ඇත්තටම කියනවනං මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. එත් පළවෙනි උපසිරැසි නිර්මාණය වුණාට ඒක එච්චර රසවත් අත්දැකීමක් වුනේ නැහැ. ඒකට හේතු වුනේ හොඳ ඉංග්‍රීසි උපසිරැසි පිටපතක් හම්බුණේ නැති එක. ඉන්ටර්නෙට් එක පුරා හෙව්වත්, හම්බුණු හැම ඉංග්‍රීසි උපසිරැසි පිටපතම Google Translator එකෙන් චීන භාෂාවෙන් ඉංග්‍රීසියට ප…

ඇත්තටම කියනවනං මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. එත් පළවෙනි උපසිරැසි නිර්මාණය වුණාට ඒක එච්චර රසවත් අත්දැකීමක් වුනේ නැහැ. ඒකට හේතු වුනේ හොඳ ඉංග්‍රීසි උපසිරැසි පිටපතක් හම්බුණේ නැති එක. ඉන්ටර්නෙට් එක පුරා හෙව්වත්, හම්බුණු හැම ඉංග්‍රීසි උපසිරැසි පිටපතම Google Translator එකෙන් චීන භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරපුවා. ඔයාල දන්නවා ඇතිනේ Google Translator එකෙන් පරිවර්තනය කරනකොට ඒක පෙරදිග භාෂාවලට හොඳට වැඩකරන්නේ නැති බව. (සිංහල තමා හොඳම උදාහරණේ) ඒ නිසා මට හොයාගන්න පුළුවන් උන ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ හුඟක් වැරදි තිබ්බා. ඒ නිසා ඒක තේරුම් ගන්න චිත්‍රපටිය නැවත නැවතත් කිහිප සැරයක් බලන්න වුණා. (සමහරවිට දැනටත් මේකේ වැරදි කිහිපයක් ඇති) කොහොම හරි එහෙම කරලා මේ බයිස්කෝප් වෙබ් අඩවියට හොඳ ගුණාත්මක තත්වයේ සිංහල උපසිරසියක් ලබා දෙන්න පුළුවන් වුණා.
මේක හොංකොං වල නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්. මේකේ සම්පූර්ණයෙන්ම වගේ තියෙන්නේ චීන භාෂාව. මේකේ ඉන්නේ චීන චරිත. ඒත් මේකේ එන චීන නම් උච්චාරණය කරන්න කෙසේ වෙතත් චිත්‍රපටය බලන ගමන් ඉක්මනට කියවගන්න ඔයාලට පහසු වෙන්න, ඊට ලඟින් යන නම් පාවිච්චි කළා. ඒක පුළුවන් තරම් ඔයාලට නොදැනෙන විදියට කලත් මේකේ එන ප්‍රධාන චරිතේ නම එහෙම කරන්න අමාරුයි. එකේ වෙනසක් ඔයාලට බලන කොට පොඩ්ඩක් දැනෙයි. මේ ෆිල්ම් එක ප්‍රථම වතාවට තිරගත කරලා තියෙන්නෙත් හොංකොං වල; 2015 මැයි 17 වෙනිදා. දුක කියන්නේ මේකට තියෙන්නේ 4.8 ක IMDb අගයක්. මේක චීන ෆිල්ම් එකක් වුනු නිසාත්, චීන භාෂාවෙන් තියෙන නිසා වගේම හොඳ ඉංග්‍රීසි උපසිරසියක් නොතිබ්බ එක එකට බලපාන්න ඇති. එත් එහෙම වෙලත් 4.8 ක IMDb අගයක් ගත්ත එක ලොකු දෙයක්. මේක පැය එකයි විනාඩි 48ක් විතර කාලයක් පුරා දිවෙනවා. ඒවගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඩෙරෙක් ක්වොක් සහ හෙන්රි වොන්ග් කියන අය. (නළු නිළියන්ගේ නම් දැම්මේ නැත්තේ, එයාල එච්චර ප්‍රසිද්ධ ඇය නොවන නිසා වගේම ඒවා සිංහලෙන් ගහන්න අමාරුයි) මේකේ තියෙන්නේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සම්බන්ධ කතාවක්. මේක ගැන ඉංග්‍රීසියෙන් කියනවනං මේක Sports Comedyයක්. මේක මම “ප්‍රතිප්‍රහාරය” කියල නම් කලෙත් එක හේතුවක් මත. මේකේ ඉන්න ප්‍රධාන චරිතේ කතාවේ වර්තමාන කාලෙට අවුරුදු 10කට කලින් චීනයේ හිටපු හොඳම බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක්. තව “විශ්‍රාමික” හොරු රැළකුත් ඉන්නවා. ඉතිං…. නෑ ඕන නෑ. ඔයාල චිත්‍රපටිය බලලම දැනගන්නකෝ. ඒවගේම චිත්‍රපටියේ චරිතවලට වමනේ යන දර්ශන ටිකකුත් තියෙනවා. ඒවා ටික පරිස්සමින් බලන්න, ඔයාල එහෙම කරගන්නේ නැතුව.
පටන්ගද්දීම කිව්වා වගේ, මේ ෆිල්ම් එක මට උපසිරැසි කරන්න හිතුනේ, මම මේ ෆිල්ම් එක බලන්න ගන්නකොට මේකට සිංහල උපසිරසියක් තියා හොඳ ඉංග්‍රීසි උපසිරසියක්වත් නොතිබ්බ නිසා. මේක භාරගන්න කොට මට විශේෂයෙන් උදව් කරපු හසන්ත වික්‍රමරත්න සහෝදරයාව මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම රොයිලි ප්‍රනාන්දු සහෝදරයව. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ ෆිල්ම් එක බලල, උපසිරැසි කරල තියෙනවා හොඳයිනම් ඇවිත් comment එකක් දාල යන්න. එක ඊළඟ උපසිරැසිය කරන්න මට ලොකු හයියක්. තවත් උපසිරසියකින් ළඟදීම හම්බෙමු. තෙරුවන් සරණයි! ජය වේවා!
හොඳම රසවින්දනය සඳහා Media Player Classic භාවිතා කරන්න. ඇතැම් උපසිරැසි වල විශේෂ දේ KMPlayer වැනි player වල ක්‍රියාත්මක නොවනු ඇති.
807 MB (720p.BluRay) කොපිය මෙතනින් බාගන්න
87B36C480DF69B8CB5FFC2D68F65751FE8D63D111.58 GB (1080p.BluRay) කොපිය මෙතනින් බාගන්න
F12FED01242EE83C8E83771DD88A65486DA173E5 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,486 downloadsDownload Full.Strike.2015.baiscopelk.zip146 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/2016.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සත්‍යජිත් සේමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සත්‍යජිත් සේමසිංහ
Subtitles
27 comments
එල්.සී.දමැල්
සත්‍යජිත් සේමසිංහ
බොහොම ස්තුත්යි එල්.සී.ද මැල් සහෝ
Dhanushka
Thankssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සත්‍යජිත් සේමසිංහ
බොහොම ස්තුතියි Dhanushka සහෝ
Jack
නියමයි සහෝ.
පලමු වැඩේට සුබ පැතුම්..
දිගටම වැඩේ කරගෙන යමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.සත්‍යජිත් සේමසිංහ
comment එකකින් සුභපැතුවට බොහොම ස්තුතියි Jack සහෝ.
Sajith
Welcome & Thanks for sub
සත්‍යජිත් සේමසිංහ
comment එකකින් සුභපැතුවට බොහොම ස්තුතියි Sajith සහෝ.
Ysa
එල මචන් දිගටම සබ් දෙමු...ජය වේවා෴
සත්‍යජිත් සේමසිංහ
comment එකකින් සුභපැතුවට බොහොම ස්තුතියි Ysa සහෝ.
සත්‍යජිත් සේමසිංහ
Subtitle file එක download කරගත්ත, comments දාපු හැමෝටම බොහොම ස්තුතියි. මගේ ඊළඟ උපසිරැසි නිර්මාණය තුලින් මීළඟ සතියේ හම්බෙමු.
thisal
බොහෝම ස්තුතියි සබ් එකට
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SEMASINGHA saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
widuranga211
thanx bro amaruwen hari hoda film ekak dunnataa
සත්‍යජිත් සේමසිංහ
Comments වලින් මට සුභපැතුම් එක්කරපු thisal, Kulanjana Maduranga සහ widuranga211 යන සහෝදරවරුන්ට මගේ ස්තුතිය. මගේ ඊළඟ උපසිරැසි නිර්මාණය වන Behaving Badly තුලින් හම්බෙමු. ඒක මීට වඩා හුඟක් ආතල් එකක් වෙනවා, සත්තයි.
Era
okay jaya sriiiiiiiiiiii
rajitha
ela mcho digatam wadekaran yan :)
Udayanga
Ela ela
Niyamai bro..සත්‍යජිත් සේමසිංහ
Era සහෝ, Rajitha සහෝ,
Comments වලට බොහොම ස්තුතියි.Sanjaya
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට
ඉසුරු දිල්ශාන්
පලමු උපසිරැසියට සුභ පැතුම් සහෝ!
ජය!!!!!!!!නලින් පෙරේරා
ස්තුතියි, සහෝ, දිගටම නිර්මාණකරණයේ යෙදෙමු, ජය වෙව්!
Tharaka
Thanks bro and wish you all the best for first subtitle..
nirosh
thanks brooo,,, sehenna mahansi wela thiyenawa kiyala penawa,, welcome to baiscope... keep it well..
රොයිලි
බොහොම ස්තූතියි සත්‍යජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kalana Ashan
thanks bro.man meke sub eka hoya ganna baruwa hitiye.
Tharindu
බොහොම ස්තූතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
සුභ පැතුම් සහෝ...
ජය...