කොහොම පටන් ගන්නද කියල බැලුවේ. මොකද මේ වගේ කතාවක සිංහල උපසිරසක් අරගෙන එන කොට ලියන්න ඕනේ මොනවද කියලා හිතන එකත් ප්‍රශ්ණයක් 😛 මෙහෙම පටන් ගමු එහෙනම්, Don’t act like you don’t know Know what I came for Too late to turn back This is the payback You take one, I take one You can’t hide […]

කොහොම පටන් ගන්නද කියල බැලුවේ. මොකද මේ වගේ කතාවක සිංහල උපසිරසක් අරගෙන එන කොට ලියන්න ඕනේ මොනවද කියලා හිතන එකත් ප්‍රශ්ණයක් 😛 මෙහෙම පටන් ගමු එහෙනම්,
Don’t act like you don’t know
Know what I came for
Too late to turn back
This is the payback
You take one, I take one
You can’t hide you can’t run
Too late to turn back
This is the payback….
මෙහෙම තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. මතකද මම කලින් උපසිරැසි දුන්නු මේ කතා මාලාවේ හයවැන්න. ඒක මතක නම් මතකද අන්තිමට සිද්ධ උන දේ?
“ඩොමිනික් ටොරෙටෝ? ඔහේ මගේ ගැන දන්නේ නැහැ. එත් දැනගන්නයි යන්නේ.“
ඒ තමයි මේ කතාවේ ප්‍රධාන දුෂ්ඨයාගේ මාරක ධාවනයේ ආගමනය. ඒ කවුරුත් නෙමේ ඔවෙන් ශෝගේ සහෝදරයා. හැබැයි ඔවෙන් වගේ නෙමේ මෙයා ඊටත් වඩා දරුණු ඉංග්‍රීසි නරකාදියෙක්. බ්‍රිතාන්‍ය රජයේ පුහුණු උන් විශේෂ සෙබලෙක්. එයාලටත් මෙල්ල කරගන්න බැරුව අවතාරයක් වගේ ජීවත් වෙන දරුණු මිනිහෙක්. ඒ වගේ කෙනෙක්ගේ මල්ලි කෙනෙක්ට තමයි කලින් කොටසේදී ඩොමිනික් ටොරෙටෝ, බ්‍රයන් සහ හොබ්ස් ඇතුළු පිරිස අතපය කඩලා එකතැන් කලේ. දැන් මල්ලිගේ පලිය ගන්න අයියා ඇවිදින්. ඒ එන්නේ හාන්ව පළමු බිල්ල විදිහට අරගෙන. ඉතින් මෙදා සැරේ කට්ටියට සිද්ධ වෙලා තියෙන්නේ අපරාධකාරයෙක් හොයන්න නෙමේ. මේ සැරේ වෙලා තියෙන්නේ තවත් ගොදුරක් නොවී මේ ඩෙකාර්ඩ් ශෝගෙන් පණ බේරගන්න. ඒ තමයි කතාව ගැන මම ඔයාලට කියන විස්තරය.
දැන් කියන්නම් චිත්‍රපටය ගැන විස්තර ටිකක්. මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටිය මම තිරගත වීම ආරම්භ කල දවසෙම කන් දෙවනත් වෙන චිත්‍රපට ශාලාවක ඉඳගෙන බැලුවා 😀 මොකද මේක එනවා කිව්වම ඉවසීමේ සීමා වැටකඩොලු බොහොම අමාරුවෙන් අප්‍රේල් 2 වෙනකන් බේරාගෙන හිටියේ. මේ වගේ එකක් එහෙම බලන්න තරම් වටිනවා. ඔයාල දන්නවා ඇතිනේ ලෝකේ දැනට තිරගත උන චිත්‍රපට වලින් ඇමෙරිකාව තුල ඇරෙන්න වෙනත් රටවල් වල ලැබූ අදායම් සැලකිල්ලට ගත්තොත් Furious 7 චිත්‍රපටයට කලින් ඩොලර් මිලියන් 1000 පැන්නුවේ චිත්‍රපට දෙකක් පමණයි. එකක් Avatar අනික Titanic. කියන්න සතුටුයි මේ කණ්ඩායමේ නවතම සාමාජිකයා තමයි Furious 7. ඒ වගේම මේ වනවිට සමස්ථ අදායම ඩොලර් මිලියන 1467ක් හිමි කරගෙන Avatar, Titanic සහ Avengers කියන චිත්‍රපට තුනට පමණක් දෙවෙනි වෙමින් දැනට ලෝකයේ වැඩිම අදායම් ලැබූ චිත්‍රපට වලින් හතරවන ස්ථානය ලබාගෙන සිටිනවා. මේ මොහොත වනවිට එහෙම උනත් මට විශ්වාසයක් තියෙනවා Furious 7 තුන්වෙනි තැනට හිමිකම් කියන දවස වැඩි ඈතක නම් නෙමෙයි කියල.
ඒවගේම කලින් චිත්‍රපට වල රංගනයෙන් දායක උන පිරිසට අමතරව අලුත් මුහුණු කීපයක් මේ චිත්‍රපටය තුල දැක ගන්න ලැබේවි. ඒ අය මේ චිත්‍රපටයට අලුත් උනාට චිත්‍රපට ලෝකයට නම් අලුත් නැහැ. සුපුරුදු පරිදි Vin Diesel, Paul Walker, Tyrese Gibson, Dwayne Johnson, Ludacris, Michelle Rodriguez, Jordana Brewster රංගනයෙන් දායක වෙනවා. මීට අමතරව Jason Statham, Kurt Russell, Nathalie Emmanuel සහ Tony Jaa නළු නිලියන් මේ චිත්‍රපට මාලාවට එකතු වෙනවා. ඒ තමයි රංගන දායකත්වය. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය James Wan විසින්. හොල්මන් චිත්‍රපට සඳහා ප්‍රකට අධ්‍යක්ෂකවරයෙක් වූ ඔහු මේ චිත්‍රපටය සඳහා දායක වීම තරමක් සැකමුසු දෙයක් උනා. මොකද ඒ වගේ කෙනෙක් මේ වගේ ක්‍රියාදාම චිත්‍රපටයක් කොහොම නිර්මාණය කරාවිද කියන පැනය නිසා. හැමෝගෙම තර්ක බිඳ දමමින් මේ නිර්මාණය මෙතෙක් පිළිගත් භෞතික විද්‍යා මූලධර්ම බොරු කරවමින් 😛 සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් නිර්මාණය කරවනු ලැබුවා. එහි සාර්ථකත්වය ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ ලැබුන අදායම ගැන බැලුවොතින්.
එත් මේ වගේ ඉහල අදායමක් ලබන්න හේතු උන ප්‍රධානම පුද්ගලයා වෙන කවුරුත් නෙමේ ඒ තමයි හදිසියේ සිනමාලෝලි අප අතරින් සමුගත් පෝල් වෝකර්. මේ චිත්‍රපටය නරඹන්න පැමිණි බොහෝ දෙනෙක් සිනමා ශාලාවල අසුන් වලට බර උනේ මියගිය පෝල් වෝකර් ජීවමාන උනේ කොහොමද කියලා දැක ගැනීමේ අශාවෙන්. හැමෝම දන්නවා වගේ පෝල් වෝකර්ගේ චරිතය සඳහා මේ චිත්‍රපටයේ ඉතිරි දර්ශන වෙනුවෙන් දායක උනේ පෝල්ගේ සහෝදරයා කෝඩි වෝකර් විසින්. ඉතින් ඒ දේ දැන දැනත් බොහෝ පිරිසක් සිනමාහල් කරා ඇදුනා පෝල් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමක් වශයෙන්. ඉතින් මේ හැම හේතුවක් නිසාම Furious 7 සාර්ථක ආදායමකට හිමිකම් කියනවා. ඒ වගේම මේ චිත්‍රපටය තිරගත වෙද්දීම මෙහි අටවැන්න තිරගත වන දින වකවානු පවා තීරණය කර තිබෙන්නේ. මේ ගැන ඇත්තටම පෝල් වෝකර් ඔහු සිටින ලෝකයක ඉඳන් සතුටු වෙනවා ඇති. එත් අටවැන්න මේ වගේ ප්‍රධාන චරිතයක් නැතුව කොහොම වේවිද කියන එකත් අපි හැමෝටම තියෙන තවත් ප්‍රශ්ණයක්. ඉතින් ඒ දේවල් ගැන හිතන්න කලින් මේක බලල ඉන්න එපැයි 😛 එහෙනම් ඔන්න හැමෝටම බාරයි මාරාන්තික ධාවනයේ හත්වැන්න සමඟ නොකඩවා පෙළ ගැස්වෙන ක්‍රියාදාම සමඟ එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්!! ජය වේවා !!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
45,083 downloadsDownload Furious-Seven-2015-BR-UPDATE.zip315 B

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
306 comments
chathura
කැලුම් ගුණසේකර
මෙන්න තවත් සුපිරි කොපියක්.
https://kickass.to/furious-7-seven-2015-720p-hdrip-x265-hev…Hacker
Hail Baiscope! :) Hail F7 " I have No Friends I got My Family " ;)
හර්ෂණ
ජය වේවා... හුරේ...
Sam
Ela wadak sahoooo.... ikmanatama sub deelane...
Eth thawama Brrip yifi eka deela nathi nisa balanna hithenneth na.
Yifi copy eka awama ekatath sub denna amathaka karanna epa hodadaඉසු ඩිපි (Isu DP)
මේක එනකම් කොච්ච්ර කල් බලන් හිටියද, එත් තවත් බලන් ඉන්න වෙනවා BR එනකම්.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dzidath
Thnxks brooo. hall eknuth baluwa. eth oyala dena sub eken wage hodata therenne na. eka hinda ayeth balanawa . Thnxs again.
ප්‍රදීප් මධුසංඛ
එය දිගු දිනයක් වුවා ඔබ නැතිව මා මිතුර...
මම ඒ සියල්ලක්ම ඔබහට පවසන්නම් නැවත අප හමුවූ පසු...
අප දැන් දිගු ගමනක් පැමිණියා අප ඇරඹු තැන පටන්...
මම ඒ සියල්ලක් ගැනම ඔබහට පවසන්නම් නැවත අප හමුවූ පසු...
ඔබ නැවත හමු වූ පසු...It's been a long day without you, my friend
And I'll tell you all about it when I see you again
We've come a long way from where we began
Oh, I'll tell you all about it when I see you again
When I see you againDamn, who knew?
All the planes we flew
Good things we've been through
That I'll be standing right here talking to you
'Bout another path
I know we loved to hit the road and laugh
But something told me that it wouldn't last
Had to switch up
Look at things different, see the bigger picture
Those were the days
Hard work forever pays
Now I see you win the better placeUh
How can we not talk about family when family's all that we got?
Everything I went through you were standing there by my side
And now you gon' be with me for the last rideIt's been a long day without you, my friend
And I'll tell you all about it when I see you again
We've come a long way from where we began
Oh, I'll tell you all about it when I'll see you again
When I'll see you againAah oh, aah oh
Wooooh-oh-oh-oh-oh-ohFirst you both go out your way
And the vibe is feeling strong
And what's small turn to a friendship
A friendship turn to a bond
And that bond will never be broken
The love will never get lost
And when brotherhood come first
Then the line will never be crossed
Established it on our own
When that line had to be drawn
And that line is what we reach
So remember me when I'm goneHow can we not talk about family when family's all that we got?
Everything I went through you were standing there by my side
And now you gon' be with me for the last rideSo let the light guide your way, yeah
Hold every memory as you go
And every road you take, will always lead you home, ooh ooo ohIt's been a long day without you, my friend
And I'll tell you all about it when I see you again
We've come a long way from where we began
Oh, I'll tell you all about it when I see you again
When I see you againWhen I see you again
See you again
When I see you again....danu
mcn me copy ekta sub eka set wenwda?
shanaka fernando
thanks machan........
bhg
Meka play wenne bn kmp t weda ne vlc t weda ne.. :(
chiran maduranga
R.I.P
Paul Walker
We all miss you!!!Dark
@ BHG
update your VLC or KM player because Old versions does not support to HEVC file formats
SLHD
thanx machan..
chathura
hasantha oya ela kollekne maxxa
praveen manohara
THANK YOUUU
Sam
thnkss a lot brooo..sub denkan hitiyeee..elzzzzzz..
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ....
බලාගෙන හිටියේ කවදා මේක දේවිද කියලා....
පෝල් වෝකර් වෙනුවෙන් ඔහුගේ සහෝදරයා ඔහුගේ චරිතයට
කොච්චර සාධාරණයක් ඉටු කළාද කියලා බලමුකෝ එහෙනම්...
ඒත් 8 වෙනි එක පෝල් වෝකර් නැතුව කොහොම බලන්නද අප්පා...
උපසිරැසියට ස්තූතියි සහෝ...
ජය!!!Nalinda Trinco
Suppa... meka denakamma bagena hitiya. oya supirima buwek.....
kavinda
එල 1ක් සහෝ සුපිරියි......
rimaz m mohamed
ela bn patta pahara
Isuru Gurugedara
Ela ela.machan.
Meka original ekak nemei neda camera copy ekakda?
Dinuka
ade ela mcn. thanks sub ekata!
madu
ela ela balagena hitiye enakamma onna gatta
Ashan
ela ela machan.
sanjeewa
thanks for sub
Dilanka
Ela Mcn...
darshana
a ban meka hindi voice da ban tinnay, hindi move kila tinawa ekae ahannay ban
lakmal
thanks for Sub
pathum chathuranga
නියමයි නියමයි බලන් හිටපු ෆිලුම මෙන්න දාලා.....
හුරේ...
තැන්ක්ස් සහෝ උපසිරසි ඉක්මනටම දුන්නට..
ජය වේවා... :) :) :)thisal
ela bn api baluwa bn godk dawas meke hoda print ekak sinhala ekkA ayet blnne br awama tama elaaaa
Dhanushka
Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!
VisH
බොහොම ස්තුතියි : )
අනුරුද්ධ(ලියෝ)
උණු කැවුම් වගේ සබ් එක යන්නේ.සැහෙන අමාරුවෙන් බලාගෙන හිටියේ සබ් එක එනකම්.උරේ.....බොහොම ස්තුති හසන්ත සහෝ...ජය වේවා... :)
SRIMAL
supiri enakan iwasillak nethuwa hitapu film ekak thankxxxxxxxxxxxxxxxxxxxx
sandaruwan
thankzzzz.............subb danakan balan hitiye.......
Sanjaya
Thank You :)
!!..Jaya Weva..!!chethiya
sub ekata sthuthiy Saho... elama
ns
බොහොම ස්තුතියි...
Asiri
දෙනකන් බලාගෙන හිටියෙ.thnx අයියේ.
තිසර නියෝ
හම්මියෝ හසාගෙන්ම 7ටත් සබ දීලනේ....
බලන්න ආසාවෙන් මග බලන් ඉන්නේ මේ ෆිල්ම් එකනම්......
හැබැයි brrip එක එනකල්ම ඉන්නවා....
උපසිරැසියට තුති……
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..Mahesh
sub ekata thanx aaaaaaaaaaaaaaa
Tilantha Hansanath
thank you meka denakan iwasillak naethiwa hitiye
Chathu
patta machan ela thanks
Harindu Jayakody
ගොඩක් වටිනවා...
ජයවේවා...Charith Abishek
Mekata sub denakan thamai balan idiye..
Thanx machan sub ekata..Thanu
Ela, meka enakalmai hitiye, thanx. Copya quality thyanawa neda?
Chamika
නියමයි මචං...
Chamith Kanchana
Ela machan.. meka denakan balagena hitiye.. Thankssss :D
ගයාන් රූකාන්ත
හම්මේ මේ දීලා තියෙන්නේ,ඇඟිලි ගැන ගැන උන්නේ
හොඳ කොපියක් එනකම් ඔන්න මමත් ගන්නවා සබට බොහොම තුති හසන්ත මාමේ
ජය වේවා!! :P :Pබ්ලැක් පැන්තර් නොහොත් පූසා
හම්මේ...
උම්මා......... හසා අයියේ... :D
අඩේ මේක එනකම් බලාගෙන නොවැ උන්නේ...
හැබැයි ඉතින් මම නම් Br එනකම් ඉන්න බව අයියා දන්නවා නොවැ... :D
පෝල් වෝකර් සිනමාවෙන් සමුගත්තට අයියා නම් දැන්මම සබ් කලාවෙන් අයින්වෙන එකක් නෑ කියලා හිතනවා... :/
එදා අයියා කියපු කතාව නිසයි එහෙම කිවුවේ... :/
සබ් එක හදන්නත් ලොකු කට්ටක් කෑවා කියලා ආරංචියි :D
එහෙනම් සබට තුති වේවා...!!!
Br ආවම අනිවා බානවා...
ජය වේවා...!!!Jay
Niyamai Saho Thankz....
Cheerzzzzz...gayan
thanks
සෑම්
ammo thanks kollane... meka enakal balan hitiye.. godak thanks..
Sam
Thanks. ela ela.....
Dasu
ගොඩක් ස්තුතියි !
ජය වේවා..................
වරුණ රංගජිත් (වරූ)
සුපිරි සුපිරි ආ..
බීආර් ආපු සැනින් බාමි
ඉවසීමක් නෑ අප්පා..
ඉක්මනට එයි නේ
සබට තුති
ජයකැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි හසා. 8ත් කරමු නේ? :D
Sisira Hegoda
Thanks.
Kavindu chathumal
thn x mcn. ela ela :D :D
Bhanuka
thnx a lot bro..
DMax
thnx machn....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta macho.meka iye dala tibba copya ela ela