Memory (2023) Sinhala Subtitles අමතකවූ මතකය යලි මතක් කර ගැනීමට උත්සහ දරන්නෙක්, අමිහිරිවූ මතකය අමතක කරගැනිමට උත්සහ දරන්නියක්… වෙනස්මවූ සිනමා රසයක් විඳගැනීමට කැමති සිනමාරසිකයන් වෙනුවෙන් නිර්මාණයවූ සිනමාපටයක්… 2024.06.22 වන විට, *IMDb rating – 6.6 *නිෂ්පාදන වියදම – $ 100, 000 ($ = ඇමරිකන් ඩොලර්) […]

අමතකවූ මතකය යලි මතක් කර ගැනීමට උත්සහ දරන්නෙක්, අමිහිරිවූ මතකය අමතක කරගැනිමට උත්සහ දරන්නියක්…
වෙනස්මවූ සිනමා රසයක් විඳගැනීමට කැමති සිනමාරසිකයන් වෙනුවෙන් නිර්මාණයවූ සිනමාපටයක්…
2024.06.22 වන විට,
*IMDb rating – 6.6*නිෂ්පාදන වියදම – $ 100, 000 ($ = ඇමරිකන් ඩොලර්)
*Box Office ආදායම – $ මිලියන 1.3
*ප්‍රේක්ෂක වර්ගය – R (Restricted) *නිර්දේශවීම් – 1) Jessica Chastain – Best Lead Performance (Independent Spirit Awards), 2) Michel Franco – Golden Lion (Venice International Film Festival) *සම්මාන – 1) Peter Sarsgaard – Volpi Cup for Best Actor (Venice International Film Festival), 2) Feature Low Budget For Comedy or Drama (Casting Society of America)
(තොරතුරු Wikipedia, IMDb ඇසුරෙනි.)
සිනමා ලෝකයට විශේෂිත වසරක්වූ 2023 වර්ෂයේදී නිකුත්වූ සුපිරි සිනමාසිත්තම්වල සෙවනැළිවලින් වැසීගිය එතරම්ම අවධානයට ලක්නොවූ Michel Franco විසින් අධ්‍යකෂනය කළ Oscar(Academy) සම්මානලාභී Jessica Chastain, ජනප්‍රිය නළු Peter Sarsgaard, Brooke Timber, Merritt Wever, Jessica Harper ප්‍රධාන චරිත ලෙසින් රංගනයෙන් දායක වන පුද්ගලයින් දෙදෙනෙකුගේ මතකයන් පදනම්කරගත් නාට්‍යමය වරගයේ සිනමාපටයකි Memory 2023.
Memory (2023) Sinhala Subtitlesකතාවේ, කතානායිකව වන්නේ Sylvia නැමැති එක්දරු තනිකඩ මවක්. කතානයකයා වන්නේ Saul. ඔහු ***Dementia*** (ඩිමෙන්ෂියා /Dementia – තම ජීවිත කාලයේ එක් එක් කාලවකවානුවන්හිදි සිදුවූ සිදුවීම්, හමුවූ පුද්ගලයන් කොටස් වශයෙන් අමතකවන රෝගයකි) රෝගයෙන් පෙලෙන මැදිවියේ කණවැන්දුම් පුද්ගලයෙක්. දෙදෙනා මුනගැසැන්නේ ඔවුන් දෙදෙනාම ඉගෙනගත් පාසලේ ආදිශිෂ්‍යයන් නැවත හමුවීම සඳහා පවත්වනු ලබන සුහද-හමු උත්සවකදී, වැරදීමකින් (ඔහුගේ රෝගය නිසාවෙන්). එතැන් පටන් ඔවුන්ගේ ජීවිතය ගලායන ආකාරය, දැනගැනීමට ඔබට සිනමාපටය නැරඹීමට සිදුවේ.
සිනමා පටයේ මුල් අවස්වථාවලදි Sylvia ගේ එක් එක් ක්‍රියාකලාප හේතුවෙන් ඇය සෑම පිරිමියෙකුම හෙලාදකින දැඩි ස්ත්‍රීවාදියක ලෙස පෙනීගියත් ඇයගේ එම ක්‍රියා කලාපයන්ට හේතුව සිනමාපටය අවසානභාගයේදි ඉතා රසවත්ව හා වඩා නාට්‍යරූපීව ගෙනහැරපා තිබේ.
සිනමා පටයේ විශේෂයෙන් අවධානයට ලක්වන්නේ එහි ජවනිකා වලට අදාළව පසුබිම් සංගීතයක් නොමැති වීමයි. එය එසේ වුවද Academy සම්මානලාභී Jessica Chastainගේ චරිත ආරූඪකරගැනීමේ සුවිශේෂී හැකියවෙන් (ඇය එසේ තමා රංගනයේ යෙදෙන චරිතයට ආරූඪ වන විස්මිත ආකාරය දැකබලාගැනීමට Scenes From A Marriage නරඹන්න) සහ සෙසු රංගනශිල්පීන්ගේ විශිෂ්ඨ රංගනයෙන් එහි අවශ්‍යතාවක් සිනමා පාඨකයන්ට අමතක කරවීමට සමත්කම්පා තිබේ. නිශ්චිත ආරම්භයක් නොමැති සහ විවෘත අවසානයක් ඇති මෙය Sylvia ගේ ජීවිතයේ එකතරා කාලවකවානුවක වැදගත් සංධිස්ථානයක් සංෂිප්ත ලෙස සිනමාවට ගොඩනැංවීමක් බව පෙනීයයි. එමෙන්ම සිනමාපටයේ සිද්ධීන් ගලා යන ආකාරයට මෙම සිනමාපටය, සාමාන්‍යය සිනමාපටයක දක්නට ලැබෙන සිනමාරූපීභවෙන් මිදී සැබෑ ජීවිතයේ යථාර්ථවාදීබවට වඩාත් ආසන්නව ගොඩනඟා ඇති බව ඔබට අවසානයෙදී හැඟීයනු ඇත. මෙවැනි කරුණු කාරණා හේතුවෙන් මා මෙම ලිපිය ආරම්භයේදී, හැඳින්වීමේ සදහන් කල පරිදි වෙනස්ම සිනමා රසයක් මෙම සිනමාපටයේ අන්තර්ගතවී ඇත.
Memory (2023) Sinhala Subtitlesසිනමාපටයට R වර්ගීකරණය ලැබී ඇත්තේ අවස්ථා කිහිපයකදී වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන සහ දෙබස් කිහිපයක් අන්තර්ගතවීම නිසාවෙන් වුවද, සිනමාපටයේ හරය සියල්ලන්ට ගැලපෙන පරිදි සකසා ඇත.
ජීවිතයේ සිදුවන සමහරක් සිදුවීම්, ලෙහෙසියෙන් සුවනොවන තුවාල මෙන් ජීවිතයේ විටින් විට රිදුම්දෙන බවටවූ ජීවිත සත්‍යය මෙම සිනමාපටයෙන් විශිෂ්ඨ ලෙස නිරූපනය කර තිබේ. එමෙන්ම Sylvia වැනි පුද්ගලයන් ඔබට ඉදිරි ජීවිතයේදී මුණගැසුනහොත්, ඔවුන්ව විනිශ්චයට ලක් නොකොට ඔවුන්ව බුද්ධිමත්ව තේරුම් ගැනීමටත්, ඔවුන්හට කාරුණික වීමටත් ඔබට මෙම සිනමාපටය ඉදිරියේදී සිහිපත්කරදෙනු ඇත.
සිනමාපටය නරඹා සිනමාපටය ගැන ඔබට දැනුනු හැඟීමත් අදහසක් ලෙස පලකරන්න. එමෙන්ම සිනමාපටය පිලිබඳව ඔබ පැහැදුනේනම් ඔබ සිනමාපටයට අදාළව ඇති IMDb වෙබ්පිටුවට පිවිස එයට ඉහළ අගයක් එකතු(Rate) කරන්න. මඟේ ජීවිතයේ පළමුවරට ලියූ උපසිරැසි ලිපියේත්, පළමු උපසිරැසිගැන්වීමේත් ගුණ-දොස්, යෝජනා-චෝදනාවන්ට ඉඩසලසමින් මම දැනට සමුගන්නම්. එසේනම්,
Memory (2023) Sinhala Subtitlesසුභ දවසක් වේවා!!!
රසබර හා හරවත් සිනමා අත්දැකීමක් ලැබේවා!!!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-RIP පිටපත් සඳහා ගැළපේ.
2,150 downloadsDownload Memory-2023-Sinhala-Subtitles.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරන් ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2024-06-25
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Memory (2023) Sinhala SubtitlesSubtitles by
ෂෙරන් ජයසිංහ
Subtitles
- #2023
- #Alan Nehama
- #Aliya Campbell
- #Anthony Aikens
- #Brooke Timber
- #Catherine Taaffe
- #Donald McQueen
- #Dutch Welch
- #Editor's Pick
- #Eileen Weisinger
- #Jessica Chastain
- #Josh Philip Weinstein
- #Karen Roach
- #Mario Moreno
- #Memory
- #Memory (2023)
- #Memory (2023) Sinhala Sub
- #Memory (2023) Sinhala Subtitles
- #Michel Franco
- #Oriana Venchiarutti
- #Rick Firpi
- #Sarah Elizabeth Grace
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #Tarina Webb
- #Vilma Ortiz Donovan
- #උපසිරැසි
- #ෂෙරන් ජයසිංහ
- #සබ්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Buddhika Lakmal
Naveen Mbr
පළමු උපසිරසට උණුසුම් සුබ පැතුම් සහෝදරයා. සාදරයෙන් පිළිගන්නවා අපේ බයිස්කෝප් සිංහලෙන් උපසිරසි කණ්ඩායමට. තව තවත් උපසිරසි අරගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Yasas Ravihansa
බොහෝම ස්තුත්යි උපසිරැසියට කාලෙකින් බලපු හොද කථාවක්
දිගටම උපසිරැසි ලබා දෙන්න මෙවෙනි නිර්මාණවලට ජය වේවාH.M
සබ් එකට ස්තූතියි
imesha
thank you
Ruchira
Thanks for the sub!!!!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie



පළවෙනි උපසිරැසියට සුබ පැතුම් බ්‍රෝ.............
දැං ඉතිං දිගටම සබ් දෙන එකයි තියෙන්නේ... (වෙලාව තියෙන විදිහට)
සිංහල උපසිරැසිකරුවන් උපසිරැසිකරණයෙන් ඈත්වෙන වෙලාවක මෙහෙම සබක් උස්සන් ආවට බොහෝම ස්තූතියි මචං...
මේ වගේ ඇසනොගැටෙන මූවි එහෙකට සබ් ගෙනාවටත් බොහෝම ස්තූතියි සහෝ.....
ජයම වේවා.............