හායි! කොහොමද කට්ටියට හොදින් ඉන්නවනෙ,ෆිල්ම් එක බාරගෙනනම් ගොඩක් කල් ඒත් අනිත් වැඩත් එක්ක මේක ගේන්න ටිකක් කල් ගියා. මේක මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය කියල ගොඩක් අය දන්නවනෙ.කලින් ගෙනාපු ෆිල්ම් තුනටම හොද ප්‍රතිචාර තිබුණා ඉතින් වෙනද වගේම මුලින්ම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට්ස් දාපු බයිස්කෝප් රසික සහෝ…

හායි! කොහොමද කට්ටියට හොදින් ඉන්නවනෙ,ෆිල්ම් එක බාරගෙනනම් ගොඩක් කල් ඒත් අනිත් වැඩත් එක්ක මේක ගේන්න ටිකක් කල් ගියා. මේක මගේ හතරවෙනි උපසිරසි නිර්මාණය කියල ගොඩක් අය දන්නවනෙ.කලින් ගෙනාපු ෆිල්ම් තුනටම හොද ප්‍රතිචාර තිබුණා ඉතින් වෙනද වගේම මුලින්ම මගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරපු කමෙන්ට්ස් දාපු බයිස්කෝප් රසික සහෝදරයින්ට මගේ ස්තූතිය පිරිනමනවා.
අද ගෙනාපු ෆිල්ම් එක පැත්තට හැරෙනවනම් මම කලින් සබ් දාපු ෆිල්ම් තුනටම වඩා හාත්පසින්ම වෙනස් වෙනස් ෆිල්ම් එකක් තමයි අද ගෙනාවෙ, මම කලින් ගෙනාව ෆිල්ම් තුනම Action ඒව වුනාට මේක Classical ගනයට අයත් වෙන ෆිල්ම් එකක්. අනිත් දේ තමයි, මේ ෆිල්ම් එකට සබ් දාන්නෙ හිතුවෙ ගොඩක් අය මේකට සබ් එක දාන්න කියල මගෙන් ඉල්ලපු හින්දා.මේ ෆිල්ම් එක හැදිල තියෙන්නෙ
A/L English literature විශයට නිර්දේශයේ තියන ජේන් ඕස්ටන් 1811දි රචනා කරපු ලෝක ප්‍රසිද්ධ Sense and sensibility නව කථාව පාදක කරගෙන ඉතින් මේ උපසිරසි නිර්මාණය මම වගේම English literature විශයක් විදියට ඉගෙන ගන්න සහෝදර සහෝදරියන්ට ගොඩක් වැදගත් වේවි කියල හිතනවා.සාමාන්‍යෙයන් English literature විශය කරන ගොඩක් අයට අමාරු නව කථාවක් තමයි Sense and sensibility,ඉතින් මේ ෆිල්ම් එකෙන් ඔයාලට නව කථාව ගැන හොද අදහසක් අනිවාර්යෙන්ම ලබාගන්න පුලුවන් කියල මම අත්දැකීමෙන් කියනවා. 🙂 🙂
මම ෆිල්ම් එක ගැනත් පොඩ්ඩක් කියන්නම්, නෝලන්ඩ් කියන උද්‍යානයේ හිමිකරයා වුනු ධනවත් හෙන්රි ඩැෂ්වුඩ් එක පාරම මිය යනවා,එංගලන්තෙ සම්ප්‍රධායට අනුව ඒ කාලේ දේපල අයිතිය හිමි වෙන්නෙ පිරිමි අයට විතරයි. ඒක හින්ද හෙන්රි ඩැෂ්වුඩ්ගෙ විශාල ධනස්කන්දය හිමි වෙන්නෙ එයාගෙ පලමු විවාහයෙන් ඉන්න පිරිමි දරුවට ඒ කියන්නෙ ජෝන් ඩැෂ්වුඩ්ට.ඉතින් හෙන්රි ඩැෂ්වුඩ්ගෙදෙවනි විවාහයෙන් ඉන්න බිරිදයි මැරියන්,එලීනා,මාගරට් කියන ගැහැනු ලමයි තුන් දෙනාටයි කර කියාගන්න දෙයක් නැති වෙනවා. හෙන්රි මැරෙන්න කලින් එයාගෙ දෙවනි බිරිදටයි ලමයි තුන්දෙනාටයි සලකනව කියල ජෝන්ව පොරොන්දු කරව ගන්නවා ඒත් තාත්ත
කියපු විදියට අර අයට සලකන්න ජෝන්ගෙ නපුරු බිරිද ෆැනී ඉඩ දෙන්නෙ නැහැ.එයාලව නොලන්ඩ් වලිනුත් එලව ගන්නවා.ඊට පස්සෙ ඩැෂ්වුඩ් මහත්මියටයි කසාද බදින වයසෙ ඉන්න මැරියන් සහ එලීනයි ගොඩක් පොඩි මාගරට්ටයි මොකද වෙන්නෙ කියල දැනගන්න ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.මේක ඕනම කෙනෙකුට බලන්න පුලුවන් හොද ආදර්ශමත් ෆිල්ම් එකක්. 🙂 🙂
මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන 1ක් ඇතුලුව සම්මාන 34ක් දිනාගත්තු ඉතාමත් සාර්ථක නිර්මාණයක් කියන්න පුලුවන්.IMDB rate එක ගැන කියනවනම් 7.7/10 වගේ ඉහල අගයකුත් හිමිකරගෙන තියනවා.Titanic ෆිල්ම් එකේ Rose කියන චරිතයෙන් ලොව පුරා ජනාදරයට පාත්‍ර වුණු Kate winslet මෙහි මැරියන්ගෙ චරිතයට පන පොවනවා.ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නෙනම් එච්චරයි.
අනිත් දේ තමයි මේ ෆිල්ම් එකට සබ් දාන්න කියල මාව දිරි ගන්වපු හැම කෙනෙක්ම සහ විශේෂයෙන්ම මට English literature උගන්වන ඉදුනිල් ජාලිය ජයවර්ධන සර්ට මම ස්තූති කරනව මේ වැඩේට මාව උනන්දු කලාට,තව සබ් එකේ හරි වැරදි පෙන්නල help එකක් දීපු මගේ සහෝදරිය හංසිකා රාජපක්ෂටත් ස්තූති කරන්නම ඕන. මගේ අනිත් ෆිල්ම් වලදි වගේ නෙමෙයි මේකෙදි මට ලැබුණු සබ් ෆයිල් එක සහ ෆිල්ම් එක අතර ගොඩක් පරස්පරතා තිබුණා ඒවත් හදාගෙන මට පුලුවන් උපරිමයෙන්ම වැඩේ කලා ඉතින් වෙනදා වගේම වැරදි තියෙනවනම් සමාවෙන්න කියල කියන ගමන් කාටත් මේ ෆිල්ම් එක රස විදින්න කියල අරාධනය කරනවා.. පොඩ්ඩක් ඉන්න තව කියන්න දෙයක් තියෙනවා කවුරුත්ම පහලින් Comment එකකුත් දාගෙන යන අතරෙ A/L English literature කරන අය සබ් එක ඩවුන්ලෝඩ් කරනවනම් Plz ෂුවර් එකට ඒ ගැන කියල Comment එකක් දාන්න මොකද ඒ Comments ගොඩක් වැදගත්. එහෙනම් කාගෙත් රසවින්දනයට Fit වෙන ෆිල්ම් එකක් අරගෙන අයිත් මේ පැත්තෙ එනකම් කාටත් ජය වේවා… ◕‿◕ ◕‿◕
b330c341ef257dcfe618b392acd9a6777436041a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
608 downloadsDownload Sense.and_.Sensibility.1995.baiscopelk.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/උදාර-රාජපක්ෂ..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
25 comments
Ranil srimal
Kulanjana Maduranga
niyamai....nice work bro.subata thanks UDARA saho.digatama sub denn.jaya wewa..............
shan
Lucy (2014) me film eke sub dennako. meka fattama movie ekak
Global
Niyamai Kollo..Oya Supiri Vadak Karala Thiyenne..
Thanks For The Sub..!bandu
thanks Bro...
waruna
patttaaaaaaaaaaaaaaaaaaaaaaaa film ekak,thanks for sub,
sanjeewa
thanks
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
4 වැනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!“චූටී මල්ලි”
හ්ම්ම්ම්ම්ම්..
සෙට් උනොත් බලනවා අලුත් එව්වා ගොඩායි
එල එල දිගටම හොද එව්වට සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය............කැලුම් ගුණසේකර
ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nuwan
man me wage film balanna godak kemathi.thanks bro
waruna
math ehema thama ...danna thawa films thiye nam kiyanna.
waruna
patta film ekakne...sub ekata thanks
Lahiru
Machan puluwan nam "The Flintstones (1994)" kathawata sub ekak diyan.
wiki
Thanks.....
වරුණ රංගජිත් (වරූ)
නියමයි
සබට තුති
ජයම වේවා..
අනිත් එකත් ඉක්මනට දෙමු...රවිඳු නිපුන්
niyamayi shaoo...
digatama sub karamu!!ඉසු ඩිපි (Isu DP)
නියමයි උදාර සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
prabhath
thanks ela
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!Wicki
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Advertisement

උපසිරැසියට බොහොම ස්තුතියි.
ඊලග උපසිරැසියෙන් හමුවෙමු.
ජය..! :)