Watch Trailer

From Russia with Love (1963) Sinhala Subtitles | ජේම්ස් බොන්ඩ් 2 [සිංහල උපසිරැසි]

ෂාහ් ! ගිය පාර පොඩි වැ‍රැද්දක් වෙලානේ ලිපිය ලියනකොට. මමත් පස්සෙ දැක්කේ. ඒ වෙලාවේ නොදැන හිටියත් පස්සේ හොයලා බලනකොටයි මට මේ ගැන දැනගන්ඩ ලැබුණේ. ඒ නිසා ඉස්සෙල්ලාම ඒක හරිගස්සලා ඉන්ඩ ඕනෙ කියලා හිතුවා. Sean Connery නොහොත් ප්‍රථම James Bond නළුවා; ඔහු රඟපාල තියෙන Bond චිත්‍රපටි ප්‍රමාණය 06ක් නෙමෙයි 07ක්!…

ෂාහ් ! ගිය පාර පොඩි වැ‍රැද්දක් වෙලානේ ලිපිය ලියනකොට. මමත් පස්සෙ දැක්කේ. ඒ වෙලාවේ නොදැන හිටියත් පස්සේ හොයලා බලනකොටයි මට මේ ගැන දැනගන්ඩ ලැබුණේ. ඒ නිසා ඉස්සෙල්ලාම ඒක හරිගස්සලා ඉන්ඩ ඕනෙ කියලා හිතුවා. Sean Connery නොහොත් ප්‍රථම James Bond නළුවා; ඔහු රඟපාල තියෙන Bond චිත්‍රපටි ප්‍රමාණය 06ක් නෙමෙයි 07ක්! ඒ කියන්නේ මේ චරිතයේ වැඩිම නිරූපණය කරලා තිබෙන අය අතර ඉහළම තැන ඔහු ‍රැ‍ඳෙනවා Roger Moore හා සමසමව. ප්‍රථම Bond නළුවා ගැන ඒ විදිහේ විශේෂත්වයක් සටහන් කරද්දී මේ දෙවෙනි චිත්‍රපටය හා සබැ‍ඳෙන විශේෂත්වයන් රාශියක්ම තිබෙනවා කියන්ඩ. ඒ ටික කියල ඉන්නම්කෝ ඉස්සර වෙලාම.

James Bond නිර්මාපකයා වන Ian Fleming ට අනුව ඔහු අතින් රචනා වුණ වඩාත්ම අගය කළ හැකි කෘතිය වන්නේ මේ චිත්‍රපටයට පාදක වූ මෙනමින්ම යුතු කෘතිය. ඒ විතරක්ද සියලූම Bond චිත්‍රපට අතරින් පොතේ තිබෙන කතාවට වඩාත්ම සමීප චිත්‍රපටයත් මෙයයි. ඒ විතරක්නම් මදෑ, හිටපු ඇමෙරිකානු ජනපති John F. Kennedy තමාගේ ප්‍රියතම පොත් 10ය තුළට මේ පොතේ නමද ඇතුළත් කර තිබුණා. ඒ හේතුවෙන් ඇමෙරිකාව තුළ ඉහළම අලෙවියක් හිමි කරගත් අපරාධ කෘති රචකයා බවටත් Fleming පත් වුණා. මේ කිව්වෙ පොත හා සම්බන්ධ විශේෂතා ටිකක්. පොත වගේම චිත්‍රපටයෙත් විශේෂතා ‍රැසක් තියෙනවා. මුල්වරට James Bond Gadget Case එක එළිදකින්නෙ මේ චිත්‍රපටයේදී තමා. Bond ට ලබා දෙන අමුතු අමුතු ගැජමැටික් කෑලි (මේකෙදි නම්; AR-7 .22 survival rifle with infrared telescope, Tear gas cartridge, Tape recorder camera වගේ ඒවා…) දාලා එවන්නේ මේකේ තමයි. ඇයි ලෝක රූ ‍රැජිනකුත් ඉන්නවනේ. ලෝක රූ ‍රැජින තරගයෙන් 1968 වසරේ දෙවෙනි තැන දිනා ගත් Daniela Bianchi තමා Bond ගේ කෙල්ල වුණේ. ලස්සන ගැන අමුතු කතා ඕනි නෑනෙ එහෙම කිව්වම. ඒ ඇරුණම Bond චිත්‍රපටයක Leading Bond Girl කෙනෙක් විදිහට චරිත නිරූපණයක් කළ ලාබාලතම තැනැත්තියත් ඇයයි. අවුරුදු 21යි. තව මොනාද නේ? ඒ ඇරුණහම ලෝකයේ අපරාධ සංවිධාන 6ක එකමුතුවකින් ක්‍රියාත්මක වන ජාත්‍යන්තර අපරාධ සංගමයේ විස්තර මුල්වරට එළි දකින්නෙත් මේ චිත්‍රපටයේදීම තමයි. ඒ වගේම මේ චිත්‍රපට මාලාවේ සිව්වන වැඩිම අගය IMDb වෙබ් අඩවියේදී හිමි කරගන්නට සමත් වී සිටින්නේත් මේ චිත්‍රපටය. එහෙනම් පෑරුවා මදෑ. බහිමු කෙලින්ම විස්තරේට.

මෙදා පාර මෙහෙයුම Lektor නමින් යුතු ගූඪකේත සකසන යන්ත්‍රයක් සොයන්නටයි. රුසියාවේ නිපැයුමක්! අර අපරාධ සංවිධානය සැරසෙන්නේ මේක රුසියාවෙන් හොරකම් කරලා, ආපහු රුසියාවටම විකුණන්ඩ. නමුත් ඔවුන් දන්නවා මේ යන්ත්‍රය අත්පත් කරගන්නට ඇමෙරිකානු CIAය සහ බ්‍රිතාන්‍ය MI6ය නොකරන දෙයක් නැති බව. ඔවුනගේ අරමුණ තමන්ගේ රූමත් සේවිකාවක මාර්ගයෙන් Bondට මෙය ලබා දෙන බව දන්වලා ඔහුව අවශ්‍ය තැනට ගෙන්වාගෙන උගුලකට හසු කරන්ඩ. ඒ අතරෙ මේ කිසිත් නොදන්න අර ලස්සන කෙල්ලට වහ වැටිලා වළේ වැටෙන Bondව ඉවරයක් කරන්ඩයි අදහස. Bond වැඩේට පටළැවුණා කියන්නේ බ්‍රිතාන්‍ය ඔත්තු සේවයත් පටළැවෙනවා, එතකොට රුසියාව බ්‍රිතාන්‍යය ගැන සැක කරන්ඩ ගන්නවා. ප්‍රතිඵලය අනිවාර්ය යුද්ධයක්! සීතල යුද්ධයක් නොවුණොත් ලෝක යුද්ධයක්!

මෙදා පාර Bond ට මුහුණ දෙන්ඩ වෙන සතුරා කවුද කියන එක දැනටම දන්නවනෙ ඉහළින් කිව්ව නිසා. මේ වතාවෙ හැබැයි ගිය වතාවෙ කෙරුම් වලට වන්දි ගෙවන්ඩ ඔහුට සිද්ධ වෙයි වගේ. මොකද ගිය පාර Dr.No මරා දාපු පළිය ගන්න එකයි මේ සංවිධානයේ අරමුණ. හේතුව ඔහුත් මේ රහස් සංවිධානයේ අති ප්‍රබල සාමාජිකයෙක් වීම. Bond කොහේදෝ දිහාවක කාවදෝ හඹාගෙන යනවා. ඔහු බොහොම පරිස්සම්. නමුත් ඇත්තටම හැඹීමට ලක් වෙන්නේ කවුද කියන එක ප්‍රශ්නයක්! සුපුරුදු පරිදි Bond කාවදෝ හඹාගෙන යනව කියල අපට හිතුණට පේන විදිහට කවුදෝ කෙනෙක් ඔහු පසුපස හඹාගෙන එනව. Bond යන්නේ බොහොම සැලකිල්ලෙන්. හැකිතාක් නිහඬව. නමුත් මේ අනිත් කෙනා එහෙම නෑ. ඔහු හරිම නොසැලකිලිමත් විදිහට සද්ද බද්ද කරමින් තමා යන්නෙ. නොසැලකිල්ලද නැතිනම් සැලකිල්ලද? Bond ට දෙන සලකුණක් ද මේ? නමුත් Bond ට ඒ ඔස්සේ ඔහුව හොයාගන්නට බෑ. එකවරම ඡායාවක් දකින Bond වෙඩි තියනවා. Bond දිනුම් ද? තවම නෑ. Bond උසට වැවුණු පඳුරු වැටිය අතරින් එබිකම් කරමින් ඉදිරියට ඇදෙනවා. සැඟව ගත් කෙනා තම ඔරලෝසුවෙන් කම්බියක් පිටතට අදිනවා. ඔන්න දැන් Bond ඔහු සිටි තැන. නෑ කවුරුවත් පේන්ඩ නෑ. Bond හැරිල වෙන පැත්තකට යන්ඩ ගන්නවා. එතකොටම අර මිනිසා ඔහුව අල්ල ගන්නවා. කම්බියෙන් හිර වුණු Bond ගෙ බෙල්ල එල්ලා හැළෙනවා. Bond ගෙ මිනිය බිම වැතිර ගනිද්දී එක්වරම වේදිකාවක ආලෝකකරණයට වගේ විදුලි පහන් දැල්වෙනවා. මිනිසෙක් සාහසිකයා අසලට එනවා. “හරියටම විනාඩියයි තප්පර 52යි. විශිෂ්ටයි.” Bond ව මරන්ඩ ඔහුට ගත වූ කාලය! ඊට පස්සෙ පහතට නැමෙන ඒ මිනිසා Bond ගේ මූණ ගළෝල අරගන්නවා. ඒ කොහොමද? මෙහෙමයි,

නෑ.. ඒ ටික සබ් එක්කම බලමුනේ…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,917 downloadsDownload From.Russia.with_.Love_.1963.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/12

<< 007 – 01

007 – 03 >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

1,917 downloadsDownload Subtitles85 KB

58 comments

  1. chandana

    loweth na patta kalin akath supiri

  2. Isuru

    Thnnxxxxxxx

  3. lasidu

    ලොවෙත් නෑ මචං පට්ට

  4. tharanga

    නියමයි සහෝමෙන්න ෆිල්ම්ස්

  5. upali

    jayena jaya

  6. chami

    thnx so much

  7. elakiri

    එල එල එලම කිරි

  8. was

    බොහොම පින් හොදේ අනිත් ඒවාත් එක්මනට දෙමු

  9. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    pattai saho...lipiyath elata thiyenawaaa.....

  10. lk

    thnnx bro

  11. sumudu

    ela thnx

  12. ganidu

    නියම වැඩක් අනිත් කොටස් ටිකත් දෙමු ඔන්න

  13. එරංග

    එලස්,,,,, නියමයි

  14. h[A]s

    ජය වේවා නියමම වැඩක් පට්ට පතුරු

  15. samaith4

    නියමයි බ්‍රෝ :)

  16. ccnp

    Thanks

  17. thusitha

    සුපිරිම කතා මාලාවක් නේ අනිත් ඒවත් ඉක්මනටම දෙන්න ලැබේවා!

  18. ravi70

    niyama wadakata atha gahala tiyenneeee.jayen jaya

  19. ravi70

    puluwan nam BRRIP copy ekakuth dennaaaa

  20. “චූටී මල්ලි”

    අනික් ටිකටත් ඔනි කොල්ලො
    දෙනවා නේද?

    මේකට ස්තුතියි

  21. zumo man

    niyami :) elaz

  22. kasun

    thnx macho :)

  23. THISARA

    නියම වැඩක් :) ජය

  24. pubudu

    aniwa download karanwa ..thnxz

  25. aruna

    අනිවා බලනවා... ජය

  26. geeth

    elakiri wadak ne MACHO

  27. කැළුම්

    තුති සහෝ :)

  28. rusuru | රුසිරු

    පට්ට :)

  29. praboda

    jayama weywa

  30. උදාර

    එල එල අනිත් ඒවත් දෙන්න ඔන්න

  31. Shaki

    තෑන්ක්ස් සහෝ! එළකිරි!

  32. mudiya / මුදියා

    නියමයි සමීර නියමයි.දිගටම මේ ඔක්කොටම දෙන්න ඕනි.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!

  33. Jayan Chamal

    deiyo dua vage ape tathala a kale meka gana kiyaava eth baganna tanak tibbe na . me pili vela digatama dagena yaa

  34. පෙදරේරුවා නොහොත් මේසන්බාස්

    good job.
    thanks !

  35. සචිත උදාර

    කොයිතරම් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වුනත් වර්තමානයේ ලංකාවේ චිත්‍රපට රසිකයන් බොහෝ දෙනෙකුට මඟහැරුනු චිත්‍රපට මාලාවක්. ඒක මේ විදිහට දෙන්න යන එක නම් සුපිරිම උදව්වක්... තෑන්ක්ස්...!

  36. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එකත් දුන්නා නේද එහෙනම්. මෙන්න බානවා :P :P

  37. නලියා

    එළ සහෝ.. ඔක්කොම ටික හිමිට දාමු..
    මා ළග ෆිල්ම් ඔක්කොම තියෙනවා..

    සිංහල සබ් එකත් එකතු උනාම සුපිරිම තමයි..
    ජය වේවා...

  38. dimuthu තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ අතාරින්නෙ නැතිව අනිත්වත් පිළිවෙලට පෙළගස්වන්න.බොහොම ස්තුතියි සහෝ,මේ ටිකට සබ් දෙන එකට,ජයවේවා.

  39. Jayan Chamal

    navathana epa ituru tikath digatam denna

  40. දිදුල Kd සිල්වා

    නියමයි යාලුවා... ඔක්කොම ටිකට සබ් දෙමු කොහොම හරි.. ජය වේවා෴

  41. රාම් රාජ්

    ස්තූතියි.

  42. Uraj Deemantha

    පිස්සු කොර, තවම පලවෙනි එක බාගන්නත් බැරි උනා..... මේ ඩිංගට දෙවනි එකත් දීලා...... :)

  43. Chathuranga

    ඔන්න ඒකත් බාගන්න දැම්මා....ස්තුතියි...

  44. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට. ඉඩක් ලැබුන ගමන් අනිවා. ඔක්කෝ ම ටික ගන්නවා.

  45. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  46. සමීර කරුණාරත්න

    අදහස් දක්වපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි...!

  47. gihan

    ගොඩක් ස්තුතියි

  48. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  49. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  50. TharakaWAS

    Thanks for sub...!!!

Load more comments