Winnie the Pooh Blood and Honey 2 (2024) Sinhala Subtitles ඔන්න ටික කාලෙක නිහැඩියාවකින් පස්සෙ නැවතත් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරැසියක් අරගෙන මම ආවා.මෙදා පාර මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ Horror/ Slasher කාණ්ඩයට අයත් නවතම සිනමාපටයක් වන “Winne The Pooh : Blood and Honey” සිනමාපටයේ දෙවන කොටස.ඒ ව…

ඔන්න ටික කාලෙක නිහැඩියාවකින් පස්සෙ නැවතත් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරැසියක් අරගෙන මම ආවා.මෙදා පාර මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ Horror/ Slasher කාණ්ඩයට අයත් නවතම සිනමාපටයක් වන “Winne The Pooh : Blood and Honey” සිනමාපටයේ දෙවන කොටස.ඒ වගේම මුලින්ම මම ස්තූතිවන්ත වෙන්න ඕනා මට මේ වැඩේ කරන්න භාරදුන්න අපේ බයිස්කෝප් වෙබ් අඩවියේ ” රවිදු හේෂාන් ” සොහොයුරාට.
හරි මම හිතන්නෙ සිනමාලෝලීන් වන ගොඩ දෙනෙක් දැනටමත් මේ ” Winne the Pooh Blood and Honey ” ගැන දන්නවා.ඒ නිසා ලොකුවට ඒ ගැන කතා කරන්න උවමනා නොවෙයි කියලා මම හිතනවා.
කොහොමෙන් කොහොම හරි සිනමාපටයේ වගතුග පැත්තට හැරුනොත් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ මෙහි පළමු සිනමාපටය නිර්මාණය කරපු Rhys Frake Waterfield විසින්.මේ වසරේ මාර්තු 26 වෙනිදා මුලින්ම එක්සත් රාජධානියේදී ප්‍රදර්ශනය ආරම්භ කරපු ” Winne the Pooh Blood and Honey ” සිනමාපටය සැලකිය යුතු බොක්ස් ඔෆීස් ආදායමකුත් උපය ගන්න සමත්වෙලා තියෙනවා.ඒවගේම මෙහි පළමු සිනමාපටයට වඩා සැලකිය යුතු රේටින්ග්ස් ප්‍රමානයක් ලබා ගන්නත් මේ සිනමාපටයට හැකියාව ලැබිලා තියෙනවා.ඒ සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 4.6/10 කුත් කුණු තක්කාලි දර්ශකයේ ලකුණු 46% කුත් ලබා ගනිමින්.අනිත් අතට සිනමාපටයේ රංගනයෙන් Scott Chambers, Ryan Oliva, Tallulah Erans වගේ නවක නළු නිළි කැලකුත් එක්වෙලා තියෙනවා.ඒවගේමයි මේ සිනමාපටය Build වෙන්නෙ The Twisted Childhood Universe එක හරහා.මේ හරහා අපි ළමා කාලෙ දැකපු චරිත කීපයක්ම කළු චරිත විදියට ඉදිරියෙදී දැකගන්න හැකියාව ලැබෙනවා.ඉතිං ඒවටත් පුළුවන් හැකි විදියට උපසිරැසි අරන් එන්න මම අදහස් කරන් ඉන්නවා.
හරි එහෙනම් කතාව පැත්තට හැරුනොත් මෙවර කථාව කේන්ද්‍රගත වෙලා තියෙන්නෙ විනීගේ කුඩා කළ මිතුරා ක්‍රිස්ටෝපර් වටා.ඔහු ජීවත්වෙන්නෙ ඈෂ්ඩවුන් කියන කුඩා නගරයේ.මේ නගරයේ තියෙන the 100 Acre Wood කියන වනාන්තරය තුල නොසිතූ විරූ අයුරේ සැහැසි මිනීමැරූම් කීපයක්ම සිද්ධවෙනවා.ඉතිං ඈෂ්ඩවුන් වල ඉන්න මිනිස්සු විශ්වාස කරන්නෙ මේ වලට වගකියන්න ඕන ක්‍රිස්ටෝපර් කියලා.ඒ නිසාම ඔහුට ඈෂ්ඩවුන් වල ජනතාවගෙන් ලොකු පීඩනයක් එල්ල වෙනවා.ඉතිං මේ හැමදේමත් එක්ක තව තවත් ඝාතන the 100 Acre Wood තුලත් පසුව ඉන් පිටත ඈෂ්ඩවුන් තුලත් සිද්ධවෙන්න ගන්නවා.මේ නිසා ඈෂ්ඩවුන් වල ජනතාවටත් ක්‍රිස්ටෝපර් ආදරය කරන ඔහුගේ ආදරණීයන්ටත් මුහුණදෙන්න වෙන්නෙ නොසිතූ විරූ ඛේදවාචකයකට.ඉතිං මේ ගැන දැනගන්නනම් ඔයාලට මේ සිනමාපටය නරඹන්න කියලා මම ආරාධනා කරනවා.
අනිත් අතට අපිට මේ සිනමාපටයේදි පූගේ මිතුරන් වන Piglet, Owl හා Tiger ව දැකගන්න පුළුවන්.ඒවගේම මතක් කරන්න ඕනා මේ සිනමාපට තුල ප්‍රචණ්ඩකාරී දර්ශන බොහොමයක් ඇතුලත්.ඒ නිසා කුඩා ළමයින්ටනම් මේක සුදුසු නැති බව මම කියන්නම ඕනා.එහෙනම් ඉක්මනටම තවත් අළුත් වැඩකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
හැමෝටම ජයෙන් ජය……
Winnie The Pooh, Winnie the Pooh Blood and Honey, Winnie the Pooh Blood and Honey 2, Winnie the Pooh Blood and Honey 2 (2024) Sinhala Subtitles
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දී ඇත
4,481 downloadsDownload Winnie-the-Pooh-Blood-and-Honey-2-2024-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
Subtitles
- #Amber Doig Thorne
- #Craig David Dowsett
- #Editor's Pick
- #May Kelly
- #Must Watch
- #Natasha Tosini
- #Offbeat
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Winnie The Pooh
- #Winnie the Pooh Blood and Honey
- #Winnie the Pooh Blood and Honey 2
- #Winnie the Pooh Blood and Honey 2 (2024) Sinhala Subtitles
- #You Decide
- #ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
chanaka sasalanka
Madusha
Thanks for sub
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Buddhika Lakmal
Thanks nacho sub ekata
malshan
thans bro
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks ..