මේක මගේ දෙවන උපසිරැසිය. මේක 1960 තිරගත වෙච්ච ආදර කතාවක්. මේකේ ප්‍රධාන චරිතේ වෙච්ච ටුල්සා මැක්ලීන් ගේ චරිතෙට පණ පොවන්නේ ඒ කාලේ ඉතාම ප්‍රසිද්ධියට පත්වෙලා හිටපු නළු/ගායක එල්විස් ප්‍රෙස්ලි. මීට අමතරව ජුලියට් ප්‍රවුස් ලිලී ලෙසත්, රොබට් ඉවර්ස් කුකී ලෙසත්, ලෙටිශියා රොමේන් ටීනා ලෙසත් රඟපානවා. සාමාන්යෙන් ඉං…

මේක මගේ දෙවන උපසිරැසිය.
මේක 1960 තිරගත වෙච්ච ආදර කතාවක්. මේකේ ප්‍රධාන චරිතේ වෙච්ච ටුල්සා මැක්ලීන් ගේ චරිතෙට පණ පොවන්නේ ඒ කාලේ ඉතාම ප්‍රසිද්ධියට පත්වෙලා හිටපු නළු/ගායක එල්විස් ප්‍රෙස්ලි. මීට අමතරව ජුලියට් ප්‍රවුස් ලිලී ලෙසත්, රොබට් ඉවර්ස් කුකී ලෙසත්, ලෙටිශියා රොමේන් ටීනා ලෙසත් රඟපානවා. සාමාන්යෙන් ඉංග්‍රීසි චිත්‍රපටි වල ගීත ඇතුලත් වෙන් නෑ නේ. නමුත් මේ චිත්‍රපටියේ විශේෂත්වය තමයි සංගීතය සහිතව හා රහිතව ගීත 11ක් ඇතුලත් වීම.. මේක ගොඩක් පරණ චිත්‍රපටියක් උනත් වල ගුණාත්මක භාවය (picture / sound quality) ඉතාමත් ඉහලයි. ඒ නිසා බලන්න අපහසුවක් ඇතිවෙන එකක් නෑ.
දැන් අපි කතාව දිහාවට හැරෙමු. ටුල්සා මැක්ලීන් කියන්නේ ජර්මනියට අනුගත කරපු ඇමෙරිකානු සොල්දාදුවෙක්. ඔහු සංගීතයට ඉතාම ප්‍රිය කරන්නෙක් සහ හමුදා සේවය නිමවීමෙන් පසු ඔහුගේම සමාජ ශාලාවක් ආරම්භ කරන්න සිහින මවමින් ඉන්න කෙනෙක්. නමුත් මුදල් ප්‍රශ්නේ තදින්ම දැනුනා. මේ අතර මේ කට්ටියට ෆ්රෑන්ක්ෆර්ට් වලට මාරුවක් ලැබුනා. ෆ්රෑන්ක්ෆර්ට් යනගමන් කට්ටිය ඔට්ටුවක් ඇල්ලුවා. කැෆේ යුරෝපා නම් සමාජ ශාලාවේ ඉන්න ලිලී නම් නැට්ටුක්කාරී සමග රැයක් ගත කරනවා කියල. ඔට්ටුවට තෝරාගත්තේ ටුල්සාගේ යාලුවෙක් වන ඩයිනමයිට්ව. නමුත් හදිස්සියේම ඩයිනමයිට්ට දඬුවම් මාරුවක් ලැබෙනවා. ඒ නිසා ඩයිනමයිට්ගේ ස්ථානය ටුල්සාට බාරගන්න සිද්ධ වෙනවා.
මෙතන ඉඳන් සිද්ධිය ඔයාලට බලලම දැනගන්න වෙනවා. ටුල්සා වැඩේ ගොඩදාගනීද, ලිලී ටුල්සාව ප්‍රතික්ෂේප කරයිද, නැත්තම් ඔට්ටුව පැත්තකින් තියෙද්දී මේ දෙන්න යාලු වෙයිද..
එහෙනම් රසවිඳින්න.. මං හිතනවා මේක ඔයාලට වෙනස් අත්දැකීමක් වෙයි කියලා.. එහෙනම් මං ගියා.. ජය වේවා…….!!
1.35 GB (BR) කොපිය මෙතනින් බාගන්න
67662A51A111FA25EEE066E6EDA44C4DBCDBE5CD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
681 downloadsDownload G.I.-Blues-1960.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිමේෂ සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිමේෂ සිල්වා
Subtitles
22 comments
kanthaDLA
“චූටී මල්ලි”
පරන එකක් නෙ
බැලෙයිද කියන්න නම් බෑ
මේ දැන් තියෙන අලුත් එව්වත් එක්ක
එනිවේ දිගටම කරන් යමු වැඩේ
සබට තුති
ඔබට ජය.....Sisira Hegoda
Thanks.
නලින්
ස්තුතියි නිමේෂ සහෝ.
ජය වේවා!
rukshan
thanks macho
චන්දිම අමරසිංහ
සුපිරිම වැඩක් සහෝ නියමයි…
සුභපැතුම්..
දිගටම කරගෙන යමු…
ජයවේවා.Lahiru
machan "The Last of the Mohicans (1992)" kiyala film ekak thiyenawa. lassana film ekak. puluwannam eakata sub diyanko :-)
Kulanjana Maduranga
Great work.subata thanks NIMESHA saho.digatama sub denn.jaya wewa...........
Kulanjana Maduranga
NIMESHA nemei ne....NIMESH..... sryyyyyyyyyyy
Kulanjana Maduranga
Great work.subata thanks NIMESH saho.digatama sub denn.jaya wewa...........
Global
Appatahudu..Elvis Aiya Ne..Godak Thanks Sub Dunnata..!
uda
ප්‍රෙස්ලි'ගේ චිත්‍රපට සේරම දෙන්න උත්සාහයක් ගන්න. මේ වගේ බහුවිධ හැකියාවන්ගෙන් යුතු හැබෑම සුපිරි තරුවක් ගැන දැනකියාගන්න ලැබෙන එක, අපේ රටේ සුපිරි තරුවලට වුණත් වැදගත් වෙයි.
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!කැලුම් ගුණසේකර
ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චරිත
ලස්සන සිංදු ටිකක් නම් තියෙනවා. බලන් ඉන්න පුළුවන් කතාවක්. පුළුවන් නම් Sound Of Music එක දෙන්න බලන්න.
ඉසු ඩිපි (Isu DP)
නියමයි nimeSHa සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!නිමේෂ සිල්වා
කට්ටියටම බොහෝම ස්තුතියි කොමෙන්ට්ස් වලට.
තවත් එකක් ඉක්මනින්ම දෙන්නම්...
ඒකත් ඔයාලට අලුත් අත්දැකීමක් වෙවි.... :-)රොයිලි
බොහොම ස්තූතියි නිමේෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
වරුණ රංගජිත් (වරූ)
තවත් නියම ෆිලුමක් වගේ..
සබට තුති…
ඔබටත් තුති…
සුභපැතුම්…
ඉදිරියටම යමු…!Vithanage Priyantha Dayakeerthi
මෙම ලින්ක් එක ක්‍රියා නොකරයි. බාගත කිරීමට උපදෙසක් දෙන්න.
දුර්ලබ වටිනා චිත්‍රපටයක් යයි සිතන්නෙමි. හේතුව ලොව "රොක් රජු" එල්විස් ප්‍රෙස්ලි මෙහි රඟපාන නිසා.
ස්තුතියි!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!