Watch Trailer

Ran (1985) Sinhala Subtitles | පළා යාම [සිංහල උපසිරසි] 18+

අවුරුදු 17 ඉදන් බලය වෙනුවෙන් ලේ හලපු මහළු වංශාධිපතියෙක් තමන්ට අවුරුදු 70 දි තමන් සතු බලය තමන්ගේ පුත්තු තුන්දෙනාට පවරලා නිදහසේ ජීවත් වෙන්න හිතනවා. ඒත් ඒ ලෙයින් යකඩින් ගොඩ නැගුණු බලය ඇතුළෙම කැටි ගැහිලා තියන තමන් විසින්ම නිර්මාණය කර ගත්තු ඉරණමෙන් නිදහස් වෙන්න මහළු වංශාධිපතියාට ඉඩ ලැබෙයි ද? Ran නිර්මාණ…


අවුරුදු 17 ඉදන් බලය වෙනුවෙන් ලේ හලපු මහළු වංශාධිපතියෙක් තමන්ට අවුරුදු 70 දි තමන් සතු බලය තමන්ගේ පුත්තු තුන්දෙනාට පවරලා නිදහසේ ජීවත් වෙන්න හිතනවා. ඒත් ඒ ලෙයින් යකඩින් ගොඩ නැගුණු බලය ඇතුළෙම කැටි ගැහිලා තියන තමන් විසින්ම නිර්මාණය කර ගත්තු ඉරණමෙන් නිදහස් වෙන්න මහළු වංශාධිපතියාට ඉඩ ලැබෙයි ද?

Ran නිර්මාණය කරන්නේ අකිරා කුරෝසාවා කියන කීර්තිමත් ජපන් සිනෙමකරුවා. ඇමරිකානු සිනෙමාව ඇතුළෙ සර්ජියෝ ලියොන් ලකුණ තියෙන්නේ කොයි විදියටද, ඉන්දියානු සිනෙමාව ඇතුළෙ මනිරත්නම් ලකුණ තියෙන්නේ කොයි විදියටද ජපන් සිනමාව තුළ අන්න ඒ විදියටම අකිරා කුරෝසාවා ලකුණ රැඳිලා තියනවා. මම සර්ජියෝ, මනිරත්නම් සහ අකිරා කුරොසාවා එක පෙළට තියන්න උත්සාහ කරන්නේ ඔවුන් විසින් තමන්ගේ නිර්මාණ කොච්චර දුරට තමන්ට සමීප පරිසරයට, ඒ පරිසරයේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම්වලට අදාළ කරගන්න දක්ෂද කියන එක උඩ. රෂොමාන් (Rashomon 1950), සෙවන් සමුරායි(Seven Samurai 1954), යොජිම්බෝ (Yojimbo 1961) වගේ කුරොසාවා අතින් නිර්මාණය වුණු සදාතනික සිනෙමා පට සියල්ලකම මේ සුවිශේෂී ජපන් අනන්‍යතාව තියනවා.

Ran චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ ෂේක්ස්පියර්ගේ King Lear කියන නාට්‍ය සහ Mōri Motonari ජපන් පුරාවෘත්තය පාදක කරගෙන. ජපන් ජන වහරෙන්, ගැමි නාදයන්ගෙන් චිත්‍රපටියෙන් මතු කරන්න උත්සාහ කරන අර්ථය තව තවත් පෝෂණය වෙනවා. මම උපසිරස නිර්මාණය කරන්න පාවිච්චි කළේ ඉංග්‍රීසි උපසිරස පිටපත. ජපන් බස ඉංග්‍රීසියට පෙරළිලා, නැවත ඉංග්‍රීසිය සිංහලට පෙරලෙද්දී සමහර අර්ථයන් ඒ ලෙසම නොවෙන්න පුළුවන්. ඒත් චිත්‍රපටිය රස විදින්න බාධාවක් නොවෙන්න සිංහල උපසිරස සැකසිලා ඇති කියලා මම විශ්වාස කරනවා.

අවසාන වශයෙන් මම ඔබට RAN බලන්න යෝජනා කරන්නේ ඒක කුරොසාවා විසින් නිර්මාණය කරපු නිසාවත්, ශේක්ෂ්පියර්ගේ නාට්‍යක් ඒකට පාදක වෙලා තියනවා කියන නිසාවත් නෙවෙයි. අමිතාභ බුද්ධ වන්දනාව වටා ගොඩනැගෙන මහායාන බෞද්ධ සම්ප්‍රදායත්, දේව වන්දනාවත් නිරූපණය කෙරෙන පසුබිමක ඉදන් එතනින් එහාට ගිය විශ්ව ධර්මතාවයක් ගැන කතා කරන්න මේ නිර්මාණය උත්සාහ කරනවා. උන්නතිකාමය කේන්ද්‍ර කරගත් ගමනක ලෝකයම හැල්මේ දුවද්දී ඒ තරඟයෙන් ඈත් වෙලා ඉන්න කාටවත් ඉඩක් නැහැ. ඒ දිවිල්ල සමඟ රැස්කරගන්නා හොඳ පරයා යන නොහොඳ චක්‍රයක් වගේ අපි සියළු දෙනා පස්සෙන් ලුහුබඳිනවා. පළා යෑමකට කාටවත් ඉඩක් නැහැ. ඒ වගේම කර්මයන් රැස් වෙයි කියලා තරඟයෙන් ඉවත් වෙන්නත් බැහැ. දුවන්නම වෙනවා.

RAN චිත්‍රපටය IMDB දර්ශකයේ 8.2 ක අගයක් වාර්තා කරමින් හොඳම චිත්‍රපටි 250 අතර ස්ථානගත වෙලා තියනවා. ඒ වගේම 1986, 1987 වර්ෂවල සම්මාන ගණනාවකට පාත්‍ර වෙලා තියනවා. නැවතත් කියනවා, ඔබ RAN නැරබිය යුත්තේ මේ එක කාරණයක් නිසා වත් නෙවෙයි ඒක නියම සිනමා ගැළපිල්ලක් නිසා. මිනිත්තු 162 ක නිහඬතාවයකින් චිත්‍රපටිය බලලම ඉන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා සඳහා අදාළ වේ.

3,712 downloadsDownload Ran-1985.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019/12/29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,712 downloadsDownload Subtitles46 KB

20 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata :) ...
    Jaya wewa.!

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  3. ranga11112

    thank you saho....
    sub denna digatama..bs

  4. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...

  5. තිසර නියෝ

    Thanks

  6. sarangaw

    සබ ට ගොඩක් ස්තුතියි !

  7. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (පැතුම් රණසිංහ) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌

  8. Suranjan

    Thanks.... Jayawewa. .....!

  9. indika75

    thanks..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Dewadithya

    Thanks for Sub!

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra.

  14. kuma.lk

    Thank you ....

  15. pathum ranasinghe

    ස්තුති කරපු සියලු දෙනාටම ස්තුතියි. තවත් අලුත් වැඩකින් මුනගහෙන්නම්

  16. wajira

    Thanks for sub

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. Wicki

    උපසිරසට බොහොම ස්තූතියි. අගනා සිනමා සිත්තමක්

  19. Waruna Kamalawansha

    බොහෝම ස්තූතියි

  20. jazz

    බොහෝම ස්තුතියි සහෝදරයා.