“තම සිහිනයක් කරා යෑමට ආසාවෙන් සිටින එක්තරා පිරිමි ළමයෙක්ට, තම බාධකය ලෙස පැමිණි තාත්තාගේ උරුමය, ඔහුගේ හීනය බිදීයාමට හේතු වේ.” කතාවේ අන්තර්ගතය වචන කිහිපයකින් කිව්වොත් ඔන්න ඔහොම කියන්න පුලුවන්. සුබ දවසක් කියල හැමෝටම කියන ගමන් අද මං රන් ආවේ ලස්සන බේකරිකාරයෙක්ගේ කතාවක් ගැන. බේකරිකාරයා, කිව්වම අද කාළේ කව…

“තම සිහිනයක් කරා යෑමට ආසාවෙන් සිටින එක්තරා පිරිමි ළමයෙක්ට,
තම බාධකය ලෙස පැමිණි තාත්තාගේ උරුමය, ඔහුගේ හීනය බිදීයාමට හේතු වේ.”
කතාවේ අන්තර්ගතය වචන කිහිපයකින් කිව්වොත් ඔන්න ඔහොම කියන්න පුලුවන්. සුබ දවසක් කියල හැමෝටම කියන ගමන් අද මං රන් ආවේ ලස්සන බේකරිකාරයෙක්ගේ කතාවක් ගැන. බේකරිකාරයා, කිව්වම අද කාළේ කවුද ගණන් ගන්නේ නේද, ඒත් මේ බේකරිකාරයා කියන වෘත්තිය තම උරුමයක්, පරම්පරාවෙන් එන වටිනාමය දෙයක් විදියට සළකණ අයත් ඉන්නවා. ඒ වෘත්තියට ගරු කරන අයත් ඉන්නවා. ඉතින් මන් අද අරන් ආවේ මේ බේකරිකාරයගේ වෘත්තිය ලස්සන සිනමාපටයකට හරවා තියෙන චිත්‍රපටයක් ගැන. Netflix කිව්වම අද කාලේ කවුද නොදන්නේ. ලෝකය හොල්ලපු කම්පැනියක් විදියට නෙට්ෆ්ලික්ස් අපිට ගන්න පුළුවන්. සුප්‍රකට නිළි Manisha Koirala, ගායිකාවක් වන Shirley Setia, Nikita Dutta, Prit Kamani හා Neeraj Udhwani එකතුව Neeraj Udhwani විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලදී.
චිත්‍රපටය පිළිබඳ නිවේදන කිහිපයක් තව රසිකයන් අතරේ පෙන්වාලීමට Maska චිත්‍රපටයේ නළු නිළියන්ගේ තම Twitter ගිණුම් වල තැබූ ප්‍රකාශයන් කිහිපයක්.
Nikita Duttaගේ ප්‍රකාශය,
“so excited to be working with all of you all, and I can’t wait for everybody to see what we’ve brought together with Maska.”
“මම හරිම ආසාවෙන් ඉන්නේ ඔයාලා හැමෝම එක්ක වැඩ කරන්න. මට ඉවසිල්ලක් නෑ, අපි හැමෝම එකතුවෙලා මේ Maska චිත්‍රපටයෙන් ගේන්න හදන දේ මිනිස්සු දකිනකම්.”
Prit Kamaniගේ ප්‍රකාශය,
“a beautiful story about big dreams and tough choices”,
“ලොකු ලොකු හීන හා ගැනීමට අමාරු වන තීරණ ගැන කියවෙන ලස්සන කතාවක්”
Manisha Koiralaගේ ප්‍රකාශය,
“I’m so happy to be working with a wonderful cast in a wonderful story. I can’t wait to share it with you.”
“මට හරිම සතුටින් හොද චරිත ටිකක් එක්ක ලස්සන කතාවක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. මට ඉවසිල්ලක් නෑ ඒක ඔයාලට පෙන්නනකම්.”
ඉන්දියානු චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීන අධ්‍යක්ෂවරයෙක් වන Mani Ratnamගේ 1995 නිකුත් වුණු Bombay හා 1998 නිකුත් වුණු Dil Se යන චිත්‍රපට දෙකේ රංගන දායකත්වයක් ලබාදුන් Koiralaගේ අවසන් චිත්‍රපටය ලෙස අපිට බලාගන්න පුලුවන් වුණේ Sanjay Dutt නළුවාගේ ජීවන කතාව පිළිබද කළ චිත්‍රපටයේ අම්මාගේ චරිතයට පණ පෙවීමෙන්. නවසීලන්තයේ ඉපිද Youtube එකෙන් තම ගායන හැකියාවෙන් තාමටම කියා නමක් සාදගත් Shirley Setia, 2017 වර්ෂයේ නිකුත් වූ A Gentleman හා 2018 නිකුත් වූ 5 Weddings වැනි චිත්‍රපටවල ගායනයෙන් දායක වී තිබෙනවා. ඇයට ඉදිරියේදී නිකුත් වීමට නියමිත Nikamma චිත්‍රපටයෙත් චරිතයක් ලැබී ඇතිව බන් ආරංචිවේ. Maska චිත්‍රපටය මැයගේ මංගල චිත්‍රපටය ලෙස ගන්න පුළුවන්. තවද 2019 නිකුත් හැමෝගෙම හිත් කැලබූ චිත්‍රපටයක් වන Kabir Singh චිත්‍රපටයේ සහාය නිළියක් හැටියට Nikita Dutt රගපා ඇත.
අපි එහෙනම් කතාවට පොඩ්ඩක් හැරෙමු. රූමී කියල කොල්ලෙක් ඉන්නවා. මෙයාගේ එකම හීනේ තමයි ඇක්ටර් කෙනෙක් වෙන එක. ඒත් මෙයාට හරියට රගපාන්න බෑ තමයි ඒත් එයාට ආසවක් තියෙනවා රගපාලා චිත්‍රපටයක රගපාන්න. මෙයාට තියෙන්න එයාගේ තාත්තාගේ රුස්තම් කියල කැෆේ එකක්. ඒක ගොඩක් පරණ එකක්. එයාගේ තාත්තා පොඩි කාලෙදී මැරුණත් මෙයාට එයාගේ තාත්‍තව පේනවා. නිකම් මවාගැනීමක් වගේ. මෙයයි මෙයාගේ අම්මයි මේ කැෆේ එක කරන් ඉන්නකොට රුමීට එයාගේ රංගන පංතියෙදී මල්ලිකා කියලා කෙල්ලෙක් එක්ක යාලු වෙනවා. එයාත් එක්ක රංගනය වැඩි දියුණු කරන රුමීට ආසාවක් එනවා චිත්‍රපටයක රගපාන්න. මෙයාට හොද අවස්ථාවක් එනවා ජනප්‍රිය කෙටි චිත්‍රපට නළුවෙක්ගේ චිත්‍රපටයක රගපාන්න. ඒත් ඒක කරන්න ඒ අධ්‍යක්ෂවරයට හරිහැටි නිශ්පාදකවරයෙක් හම්බවුණේ නෑ. එයා කියනවා කෝටි 7ක් තියෙනවා නම් චිත්‍රපටය කරන්න පුළුවන් කියල. මෙයාට හිතට එනවා කැෆේ එක විකුණන්න. එක ගැහැණු ළමයෙක් ඉන්නවා එයා මේ රුස්තම් කැෆේ එක ගැන එක විමර්ශනයක් කරනවා. එයා මේකේ ඉතිහාසය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඒවගේම රූමිත්. රූමිගේ යාලුවෙක් වෙන ඒ කෙල්ල රූමිට ඒව පෙන්නලා එයාට ආසවක් ඇති කරනවා. ඉතින් අපි බලමු රූමි කැෆේ එක විකුණලා එයාගේ හීනේ සැබෑ කරගනියිද නැත්තම් එයාගේ තාත්‍තගෙ එයාට ආව ඒ උරුමය එයා ආරක්ෂා කරගනීවිද කියල.
එහෙනම් හැමෝටම ලස්සන දවසක් කියන ගමන් ලංකාවටම ඇදිරි නීතිය දාලා තියෙන වෙලාවක ගෙදර ඉදන් ෆිල්ම් බලන ඔයාලට ඔන්න තවත් ලස්සන චිත්‍රපටයක් අරන් ආවා. මේක මට කරන්න ගමු කියල කිව්ව හසන්ත අයියටත් ස්තුතියි කියන ගමන් තවත් ලස්සන චිත්‍රපටයකින් නැවත හම්බවෙන්නම්. එතකන් ඔයාට සුබ දවසක්. බුදුසරණයි දෙවිපිහිටයි..!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,404 downloadsDownload Maska.2020.Baiscopelk.com_.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
12 comments
Hashan M. Priyadarshana
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Chamindu Lakshitha
Thanks bro... #AngreziMedium එකත් ඇවිල්ලා තියෙන්නේ ..ඒකටත් සබ් දෙන්න..
Isirajanith
Thanks sub ekata Netflix ge WWE the main event 2020 movie release karalada hoda copy yak awama sub dennko please
malithmadhushan45
අම්මෝ මලයගේ ෆිලුමක් නම් කතා දෙකක් නැ සුපිරි තමා ඔන්න මාත් ගත්තා
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
බොහොම ස්තුතියි මල්ලි ..
Hashan M. Priyadarshana
මචං අර The Disaster Artist (2017) එකේ සබ් එක bluray update කරහංකො :) :)
Pasindu Madumal
Update කළා
Pramukmili
Thanxx bro..............
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Advertisement

තෑන්ක්ස් මචං