ඔන්න එහෙනන් අදත් අරන් ආව ලස්සන සිනමා නිර්මාණයක්. මේ දවස් වල පොඩි විප්ලවයක් කරන්න ගිහින් සහෝදරවරුත් එක්කම කොනට වෙලා ඉන්නේ. ඉතින් ඔය අතරේ රවිදු රුක්ශාන් සහෝදරයා ආරාධනා කරා The Christmas Chronicles ෆිලුමට සබ දෙමු කියලා. ඉතින් මාත් පොඩ්ඩක් බැලුවා ට්‍රේලර් එක. අම්මෝ හිත කඩාගෙන ගියා. එවලෙම සයිට් එකට මේල්…

ඔන්න එහෙනන් අදත් අරන් ආව ලස්සන සිනමා නිර්මාණයක්. මේ දවස් වල පොඩි විප්ලවයක් කරන්න ගිහින් සහෝදරවරුත් එක්කම කොනට වෙලා ඉන්නේ. ඉතින් ඔය අතරේ රවිදු රුක්ශාන් සහෝදරයා ආරාධනා කරා The Christmas Chronicles ෆිලුමට සබ දෙමු කියලා. ඉතින් මාත් පොඩ්ඩක් බැලුවා ට්‍රේලර් එක. අම්මෝ හිත කඩාගෙන ගියා. එවලෙම සයිට් එකට මේල් එකක් දාල කතාවට සෙට් වුනා. මේ සීතල දෙසැම්බර් මාසය උණුසුම්වෙලා යන ලස්සන කතාවක්.
මම දන්නවා ඔයාල හැමෝම අනිවාරෙන්ම හෝම් එලෝන් බලලා තියෙනවා, ඒ වගේම හැරී පොටර් නොබලපු කෙනෙක් නැතුව ඇති. අන්න ඒ වගේම හැගීමක් එයි ඔයාලට මේ කතාව බලන් යද්දී. පවුලේ සැමට නරඹන්න පුළුවන්, නෙට්ෆ්ලික්ස් ආයතනය නිර්මාණය කල විශිෂ්ඨම සලරුවක් කියලා වගකීමෙන් කියනවා. මුළු කතාව පුරාම ලොකු කුතුහලයක් රැදිල තියෙනව වගේම අවසානය දක්වාම එක හුස්මට රසවත්ව ගලායනවා. කතාව අතරතුර කිසිම කෙනෙක් ඇස් ඉවතට ගන්න එකක් නෑ මොකද ඒ තරමටම කතාව රසවත්.
IMDB මීටරය 7.2 ක අගයක් දක්වා කරකවන්න පුළුවන් වෙලා තියෙන මේ සළරුව විනාඩි 104 පුරා දිව යනවා. ඒ වගේම Adventure, Comedy, Family කියන වර්ගීකරණයන්ට යටත්ව තමා එළිදක්වන්නේ. කතාව ගැන පොඩ්ඩක් කියනවනන් ටෙඩී සහ කේටී කියන්නේ අයියයි නංගියි ඉතින් මෙයාල එකතුවෙලා නත්තල් සීයව අල්ලගන්න පොඩි ප්ලෑනක් ගහනව. අල්ලගන්නම නෙවේ බලාගන්න. කොහොමහරි අන්තිමට දෙන්න නතර වෙන්නෙ නත්තල් සීයගෙ කරත්තේ. ඔන්න ඔතනින් තමා සේරම වෙනස්වෙන්නෙ. එතනින් පස්සෙ වෙන දේ දැනගන්න ඔයාලට කතාව නරඹන්නම වෙනවා. ඔක්කොටම කලින් කට්ටිය ට්‍රේලර් එක බලලා සෙට් වෙන්න. ඔයාල දෙපාරක් හිතන්නේ නෑ අනිවාරෙන්ම කතාව බාගත කරගන්නවා.
හරි එහෙනන් මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන මේ කතාව ගැන මාව දැනුවත් කරපු රවිදු රුක්ශාන් සහෝදරයට. ඒ වගේම මට මේ කතාව කරන්න අවසර දුන්න හසන්ත අයියට. මේක මගේ අට වන උපසිරසි ගැන්වුම. මුල ඉදන්ම මට සහයෝගය ලබා දුන්නේ ඔහු තමා. ඒ වගේම අපේ විප්ලවකාරයෝ ටික අමතක කරන්න බෑ. කවිශාල් රසින්ත, බේනුක නිම්හාන් සේනාධීර, කවිනු වීරක්කොඩි. කට්ටියම කොනට වෙලා ඉන්නේ මේ දවස්වල. මේ කට්ටිය ගොඩක්ම උදව් කරා මේකේ තිබුනු විශේශ වචන තේරුම්ගන්න. මොකද නත්තලටම ආවේණික වචන ගොඩක් තිබ්බා.
එහෙනන් හරි හැමෝම කතාව අරගෙන රසවිදින්න. පවුලේ හැමෝටම නරඹන්න පුලුවන් ඉතාමත් කුතුහලයෙන් පිරුණු කතාවක්. මේකනන් මගහැරගන්න එපා සහෝදරවරුනේ ඔයාල ගොඩක් පසුතැවෙයි….
සුභ නත්තලක්!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
7,318 downloadsDownload The-Christmas-Chronicles-2018-1.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ මලිත් වීරමුණි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් වීරමුණි
Subtitles
65 comments
කවිශල් රසින්ත (කවී)
Ravindu Rukshan
තුති
subodha
Thanks
Hasidhuanjana
පොඩි ඉල්ලි්මක් තියෙනවා. සුපිරි tv series එකක් තියෙනවා. නම THE LIBRARIANS . SUB එක දෙන්නකෝ ඒකට. කරැණාකරලා.
Prabodha Madhusankha Hettiarachchi
ගොඩක් ස්තුති සබ් එක සහො ....
kavinuweerakkody
මාව කාලා. සතුටුයි!
Shehan putha
thanks bro !
jaya wewa !Mayura
මේක බලන්නම උන්නු එකක්. එෆ්අ බී එකේ දැක්කා මේකට හොඳ කියලා තිබ්බ තරම්නි.
අනිවා බලනවා නත්තල් දවසට හරි.
බොහොම තුති මලේ' ;)Kulanjana Maduranga
subata thanks
Thilankadissanayake
සබ් එක එනකම් හිටියෙ. ස්තූතියි . Good luck !
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
kelumchathuranga
thanks
dsdkavishka
Thenks ... for sub
Tharaka
THANKS..............................................
Nilush Angana
Sub ekata thanx
Saman Pradeep
sub eka hariyata wada karanne nane
Malith Weeramuni
ගැටළුව නිරාකරණය කරා සහෝදරයා.
දැන් උත්සහ කරන්න.
ස්තූතියි.
ජයවේවා.
❤️❤️❤️mr. mc
eth wadakaranne na saho
sanjulamadushan
Sub eka wada karan na mchn
Malith Weeramuni
ගැටළුව නිරාකරණය කරා සහෝදරයා දැන් උත්සහ කරන්න.
ස්තූතියි.
ජය වේවා!
❤️❤️❤️❤️
Sajiya99
Thanks sub ekata
Viraj
thanks saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
TEP
"500 days of summer" film eke subtitles one. godak aya request karala thiyenawa. kalin baiscopelk eke dala thibila delete karala. puluwannam karunakarala mekatath sinhala subtitles hadala denna.
MAALnath
500 days of summer sub denna ......................
Uvindu Dilshan
Sub ekata thankx bro
AsithaDilruwan
ela saho thanks
Hemantha De Silva
ස්තුතියි මලිත්...
ස්තුතියි බයිස්...Stranger
thanks
sasala
thanks.jayaveva
Gathsara Umesh
බොහෝම ස්තූතියි
nisala_d
Thank you bro...!!!
AyeshDushmantha
Thank you. Good job.
Rashmika dumidu
Thanks bro
luckysun
OK friend chistmas celebrate movie you sub attached is beutiful great my child enjoy you sub go how long thanks
MAALnath
Thanks ..................good luck .......................The zookeeper 2011,now is good 2012 movie valatath sub denna .........................
MAALnath
Thanks .............................good luck ......................................
akalankagayan
Thnx.........
Gayan Chathuranga
thanks bro!
vas0303
Thank you so much
Eranda Malith 2.0
බොහොම ස්තූතියි
sasala
thanks
බොබී
මොකක්ද අර profile picture එක? ජනාධිපති බාලදක්ෂයෙක්ද සහෝ? ලිපිය ලියලා තියෙන විදියට අනිවා කතාව බලනවා. ඔන්න මාත් සබ් එක බෑවා. උපසිරැසි නිර්මාණකරණයේ දිගු ගමනක් යන්න, normal බාලදක්ෂයෙක්ගෙන් උණුසුම් සුබපැතුම්.
Naveendra_rox
Thanks
SAjith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!wasanthalife
Thank you bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!aks
Thanks...
Dhanushkadill
Thanksssss!!!!!!!!!!!!!!
JF6996
Thank you Son
visara
can you plz tell me how to download movices
Malith Weeramuni
Use baiscopedownloads.com
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Sachintha Kalhara Benet
Thanks Bro.
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි සහෝ...
ජය...!!! :D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ආ දීලා නේද මේක. බලන්න නෙමෙයි හිටියේ මේක ඇත්තම කිව්වොත් ඒත් ඔබතුමාගේ පෙරැත්තට ට්‍රේලර් එක බැලුවා, දැන් ඉතින් කොහොමද නොබලා ඉන්නේ, අනිවා බැලිල්ලක් තමා, ආ ඒ වගේම මාවත් අපේ විප්ලවාදීන් ටිකත් හීනියට මතක් කලාට ඉස්තූතියි ඈ, එහෙනම් බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා...!!