Watch Trailer

Free State of Jones (2016) with Sinhala Subtitles | ජෝන්ලාගේ නිදහස් ප්‍රාන්තය [සිංහල උපසිරැසි සමඟ]

1861 සිට 1865 දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවූ සිවිල් යුද්ධය එරට ඉතිහාසයට කළු පැල්ලමක් වශයෙන් එකතු වන්නකි. එරට ඉතිහාසයේ කවදා හෝ සිදු වූ භයානකම ලේ වැගිරීම මේ සංසිද්ධිය නිසා සිදුවූවක් වන අතර පළමු හෝ දෙවන ලෝක යුද්ධවලදී පවා මෙහිදී සිදු වූ පමණ ඇමරිකානුවන් සංඛ්‍යාවක් ඝාතනය වී නැත. ශ්‍රේෂ්ට ඇමරි…

Free State of Jones (2016)

1861 සිට 1865 දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ සිදුවූ සිවිල් යුද්ධය එරට ඉතිහාසයට කළු පැල්ලමක් වශයෙන් එකතු වන්නකි. එරට ඉතිහාසයේ කවදා හෝ සිදු වූ භයානකම ලේ වැගිරීම මේ සංසිද්ධිය නිසා සිදුවූවක් වන අතර පළමු හෝ දෙවන ලෝක යුද්ධවලදී පවා මෙහිදී සිදු වූ පමණ ඇමරිකානුවන් සංඛ්‍යාවක් ඝාතනය වී නැත.

ශ්‍රේෂ්ට ඇමරිකානු ලේඛකයකු වූ ඒබ්‍රහම් ලින්කන් විසින් එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ගේ වහල්භාවය තුරන් කිරීම වෙනුවෙන් ගෙන ගිය ව්‍යාපාරයට විරුද්ධව දක්ෂිණ ඇමරිකානු ප්‍රාන්ත එකොළහක් විසින් මෙම සිවිල් යුද්ධය ආරම්භ කරන ලදී. සැබැවින්ම මේ දක්ෂිණ ප්‍රාන්තයන්ට වහලුන්ගේ වැඩි අවශ්‍යතාවක් පැවතුනේ ඒවායේ පැවති කපු පදනම් කරගත් ආර්ථිකය හේතුවෙනි. වහල් ක්‍රමය රැක ගැනීම තුළින් තම ආර්ථිකය ආරක්ෂා කරගනු වස් මේ ප්‍රාන්තයන් ආරම්භ කරන ලද යුද්ධයට උතුරු ප්‍රාන්ත මුහුණ දුන්නේද සංධානයක් වශයෙනි.

ඇමරිකානු සිවිල් යුද්ධය යනු නිර්මාණ විශාල ගණනකට පාදක වූ සංසිද්ධියකි. 2016 වර්ෂයේ තිරගත වූ “ෆ්‍රී ස්ටේට් ඔෆ් ජෝන්ස්” නම් දැන් මා ඔබ වෙත ඉදිරිපත් කෙරෙන චිත්‍රපටයද මේ සංසිද්ධියම පාදක කරගනිමින් නිර්මාණය කෙරුණු විශිෂ්ට නිර්මාණයකි. සැබැවින්ම කපු වගාව වෙනුවෙන් කරන ලද මේ යුද්ධය නිසා පීඩාවට පත් වූයේ කළු ජාතික වහල් ජනතාව පමණක් නොවේ. සියලු නිර්ධන පාන්තික සුදු ජනතාවද මේ නිසා පීඩාවට පත් වූහ. ධනවතුන් යුද්ධයෙන් ඉවත් කොට නිර්ධන පාන්තික ජනයා යුද්ධයට යොමුකෙරෙන අයුරු මෙන්ම යුද්ධයේ නාමයෙන් ඔවුන් කොල්ලකෑමට ලක් කෙරෙන ආකාරයද මැනැවින් නිරූපනය කිරීමට මේ චිත්‍රපටය සමත් වී ඇත.

කෙසේ වුවත්, ඒබ්‍රහම් ලින්කන්ගේ ප්‍රතිසංස්කරණවලට පවා වහල් ක්‍රමය එක්සත් ජනපදයෙන් සම්පූර්ණයෙන්ම අතුගා දමන්නට හැකි වූයේ නැත. ඒ සඳහා තවත් පරම්පරා ගණනාවක් බලාසිටින්නට කළු ඇමරිකානු ජනතාවට සිදු විය. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන නිවුටන් නයිට්ගේ මුණුබුරාට පවා වාර්ගිකවාදයේ සෙවණැලිවලට මුහුණ දෙන්නට සිදු වන අයුරු චිත්‍රපටය නැරඹීමේදී දැකගත හැකි වනු ඇත.

මේ විශිෂ්ට චිත්‍රපටය මා වෙත හඳුන්වා දීම සම්බන්ධයෙන් මගේ හිතමිත්‍ර අනුර හෙට්ටිආරච්චි මහතාට පළමු ස්තූතිය පිරිනමමි. මා මේ උපසිරැසිය ඔබ වෙත ගෙන එන්නේද ඔහුගේ ඉල්ලීමක් අනුව බවද සිහිපත් කරමි. එසේම මගේ දහවන නිර්මාණය ලෙස මෙම උපසිරැසි ඔබ වෙත ගෙන එන්නට අවස්ථාව සලසා දුන් www.baiscope.lk වෙබ් අඩවියටද මගේ විශේෂ ස්තූතිය පිරිනමමි. මා සමග එක්ව මේ චිත්‍රපටය රස විඳින ලෙස ඔබ සැමට ආරාධනා කරමින් නවතිමි.

Free State of Jones (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Free.State.of.Jones.2016.BRRip.XviD-ETRG

Free.State.of.Jones.2016.HDRip.XViD.AC3-ETRG

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,460 downloadsDownload Free.State_.of_.Jones_.2016.Baiscopelk.com_.rar82 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/WajiraRathnayaka2-e1472758691562.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වජිර රත්නායක

Subtitles

4,460 downloadsDownload Subtitles82 KB

32 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  2. mithun

    මාත් මෙවෙනි චිත්‍රපට වලට ගොඩක් කැමති රෙටින් එකත් 6ට එහෙ ගිහින් කියන්නෙ ලස්සනට නිර්මාණය කරල ඇති . සබ් එක ගත්ත උපසිරැසි ගැන්නුවට ඔබට තුති සොයුර. නැවතත් උපසිරැසියකින් හමුවෙමු ජය

  3. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  4. අසංක ප්‍රදීප් රණතුංග

    ලස්සන චිත්‍රපටයක්. උපසිරසියට ස්තුතියි.

  5. Lushan Kuruppu

    Thank You bro!
    keep it up...

  6. නිරෝෂ්

    ස්තුතියි වජිර සහෝ.දෙනකම් බලන් හිටියෙ මේක.ජයවේවා !

  7. CHANDIKA

    thank you

  8. Mangala

    ඇති යන්තම් ගොඩක් කල් බලන් හිටියා සබ් දෙනකන්
    බෝහෝම ස්තුතියි වජිර සහෝ

  9. wooobox.net

    සුද්දෝ කල්ලොන්ට සලකුපු සැලකිලි හොදට පේනවා. උපසිරස ෆයිලයට ට ස්තුතියි :) ජයවේවා...!!!

  10. Sanath Indika

    thx broo

  11. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  12. gayan

    [The Phenom 2016] me film akata sub aka denna puluwanda,,,

  13. withanage priyantha

    වජිර සොයුර,
    කලාත්මක සිනමාපට ප්‍රියකරන්නන් වෙනුවෙන් කළ උපසිරසියක් ලෙස මා මෙය දකිනවා. එයට ස්තුතියි!

  14. Dulanga

    thanks

  15. ප්‍රේමකුමාර

    උපසිරැසියට තුති පුදමු.

  16. wayantha

    supirima filumak kiyala sakayak naha sahoo,
    godak sthuthiy me wage nirmana aran enawata
    jaya wewa
    theruwan saranai

  17. අසිත

    elama saho thanks

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Chamika.

    8FBCAF2E7E9380547D860938C3811A4535D8DB09

  21. Nishan

    Thanx සහෝ..

  22. Nishan

    Thanx bro....

  23. madusha

    Tnkz sub ekata

  24. wiki

    Thanks

  25. Wiki

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. Saranga J. Liyanagama

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  27. Rishantha

    Thanks Brother

  28. සිනා

    sub නෑනෙ

    1. Anonymous

      Sub ek wed nene bro

    2. Sanupa Ranmeth - Admin

      ෆික්ස් කළා සහෝ.

  29. syd

    sub eka wada na

    1. විමා - Admin

      සබ් එක වැඩ සහෝ.