragon 2002
    Hannibal Rising 2007

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Dewadithya

    Thanks for sub!

  10. viradaka

    thanks brother .God bless !!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.