Watch Trailer

Gatham (2020) Sinhala Subtitles | සල්ලාලයෙකු පාපයෙන් මිදීම [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම! සුපුරුදු පරිදි මං අදත් බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ 2020 නොවැම්බර් 06 වෙනි දින Amazon Prime ඩිජිටල් මාධ්‍යය ඔස්සේ නිකුත් උන Gatham (2020) තෙළිගු සිනමා පටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණයත් සමඟිනුයි. Kiran Reddy අධ්‍යක්ෂණය කරන ලද මේ සිනමා නිර්මාණය වෙනුවෙන් Bhargava Poludasu, Ra…

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම! සුපුරුදු පරිදි මං අදත් බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ 2020 නොවැම්බර් 06 වෙනි දින Amazon Prime ඩිජිටල් මාධ්‍යය ඔස්සේ නිකුත් උන Gatham (2020) තෙළිගු සිනමා පටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණයත් සමඟිනුයි.

Kiran Reddy අධ්‍යක්ෂණය කරන ලද මේ සිනමා නිර්මාණය වෙනුවෙන් Bhargava Poludasu, Rakesh Galebhe, Poojitha Kuraparthi, Lakshmi Bharadwaj, Harsha Vardhan Pratap ඇතුළු නළු නිළියන් කීප දෙනෙක් මේ වෙනුවෙන් දායකත්වය දීලා තියෙනව.

නොවැම්බර් 06 වෙනි දින නිකුත් කරපු මේ සිනමා නිර්මාණ නොවැම්බර් 07 වන දින වන විට 8.3/10 ක IMDb මනාපයක් වගේම 93% ක Google ප්‍රේක්ෂක මනාපයක් දිනා ගන්න සමත් වෙලා තියෙනව. මේ නිර්මාණය වෙනුවෙන් ප්‍රේක්ෂකයින් කිහිප දෙනෙක් දක්වපු අදහස් පහතින් උපුටල දක්වන්න කැමතියි.‍

 

කතාව පැත්තට ගියොත් රිෂීයි අදිතියි කියන්නේ පෙම්වතුන්. රිෂීට අනතුරක් වෙලා අතීත මතකය අහිමි වෙලා තියෙන තත්වයක එයාට තමන්‌ගේ තාත්ත හමුවෙන්න ඕනේ කියල අදිතිි ගෙන් ඉල්ලීමක් කරනව. ඊටපස්සෙ අදිති රිෂීව තාත්ත බලන්න එක්ක යන අතරමගදි හිම පතනය වුණු කැලෑවක් අසලදි එයාලගේ මෝටර් රථය කැඩෙනව. මේ වෙලාවේ එතනට ආපු පුද්ගලයෙක් රිෂීටයි අදිතිටයි වාහනය හදා ගන්න කාර්මිකයෙක් හොයා ගන්න කල් තමන්ගෙ නිවසට එන්න කියල ආරාධනා කරනවා. එවෙලෙ රිෂීටයි අදිතිටයි වෙන විකල්පයක් නැති හින්ද ඒ් පුද්ගලයා එක්ක ඔහුගෙ ගෙදරට යනව. ඒ් වැඩිහිටි පුද්ගලයා අමුතුයි. ඒ් වගේ ඔහුගේ පුතා කියල අඳුන්වන කෙනෙකුත් අදිතිලට ඒ් නිවසෙදි හමුවෙනව. අමුතු පුද්ගලයො, අමුතු සිද්දි සිද්ධ වෙන වෙලාවේ හදිස්සියේම මේ තාත්ත කියන කෙනා රිෂීටයි අදිතිටයි කියනව තමන්ගෙ පුතා ස්ත්‍රී ලෝලියෙක් බවත් දින දෙකකින් ඔහුට ඒ් වෙනුවෙන් කාන්තාවක් නොලැබුණු බවත් රිෂී කැමති නම් අදිති තමන්ගේ පුතාගේ ලිිංගික කටයුතු වෙනුවෙන් ලබා දෙන්න කියල. අමුතු ඉල්ලීමක් කරපු මේ පුද්ගලට මතකය අහිමි රිෂී මොනව කරයිද? රිෂීයිි අදිතියි පැටලුණු උගුල මොකද්ද කියල මේ කතාව බලලම දැන ගන්න.

තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු. සුභ දවසක් වේවා.!

 

https://en.wikipedia.org/wiki/Gatham

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

11,275 downloadsDownload Gatham-2020-Updated.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

11,275 downloadsDownload Subtitles34 KB

28 comments

  1. Prabodha

    Godak sthuthi obata

  2. මයුර

    වෙඩි වගේ දෙනවනේ. තෑන්ක්ස් ආ.
    කාලි කුහී තාම බලන්න බැරි වුණා.
    මේක නම් දැන්මම බලනවා

    1. Amanda sandeepani

      මම සබ් ඩවුන්ලෝඩ් කරා.. ඒත් ඒක ඇඩ් කරාම මට ඒක සිංහලෙන් පෙන්නන් නෑනෙ.. ඇයි ඒ?

    2. මයුර

      පිලුම නම් හොඳයි හිතුවට වඩා. තෑන්කූ සබට

    3. Anonymous

      player update කරන්න. නැත්නම් pot player එක ට්‍රයි කරන්න.

  3. Nilush Angana

    Sub ekata thanx

    1. kavinu

      තුති වේවා! ඩවුන්ලෝඩ් කරන්න තව විනාඩි දහයක් පහු වෙනකන් ඉන්නෙ එහෙනං... මලයාලමක් ඕනෙ ඊළඟට!!

  4. -චානක ඉඳුනිල්-

    Thanks for sub

  5. shashika sri rajawickrama

    meka download karaganna puluwan kohenda ?

    1. Anonymous

      basicopedownloads.co සයිට් එකෙන් ගන්න

    2. shashika sri rajawickrama

      thank you brother

  6. gihan perera

    ස්තුතියි නංගී... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. saminda

    Patta thnaks...

  9. lakshan

    thanks .....................

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Anonymous

      mona site eked tiyenne

    2. yohan

      baiscopedownloads.co site eke

  11. Ashan

    ගොඩාක් ස්තූතියි

  12. Malith Samarawickrama

    Thanks so much for a sub.

  13. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  14. Anonymous

    thnx sub ekata

  15. yohan

    ilagata hindi ekakata sub demu

  16. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  18. සාරංග ජේ. ලියනගම

    Thanks

  19. tharidu16

    thanks akka

  20. Prabodha Jayakody

    Thanks...