Watch Trailer

The Brides of Dracula (1960) with Sinhala Subtitles | ඩ්‍රැකියුලා ගේ මනාලියෝ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ හතරවන උපසිරැසිය අරගෙන ආව. මේකත් මම කලින් දෙන ලද ක්‍රිස්ටෝපර් ලි රඟපෑ චිත්‍රපට වලට සමගාමිව ගියත් මෙහි ඩ්‍රැකියුලා හෝ ක්‍රිස්ටෝපර් ලි වත් දකින්න නැ. ඒත් එම චිත්‍රපටවල දක්නට ලැබුන වැන් හෙල්සින් චරිතය දක්නට ලැබෙනවා. ඒ වගේම ඒ චිත්‍රපට වල කතාවල අතරමැද කතාවක් විදියට තම…

The Brides of Dracula (1960)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ හතරවන උපසිරැසිය අරගෙන ආව. මේකත් මම කලින් දෙන ලද ක්‍රිස්ටෝපර් ලි රඟපෑ චිත්‍රපට වලට සමගාමිව ගියත් මෙහි ඩ්‍රැකියුලා හෝ ක්‍රිස්ටෝපර් ලි වත් දකින්න නැ. ඒත් එම චිත්‍රපටවල දක්නට ලැබුන වැන් හෙල්සින් චරිතය දක්නට ලැබෙනවා. ඒ වගේම ඒ චිත්‍රපට වල කතාවල අතරමැද කතාවක් විදියට තමා මේ චිත්‍රපටියේ කතාව යන්නේ. IMDb අගය 6.8 අරගෙන තියන මේ චිත්‍රපටය කලාත්මක මෙන්ම හොල්මන් චිත්‍රපට වලට කැමති ඔයාල ඔක්කොටම සතුටෙන් නරබාවී කියල හිතෙනවා. ඇත්තටම ඔයාලට මම Horror of Dracula (1958) කියල දුන්න චිත්‍රපටයේ දෙවන කොටස විදියට Dracula 2 and Disciple Of Dracula නමින් නිර්මාණය වෙන්න තීරණය උනත් පසුව The Brides of Dracula නමින් වෙනස් වෙලා තමා තිරගතවෙන්නේ. මිට පස්සේ මම ඉස්සෙල්ලා දුන්න Dracula Prince Of Darkness (1966) කියන එක මේ කතා මාලාවේ තිරගත වෙන අතර ඊළඟට Dracula Has Risen from the Grave (1968) කියන චිත්‍රපටය තිරගත වෙනවා. මේවා චිත්‍රපට මාලාවේ කොටස් කියල කියන්න බැරි උනත් ඔයාලට ඒ පිළිවෙලට බලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

මේ කතාව පටන් ගන්නේ ගම්මානයකට පැමිණෙන ලස්සන තරුණියක් නවාතැන්පලක අතරමන් වීමත් එක්ක. එයා අන්තිමට ඒ හෝටලයේ කාමර නොමැති වීම හේතුවෙන් ප්‍රදේශයේ බැරන්වරියගේ මාලිගයේ නවාතැන් ගන්නවා. එයා දන්නේ නැ එතුමියගේ පුතා පිසචයෙක් කියල සහ එයා සිරකරලා තියාගෙන ඉන්නවා කියල. එයා අත්වැරදීමෙන් එයා නිදහස් කරනවා. ඉතින් ඊට පස්සේ ගම්මානයට ඒ නපුර පැමිණෙනවා . තරුණියන් කිහිපදෙනෙක් බිලිවෙනවා. ඒ අතරේ වැන් හෙල්සින් එනවා පල්ලියේ පුජකයාගේ ආරාධනයෙන් මේ ගැන හොයන්න. ඉතින් එයාට මේ පිසාචයා නැති කරන්න පුලුවන්ද නැත්නම් එයාත් ගොදුරක් බවට පත්වෙනවද කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටිය බලන්න වෙනවා.

මේ චිත්‍රපට මාලාවේ තව එක චිත්‍රපටයක් තියනවා. එත් මම ඒක පස්සේ ඔයාලට දෙන්නම්. මොකද එකදිගට ඩ්‍රැකියුලා චිත්‍රපට දෙකක් දුන්නනේ. මම ඔයාලට ගොඩක් පැරණි කලාත්මක විද්‍යා ප්‍රබන්ධ දුන්නනේ. මම ඊළඟට දෙන්නෙත් එයින් තව එකක්. අපි ආපහු පාරක් පොලව යටට යමු. ගිහින් එන්නම් එහෙනම්.

බුදු සරණයි…..!

The Brides of Dracula (1960) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Brides.of.Dracula.1960.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

393 downloadsDownload The.Brides.of_.Dracula.1960.Baiscopelk.com_.rar49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

393 downloadsDownload Subtitles49 KB

12 comments

  1. mithun

    එ කාලෙ අහල තිබුන දැකල තිබුන ඩ්‍රැකියුල චිත්‍රපට රාශියක්ම ඔයාගෙ පිහිටෙන් සිංහල උපසිරැසි එක්කම් බලනව ඔයට ෆිං දිල සහොදරය ස්තුතියි කරන සේවෙට ගොඩක් කාලයක් ගියාත් බය නැතුව උපසිරැසි තියෙන නිස බාගෙන බලන්න පුලුවන් ස්තුතියි ඔබට

  2. අසිත

    elama saho thanks

  3. Vajira Rathnayake

    හැත්තෑ හතරවැනි උපසිරැසියට සුබ පැතුම්. මේ චිත්‍රපටයත් උපසිරැසි සමග අප වෙත රැගෙන ආවාට බොහොම ස්තූතියි. අනිවාර්යයෙන්ම නරඹනවා. ඒවගේම් සියවැනි උපසිරැසියත් හැකි ඉක්මනින් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු අපේක්ෂාවන් සථලවේ්වා!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Nimesh

    Niyamai saho...puluwnnm Iru Mugan ekta sub denna..sub eka enakal blan inne...

  6. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Rumesh Nilantha Jayaweera.

    oya dunna dracula walin dracula film 3k baluwa horror dracula 1958 Taste the Blood of Dracula 1970 dracula a.d. 1972 thanks bro

  10. Rumesh Nilantha Jayaweera.

    mekath balamu

  11. Withanage Priyantha

    මෙම චිත්‍රපට මාලාවට නැවතත් පණදුන් අසංක සොයුරාට හදවතින්ම අවංක ස්තුතිය පුදකර සිටින අතර,"Dracula" නැමති මෙම චරිතය බිහිවීමට හේතු පාදක වී ඇත්තේ පැරණි සත්‍ය සිදුවීමකි.
    එකළ ට්‍රාන්ස්සිල්වේනියාව යනුවෙන් හැඳින් වූ දැනට "රුමේනියාව" ලෙස හැඳින්වෙන රටේ වර්ෂ 1431 සිට 1476 දක්වා "Dracula" නම් වංශාධිපතියෙක් වාසය කරලා තියෙනවා. එසේම ඔහු ජනයාට එරෙහිව ඉතා කෲර පාලනයක් ගෙනිහින් තියෙන්නේ.

  12. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.