වර්තමානය වන විට ලෝකයේ සියලුම රටවල් වල පාහේ පවතින ආර්ථික හා සමාජීය වටපිටාව තුල සෑම පුද්ගලයෙකුටම පාහේ තම ජීවිකාව ගෙන යාම බැරෑරුම් කර්තව්‍යයක් බව නොරහසක්. සරලව කියනවා නම් වර්තමාන ආර්ථිකය තුල අපේ අවශ්‍යතා හා වුවමනා සපුරාගැනීමට මුදල් ඉපයීමට දැඩි පරිස්‍රමයක් දරන්න සිද්දවෙනවා. දරුවන් ඉන්න පවුලක් අරගත්තම ම…

වර්තමානය වන විට ලෝකයේ සියලුම රටවල් වල පාහේ පවතින ආර්ථික හා සමාජීය වටපිටාව තුල සෑම පුද්ගලයෙකුටම පාහේ තම ජීවිකාව ගෙන යාම බැරෑරුම් කර්තව්‍යයක් බව නොරහසක්. සරලව කියනවා නම් වර්තමාන ආර්ථිකය තුල අපේ අවශ්‍යතා හා වුවමනා සපුරාගැනීමට මුදල් ඉපයීමට දැඩි පරිස්‍රමයක් දරන්න සිද්දවෙනවා. දරුවන් ඉන්න පවුලක් අරගත්තම මේ ජීවන බර දරන්නට සිද්දවෙන්නෙ දෙමව්පියන්ට. තමන්ගෙ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීල කිසිම අඩුපාඩුවක් නොකර ඔවුන් සතුටින් තැබීමේ අරමුණෙන් හැම අම්ම කෙනෙක්ම, හැම තාත්ත කෙනෙක්ම නොයෙක් දුක් ගැහැට මැද්දෙ මුදල් උපයන්න මහන්සිවෙනවා. සමාජයේ පවතින විශමතාවයත් එක්ක ඔවුන්ගෙ ජීවිකාව එකකින් එකකට වෙනස් වුණත් හැමෝම පාහේ වෙහෙසෙන්නෙ තමන්ගෙ දරුවගේ හෝ දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙනුයි. දෙමව්පියන්ට දරුවන් තරම් වටිනා කියන වස්තුවක් මේ ලෝකෙ තවත් නැති නිසා ඔවුන් කරන රැකියාව කුමක් වුණත් “මේ දේ කරන්නෙ අපේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන් නේද…” කියන හැඟීමත් එක්කලා ඔවුන් තමන්ගෙ ජීවනෝපාය කුමන ආකාරයේ එකක් වුවත් කිසිදු පැකලීමකින් තොරව ඒක කරගෙන යනවා. කලින් සඳහන් කරපු විශමතාවයත් එක්ක දරුවන් බඩගින්නෙ නොතියා ඔවුන්ව උස්මහත් කරන්න ඇතැම් දෙමව්පියෝ සමාජ විරෝදී හෝ නීති විරෝදී රැකියාවල පවා නිරතවෙන අවස්තා ඔබටත් මටත් අහන්න දකින්න ලැබිල ඇති. මේ කාරණාව ගැන කියද්දි සමහර විට ඔයාල මාත් එක්ක එකග නොවෙන්නත් පුළුවන්, නමුත් එක්තරා ආකාරයකට ඔවුන් එවැනි රැකියාවන්ට යොමුවෙන්නට ඇත්තෙ තම දරුවන්ට තිබෙන අසීමිත සෙනෙහස නිසාවෙන් කියලයි මට නම් හිතෙන්නෙ. එවැනි රැකියාවක් කරන අම්ම කෙනෙක් හෝ තාත්තා කෙනෙක්ට සමාජයෙන් එල්ලවෙන ගැරහුම් නම් අනන්තයි. නමුත් කොතරම් පීඩනයක් සමාජයෙන් ලැබුණත්, ඔවුන් තමන්ගෙ ජීවිකාව නොකඩවා කරගෙන යන්නෙ සමහර විට ඔවුන්ට අත්වුණු ඉරණම පරදවල ඔවුන්ගෙ දරුවන් සමාජයේ බැබළෙන තැනකට යැවිමේ අහිංසක බලාපොරොත්තුවක් ඇතුව වෙන්නත් පුළුවන්.
ඉතින් කාලෙකට පස්සෙ බයිස්කෝප් අඩවියට ගොඩවැදිල අද ඔයාලට කියන්න හදන්නෙ සමාජයේ තාඩන පීඩන වලින් උපරිම විදිහට බැටකාපු කාන්තාවක් ගැන කතාවක්. කාන්තාවක් කිව්වට ඇයත් දැන් “අම්මා” කෙනෙක්. ඇය නමින් හයි-පොන්ග්. වියට්නාමයේ ජීවත්වුණු දඩබ්බර යුවතියක්. ඇගේ මේ දඩබ්බරකම නිසාම ඇයට එක්තරා දවසක ඇගේ ජීවිතේ මග වැරදෙනවා. මේ තාක් කාලයක් පුරාවට මිනිසුන්ට හයිකාරකම් පෙන්වලා මුදල් සාක්කුවට දාගත්තු රස්සාවක් කරපු හයි-පොන්ග් තීරණයක් අරගන්නෙ තමන්ගෙ ජීවිතේ මග වැරදුණාට පස්සෙයි. ඇය තීරණය කරනවා තමන්ගෙ කාලකණ්ණි ජීවිතෙන් මිදිල ඈතකට යන්න. ඒත් හයි දැන් තනියම නෙවෙයි, තාත්තෙක් නැති දරුවෙක් කුසේ දරාගෙන හයි තමන්ගෙ අම්මා තාත්තට වගෙම තමන් ජීවත්වුණ නගරයටත් සමුදීලා පිටත්වෙන්නෙ ලොකු දුකක් වගෙම ලොකු වගකීමක් හිතේ හිරකරගෙන.
කාලය ගතවෙලා යනවා. හයි-පොන්ග් පුංචි දියණියකට උපත ලබාදෙනවා. ඒ පොඩි කෙලීගෙ නම මායි. තාත්තා කවුද කියන්න හයි-පොන්ග්වත් නොදන්නවා වුණත් මායි ඉපදුණු දා පටන් හයි-පොන්ග්ට වැදගත්ම දේ වුණේ මායි විතරයි. කාත් කවුරුවත් නැති හයි-පොන්ග් තාත්තෙකුගෙ වගකීමත් තමන්ගෙ කර පිට පටවන් මායිව උස් මහත් කරල ඇයට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න අනේක දුක් විඳිනවා. හයි-පොන්ග් මේ වෙද්දි රස්සාව විදිහට කළේ පොළී සල්ලි එකතු කරන එක. මේ රස්සාව ලේසි පහසු එකක් නම් නෙවෙයි. නිතරම වගේ මිනිස්සු එක්ක හෙට්ටු වෙන්න හයිට සිද්දවුණා. ඒ හින්දම ගොඩක් උදවිය හයි-පොන්ග් දිහා බැලුවෙ හොඳ හැඟීමකින් නෙවෙයි. හයි-පොන්ග් කරන රස්සාව නිසාම මායිටත් ස්කෝලෙදි ගොඩක් කරදර විඳින්න සිද්දවෙනවා. තාත්තෙක් නැති හන්ද මායිට අවජාතක නම් කියල ළමයි විහිළු කරන්න පටන් ගත්තා. ඒත් අම්මයි දුවයි කොච්චර ප්‍රශ්න වලට මුහුණ දුන්නත් කාටවත් කරදරයක් නොවී පුංචි පැල්පතක සතුටින් ජීවත්වෙනවා.
මේ විදිහට කාලය ගතවෙලා යන අතරෙදි තමයි හයි-පොන්ගේ ජීවිතයට වගෙම මායිගෙ ජීවිතයටත් කණකොකා අඬන්නෙ. කවුරුවත් නොහිතපු වෙලාවක මායි මිනිස් අවයව ජාවාරමේ යෙදෙන තිරිසන්නු පිරිසකගෙ ගොදුරක් බවට පත්වෙනවා. මෙතනින් එහාට මම තවත් කියවන්නෙ නැතුව තව එක දෙයක් විතරක් මතක් කරල යන්නම්, “උණහපුලුවට උගේ පැටියා මැණිකක්” කියනව නේද? තිරිසන් සතෙකුට තමන්ගෙ පැටිය එච්චර වටිනව නම්, හයි-පොන්ග්ට තමන්ගෙ කුසින් බිහි කරපු මේ ලෝකෙ වටිනාම වස්තුව “මායි” කොයි තරම් වටිනවා ඇතිද? අනික, හයි-පොන්ග් ගේ හිතේ මායි කෙරේ තිබෙන්නා වූ අසීමිත මව් සෙනෙහස මායි වෙනුවෙන් වියරුවක් බවට හරවන්න හයි-පොන්ග් දෙපාරක් හිතයිද… සියල්ල ඔබට බාරයි.
සිනමාව අතීතයේ සිට වර්තමානය දක්වා ආ ගමන් මඟ දෙස හැරී බැලුවොත් වර්තමානය වන විට කෙමින් කෙමින් හොලිවුඩය හා බොලිවුඩය ප්‍රධාන වශයෙන් සිනමා ප්‍රේක්ෂකයින්ගේ මනස හොලිවුඩ්කරණයට හෝ බොලිවුඩ්කරණයට ලක්කොට හමාර බව ඔබට වගෙම මටත් පැහැදිලිව පෙනෙන කරුණක්. හොලිවුඩ් සිනමාවට වගෙම බොලිවුඩ් සිනමාවත් ඒ තරමට ප්‍රේක්ෂකයින්ට සමීප වී අවසන්. නමුත් අද වන විට කාටත් සුපුරුදු හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා රැල්ලෙන් ඔබ්බට ගොස් ප්‍රේක්ෂයාට පවා නොදැනී ඔවුන්ගේ සිත් සොරාගන්නට සමත්කම් පාන සිනමා නිර්මාණ බිහිවෙන්න පටන් අරන්. මේ අයුරින් සිනමාවේ දැවැන්තයින් පවා හාන්සි කිරීම සමත්කම් පාන නමවු අදහස් හා කතා තේමාවන් රැගත් සිනමාපට රැසක් පසුගිය කාලයේ ලෝකයේ නන් දෙසින් නිර්මාණය වුණා. ඔබත් සිනමාවේ රසය හා භාෂාව කියන්නා වූ රාමුවෙන් ඔබ්බ්ට ගොස් නිර්මාණ රසවිඳින ප්‍රේක්ෂකයෙක් නම් ඔබත් මම කියන දේට එකඟවෙයි.
සිනමාපටයට පිළිබදව දක්වා තිබූ අදහස්
ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අපිට සුපුරුදු නොවූ රටකින් බිහිවී සිනමා ලෝකයේම කතා බහට ලක්වුණු සිනමාපටයක්. Hai Phuong එහෙමත් නැත්නම් Furie (2019) වියට්නාම් සලරුවක් වන මෙය වියට්නාමයේදී තිරගත කිරීම ආරම්භ කළේ පසුගිය වසරේ පෙබරවාරි 22 වන අතර එදා මෙදා තුර ඇමෙරිකාවේ තිරගත කළ ප්‍රථම වියට්නාම් සලරුව ලෙසින් Furie සිනමාපටය පසුගිය වසරේ මාර්තු පළමුවැනිදා සිට ඇමෙරිකානු සිනමාහල් වල තිරගත වීම ඇරඹුවා. පසුව මෙම සලරුව Netflix නාලිකාව විසින් මිළට ගත් අතර පසුගිය වසරේ මැයි මස 21වැනිදා Netflix නාළිකාව ඔස්සේ එය විකාශය කළා. IMDb දර්ශකයේ 6.3/10ක අගයකුත් Rotten Tomatoes හි 95%ක මනාප ප්‍රතිශතයක් සහ Google පරිශීලකයින්ගේ 93%ක මනාප ප්‍රතිශතයක් හා සිනමා විචාරකයින්ගේ යහපත් ප්‍රතිචාර ලබාගැනීමට සමත් වූ මෙම සලරුව අධ්‍යක්ෂණය කර ඇත්තේ Le-Van Kiet නම් අධ්‍යක්ෂකවරයා විසින් වන අතර තිර පිටපත් රචනය Kay Nguyen විසින් සිදුකර තිබෙනවා. Star Wars: Episode VIII – The Last Jedi (2017) චිත්‍රපටයේ Paige Tico ලෙසින් හා Bright (2017) චිත්‍රපටයේ Tien ලෙසින් රංගනයෙන් එක්වූ Van Veronica Ngo විසින් මෙම සලරුවේ ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබනවා. මෙම සලරුව පසුගිය වසරේදී වියට්නාම් සිනමාව තුළ වැඩිම ආදායමක් ඉපයූ සිනමාපට අතර දෙවෙනි ස්ථානය හිමි කරගෙන ඇති අතර පසුගිය වසර හයක් තුළදී වියට්නාම් ඩොන්ග් බිලියන 100 සීමාව පසු කිරීමට සිනමාපට හයක් පමණක් සමත්ව තිබූ පසුබිමක Furie සිනමාපටය තිරගතවී සති දෙකක් යන්නටත් මත්තෙන් වියට්නාම් ඩොන් බිලියන 135ක ආදායමක් උපයා ගත් අතර සමස්ත ආදායම ලෙසින් ඇමෙරිකානු ඩොලර් 594,788ක් උපයා ගනිමින් වියට්නාම් බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්වුණා.
#DoThe Five
#Aviod Coronavirus
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,917 downloadsDownload Furie.2019.Baiscopelk.com_.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
13 comments
Hashan M. Priyadarshana
දිල්ශාන් සචින්ත
කොහෙද මෙච්චර දවසක් හිටියේ ඌරෝ...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
ruchiralakmal
Thanks for the sub!!
indika75
thanks..
Dhananjaya.Gajanayaka
උපසිරැසියට බොහොම ස්තූතියි ජය!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
spiker123
godak thanx sub ekata
Dewadithya
Thanks for sub!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!
නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!Anonymous
THANKS
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Furie AKA Hai Phuong (2019) Sinhala Subtitles | දරු සෙනෙහස අවියක් කරගත් මවකගේ කතාව…!! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/06/furie-2019-1.jpg)

බොහොම ස්තුතියි බ්‍රෝ