ඔන්න මේ වතාවෙ මම ඔයාලට අරගෙන ආවෙ 1971 වසරේ තිරගත උන ඔස්කාර් සම්මාන පහක් ඇතුලුව තවත් සම්මාන 18 දිනාගෙන තවට් සම්මාන 11 නාම යෝජනා උන French Connection කියන චිත්‍රපටය. 1971 වසරේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස විලියම් ෆ්‍රෙඩ්කින් ඔස්කාර් සම්මානය දිනාගනු ලබනවා. එමෙන්ම, හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම තිරපි…

ඔන්න මේ වතාවෙ මම ඔයාලට අරගෙන ආවෙ 1971 වසරේ තිරගත උන ඔස්කාර් සම්මාන පහක් ඇතුලුව තවත් සම්මාන 18 දිනාගෙන තවට් සම්මාන 11 නාම යෝජනා උන French Connection කියන චිත්‍රපටය. 1971 වසරේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂක ලෙස විලියම් ෆ්‍රෙඩ්කින් ඔස්කාර් සම්මානය දිනාගනු ලබනවා. එමෙන්ම, හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම තිරපිටපත, හොඳම සංස්කරණය, යන අංශ සඳහා හිමි ඔස්කා සම්මාන හිමිකරගන්නවා.
රොබින් මූර් ගේ නවකතාවක් ඇසුරෙන් අර්න්ස්ට් ටෙඩ්මොර් ගේ තිරපිටපතට රංගනයෙන් දායක වන්නේ ජීන් හෙක්මන්, ෆර්නාඩෝ රේ, රෝයි ශ්නයිඩර්, මාර්සෙල් බොසුෆි, ෆ්‍රෙඩ්‍රික් ඩි පැස්කල් බිල් හික්මන් ඇතුලු පිරිසක්. 1970 වසරේ ප්‍රංශයේ මාර්සෙල්ස් වලදී පොලිස් නිළධාරියකු ඝාතනය වන්නේ හෙරොයින් ජාවාරම්කරුවන් අතින්. මේ අතර බෲක්ලින් වල සිදුවන හෙරොයින් ගනුදෙනු පිළිබඳ තොරතුරු රැස්කරන පොලිස් නිළධාරීන් දෙදෙනෙකු එක් කලු ජාතිකයකු හඹා ගොස් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කර තොරතුරු ළබා ගනු ලබනවා. මේ අතර දුරකතන සංවාද වලට රහසේ සවන්දීමෙන් දැනගන්නේ ප්‍රංශයේ සිට ඇමරිකාවට හෙරොයින් ගෙන එන බවයි. අදාල පුද්ගලයා ගැන දින ගනනාවක් සෝදිසියෙන් සිටියද ජාවාරම්කරුවන් අතර අදාල හෙරොයින් ගනදෙනුව සිදු නොවන්නේ පොලීසිය ඔවුන් පසුපස ලුහුබඳින බව දැනගන්නා නිසාවෙන්. නමුත් පසු දිනක පොලිසිය විසින් ජාවාරම්කරු ප්‍රංශයේ සිට ගෙන ආ මෝටර් රථය පොලීසියට ගෙනගොස් කෑල්ලෙන් කෑල්ල ගලවා පරීක්ෂා කරන්නේ මත් කුඩු මෝටර් රථයේ සඟවා ඇතිදැයි බැලීමට.
කිසිවක් නොලැබුන තැන උත්සහය අතහැරීමට සූදානම් නැති පොලිස් නිළධාරින්ට මෝටර් රථයේ බර වෙනස පිලිබඳ සැක සිතී නැවත පරීක්ෂා කිරීමේදී සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් හමුවෙනවා. නැවත එය තිබූ ලෙසම සඟවා වාහනය ආපසු දෙන්නේ එය පෙරදින රාත්‍රී සොරකමට ලක්වී ඇති බව පවසමින් පොලිසියෙ අභිප්‍රාය ගනුදෙනුව සිදුවන විට සියලුදෙනා අත් අඩංගුවට ගැනීම. නමුත් එහි සාර්ථකත්වය පැවසිය හැක්කේ සිනමාපටය නරඹන ඔබටයි. තවත් මෙවැනි සලරුවකින් හමුවෙනතුරු ආයුබෝවන්. වීඩියෝ පිටපත yify අඩවියේ ඔබ වෙනුවෙන් සුරක්ෂිතව ඇත. (මෙම චිත්‍රපයට මත්කුඩු ජාවාරම සම්බන්ධ කතාතේමාවකින් නිමවූවක්. ඔබ බොහෝවිට දන්නවා ඇති මෙවැනි ජාවාරම් කරුවන් අතර කතාබහ වන විවිධ ආදේශිත වචන, එවැනි වචන බහුල මෙම චිත්‍රපටයේ උපසිරැසිය බොහෝ අඩුපාඩු ඇත. බොහෝවිට අවස්තානුකූල උචිත වචන යෙදීමට උත්සහ කලත් එයද අසාර්තක තැන් ඇත. එම නිසා අඩුපාඩු වෙනුවෙන් සමාව අයදිමි.)

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
2,149 downloadsDownload French-Connection-1971.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
15 comments
බොබී
Thirasha
elmh
Nipuna_Malith
Part 2 ekatath sub denna
Kulanjana Maduranga
subata thanks saho...keep it up....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Priyantha Dayakeerthi
බුද්ධික නුවන් සොයුර,
පැරණි සිනමාපට ප්‍රිය කරන්නෙක් හැටියට ඔබේ මේ සේවය ඉතා අගයකොට සලකන්නෙමි, ස්තුතියි! නැවතත් මෙවන්නක්ම ගෙන එන්න. ඔබට ජය!!!AsithaDilruwan
ela saho thanks
akalankagayan
Thnx...
blacktask
aniwa blanwa me film eka.mamt parana film wlata kmti kenke. mewa blana pirisa simitha unt me karna wade sahenna watinwa.digtma krgena ymu
palithadesilva
thank you..
jagath55
Thanks
Nirosha Nirosha
thanks
kasun@rko
Elama saho
sathyajith
Thanks for the sub
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
ගොඩක් අය අළුත් ෆිල්ම්, ටීවී සීරීස්වලට සබ් දෙන්න බලන කාලෙක, මේ පරණ ෆිල්ම් වලටත් සබ් දෙන එක ලොකු දෙයක් සහෝ. තාමත් මේවා බලන කට්ටිය ඉන්නවනේ. දිගටම වැඩ කරගෙන යන්න හදවතින්ම සුබ පතනවා.