ඔන්න ආයෙත් අරන් ආවා ටිකක් වෙනස්ම චිත්‍රපටයක්. IMDB අගය 6.8 ක් ලබාගෙන තියෙන මේ සම්මානලාභී ඇනිමේෂන් චිත්‍රපටය Animation , War කාණ්ඩයන්ට අයත් වෙනවා. මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන්නේ ගොඩක් සංවේදී කතාවක් හින්දා ඇක්ෂන් සීන් බලාපොරොත්තුවෙන් නම් මේක බලන්න එපා. හිතට වදින, සමහර විට අනේ අපොයි කියලා ඇහැට කඳුලක්…

ඔන්න ආයෙත් අරන් ආවා ටිකක් වෙනස්ම චිත්‍රපටයක්. IMDB අගය 6.8 ක් ලබාගෙන තියෙන මේ සම්මානලාභී ඇනිමේෂන් චිත්‍රපටය Animation , War කාණ්ඩයන්ට අයත් වෙනවා. මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කරන්නේ ගොඩක් සංවේදී කතාවක් හින්දා ඇක්ෂන් සීන් බලාපොරොත්තුවෙන් නම් මේක බලන්න එපා. හිතට වදින, සමහර විට අනේ අපොයි කියලා ඇහැට කඳුලක් නැගෙන විනාඩි 86 ක් වැය කරන්න කැමති අය විතරක් මේක බලන්න කියලත් ඉල්ලනවා. ඒ වගේම මේක ඇනිමේශන් ෆිල්ම් එකක් උනාට ළමයින්ට සුදුසු ෆිල්ම් එකක් නම් නෙමෙයි. මේ ඇනිමේෂන් චිත්‍රපටයට පාදක වෙලා තියෙන පොල් පොට් ( Pol Pot) සහ කෙමර් රූජ් ( Khmer Rouge) සංවිධානය ගැන තොරතුරු ටිකක් කෙටියෙන් බලමු.
1948 වසරේ දී තම උසස් අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රංශයට යන සලොත් සා (Saloth Sar) හෙවත් පොල් පොට් නම් තරුණයා එහිදී මාක්ස්වාදය හදාරා 1953 දී නැවත කාම්බෝජයට පැමිණෙනවා.
Pol Pot
ඔහු සිය අනුගාමිකයන් සමඟ කාම්බෝජයේ කොමියුනිස්ට් පක්ෂයට එකතු වන අතර, 1963 වසරේදී පොල් පොට් එම පක්ෂයේ මහලේකම් ධූරයට තේරී පත්වෙනවා. 1966 වසරේ දී ඔහු තම අනුගාමිකයන් සමග හොර රහසේම පිහිටුවාගන්නා ලද කෙමර් රූජ් නම් ආයුධ සන්නද්ධ සංවිධානය සමඟ එක්වී 1975 දී පොල් පොට් එවකට පැවති ආණ්ඩුව පෙරළා දමා කාම්බෝජයේ බලය තහවුරු කරගන්නවා.
Phnom Penh නගරයේ
බලය අල්ලාගත් කෙමර් රූජ් සෙබළු
කාර්මීකරණය ප්‍රතික්ෂේප කරන පොල් පොට් රජයේ මූලිකම අරමුණ වන්නේ කෘෂිකර්මාන්තය ඔස්සේ රටේ ආර්ථිකය නඟා සිටුවීමයි. නගරය යනු ධනවාදීන්ගේ සංකල්පයන් බවත්, එබැවින් සියලුම ජනතාව නගරවලින් ඉවත් යුතු බවත් පවසන ඔවුන් නගරවල සිටි මිලියන දෙකක පමණ ජනතාව ගොවිබිම් කරා යැවීමට කටයුතු කරනවා.
Phnom Penh නගරයෙන් ජනතාව ඉවත් කරමින්
එම ජනතාවට සමූහ ගොවිපළවල්වල ආහාර නොමැතිව වහලුන් මෙන් වැඩ කිරීමට සිදු වන අතර එහිදී ආහාර හිඟය හා නොයෙකුත් ලෙඩ රෝග හේතුවෙන් ලක්ෂ ගණනක ජනතාවක් මිය යනවා. තම රජයට එරෙහිව නැඟී සිටිනු ඇතැයි යන බිය නිසා රටේ සිටිනා සියලු උගතුන්ව ඝාතනය කරනු ලබනවා. රටේ තිබූ පාසල් සිරකඳවුරු හා වධකාගාර බවට පත් කර ඒවායේ සේවය සඳහා ළමා සොල්දාදුවන්ව යොදවනවා.
පුහුණුව ලබන ළමා සොල්දාදුවෙක්
මෙවැනි කෲර පාලනයක් ගෙන ගිය පොල් පොට් ප්‍රමුඛ කාම්‌බෝජ රජය 1979 දී වියට්නාමය විසින් ආක්‍රමණය කරනු ලබන අතර එහිදී පොල් පොට් ප්‍රමුඛ කෙමර් රූජ් සංවිධානය පරාජයට පත් වී පසුබසිනවා. කෲර පාලනයක් ගෙන යමින් කාම්බෝජය දැඩි අර්බුදයකට ලක් කළ පොල් පොට් 1998 අප්‍රේල් 15 වන දා රාත්‍රියේ හෘදයාබාදයක් වැළඳී මරණයට පත් වන්නේ කෙමර් රූජ් සංවිධානයේම නිවාස අඩස්සියේ සිටිනා අතරතුයි. තමාව ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කිරීමට තම සංවිධානයේ සූදානමක් ඇති බව දැනගැනීමෙන් පසු ඔහුට හෘදයාබාධය වැළඳෙන්නට ඇතැයි විශ්වාස කරනවා.
මෙන්න මේ 1975 ඉඳන් 1979 වෙනකම් කාල සීමාවේ කතාවක් තමයි මේ චිත්‍රපටයේ ගලා යන්නේ. කතාව ගැනත් පොඩි සඳහනක් කළොත් ෂූ ජීවත් වෙන්නෙ එයාගෙ සැමියා කුන්, බාලම පුතා සොවාන්, අනිත් ළමයි හුට්, ලිලී සහ තුච්, ඒ වගේම ෂූගෙ අම්මා සහ අම්මගෙ අම්මා සහ කුන්ගෙ මල්ලි මෙන්ග් එක්ක. ඉතින් පොල් පොට් සහ කෙමර් රූජ් ප්‍රමුඛ රජය එහෙම නැත්නම් අන්ග්කාර් (Angkar) විසින් එයාලා ජීවත් වුන Phnom Penh නගරයේ බලය අල්ලගත්තට පස්සෙ ෂූ ඇතුළු පවුලෙ හැමෝටම ගොවිබිම්වලට යන්න පාරට බහින්න සිද්ධ වෙනවා. ඒ යන ගමනෙදි ෂූගේ පොඩිම පුතා සොවාන්වයි, ආච්චි අම්මවයි මඟෑරෙනවා. ඉතින් ඊට පස්සේ එයාලව හොයමින් ෂූ ඇතුළු පවුලෙ අය වහල්ලු වගේ කඳවුරුවල වැඩ කරමින්, දුක් විඳිමින් ගෙවන ජීවීතේ ගැන තමා චිත්‍රපටයේ තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්නම ඕනි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකයා හා රචකයෙකු වෙන Denis Do මේ චිත්‍රපටය සඳහා තොරතුරු අරන් තියෙන්නේ එයා විසින්ම කරපු සමීක්ෂණයකින් සහ එයාගෙ අම්මගේ මතක සටහන්වලින්. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ෂූ කියන චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ මේ Denis Do ගේ මව ඇසුරින් කියලයි කියන්නේ.
මං මේ චිත්‍රපටයට සබ් එක හැදුවේ YTS පිටපතට. ඒක තිබුනේ චිත්‍රපටයේ ඔරිජිනල් භාෂාව ප්‍රංශ භාෂාවෙන්මයි, ඉංග්‍රීසි හඬ කවපු එකක් නෙමෙයි. ඒ නිසා ඉංග්‍රීසි සබ් එකේ අඩුපාඩු තිබුනත් මට ඒවා අහු නොවෙන්න පුළුවන්. ඒ හින්දා වැරදි තිබුනොත් සමාවෙන්න කියලත් ඉල්ලන ගමන් මං ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා !
ලිපියේ තොරතුරු සඳහා මූලාශ්‍රය – ROAR වෙබ් අඩවිය.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,493 downloadsDownload Funan-2018.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
9 comments
සුභාෂිණි මල්ලව ආරච්චි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ :) පුළුවන් නම් Midsommar (2019) ෆිල්ම් එක Director's Cut එකට අප්ඩේට් කරන්න ඒක විනාඩි 170ක් තියනවා.. මේකට සබ් එක කරපු තරිඳු රුක්ෂාන්ටත් මං කිව්වා පුළුවන් නම් අප්ඩේට් කරන්න කියල එයා දැන් සබ් කරන්නෙ නෑ කියල කිව්ව :)
Anonymous
Thanx bn. Ubalanam patta poraval tikak bn. Sub karanna mahansi vela, karunu hoyala. Eththatama ubalanam adahanna vatinava bn.thanx again.
Sohan Jayasooriya
ස්තූතියි සහෝ.. හිතට වැදුනා ඒ වචන ටික
Suranjan
Thanks.....jayawewa....!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HIRANLASITHA
Thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Funan (2018) Sinhala Subtitles | කෲර පාලනයක කඳුළු කතාවක් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/Funan-2018.jpg)




උපසිරැසියට බොහොම ස්තූතියි.