Watch Trailer

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles | ෆියුරියෝසා වූ ඇය (100*) [සිංහල උපසිරැසි]

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles ආයුබෝවන්, ඔයාලට අද ඒ කියන්නෙ ජූනි 24 වෙනිදා OTT උන නිකුත් අළුත්ම අළුත් චිත්‍රපටයෙ උපසිරැසිය උණු උණුවේම ගෙන එනවා. මේකෙ මට ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒ මේ මගේ 100 වන උපසිරැසිය වීම.ඉතිං ඒ ගැන පසුව කතා කරමු. මුලින් මේ චිත්‍රපටය ගැන කතා කරමු. Furiosa: A Ma…

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles

ආයුබෝවන්, ඔයාලට අද ඒ කියන්නෙ ජූනි 24 වෙනිදා OTT උන නිකුත් අළුත්ම අළුත් චිත්‍රපටයෙ උපසිරැසිය උණු උණුවේම ගෙන එනවා. මේකෙ මට ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒ මේ මගේ 100 වන උපසිරැසිය වීම.ඉතිං ඒ ගැන පසුව කතා කරමු. මුලින් මේ චිත්‍රපටය ගැන කතා කරමු.

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles

Mad max කියන වචනෙ කවුරුත් අහල ඇති. ඒක ප්‍රසිද්ධ උනේ අද ඊයෙ නෙමෙයි 1979 වගේ ඈත කාලෙක තිර ගත කරන ලද Mad max කියන ඕස්ට්‍රේලියානු චිත්‍රපටයත් සමග. George Miller තමයි මේකෙ අධ්‍යක්ෂක වරයා. Mad max කියන්නෙ Max Rockatansky නම් චරිතයට දුන්න කෙටි නම. මුල් කාලයේ මෙය රඟපාන්නෙ Mel Gibson. ඉතින් මේ චිත්‍රපටය ආදායම් අතින් වාර්ථා තබමින් ඒ කාලයේ ලෝකය පුරා විශාල උන්මාදයක් බිහි කරනවා.

ඒ නිසාම Mad Max 2 The Road Warrior (1981) සහ Mad Max :Beyond Thunder dome (1985) යන Mad max ත්‍රිත්වයේ අනෙකුත් චිත්‍රපට දෙක ඔවුන්ම නිපදවනවා. අනූව දශකය වන විට මේ උන්මාදය කොතෙක්ද කිව්වොත් ඒ අලලා කොමික්, කාටුන් වීඩියෝ ක්‍රීඩා ආදියද නිර්මාණය වෙනවා. නැවත වරක් අවුරුදු 30කට පසුව එම අධ්‍යක්ෂක වරයාම 2015 දී Mad Max: Fury Road චිත්‍රපටය නිපදවන්නේ එහි ප්‍රධාන චරිතය මෑඩ් මැක්ස් ලෙස යොදා ගෙන. එය ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන හයක්ම දිනා ගන්න සමත් වෙනවා. Mad max අතීතය එහෙමයි. අපේ වෙබ් අඩවියට ගියොත් මේ චිත්‍රපට හතරම ඔබට හොයා ගන්න පුළුවන්.

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles

මේ කතාවලට පාදක වෙන්නේ ලෝකයේ සිද්ධවෙන න්‍යශ්ඨික යුද්ධයක් විසින් ලෝක ජනගහණය පරිසර සම්පත් සියළු දේ විනාශ කරනවා. ඉන් බේරුන ජන සමූහයා අතරින් පතර මුඩු බිම් තුල ජනාවාස බිහි කර පදිංචි වෙනවා.ජලය, ඉන්ධන පමණක් නොව මානව රුධිරය මෙන්ම මව් කිරිද ඉතා වටිනා ද්‍රව්‍ය බවට පත් වෙලා. ජනතාව අතර සාමය සමාදානයක් නෑ. ඔවුන් එකිනෙකා සමග ගැටෙන්නේ විවිධ සම්පත් සම්බන්ධයෙන්. ඉන්ධන ඉන් ප්‍රධානාම දේ. සිව් වන කතාව Mad Max: Fury Road බැලුවනම් දන්නවා මේ කතාවලට පාදක වෙන මුඩු බිමේ ජන සමූහයා ස්ථාන ගත උනු ප්‍රදාන ස්ථාන තුනක් තිබෙනවා. Citadel (ප්‍රධාන බලකොටුව), Gast own (ඉන්ධන ආකර) Bullet farm ( ආයුධ නිශ්පාදනා ගාරය).

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles

මේ තුන ඒ වෙනකොට පාලනය වෙන්නෙ ප්‍රබල ඉමෝර්ටන් ජෝ මගිනුයි. ඒ කතාවෙදි ඉමෝටන් ජෝගෙ ප්‍රධාන යුධ නායිකාවක් වන ෆියුරියෝසා ජෝගෙ තරුණ ඇඹෙණියන් පස් දෙනෙකුත් සමග පලා යනවා. ඒ ඇය බිහිවූ සහ කුඩා කල ඇති දැඩි වූ හරිත වන ලැහැබකින් වටවූ ඇගේ ගම වන ඇය විසින් හරිත භූමිය ලෙස හඳුන්වන දුර ඈත පෙදෙසකට. පිටු පසින් ජෝ ඇතුළු පිරිවර හඹා එද්දීත් ඇය දැඩි අවදානමක් දරා ඒ යන ගමනට මැක්ස් එකතු වෙන්නේ ජෝගේ සිරයෙන් බේරීමත් සමග.

අවසානයේ තම ගම් ප්‍රදේශය වෙතට එන ෆියුරියෝසාට දකින්න ලැබෙන්නේ ඇය බලාපොරොත්තු වූ හරිත භූමිය නොවේ විනාශ උන තවත් මුඩු බිමක්. වෙනත් විකල්පයක් නැතිව ආපසු හැරෙන ඇය නැවත බලකොටුවට යන්නේ තමා පසු පස එන ජෝ ඇතුළු පිරිවරට මුහුණ දෙමින්.අවසානයේ ජෝ මරා දමන ඇය බලකොටුවේ පාලනය අතට ගන්නවා.

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles

ඒ සාරාංශය ඇති නේ. එහෙනම් අළුත් කතාව දිහා බලමු. මේකත් George Miller විසින්ම අධ්‍යක්ෂණය කරන ලද Fury Road හි prequel සහ spin-off එකක්. ඒ කියන්නෙ ෆියුරියෝසා කොහෙන්ද මතු උනේ? ඇය මේ තත්වෙට ආවෙ කොහොමද? ඇගේ අතට මොකද උනේ? මේ සේරම කියවෙන්නෙ මේ මෑඩ් මැක්ස් පස් වෙනි චිත්‍රපටයෙදි.කාලයත් සමග මෑඩ් මැක්ස් චිත්‍රපට ලබන තාක්ෂණික දියුණුව මේ තුලින් ඔබට පෙනේවි.කතාව කියන්න යන්නෙ නෑ තවත් මේක දික් වෙන නිසා. ඒ නිසා උණු උණුවෙම බලන්න.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි රූප ගත කරන ලද මේ චිත්‍රපයේ Anya Taylor-Joy, Chris Hemsworth Tom Burke Alyla Browne Lachy Hulme ඇතුළු නළු නිළියන් කැලක් රඟපානවා.

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles

කලින් කිව්ව වගේ මේ චිත්‍රපටයත් එක්ක මම මගේ සිය වන කඩ ඉම අද පසු කරනවා. 2023 සැප්තැම්බර් මාසෙ මම උපසිරැසිකරණයට පිවිසුනේ මලයාලි රසිකයෙක් හැටියට ඒ දිනවල මලයාලි උපසිරැසි නිකුත් වීමේ අඩුව සපුරන්න. ඒ මොහොතෙ කවදාවත් හිතුවෙ නෑ මෙතරම් දුරක් යන්න. නමුත් මුල් උපසිරැසියේ සිටම මා සමග ස්ම්බන්ධ් උන විමා සහෝදරයගෙ මග පෙන්වීම සහ දිරි ගැන්වීම නිසා වෙනත් චිත්‍රපට වලත් උප සිරැසි කිරීමට පෙලඹුනා. මේ වෙනකොට මලයාලි 40ක් සහ ඉංග්‍රීසි මෙන්ම වෙනත් භාශා රැසක් හා කතා මාලා රාශියකම උපසිරැසි ගෙන එන්න මට හැකියාව ලැබුනා.

ඒ අතර ඉතා සුවිශේෂ, සහ දුලබ චිත්‍රපට රාශියක්ම තියෙනවා. ලේසි පහසු කාර්‍යයක් නොවුනත් මේක ඇත්තටම ලොකු විනෝදාංශයක්. ඇත්තටම චිත්‍රපටිය තුල ජීවත් වෙමින් ඒක රසවිඳිමින් අපි නොදන්නා බොහෝ දේ එකතු කර ගනිමින් කරන විශාල ක්‍රියාදාමයක්. ඉතින් බොහෝ පිරිසක් ඉන්නවා ස්තූති කරන්න. විමාට අමතරව කාන් සහෝදරයා ඉතා කිට්ටුවෙන් ඇසුරු කරමින් විශාල සහයක් දෙනවා. මගේ බොහොමයක්ම චිත්‍රපට වල (ප්‍රේමාලු, මංජුමෙල් බෝයිස්, ආවේශම් ඇතුළු) ගීත පරිවර්ථනය කරන්න කාන් සහෝදරයා. ඒ ඒක මට වඩා රසවත්ව එයාට කරන්න පුළුවන් නිසා.

හිරාන්, සනූප මල්ලිලා ඇතුළු ගොඩක් අය සිහිපත් කරනවා විශේෂයෙන්ම කතා මාලාවල එකට වැඩ කරපු. ඒ වගේම මට ප්‍රතිචාර දක්වපු විශාල පිරිසක් ඉන්නවා ඒ සියළු දෙනාටම ස්තූතියි මේ චිත්‍රපටය විමා මල්ලි කරන්න හිටිය එකක්. එයාම ඉදිරිපත් වෙලා මට ඒක 100ට කරන්න කිව්වා. ඒකටත් ස්තූතියි.

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles

ඉතින් මගේ උපසිරැසි එක්ක චිත්‍රපටි බලලා ඒක රස විඳපු ගොඩක් අය ඉන්නවා. ඒක මට සතුටක්. විශේෂයෙන්ම මලයාලි රසික පිරිස වැඩි කරන්න මට යම් සහයෝගයක් දෙන්න හැකි උන එකත් ලොකු සතුටක්. ඉතින් එහෙම නම් තවත් ලස්සන උපසිරැසි රැසක් ඉස්සරහට් ගෙන එන්නම්. සියළු දෙනාටම ස්තූතියි. විශේෂයෙන්ම බයිස්කෝප් කණ්ඩායමට ස්තූතියි.

නැවත හමු වෙමු. ආයුබෝවන්

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

27,663 downloadsDownload Furiosa-A-Mad-Max-Saga-2024.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

27,663 downloadsDownload Subtitles35 KB

65 comments

  1. Sulakshana Thilakarathna

    ජය වේවා සහො ඔබට, සුබ පැතුම් කඩයිමට.. තවත් කඩඉමක් සම්පූර්ණ කරන්න. ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕනේ ඔබටත් පවුලේ සැමටත් ❤️❤️

  2. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  3. Naara

    thank you sub eka mechara ikmnta dunnata❤️

  4. Prasad

    Link එක දෙන්න කෝ

    1. Sanupa Ranmeth - Admin

      අපේ ටෙලිග්‍රෑම් චැනල් එකට අප්ලෝඩ් කරල තියෙන්නෙ සහෝ.
      ඩවුන්ලෝඩ් සයිට් එකටත් ඉක්මනින් අප්ලෝඩ් කරාවි.

  5. lahru

    elakiri bro..............

  6. Anonymous

    thanks bosa

  7. Kantha_DLA

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  8. Kaveen

    thank you.

  9. Madusha

    Thanks for sub ❤️

  10. Madusha

    Thanks for sub ❤️..

    1. Pushpa Keerthi

      උණුසුම් සුබ පැතුම් 100 වෙනි උපසිරසියට බන්දුල අයියෙ. ගොඩක් ස්තූතියි මේ සබ් එකට. ඊයේත් ඇවිත් බැලුවා සබ් දීලද කියලා මේ film 1kta. ඉස්සරහටත් හොඳ නිර්මාණවලට සබ් දෙන්න ලැබේවා කියලා සුබ පතනවා. ජය වේවා....!!! ♥️

  11. oshada eranga

    සබ් 100ට සුබ පැතුම් බන්දුල අයියේ.. දිගටම ගහමු.. ජයවේවා !
    Oshada Eranga (Era Boy)

  12. Kevin D...

    Thanks...

  13. lakmal

    thanks sub ekta bro... digatama sub denna me wage wish krnwa.

  14. chanaka sasalanka

    thanks. sub ekata

  15. sahan malinga

    thanks bosa

  16. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  17. aaaa

    thanks

  18. Kavindu Nethmina

    100 වෙනි උපසිරැසි කඩඉමට සුභ පැතුම් Bro...Thawath Supiri film ekak denna..

  19. Hashan

    Thanx for the sub & Good luck...❤️

  20. Amila Mudalige

    100 වෙනි උපසිරසියට සුභ පැතුම්

  21. Kasun Widusha

    100 ට සුබ පැතුම් සහෝ 200 ගහමු ඉක්මනටම... ❤️

  22. Kasun Widusha

    100 ට සුබ පැතුම් අයියේ.... 200 ත් ගහමු ඉක්මනටම...❤️

  23. Buddhika Lakmal

    100වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ.....
    අපේ රසාස්සවාදය උදෙසා උපසිරැසි 100ට ඔයා යොදවපු ඔයාගේ කාලයට බොහෝම ස්තූතියි මචං.....
    කරන කියන සියලු වැඩකටයුතු සාර්තක වේවා.....
    තවත් කඩඉමකින් ඉක්මනට හමුවෙමු............
    ජයවේවා.............

  24. ishan

    Thx brother sub ekta

  25. Pushpa Keerthi

    ගොඩක් ස්තූතියි යාලුවා සබ් එකට, ඊයෙත් page 1kta ඇවිත් බැලුවා මේ ,film 1kta sub දීලද කියලා. සුබ පැතුම් 100 වෙනි උපසිරසියට ඉදිරියටත් මේ වගේ නිර්මාණවලට සබ් දෙන්න ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා, ජය වේවා....!!!! ♥️

  26. Pushpa Keerthi

    උණුසුම් සුබ පැතුම් 100 වෙනි උපසිරසියට බන්දුල අයියෙ. ගොඩක් ස්තූතියි මේ සබ් එකට. ඊයේත් ඇවිත් බැලුවා සබ් දීලද කියලා මේ film 1kta. ඉස්සරහටත් හොඳ නිර්මාණවලට සබ් දෙන්න ලැබේවා කියලා සුබ පතනවා. ජය වේවා....!!! ♥️

    1. නිමා

      100 උපසිරැසිය වෙනුවෙන් උනුසුම් සුබපැතුම්

  27. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  28. Prageeth

    Thx brooooo

    1. Anonymous

      Thanx bro

  29. රංගික සිනෙත් කාරියවසම්

    බන්දුල සහෝදරයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ ෆිලුමට උපසිරැසි ගෙන ඒම සම්බන්ධව .100 ට සුබ පැතුම් එක කරන ගමන්,මලයාලම් රසිකයෙක් හැටියට ඔබ මලයාලම් සිනමාව අපට සමීප කරවීමට සිදු කරන ලද අගනා මෙහෙය ඉතා අගය කොට සලකන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා. ඉදිරියටත් මලයාලම් සබ් නිරන්තරයෙන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරනවා. ඔබට ජය

  30. Anonymous

    ❤️❤️❤️

  31. Anonymous

    බුදු සරණයි සියළු දෙව් රැකවරනයි

  32. ක්‍රිශාන්ත හැරිස්

    ස්තුතියි සබ් එකට .100 කඩඉමට සුබ පැතුම් ...

  33. Sahan Gayantha

    Thanks a lot Bandula saho sub ekata

  34. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  35. Sajith gamage

    Thanks sub ekata❤❤❤❤

  36. යුරාන් ධනුක (දනුවා)

    කඩයිමට උණුසුම් සුබ පැතුම් බන්දුල අයියේ !!
    ඔයාගේ මලයාලම් ෆිල්ම් ගොඩක් බලලා තියෙනවා.
    සයිට් එකට ඉන්න වටිනම කෙනෙක් කියලා කියන්න පුළුවන්
    එහෙනම් දිගටම වැඩේ කරගෙන ගිහින් ඉදිරි කඩයිම් වලටත් ඉක්මනටම යමු
    පෞද්ගලික ජිවීතයේ වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  37. Roshan

    Thnx bro.Great job.Good luck.

  38. AshenTM

    කඩයිමට උණුසුම් සුබ පැතුම් බන්දුල අයියේ !!

    1. Anonymous

      Super

  39. Anonymous

    Thanks for the sub.

  40. Sandeep Madushan

    Congratulations & superb sub ️

  41. Aruna

    සුභ පැතුම්

  42. prasad jayawardena

    sthuthi sinhala sub ekata.
    subapethum saho. thawa thawath sub denna diriya shakthiya lebewa.

  43. Anonymous

    Good Job

  44. Anonymous

    Congratulations brother!! keep it up...

  45. Nipun Lakshitha

    Congratulations & Thank You !

  46. Anonymous

    උණුසුම් සුබ පැතුම් බන්දුල සහෝ... ජය වේවා ඔබ තුමාට...

  47. Prabath madusanka Dissanayake

    Good work bro....... See you in such great movies!!!!!!!

  48. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  49. Anonymous

    TNX Bro....

  50. Pramod

    Thanks bro

Load more comments