From the World of John Wick: Ballerina (2025) Sinhala Subtitles කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ, අවුරුදු දෙකකට විතර පස්සේ ආයෙම ආවා බයිස්කෝප්පුව පැත්තේ ෆිලුමකට සබක් කොටාගෙන. ඒ සුප්‍රසිද්ධ John Wick චිත්‍රපටමාලාවේ SpinOff චිත්‍රපටයක් ලෙස 2025 වර්ෂයේ නිකුත් වුන From the World of John Wic…

From the World of John Wick: Ballerina (2025) Sinhala Subtitles
කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් සෑහෙන කාලෙකට පස්සේ, අවුරුදු දෙකකට විතර පස්සේ ආයෙම ආවා බයිස්කෝප්පුව පැත්තේ ෆිලුමකට සබක් කොටාගෙන.
ඒ සුප්‍රසිද්ධ John Wick චිත්‍රපටමාලාවේ SpinOff චිත්‍රපටයක් ලෙස 2025 වර්ෂයේ නිකුත් වුන From the World of John Wick: Ballerina සිනමාපටය සමගින්. 2025 වසරේ නිකුත් වුන මේ සිනමාපට IMDB දර්ශකයේ 7.2 ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 76% අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් John wick චිත්‍රපට එක්ක බලපුවාම මේක අලුත් දෙයක් නෙවේ.
ඉතින් මෙහි ප්‍රධාන චරිතය රග දක්වන්නෙ කවුරුත් දන්නා සුරූපී නිළි Ana de armas විසින්. ඒ වගේම Keanu Reeves, Ian McShane, Anjelica Huston, Lance Reddick, Norman Reedus, Gabriel Byrne යන නලුනිලියන් මෙහි සෙසු ප්‍රධාන චරිත රග දක්වනවා. චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ලෙස ඩොලර් මිලියන 90ක් වියදම් වී අතර මේ වන තෙක් ඉපයීමට සමත්ව ඇත්තෙ ඩොලර් මිලියන 110ක් වැනි මුදලක් පමණක් වීම විශ්මයට කරුණක්. බොහෝවිට ජෝන් වික් ප්‍රධාන චරිතය නොවීමත් එයට බලපාන්නට ඇති. එහෙනම් ඒ ගැන නොහිතා කතාව ගැන කෙටි විස්තරයක් කරලා ඉන්නම්.
මේ කතාව දිවෙන්නෙ ජෝන් වික් තුන්වැනි සිනමාපටය සහ හතරවැන්න අතර කාලය තුළ සිද්ධ වෙන සිදුවීම්මාලාවක්. මතකයිනේ ජෝන් ජෙය්ෂ්ඨයාව මරන්න මාන බලාගෙන ඉන්න කාලේ රුස්කා රෝමාවලට යනවා උදව්වක් එහෙම ඉල්ලගෙන. අන්න ඒ කාල වකවානුව අතරේ සිදුවීම් මාලාවක් තමයි මේ යන්නෙ. රුස්කා රෝමා කියන්නෙ ඝාතකයන් පුහුණු කරන ස්ථානයක් බවත් ජෝන් වික් එහෙමත් එහි සාමාජිකයෙක් වෙලා හිටි බව කලින් සිනමාපට බලපු අය දන්නවා ඇති. ඉතින් මේ සිනමාපටයේ කතා නායිකාව වෙන්නෙ ඊව් මැකාරෝ කියන රුස්කා රෝමාහි බැලේ නර්තනාවිය.
ඇය කුඩා කාලයේම සිය පියාව අහිමි කරගෙන අසරණ වෙලා ඉන්න කොට තමයි රුස්කා රෝමා වෙත යොමු වෙන්නෙ. එහිදී සියළු පුහුනුවන් නිම කොට උසස් මට්ටමින් ඝාතකයෙක් වෙන්න හැකි වෙන ඇයට දිනක් තමන්ගෙ එක රාජකාරියක් අතරතුර සිය පියාගේ මරණයට සම්බන්ධ පුද්ගලයින් ගැන ලැබෙන හෝඩුවාවක් මත ඔවුන්ව සොයා යාමෙන් තමයි කතාවේ සිද්ධිය පටන් ගන්නෙ. ඉතින් මේකට ජෝන්, වින්ස්ටන් වගේ අය එහෙම සම්බන්ධ වෙන්නෙ කොහොමද යන දේවල් කතාව බලලම දැනගන්න.
ඒ වගේම මීට පෙර John wick සිනමාපට නරබපු නැති කෙනෙක්නම් ඒවත් බලලම ඉන්න. මොකද එතකොට මෙහි තියෙන ආයතන සහ සංවිධාන ගැන හොද අවබෝධයක් ඔබට ලැබෙයි. එහෙනම් යළි හමුවෙන අපේක්ෂාවෙන් මා සමුගන්නවා. ඔබට ජයෙන් ජය.
From the World of John Wick: Ballerina (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB/Bluray පිටපත් සඳහා අදාළ වේ.
13,286 downloadsDownload Ballerina-2025.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
From the World of John Wick: Ballerina (2025) Sinhala Subtitles
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
- #Box Office Hits
- #From the World of John Wick: Ballerina (2025) Sinhala Sub
- #From the World of John Wick: Ballerina (2025) Sinhala Subtitles
- #From the World of John Wick: Ballerina Sinhala Sub
- #From the World of John Wick: Ballerina Sinhala Subtitles
- #Hiroyuki Sanada
- #Keanu Reeves
- #Laurence Fishburne
- #Offbeat
- #Scott Adkins
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Tanner Buchanan
- #Will Keen
- #Xolo Maridueña
- #මධුකප්‍රිය පෙරේරා
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
18 comments
Kavindu Nethmina
kaveen
thank you saho.
මයුර
අන්තිම සබ් එක කියල එකකුත් කළා නේද..
තෑන්ක්ස්...Anonymous
අම්බෝ කාලෙකට පස්සේ, සබ් මැසිම අයෙත් ස්ටාට් කරල ගමු නෙහ්
kim
thanks brother
Buddhika laKMal
කාලෙකින් වුනත් සබක් ගෙනාවට ස්තූතියි මචං......
Bimsara Yashan (ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. තව උපසිරැසි ගේමු ඉස්සරහටත්. ජයවේවා!
ක්‍රිශාන්ත හැරිස්
ගොඩාක් ස්තුතියි සබ් එකට....
syd
thanks brother
kavee
Thank you vert much sahoo
Sahan Gayantha
thanks a lot Madhukapriya saho sub ekata
Kevin D...
Thank You...
Asanga Basooriya
bohoma sthuthii.. jayama wewaa
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Thilinda Randeera
Thanks boss
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sub Ekata Thanks Bro