මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ළඟ සොඳුරිය කරගන්නයි මා සිතුවේ හැමදින.. ඉතිං ආදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි, කාලෙකට පස්සෙ ගෙනාවා අනිවාර්යයෙන්ම බැලිය යුතු..ඔව් මම ආයෙ කියනවා අනිවාර්යයෙන්ම බැලිය යුතු බයිස්කෝප් එකක්.. මේකත් කලින් එක වගේම තායිලන්තය සිනමාපටයක් නිසා මම අධ්‍යක්ෂකල නිෂ්පාදකලා අඩුම ගානෙ නලු නි…

මිතුරිය සේ ඔබ උන්නත් මගෙ හදවත ළඟ සොඳුරිය කරගන්නයි මා සිතුවේ හැමදින..
ඉතිං ආදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි,
කාලෙකට පස්සෙ ගෙනාවා අනිවාර්යයෙන්ම බැලිය යුතු..ඔව් මම ආයෙ කියනවා අනිවාර්යයෙන්ම බැලිය යුතු බයිස්කෝප් එකක්.. මේකත් කලින් එක වගේම තායිලන්තය සිනමාපටයක් නිසා මම අධ්‍යක්ෂකල නිෂ්පාදකලා අඩුම ගානෙ නලු නිලියො ගැනවත් කියන්නෙ නෑ. චූන්පාන් වගේ නම් ටිකක් බොරුවට දාල වැඩක් නෑනෙ😐. IMBD ratings 7.3 ඒත් ඉතිං අනිවාර්යයෙන්ම බලන්න කියල රේටින් ගැන කියන එකත් විහිළුවක්😂
අනික ඕනෙ මොනවද.. මොනවද.. මොනවද.. කොමඩි ඕනෙද කොමඩිත් තියෙනවා, රොමෑන්ස් ඕනෙද දෙන්නම්, ත්‍රිල් එක ඕනෙද අපෝ දෙන්නම්, තව ඔය ඕනෙ ඒව ඔක්කොම තියෙනව. කලින්ම කියන්න ඕනෙ සමහර වචන ඉතිං නොදාම බැරි වුණා සොරි ඈ🙄
කතාව කියන්න අමාරුයි මේකෙ, ඒත් පොඩි අදහසක් දෙන්නම්.
කතාව යන්නෙ යාලුවො දෙන්නෙක් අතරෙ, කෙල්ල ගූන්ක් ගින් එතකොට කොල්ලා පාම්. දෙන්න ඉස්කෝලේ කාලෙ ඉඳන් බොක්කවල්. මොන බොක්ක වුණත් ඉතිං තේරුම් ගන්න ඕනෙ චාමර අයියෑ සිංදුව ඇත්ත බව. අනික් අතට මගේ යාලුවො වගේ ඉන්න කෙල්ලොත් මේව තේරුම් ගන්නම ඕනෙ😒😐
ඔයාට ඔයා බලාපොරොත්තු වෙන කෙල්ල වෙනුවෙන් කොච්චර කල් බලා ඉන්න පුළුවන්ද.. අවුරුද්දක් දෙකක් තුනක්..🙄 කොහොමද දශකයක් බලා ඉන්නව කිව්වොත්.. හරි හරි ඉතිං බලා ඉන්නව කිව්ව මිසක් බලාගෙන තනිකඩව ඉන්නව කීවෙ නෑනෙ😐 ඒ අතරෙ ඔය පොඩි පොඩි පලහිලව් යන්න පුළුවන්.😁 ඒව ගණන් ගන්න එපා ඉතිං. එක් අතකට තමන්ගෙ ඒක පාර්ශ්වික පෙම්වතිය වෙනුවෙන් බලා ඉන්න, අනෙක් අතට තමන්ගෙ හොඳම යෙහෙළිය වෙනුවෙන් ඕනෙ දෙයක් කරන යාලුවෙක්. ඒකෙ විරුද්ධ අතට තමන්ගෙ යාලුව ගැන හිතේ ආදරයක් තියෙන කෙල්ලෙක්, යාලුවව ඔය මඟුල් නිසා නැතිකරගන්න බය යෙහෙළියක්.
මේකෙ තව ගොඩක් ගැඹුරු තැන් ටච් කරන්න පුළුවන්. ඒ වුණාට මට ටයිප් කරන්න කම්මැලී. මම ඉතිං කියනව බලලම මේක ගැන කමෙන්ට් එකක් දාන්න ඔයාලට දැනුණු තැන් කියලම.
නැත්නම් සංවාදයට😂😂
අන්තිමට සොහාන් (බිල්ලා) ජයසූරියට ෆිල්ම් එක ගැන කිව්වට. හසන්ත අයියට මේ සබ් එක දුන්නට. ඒ වගේම මේක බාරගත්තෙ ඔක්තෝබර් 22 මම බාරගද්දිම කිව්වා මට එක්සෑම් සෙට් වෙනවා ඒකට කමක් නෑ කියල උදව් කරාට මෙච්චර පරක්කු කරාට සමාව ඉල්ලන ගමන්ම කියන්නම් බොහොම ස්තූතියි.🙏😊

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා ගැළපේ.
4,594 downloadsDownload Friend.Zone_.2019.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුචික ලියනගේ (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-07-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුචික ලියනගේ (රුකා)
Subtitles
25 comments
gihan perera
geeganagamage
බොහොම ස්තුතියි ලස්සන ෆිල්ම් එකක් වගේ අනිවාර්යයෙන්ම බලනවා .
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!සහන් කෞෂල්‍යය
...........සබ් එකට බොහොම ස්තුතියි සහෝ........
෴ තෙරුවන් සරණයි ෴Hashan M. Priyadarshana
Thank you bro sub ekata :)
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Sajithlakshan
thanks ................
ranga11112
thanks you saho....pattta
maikee
මෙකට කදුලුත් එනවා. බලද්දි එත් අන්තිමට සතුටුයි තැන්ක්ස් බං මේ වගේ කතා වලට සබ් දෙන එක. තව ආදර කතා දෙන්න
Massanka
බාගයයි බැලුවෙ තවම.... මගින් ආවෙ මේක දුන්නට ටැම්කූ කියල යන්න
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
arawindasunimal
ස්තුතියි උපසිරසියට (රැචික ලියනගේ) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
Rukshan37
Ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
.Ruchikaliyanage
අපේ නමවත් නොදා වෙන සයිට් සබ් උස්සනව අයියෙ.
සබ් එක ඉස්සුවට මට කිසිම ප්‍රශ්නයක් නෑ
ඒත් අඩුගානෙ මහන්සියට නමවත් මෙන්ෂන් කරනවනම්..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
දමිත් රත්නායක
බොහොම ස්තුතියි රුචික සහෝ
ජයෙන් ජයම වේවා!D.Chamara
bohoma sthuthi sahoo
Nilush Angana
Sub ekata thanx
jagath55
thanks
MAALnath
Thanks ..................good luck .................................
Piumi vinodya
sub 1ta tnx
දිල්ශාන් සචින්ත
එල ෆිලුමක් වගේ. සබට තැනක්ස් මචන්.
කවිඳු ජයවර්ධන
බලපු පලවෙනි thai ෆිලුම..මරු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..ඔබට ජය!!!Harshana Atapattu
Thanks for sub brother. Keep it up
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි මචෝ බං....පට්ට....කොහොම හරි මේකට උපසිරැසි දුන්නට ගොඩක් ස්තුතියි සහෝ......දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....ජය වෙිවා.....