දීර්ඝ නිවාඩුවකට පස්සේ ඇවිත් බොහොම වෙනස් විදිහ චිත්‍රපටි කිහිපයක් වෙනුවෙන්ම උපසිරැස එක්කාසු කරන්න හැකි වුනා නෙව. ඒ අතරේ තහනම් දශකයක සම ලිංගික ආදරය ගැන කියවෙන Carol (2015), ඊළගට පහුගිය දවසක ඔබ වෙත ගෙනාව ලෝකය නොදුටු කුඩා ජැක් ගේ කතාව වන Room (2015) සුවිශේෂයි. නමුත් මේ සුදානම ඒ සියල්ලම අභිබවා යන වෙනස්ම…

දීර්ඝ නිවාඩුවකට පස්සේ ඇවිත් බොහොම වෙනස් විදිහ චිත්‍රපටි කිහිපයක් වෙනුවෙන්ම උපසිරැස එක්කාසු කරන්න හැකි වුනා නෙව. ඒ අතරේ තහනම් දශකයක සම ලිංගික ආදරය ගැන කියවෙන Carol (2015), ඊළගට පහුගිය දවසක ඔබ වෙත ගෙනාව ලෝකය නොදුටු කුඩා ජැක් ගේ කතාව වන Room (2015) සුවිශේෂයි. නමුත් මේ සුදානම ඒ සියල්ලම අභිබවා යන වෙනස්ම සලරුවක් වෙනුවෙන් උපසිරැස එක්කාසු කරන්න.
ග්‍රී ලංකාවේ පළමු විදායක ජනාධිපතිතුමා කියලා තියන ප්‍රසිද්ධම කියමනක් තමයි, “මට බැරි පිරිමියෙක් ගැහැණියෙක් කරන්නත්, ගැහැණියෙක් පිරිමියෙක් කරන්නත් විතරයි” කියන එක, නමුත් මේ අද ගෙන්න යන සලරුව ඒ කතාව තරමක් බොරු කරවන එකක් වේවි. අද ලෝකයේ පිරිමියෙක් ලෙස ඉපදුනත් ලිංග වෙනස්කිරීමේ සැත්කමක් කරලා ගැහැනියක්බවට පත් වුන කතා අහන්න දකින්න නැතුව නෙමෙයි. නමුත් 1920 ගණන් කියන්නේ සම ලිංගිකත්වය පවා බොහොම අමුතු ඇහැකින් දැක්ක කාලයක්. ඉතින් මේ කාලයේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර තමයි අයිනා වෙග්නර් ජිවත් වෙන්නේ ඔහු සුප්‍රසිද්ධ භූ දර්ශන සිතුවම් ශිල්පියෙක්. ඔහුගේ බිරිද වෙන්නේ ගර්ඩා වෙග්නර් ඇයත් සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඔවුන් දෙදෙනා විවාහ වෙලා වසර 5 කට වැඩි නමුත් තවමත් ළමයින් එහෙම නැහැ. දිනක් ඇයගේ සිතුවමක් වෙනුවෙන් ඔහු ඇයට උදව් වෙනවා කාන්තා මේස් යුවලක් පැලදීමෙන්… මේ සිද්ධියෙන් තමයි සියල්ල කණපිට හැරෙන්නේ…
තමන් තුල ලෝකයාට නොපෙනන ලෙස සගවාගෙන උන් කාන්තා සිතුවිලි ඔහු තුලින් එලියට එන්න ගානවා… වෛද්‍ය විද්‍යාත්මකව මේකට හේතු වෙනවා කියන්නේ නම් අපේ ශරීරයේ වර්ණ දේහ යුවල 23 තියනවා, එකෙන් එක යුවලක් තමයි අපේ ලිංගය තීරණය කිරීමට බලපාන්නේ. මෙයින් XX කාන්තාවන් ලෙසත් XY පුරුෂයන් ලෙසත් තමයි එකතු වෙන්නේ. නමුත් අසාමාන්‍ය සිදුවීමකදී XXY හෝ XYY වැනි විපර්යාසයක් විය හැකි. මෙයින් XYY වුවහොත් එය XYY සහලක්ෂණය ලෙසත්. XXY වුවහොත් එය Klinefelter සහලක්ෂණය ලෙසත් හදුන්වනු ලබනවා. ඉතින් මෙතන අපේ කතාවේ ප්‍රධාන චරිතය වන අයිනා වෙග්නර් Klinefelter සහලක්ෂණයෙන් පෙලෙන්නෙක්. ඔහු පිරිමි දේහයක් තුල ඉපදුනත් ඔහුගේ රසායනික සංයුතිය කාන්තාවක් හා බොහොම සමානයි. ගර්ඩාගේ ක්‍රියාවෙන් ඔහුගේ සිරුරේ ඇතුලාන්තයේ ඇති යමක් පණ ලබනවා ඒ තමයි ලිලී… ඇය හා ගර්ඩා ගෙවන ඒ ධෛර්යයවන්ත ජීවිතය හා ඒ සංවේදී කතාව තමයි මේ සලරුව තුල ගොඩ නැගෙන්නේ. අයිනා වෙග්නර් තමයි ලොව මුල්ම ලිංග වෙනස් කිරීම සැත්කමකට ලක්වූ තැනැත්තා ලෙස වාර්තාගත ඉහිතාසයට එක්කාසු වෙන්නෙත්. ඉතින් ඔහුගේ කතාව තමයි මේ… ඔහු කිව්වම හරි ද මම දන්නේ නැහැ… කොටකත් ඔහු/ඇය කියමුකෝ…
මෙය අයිනා හා ගර්ඩාගේ ජීවිතය යම් තරමක් පාදක කරගෙන David Ebershoff අතින් මෙම නමින්ම රචිත ග්‍රන්ථය Lucinda Coxon තමයි පිටපතක් බවට පත් කරන්නේ මේ සලරුව වෙනුවෙන්. Tom Hooper තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නේ. ගිය හොඳ නළුවා ලෙස ඔක්සා සමාන ලාභී Eddie Redmayne මෙවරත් ඔස්කා නාමයෝජනා දිනා ගැනීමට සමත් වෙනවා මේ චරිතය වෙනුවෙන්. ඔබ දැක්කොත් පුදුම වේවි ඔහු තනිකරම කාන්තාවක් ලෙස වන වෙනස් වීම. ඔහුගේ දිරිය බිරිද වන ගර්ඩා වෙග්නර් ලෙස එක්කාසු වෙන්නේ මේ 2015 වසරේ බොහොම හපන්කම් දැක්වූ නිලියක් වෙන Alicia Vikander ඇයත් ඇයගේ චරිත නිරුපනය වෙනුවෙන් හොඳම සහය නිළිය ලෙස ඔස්කා නාම යෝජනා ලබාගන්න සමත් වෙනවා. එකතුවක් ලෙස ගත්තොත් මෙම චිත්‍රපටය ඔස්කා සම්මාන 4 සඳහා දැනට නාම යෝජනා ලබලා තියනවා.
විචාරක ප්‍රේක්ෂක පැසසුම ගැන කතා කරනවා නම් IMDB 6.8 ක් වගේ අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. මේ වෙනුවෙන් වියදම් වෙලා තියෙන්නේ මිලියන 25 වගේ මුදලක්. රෝටන් ටෝමාටෝ 70% වගේ ඉළහ ප්‍රතිශතයක් ලබාගන්නත් මේ චිත්‍රපට සමත් වෙලා තියනවා.
එහෙනම් ඉතින් තවත් උපසිරසක් එකක් හමුවෙන තුරු ඹ සැමට ජය වේවා !!
700 MB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න
C88C1E5E4E38EA25ECC5F0C4B97BC1CF61EC08E01.57 GB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න
899A425D9E8E613B1B142498EBB2470BD56E51E8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,904 downloadsDownload The-Danish-Girl-2015.zip133 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
30 comments
කේ.යූ.ජී. උදාර
amanda
BR RIP EKE SUB ONE
yeshu
tnx
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
නිරෝෂ්
ස්තුතියි සමීර සහෝ.ජයවේවා !
Nishadi Wickrama
tnx
pabasara
Jongens.2014 film ekata sub denna balanna eka wenasma adara kathawak.kathawa balwoth aniwa sub dei
Mithun Sriyantha
copy එක හොදයි නෙද.. brrip, Etrg, yifY copy නැතුව බාන්න හිතෙන්නෙම නැ.
උපසිරැසියට තුති bro. *ඔබට ජය.*Mithun Sriyantha
බලන්න අසම විදියෙ ෆට්ට කතාවක් වගෙ ස්තුතියි මෙ වගෙ නිර්මාණ ලබාදෙන නිස @@
rajitha
Thanks saho.....jayawewa.....!
Sajith Anthony
සබ් එකට ස්තුතියි සහෝ,
ජය වේවා...!!!ප්‍රණීත් චින්තක
ඔන්න මාත් කතාව බෑවා ඈ.
දැන් බැලිල්ලක් තමා.
බලන්න වෙලාවක් සෙට් වුනු ගමන් බලනවා.
උපසිරැසියට බොහෝම ස්තුතියි. :) :) :)Anjula Chathurka
සබට ස්තුතියි සහෝ
Indika Priyadarsahana
බොහොම ස්තූතියි....
Sanjaya
ස්තූතියි සහෝ
නලින්
ස්තුතියි, සමීර මලේ, සිංහල උපසිරසියට.
ජය වේවා!
Prakash Rangana
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා...............!
Yashmika Saubhagya
මෙන්න බලනවා නම් ෆිල්ම්.. මේ වගේ තවත් අසාමාන්‍ය කතා අඩවියට වැඩි වැඩියෙන් එකතු වෙනවනම් ගොඩක් වටිනවා... ස්තූතියි සහෝ සබට
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
priyanwada
superb .Tks a lot
ඉදුනිල්
සබ් ඒකට ස්තුතියි, යාළුවා....ඔබට ජය...!!!
Tharindu Athukorala
එල කිරි..
priyanwada
Hi Sameera. good job. I'm a fan coz your selections and translations are great. keep it up.
r.s.samantha
thank u macho...
ela ela digatama sub denna shakthiya dahiriya labewa
jaya wewa...!!!ashan lankanath
thanks
nidi
වෙනස් කථාවක්. ලස්සන ෆිල්ම් එකක්. ඊත් බලන් ඉන්න ආසයි. තෑන්ක්ස් සමීර!
බොබී
වෙනස් කතාවක්. සම්මානත් ඇරන්ලු නේ. ඔන්න ගත්තා එහෙනම්. ස්තූතියි සහෝ.
Wicki
උපසිරසට බොහොම ස්තූතියි
Rukshan37
Ela
Sasanka
Thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

දෙනකම් බලාන උන්නු ෆිල්ම් එකක්............
උඹම මේක කරපු එක වටිනවා.
සිංහල සබට බොහොම ස්තූතියි සමීර.